සියල්ලෙහි සුලමුල 21 : වානරයන්, මානවයන් බවට පත්වූයේ කෙසේද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

Related imageAustralopithecus Africanus

වානරයන්, මානවයන් බවට පත්වූයේ කෙසේද?
දෙමාපියන් කොයිකවුරු වුණත් මහත් අසීරු තත්ත්වයකට පත්වන අවස්ථාවක් තමයි සිය දරුවන් අපි මේ ලෝකෙට ආවේ කොහොමද? කොහේ ඉඳලාද? යනුවෙන් ප්‍රශ්න කිරීම. අප වාගේ සාමාන්‍ය දෙමාපියන් පමණක් නොවෙයි පරිණාමවාදයේ පියා ලෙස හඳුන්වනු ලබන චාල්ස් ඩාවින් ද අපහසුවට පත් කරපු ප්‍රශ්නයක් තමයි ඕක. ඔහුගේ මහා කෘතිය වූ On the Origin of Species හී පවා මානවයන්ගේ පරිණාමය ගැන සඳහන් නොවන තරම්. මෙතැනදී හැබැයි සිදුවුණේ ඩාවින් උපායශීලී වීමයි. මන්ද මොන ස්වරූපයකින් වුණත් පරිණාමය යන්න දහනව වන සියවසේ මැද භාගයේදී බෙහෙවින් මතභේදාත්මක අදහසක් වීමයි. මානව වර්ගයා හැඩ ගස්වනු ලැබුවේ පරිණාමය මගින් යයි කියා පෑම දෙබරයකට කල් ගසන්නාක් මෙන් ඇවිළෙන සුළු එකක් බව 1871 දී ඔහුගේ සුප්‍රකට ග්‍රන්ථය එළි දුටු විට ඩාවින්ටම පසක් වුණා.

Related imageLucy skeleton reconstruction at the Cleveland Museum of Natural History

මෙයට අමතරව ඔය කාරණාවට අදාළව විද්‍යාත්මක බාධකයක් ද තිබුණා. මානවයන් පරිණාමයට පත්වුනේ කෙලෙස ද,  කිකලෙකද අඩුතරමින් කොයිබද දී ද යන්නවත් තහවුරු කිරීම පිණිස උපකාරී වන ෆොසිල වාර්තාවකට ප්‍රවේශවීමට ඩාවින්ට ඒ අවධියේ අවස්ථාවක් නොතිබුණාම තරම්. හැබැයි ඉතින් ඩාවින්ගේ කාලය සිට අද දක්වා කාලඡේදය ඇතුළත මානවයන්ගේ(human) වඩාත් උචිත විදිහට දක්වතොත් හොමිනින් (hominin)  ෆොසිල වාර්තා දැවැන්ත ආකාරයකට ව්‍යාප්තව තිබෙනවා. සොයා ගත යුතු තව බොහෝ දේ තිබුණේ වී නමුත් අපේ වර්ගයාගේ පරිණාමය පිළිබඳ පුළුල් චිත්‍රයක් දැන් සැකසී අවසන්. අපේ පරිණාමීය වෘක්ෂයේ මුල්ම දළුලෑම පටන් ගත්තේ අප්‍රිකාවේ දී බව අපි දනිමු. දැනට ජීවත් වන අපේ වඩාත්ම සමීප ඥාති විශේෂ චිම්පන්සින් බවටත් අපට විශ්වාසයි. අපේ සහ චිම්පන්සීන්ගේත් පරපුරු වෙන් වී ඇත්තේ වසර මිලියන 7කට පමණ පෙර බවත් අපට පැහැදිලියි. කෙසේ වෙතත්, මනුෂ්‍යභාවය කරා වූ ගමන ඉතා දීර්ඝ එකක්. ඔයිට වසර මිලියන 4කට පමණ පසුවත් අපේ මුතුන් මිත්තෝ බොහෝ සේ වානර පෙනුමකින් යුක්ත වුණා. මානව පරිණාමය ගැන කතා කරද්දී ලුසී ගැන අහලා ඇතිනේ.  ඉතියෝපියාවෙන් සොයා ගනු ලැබූ වසර මිලියන 3ක් පැරණි මානව පූර්වජයා ලුසී සතුව තිබුණේ කුඩා චිම්පන්සි ප්‍රමාණයේ මොළයක් සහ දිගු අත්. ඉන් කියැවෙන්නේ ඈ අයත් විශේෂය වැඩි කාලයක් ගස් උඩ ගත කරන බවයි. සමහර විට, චිම්පන්සීන් දැනටත් කරනවා වාගේ ලුසීලා රැය පහන් කරන්න ගස් උඩට ඇදෙන්නට ඇති. ඒ කොහොම වුණත් ලුසී සතුව මානවයා විදහා පෑම සලකුණු කරගත හැකි ලක්ෂණයක් තිබුණා: ලුසී ඇවිද්දේ දෙපයින්.

