සියල්ලෙහි සුලමුල 22 : මානවයා බහ තෝරපු වචන මොනවාද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

File:From where to what.png

මානවයා බහ තෝරපු  වචන මොනවාද?

ඔබට අහඹු ලෙස තවත් මනුෂ්‍යයෙක් මුනගැසුනහොත් මොකක් හරි අපැහැදිලි හඬක් නගලා, අංගහාරයක් පානවා හැරුණු කොට අනෙකා සමග සංවාදයක යෙදීමකට නම් බොහෝ විට ඉඩ කඩක් නැති තරම්. අවසාන වතාවට ගණන් බලා ඇති අන්දමට ලෝකයේ කතා කරන භාෂා 7000ක් පමණම තිබෙනවා. වඩාත්ම බහුලව භාවිතා කරන මැන්ඩරින් චීන බස ලෝක ජනගහනයෙන් 14%ක්ම කතා කරනවා. අඩුම දෙනෙකු කතා කරන භාෂා ගැන කතා කළොත්  ඒ එක් එක් ඒවා කතා කරන අය ඉන්නේ අතේ ඇඟිලි තරමටයි. මෙහෙම විවිධත්වයක් පවතින නමුත් ඒ අතරම යම් පොදු බවකුත් දකින්න පුළුවනි. සියලුම සංස්කෘතීන් අතරේ භාෂාවක් දැකිය හැකියි. ඉතින් වාග් විද්‍යාඥයෝ  නම් කියන්නේ ගැඹුරින් සලකා බලන කොට ඒවා සියල්ලම එකමයි කියලයි. උපදින කොටම මානවයන්ගේ මොළ ඊටම සවිව එන වැඩසටහනක් සහිතව, අවශ්‍යයෙන්ම භාෂාවක් සඳහා සූදානමකින් තමයි උපදින්නේ. උප්පත්තිය ලබන මව් භාෂාව කුමක් වුවත් එය ඉගෙනීමේ හැකියාව සහිතයි. මේ සුවිශේෂී හැකියාවේ ප්‍රභවය පැහැදිලිවම ප්‍රධාන පෙළේ සිද්ධියක් වන්නට ඇති නමුත් එය(එනම් ප්‍රභවය) හරියාකාරව කවදා කොතැනද කියන එක නම් අසීරුයි. වචන ෆොසිල ගත කළ නොහැකි අතර පැරණිතම ලිඛිත භාෂාවේ වයස(පැරණිබව) හුදු වසර 6000ක් පමණයි. ඒත් ඉතින් එහෙම කිව්වාට භාෂාවේ සම්භවය කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් නැහැ.

Related image

හිතට එනදේ කීම

වාග් විද්‍යාඥයෝ භාෂාව යන්න විග්‍රහ කරන්නේ සංඥා ලෙස සිතුවිලි නිදහසේ ප්‍රකාශ කිරීමටත් එමෙන්ම සංඥා නැවත සිතුවිලි බවට හැරවීමටත් ඉඩකඩ සලසා දෙන ඕනෑම පද්ධතියක් ලෙසයි. මේ හේතුව නිසා මනුෂ්‍යයන් භාවිත කරන භාෂාව අනෙකුත් සියලුම සතුන් භාවිත කරන සංනිවේදන පද්ධතිවලින් වෙන් කොට කැපී පෙනෙයි. බොහෝ සත්වයින් සතුව භාෂාවක යම් අංග ඇතත් සම්පූර්ණ භාෂා හැකියාව ඇත්තේ මනුෂ්‍යන් වන අපට පමණකි. සංඥා යොදා ගැනීමට සහ අලුත් ඒවා ඉගෙනීමට ඇති හැකියාව; සංඥා වචන ලෙස ප්‍රකාශ කොට දැක්වීමේ හැකියාව; මේ ලෝකයේ ඕනෑම දෙයක් ගැන අදහස් දැක්වීම පිණිස පද සංයෝජන රීති හා ව්‍යාකරණ නිතිරීති අනුව වචන එකපෙළට ඈඳීමේ හැකියාව සම්පුර්න හැකියාවේ අංගය.

