ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
වානරයන්, මානවයන් බවට පත්වූයේ කෙසේද? II කොටස
Homo erectus(හෝමෝ ඉරෙක්ටස්) දෙපයින් ගිය අයෙකු පමණක් නොව නවනිපැයුම් කරුවෙකු ද වුණා. ඔවුන්ගේ පූර්වගාමීන් හෙවත් පෙර සිටි අයට වඩා ඔවුන්බෙහෙවින් සංකීර්ණ ආයුධ නිපදවීමට සමත් වුණා. එපමණක් නොව බාගදා ගින්දර පාලනය කිරීම උගත් ප්‍රථමයාද වන්නට පිළිවන. සමහර පර්යේෂකයන්ගේ අදහස අනුව ආහාර පිසීම සොයා ගනු ලැබුවේත් ඉරෙක්ටස් විසිනුයි. මේ සොයා ගැනීම ඉරෙක්ටස්ලාගේ ආහාරයෙහි ගුණාත්මක අගය ඉහළ දැමීමමත් එමගින් අතිරේක ශක්තියට මගපෑදීමත් හේතුවෙන් වඩාත් විශාල මොළයක් පරිණාමය වීමට තුඩු දුන් බවයි ඔවුන්ගේ අදහස. හොමෝ ඉරෙක්ටස් විශේෂය ජීවත් වූ වසර මිලියන 1.5 තුළ ඔවුන්ගේ මොළයේ ප්‍රමාණය පුදුමාකාර ලෙස වර්ධනය වූ බව සහතික වශයෙන්ම ඇත්තකි. මේ විශේෂයේ බොහොම ආදි කාලයේ තැනැත්තන්ගේ මොළයක ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 600කට අඩු විය. එය australopith ට වඩා එතරම් විශාල වුණේ නැහැ. ඒත් ඇතැම් පසුකාලීන ඉරෙක්ටස් පුද්ගලයන් සතුව ඝන සෙන්ටිමීටර 900ක පරිමාවේ මොළයක් තිබුණා. හොමෝ ඉරෙක්ටස් සාර්ථක විශේෂයක් වුණාත් ඔවුනට මානවයන් සතු ප්‍රධාන ගතිලක්ෂණ සමහරක් තිබුණේ නැහැ. නිදසුනක් දක්වතොත් ඔවුන්ගේ ව්යවඡේදය පෙන්නුම් කරන්නේ ඔවුන් සතුව භාෂණ හැකියාව නොතිබුණු බවයි.
ඊළඟට සපැමිණි හොමිනින් වූයේ Homo heidelbergensis(හොමෝ හයිඩල්බර්ගන්සිස්ය). එම විශේෂ හොමෝ ඉරෙක්ටස් ගහණයකින් අප්රිකාවේ පරිණාමය වුනේ මෙයට වසර 600,000 පමණ පෙරය. මේ විශේෂයේ කණ්ඨිකාව, — ඒ කියන්නේ, අපේ වාචික උපකරණයෙහි වැදගත් කාර්ය භාරයක් ඉටු කරන දිවෙහි මුල ඇති U හැඩය ගත් කුඩා අස්ථියක් —(hyoid) අප සතුව ඇති කණ්ඨිකාවකාවෙන් වෙන්කොට හඳුනාගැනීමට නොහැකි තරම්. තවද එහි කර්ණයෙහි (කනෙහි) ව්යවජේදය සලකන විට කථනයට සංවේදී බවකුයි හඟවන්නේ. ඇතැම් අර්ථ දැක්වීම් අනුව මෙයට වසර 200,000කට පෙර අප්‍රිකාවේ දී අපේ විශේෂය වන හෝමෝ සේප්යන්, හෝමෝ හයිඩල්බර්ගෙන්සිග්ගෙන් හටගෙන තියෙනවා. යුරේසියාවේ ජීවත් වූ Homo heidelbergensis වෙනස් ජනගහනයක් පරිණාමය වූ අතර අපරරදිග දී තියැන්ඩර්ගාල්ස් වශයෙන් ද පෙරදිග දී තවමත් තේරුම් ගැනීමට අසීරු කණ්ඩායමක් වන Denisovans (ඩෙනිසෝවන්)බවට පත් වෙනවා.