ලුසී අයත් වුණේ ඔස්ට්‍රලෝපිත්(australopiths) යන කණ්ඩායමටයි. ඇගේ අර්ධ ඇට සැකිල්ල සොයා ගැනීමෙන් පසුව ගත වූ වසර 40 තුළ ඊටත් වඩා පැරණි, කැබලිමය අවශේෂ සොයා ගනු ලැබ තිබෙනවා. ඉන් සමහරක් වසර මිලියන 7ක් පමණ පැරණියි. මේ සියල්ලෙන්ම එකම රටාවක් සොයා ගන්න පුළුවන්: ඒවායේ ඇත්තේ චිම්පන්සි සම ලක්ෂණ සහ කුඩා මොළයක්. ඒත් ඒ සියල්ලම දෙපයින් ඇවිදින්නට ඇති.

Related imageAustralopithecus and chimpanzee teeth

ඔස්ට්‍රොලෝපිත්වරු සමහර විට සරල ශිලා ආයුධ තනන්නට ඇතැයි ද අපි දනිමු. මෙම වර්ධනයන් සැලකිල්ලට ගන්නේ නැතිනම් ඔස්ට්‍රලෝපිත් සහ අනෙක් වානරයන් අතර එතරම් වෙනසක් නැත. සැබෑ මානවයන්ගේ ඒ කියන්නේ Homo (හොමෝ) කියන ගණයේ ආගමනයත් සමග තමයි හොමිනින්වරු මදක් අප වගේ පෙනුමක් සහ අප වගේ හැසිරීමක් පටන් ගත්තේ. (විද්‍යාඥයන්) ටික දෙනෙකු දැන් සැකකරන්නේ අපේ ගණය, ඔස්ට්‍රලෝපිත් විශේෂයකින් හට ගන්නට ඇත කියායි. ඒත් ඒ නිශ්චිතවම කුමන වර්ගයද යන්න ගැන වාද විවාද පවතිනවා. බාගවිට ඔය කියන විශේෂ ලුසී අයත් Australopithecus afarensis විශේෂය වන්නටත් පුළුවන්. ඒත් දකුණු අප්‍රිකාණු විශේෂයක්වන Australopithecus sediba ගැනත් අදහසක් තියෙනවා.

Related imageAustralopithecus Sediba Head

මේ අවුල විසඳා ගැනීමට බාධා වන කාරණාවක් තමයි මෙකී සංක්‍රාන්තිය නැතිනම් පරිවර්තනය වසර මිලියන 2ක් සහ 3ක් අතර සිදුවීමට හැකියාව තිබීම. ඔය කියන කාල පරාසය තුළ අපට තිබෙන හොමිනින් ෆොසිල වාර්තාව ඉතාම දුර්වල එකක්. හොමෝ ගණයේ ආදිතම විශේෂ ගැන දැන ගන්නට ලැබී ඇත්තේ අස්ථි කැබලි කිහිපයකින් පමණයි. එය ඔවුන් ගැන අධ්‍යයනය අපහසු කරවන්නක්. සමහරුන් සැක කරන්නේ ඔවුනුත් අපේ ගණයටම අයත් හැබැයි ඔවුන් ඔස්ට්‍රලෝපිත් ලෙස ලේබල් කිරීමට කැමැත්ත දක්වන්න ඇතැයි කියායි.

ප්‍රථම වඩාත් හොඳින් තහවුරු වූ හොමෝ සහ පෙනුමෙන් අප හා මදක් සමානයයි සිතිය හැකි ප්‍රථමයා හමුවන්නේ වසර මිලියන 1.9කට පෙරයි. ඔවුන් නම් කෙරුණේ Homo erectus(හෝමෝ ඉරෙක්ටස්) ලෙසයි. හෝමෝ ඉරෙක්ටස් කලින් සිටි හොමිනින්ලාට වඩා වෙනස්. ඉරෙක්ටර්ලා ගස්වලින් (සහමුලින්ම) බිමට බැස සිටි අතර අද අප වගේම සැරිසැරීමේ ළැදියාවෙන් පෙණුණා. මීට පෙර සියලුම හොමිනින් ගැන දැනගැනීමට ලැබෙන්නේ අප්‍රිකාවෙන් පමණකි. ඒත් හොමෝ ඉරෙක්ටස් ෆොසිල යුරෝපයෙන් සහ ආසියාවෙන්ද සොයා ගනු ලැබ තිබෙනවා.

Related image

ඉතිරි කොටස හෙට(16 වනි ඉරිදා) කියවමු.

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID APES BECOME HUMAN? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.