පෙර පාසල් සිසුන් තුළ සංකල්ප සංවර්ධනය

Posted by

ක්‍රි.ව. 1970 සිට ක්‍රි.ව. 2000 දක්වා වසර තිහ තුළ දරුවන්ගේ සංකල්ප නැතිනම්  ප්‍රවර්ග ගැන රචිත සඟරා ලිපි 7000 ඉක්මවයි. මූලික සෛදාන්තික කාරණා මෙන්ම අවබෝධ කරගැනීමේ අවස්ථා පෑදීම සිසුන් සිය ජීවිතය හා පාසල් අධ්‍යාපනය සමග ඍජුවම සම්බන්ධ සංකල්ප පිළිබඳ තීරණය කරන්නේ කෙසේද යන ප්‍රායෝගික කාරණාව කෙරෙහි ද ශාස්ත්‍රඥයෝ ආකර්ෂණයවෙති. මෑතක සිදු කළ මනෝවිද්‍යාත්මක පර්යේෂණ පදනම් කරගනිමින් මීට අදාළව තේමා හතරක් ඉස්මතු වී තිබේ. මේ ලිපි පෙළෙහි ඒවා එකිනෙක සලකා බැලේ.

1. තේමාව : සංකල්ප යනු මෙවලම්ය. ඒ හේතුව නිසාවෙන් ඒවා ළමුන්ගේ තර්කණයෙහි – ධනාත්මක මෙන්ම ඍණාත්මක යන තර්කණ දෙක කෙරෙහිම දැඩි බලපෑමක් ඇත. තේමා

2. තේමාව : ළමුන්ගේ මුල් කාලයේ සංකල්ප අවශ්‍යයෙන්ම මූර්තව හෝ සංජානකව පදනම්ව නැත. අවශ්‍යෙයන්ම බැලූ බැල්මට නොපෙනෙන, සියුම් සහ අමුර්ත සංකල්ප ගැන තර්කාණුකූලව සිතා බලීමට පෙර පාසල් ළමුන්ට පවා හැකියාව තිබේ.

3. තේමාව: අන්තර්ගත කාරණා හරහා, පුද්ගලයන් හරහා, සහ කාර්යයන් හරහා ළමුන්ගේ සංකල්ප ඒකරූපීවන්නේ නැත.

4. තේමාව: ලෝකයේ පිළිබඳව ඔවුන් තුළ මෝරාගෙන එන සිද්ධාන්ත ඔවුන්ගේ සංකල්ප මගින් පිළිබිඹු කෙරේ. ළමුන්ගේ සිද්ධාන්ත නිවැරදි නොවන තරමට  ඔවුන්ගේ සංකල්පනයන්ද අගතිගාමීය.

මෙම සංකල්ප හතර මුල් ළමා වියෙහි සංකල්ප ගැන පුළුල්ව ව්‍යාප්තව ඇති,  (එහෙත් සාවද්‍ය) අදහස්වලට පටහැනි වන අතර තවද, ඒවා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ගැටලු ගණනාවක් මතු කරයි.

අද ලිපියෙන් දෙවැනි තේමාව ගැන කතාකරමු.

තේමා 2: සුගම නොවන සංකල්ප (Theme 2: Non-Obvious Concepts )
බොහෝ සාම්ප්‍රදායානුකූල කරුණු සම්බන්ධයෙන් සංකල්පයන්, වර්ධනයත් සමග මූලික ගුණාත්මක විස්ථාපනයකට භාජනයවෙතැයි කියනු ලැබේ. ඒ කියන්නේ ළමුන් මෙන්ම වැඩි හිටියන්ද විවිධ ද්විධාකරණයන්ගේ (dichotomies =දෙකට බෙදීම්) ප්‍රතිවිරුද්ධ අන්ත බොහෝ විට වැළඳ ගනු ලබන්නේ යයි කියනු ලැබේ. සංජානනයේ සිට සංකල්පනය වෙත යමින් මූර්තයේ සිට අමුර්තය දක්වා හෝ ස්වරූප්‍යතාවයේ සිට සිද්ධාන්ත දක්වා මෙම සංවර්ධනීය ද්විධාකරණයන් අන්තර්ඥානමය වශයෙන් ආකර්ෂණීය වීමට අර්ධ වශයෙන් හේතු වන්නේ, වැඩිහිටියන් තර්ක කරන ආකාරයට කැපී පෙණෙන ලෙස වෙනස් ආකාරයකින් බොහෝ විට ළමුන් තර්ක කරන බවක් පෙනී යාමයි. නිදසුනක් දක්වතොත්  පියජේ විසින් අධ්‍යයනයේ යෙදෙන ලද සුප්‍රකට සංරක්ෂණ දෝෂයයේදී දැක්වෙන පරිදි,  අනුකූල නොවන පරිවර්තනයකින් ප්‍රමාණයෙහි වෙනසකට මග පෑදෙන බවක් අවුරුදු හය හෝ හතට අඩු ළමයි වාර්තා කරති. (නිදසුන : යම් තරලයක් හෙවත්  දියරක් පළල් බදුනකින් කෙළින්ම, උස පටු බඳුනකට වත් කළ විට තරලයෙහි ප්‍රමාණය වැඩි වෙතැයි අදහස් කිරීම). ළමයින් එක් පැහැදිලිව පෙනෙන එහෙත් නොමග යවන සුලු මානයන් උදාහරණයකට ඉහත නිදසුනේ දී බඳුනෙහි උස කෙරෙහි අවධානය යොමු කරන්නේ කෙරෙහි පමණක් අවධානය යොමුකරන්නේ ගැඹුරු සංකල්පමය විශ්ලේෂණයක් මඟහරිමිනි. පසුගිය දශක කිහිපය මුලුල්ලේ බොහෝ අවස්ථාවල පෙන්නුම් කරනු ලැබුවේ කුඩා ළමුන් දේවල්, එවායේ බාහිර, සංජානමය, සංසිද්ධිමය සහ මතුපිට පෙණෙන ගුණාංග ගතහොත් ඒවා ඒ ආකාරයයෙන්ම පිළිගනු ලැබීමේ නඹුරුවක් තිබෙන බවයි. කෙසේවෙතත් ළමුන්ට කළ හැකි දේ පිළිබඳ වාර්තාවක් ලෙස ගත් කල සංජානමය සිට සංකල්පමය දක්වා වැනි සංවර්ධනීය ද්විධාකරණයන් සීරුමාරුව ප්‍රමාණවත් නොවේ.