Homo heidelbergensis
පසුගිය වසර 100,000දී පමණ ඇතුළත අපේ කතාවේ වඩාත්ම අලුත් පරිඡේදය දිග ඇරෙන්නට පටන් ගන්නවා. නූතන මානවයන් ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් අතර නියැන්ඩර්හල් සහ ඩෙනිසෝවන් අතුරුදන් වී ගියා. ඔවුන් නෂ්ටප්‍රාප්තවන්නට නිශ්චිත හේතුව කුමක්ද යන්නත් තවත් මහා අභිරහසක්. ඒත් ඉතින් පෙනී යන අන්දමට ඔය වැඩේට අපේ විශේෂයත් යම් ආකාරයකට සමාදම් වෙන්නට ඇති. ඒත් දෙපාර්ශ්වය අතර අන්තර් ක්රියාකාරකම් එතරම් සතුරු ස්වභාවයක්ගන්නේ නැහැ. ඩීඑන්ඒ සාක්ෂි පෙන්නුම් කරන්නේ නූතන මානවයන් ඇතැම් අවස්ථාවල නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් යන දෙකොට්ටාශය සමගම අන්තර් අභිජනනයට යොමු වූ බවයි.
Homo naledi and ‘hobbit Homo floresiensis
අප නොදන්නා දේවල් බොහොමයක් තවමත් තිබෙන අතර අලුතෙන් ෆොසිල සොයාගනිත්ම ඒවායින් කතාව වෙනස් කිරීමට ඉඩ තිබෙනවා. පසුගිය දශකය පමණ කාලයකදී නෂ්ටාවප්‍රාප්ත නොමිගින් නව විශේෂ තුනක් සොයා දෙනු ලැබ තිබෙනවා. මේ විශේෂ තුන අතරට Australopithecus sediba සහ මෙතෙක් හරියාකාරව දින නියම කර නොමැති, දකුණු අප්‍රිකාවේම අභිරහස් විශේෂය Homo naledi අයත්වෙනවා. මේ සියල්ලන් අතරින් පුදුම දනවන සුළු වන්නේ කුඩා ‘හොබිට්‘ ආකාරයේ Homo floresiensis විශේෂයි. මොවුන් වසර 12,000කට පෙර වනතෙක් ඉන්දුනීසියාවේ ජීවත් වූ අතර වෙනස්ම විශේෂයක් බව පෙනී යනවා.
වසර මිලියන 7ක් තිස්සේ අපේ පරපුර අඩුතරමින් තව එක් හොමිනිඩ විශේෂයක් සමග මේ ග්‍රලෝකය බෙදා හදා ගෙන ජිවත් වී තිබෙනවා. ‘හොබිට්ලා‘ගේ නික්ම යෑම සමග Homo sapiens තනිව නැගී සිටිනවා.
දෙපා තමයි වටින්නේ
අපේ විශේෂය හඳුනාගනු ලබන ගතිලක්ෂණ අතරින් එකක් තමයි දෙපාවත්බව(bipedalism). අපේ ආදිතමයන් දෙපයින් ඇවිදින්න පටන් ගන්නේ හරියටම කොයිකාලෙ ද යන්න තවම අභිරහසක්. ඒත් දෙපා නිසා අපට ඇති වූ වාසිය ලොව පුරාවට සහ අවසානයේ ඉන් ඔබ්බටත් අපව ඔසවා තැබීමට ඉවහල් වුණා. දිගු දුරක් දෙපයින් යන එක තමයි කාර්යයක්ෂම. තවද කෙලින් සිටීමෙන් විලෝපියන් වඩා හොඳට දැක ගැනීමටත් සමස්තයක් වශයෙන් දහවල හිරුඑළියට නිරාවරණයවීම අඩුවීමටත් හේතුවුණා.සියල්ල අතුරෙන් වඩාත් වැදගත් වන්නේ අපට දෑත් නිදහස් කරගෙන බහුකාර්ය, ප්‍රතිවිරුද්ධ මාපටැඟිලි සහිත පරණාමීය වශයෙන් සාර්ථක විශේෂය වන්නට හැකිවීමයි.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID APES BECOME HUMAN? පරිච්ඡේදය ආශ්‍රයෙනි.