Related image

ආදී මානවයන්ට භාෂාව පිළිබඳ පූර්ණ හැකියාවක් නොතිබූ බවත් නූතන භාෂාව කරා ළඟාවීමට මනුෂ්‍යයන්ට විවිධ අවධි ගණනාවක්ම පසු කරන්නට සිදුවූ බවත් යන මතයට න්‍යායචාරීන් බොහෝ දෙනෙක් එකඟ වෙති. මානවයන්ගේ පූර්ව ඉතිහාසයේ වැඩි කාලයක් තුළ අපේ ආදිතමයන් සතුව සියල්ලම නොවුණත්, භාෂාවෙහි යම් අංග තිබුණි. එවැනි පද්ධතියක් හඳුන්වනු ලබන්නේ මූල භාෂාවක්(protolanguage) ලෙසිනි. වෙන්න පුළුවන් දෙයක් හැටියට පැහැදිලිව පෙනෙන්නේ භාෂාව වචනවලින් සෑදී තිබෙන්නට ඇත කියායි. මෙකී ‘ශබ්දකෝෂමය මූල භාෂා’ මොඩලය දක්වන්නේ මූල්කාලයේ මනුෂ්‍යයන් වචන පාවිච්චි කළ නමුත් ඒවා වාක්‍ය හැටියට ගැලපීමක් නොකළ බවයි. එය ළමුන්ගේ භාෂා වර්ධනය හා සමාන්තරයි. ළමුන්ද (භාෂාව) අරඹන්නේ තනිවචන කීමෙනි. ඊළඝට වචන දෙකේ අවධියටත් අනතුරුව ඊළඟ වඩාත් සංකීර්ණ වාක්‍ය තැනීමටත් ආදී වශයෙනි.

Image result for chimp talking with a man

ඒත් ඉතින් ඔය විදිහට බැලුවහම මුල්ම වචන එන්න ඇත්තේ කොයිබින්ද? වචන ප්‍ර යෝජනවත් වෙන්නේ ඒවාට පොදුවේ පිළිගැනුණු අර්ථයක් තිබෙතොත්  පමණයි. එකිනෙකාට වෙනස් භාෂා කතා කරන දෙදෙනෙක් මුණගැහුණු ගමන් මේ කාරණය තේරුම් යනවා. තවත් උපකල්පනයකින් අවධානය යොමුවන්නේ වාචක ඉගෙනුමේ සම්භවයන් වෙතටයි. ඒ කියන්නේ සංකීර්ණ ශබ්ද පෙළක් නිපදවීමේ හැකියාවයි. තල්මසුන් හා ගී ගයන කුරුල්ලන් ඇතුළු සතුන් බොහොමයකට මේ දේ කළ හැකියි. ඒත් ඔවුන්ගේ ස්වර උච්චාරණය මගින් විස්තරාත්මක තොරතුරු සංනිවේදනය වන්නේ නැහැ. ඇත්තටම ඒවා සහකරුවෙකු ආකර්ෂණය කර ගැනීමට හෝ භූමිභාගයක අයිතිය කියා පෑම සඳහා සැලසුම් කළ ප්‍රදර්ශනයි. මෙය පදනම් කරගනිමින් වාග් විද්‍යාඥයන් අදහස් කරන්නේ මූල භාෂාව තල්මසුන් හෝ පක්ෂීන්ගේ ගායන සිහි ගන්වන අතර ලිංගික වරණය සහ භෞමික අයිතිය උදෙසා පරිණාමය වූ බවය. පසුකාලීනව තමයි ස්වර සහ අක්ෂර අර්ථ ගත්තේ. මෙහි එක හොඳක් තමයි, අපේ විශේෂය සතු විශ්ව ගති ලක්ෂණයක් වන සංගීතයේ ප්‍රභවයද එමගින් පැහැදිලිවීම.

විය හැකිව තිබූ කාරණා දෙකක් ගැනම දැන් අපි කතා කරානේ? තුන් වැන්න ගැන හෙට(ඉරිදා) ලිපියෙන් සකච්ඡා කරමු.

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHAT WERE THE FIRST WORDS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.