පොතු දැල්ලොත් සිහින දකිනවාද?

Posted by

පොතු දැල්ලෝ(cuttlefish) සත්වයෙකු හැටියට වඩාත් ප්‍රකට ඔවුන්ගේ සංකීර්ණ වෙස්මාරුව මෙන්ම සහකරුවන් ආකර්ශනයටත් ගොදුරු වශීකිරිමටත් උපයෝගීකරගන්නා බහුරූ ප්‍රදර්ශනය හේතුවෙන්ය. දැල්ලන්ගේ(squid) සහ බූවල්ලන්ගේ(octopus) සමිපතම ඥාතීන් වන මේ පොතු දැල්ලන් ඉහත් සඳහන් කළ අපූරු දස්සකම දක්වන්නේ මිලියන ගණන් වූ වර්ණධර(chromatophores) යොදාගනිමිනි. වර්ණධර කියන්නේ සමට යටින් ඇති පේෂීවලට සම්බන්ධ වර්ණක පිරි කුඩා කෝෂ නැතිනම් මඩිය. මෙම පේෂී තදකිරීමෙන් හෝ ලිහිල්කිරීමෙන් වර්ණ සම මතුපිටට යැවේ. විවේක සුවයෙන් පසුවන පොතු දැල්ලන්  සිඝ්‍රයෙන් ඇස් සෙලවෙන නින්ද(rapid eye movement (REM) sleep) සිහිපත් කෙරෙන ආකාරයෙන්  චක්‍රීය වශයෙන් වර්ණ වෙනස් කරන බවත්අවස්ථා වශයෙන් සිය අඬුබඬු නලියවන බවත් නව අධ්‍යනයක යෙදෙන පර්යේෂකයන් විසින්  නිරීකෂණය කරනු ලැබ ඇත.

Related image

බොහෝ සත්තු මානවයන්ගේ සහ ඇතම් සමහරක් ක්ෂීරපායීන්ගේ අස්වල චලනයට සහ මාංශපේෂී තානය අහිමිවීමට සම්බන්ධ නින්දෙහි එක් අවධියක් වන  සීඝ්‍රයෙන් ඇස් සෙලවෙන නින්ද(rapid eye movement) අත්විඳිති.  REM නින්ද බොහෝවිට සිහින දැකීම හා සම්බන්ධ කෙරේ.  අප ලබන නින්දට සමානම අත්දැකීමක් දැල්ලන් ද අත්විදින්නේ ද යන්න දැන්ම හරිහැටි කිව නොහැකි යයි නව අධ්‍යනයේ සම කර්තෘ, විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ඔකිනාවා ආයතනයේ  ජීව විද්‍යාඥ තෙරේසා ඉග්ලෙසියස් කියා සිටියි.

Cyclic nature of the REM sleep-like state in the cuttlefish Sepia officinalis

එසේවුවද, විවේකව සිටින විට මෙම සතුන්ගේ ක්‍රියාකාරි අවධිය මනුෂ්‍යයන්ගෙ සහ අනෙකුතුත් පෘෂ්ටවංශිකයන් අතරේ නිරීක්ෂණය කරනු ලැබ ඇති REM නින්දට සමාන යයි ඇය පෙන්වාදෙයි.  පොතු දැල්ලන් ද අයත් පරපුර මෙයට වසර මිලියන 500කට පමණ පෙර පෘෂ්ටවංශිකයන්ගෙන් අපසරණය වූවත්(එකිනෙකින් ඈත්වූවත්), අධ්‍යනයේ ප්‍රතිඵල හඟවන්නේ නින්ද සඳහා පොදු පරිණාමීය සම්භවයක් තිබිය හැකි බවකි යයි ඇය වැඩිදුරටත් දක්වයි.

ඉග්ලෙසියස් සහ පිරිස පර්යේෂණාගාරයන් හී මාළු ටැංකිවල සිටින පොතු දැල්ලන් වරකට පැය 24 සිට 48 ක කාලයක් මුළුල්ලේ රූ ගත කළහ.එහිදී පැහැදිලි වූයේ විවේකව ගත කරද්දී මෙම සතුන් විනාඩි දෙකේ සිට තුන බැගින් කාල ඡේද තුළ REM  ආකාරයේ චර්යාවක් ප්‍රදර්ශනය කරන බවයි. එවිට, මෙම දැල්ලෝ කඩින්කඩ හස්ත සහ අක්ෂි චලනයන් සිදු කල අතර ඔවුන්ගේ ඇස් වටා  වර්ණධර තද පැහැ ගැන්විණ. ඒ ආකාරයේ සංසිද්ධි ඔවුන් අවදිව ක්‍රියාකාරීව සිටින විට දී හෝ ඔවුන්ගේ නිදි  චක්‍රවලඅක්‍රීය අවධිවල දී නිරීක්ෂණය නොවිණ. නව  අධ්‍යනයේ සොයාගැනීම් ජනවාරියේ, Journal of Experimental Biology හි පල විය.

නින්ද යනු චර්යාමය සංසිද්ධියකට වඩා ස්නායුක සංසිද්ධියක්” යයි මොනෝ විද්‍යාඥ ජෙනිෆර් මේතර් පවසන්නීය. කැනඩාවේ, ඇල්බර්ටාහී ලෙත්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි සේවය කරන  ඇය, ශීර්ෂපාදිකයන් පිළිබඳ විශේඥවරියක වන අතර මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූවෙකි. සතෙකු සන්සුන්ව සිටින අවස්ථාවක ඇතිවන මොළ ක්‍රියාකාරිත්ව චක්‍ර හඟවන්නේ ස්නායුක පරිපථ ස්ථාවර කිරීමෙ දී සහ අළුතෙන් අත්පත් කරගත් තොරතුරු සැකසීමේ දී නින්ද (යම්) කාර්යභාරයක් ඉටුකිරීමට හැකියාව තිබෙන බව යයි  ඈ පෙන්වා දෙයි. පොතු දැල්ලන් අතරේ නිරීක්ෂිත REM-ආකාර චර්යාව හඟවන්නේ ඔවුන්ගේ මොළ ඇතුලේ ද ඊට සමාන ආකාරයේ ක්‍රියාදාමයක් සිදුවන බව යයි මේතර් අදහස් කරයි.

දැන් අප මාතෘකාවෙන් ඇසූ ප්‍රශ්නයට යළි යොමු වෙතොත්, ඇත්තටම පොතු දැල්ලන් සිහින දකිනවා ද?  “අපට ඔය ගැන ඕනෑ තරම් අනුමාන කරන්න පුළුවන් වුණත් යමක් නිසැකවම කියන්න අමාරුයි. මන්ද, අපි හීන දකින්නේ ඇයි කියලවත් පවා අපිම දන්නෙත්  නැහැනේ” යනුවෙන් ඉග්ලෙසියස් කියයි.  ඇය දක්වන අන්දමට මාතෘකාවෙන් නගා ඇති ප්‍රශ්නයට පිළිතුරුදීම කළ නොහැක්කක් නොවුණත් ඒ සඳහා ප්‍රමානවත් සාක්ෂි දැනට නොපවතී. “දැනට වැදගත් කාරණාව වශයෙන් දක්වන්න පුළුවන් වෙන්නේ, විවෘත මනසකින් යුතුව  අප මේ ගැන තවත් ගැඹුරට සොයා බලන්න ඕනෑ කියන එකයි” ඉග්ලෙසියස් කියා සිටියි.

 

Scientific American (May 2019) හී පළවූ  Cuttlefish Dreams යන ලිපිය ඇසුරෙනි 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.