 

 

යෝග්‍ය ආකාරයේ සංවේදී කාර්යයන් සම්බන්ධ එදිනෙදා ක්‍රියාකාරකම්වලදී හමුනොවන දක්ෂතාවන් ළමුන් විසින් පෙන්නුම් කළ හැකිය. ඇත්තටම, නොමග යවන සුලු පෙන්නුම් කිරිම් මග හරවා ගැනීමට පමණක් නොව සහමුලින්ම සුමග නොවන්නා වූ සංකල්පයන් ගැන තර්ක කිරීමට ද ළමයි සමත් වෙති. වයස අවුරුදු තුනේ සිට පහ දක්වා ළමුන්, ශක්තිය, පේශී, අස්ථි සහ මොළය වැනි ශරීරාංග, විෂබීජ සහ ලෙඩබෝවීම, පරම්පරාවෙන් උරුමවීම, ද්‍රාවණය වන ද්‍රව්‍ය හා අපවිත්‍රණය (දූෂණය) සහ සිතුවිලි සහ ආශාවන් වැනි මානසික ස්ථිතීන් ඇතුළත් විශල පරාසයක් හරහා සුමග නොවන ස්ථිතීන් ගැන තර්කකරන්නේ කෙසේ දැයි පසුගිය සියවස අවසානයේ විද්‍යාර්ථීන් කිහිපදෙනෙක්ම සොයා බලන්නට පටන් ගත්හ.

                                  වෛරස හා බැක්ටීරියා

විස්තරාත්මක, මුර්ත දැනුමක් ලෙස ගතහොත් මෙකී මාතෘකා බොහොමයක් සම්බන්ධයෙන් පෙර පාසල්වියේ දරුවන්ට ඇත්තේ ඉතා මද දැනුමක් වුවද මෙකී සුගම නොවන ගොඩනැගීම් පවතින බවත්, එමෙන්ම ඒවා අනෙකුත් වඩාත් සුගම ප්‍රතිඵල සහ චර්යාවන් කෙරෙහි බලපෑම් ඇති කරවන බවත් තේරුම් ගැනීමට ඔවුන් පටන්ගෙන ඇත. නිදසුනක් දක්වන්නේ නම් විෂබීජ හේතුවෙන් රෝග හටගන්නේය එමෙන්ම ආහාර පිරිසිදු බවක් පෙනෙන අවස්ථාවල  පවා රෝග කාරක විෂබීජ තිබිය හැකිය යනුවෙන් අවුරුදු තුනේ ළමුන්ට පවා හරාත්මක අවබෝධයක් ඇත.  මනුෂ්‍ය ශරීරයට වෛරස හා බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය බලපාන්නේ කෙසේද යන්න ගැන කිසිම දෙයක් ඉගෙන ගෙන නැති වයසේ කුඩා ළමුන්ට මෙවැනි අවබෝධයක් ඇතිවන්නේ කෙසේද යන්න විමතිය දනවන කරුණකි. මේ මාතෘකා ගැන තර්ක විතර්ක කිරීමට ළමුන් පෙළඹීම ඒ වාගේම දැනුම් පදනම හීන නමුත් සැලකිය යුතු නිරවද්‍යතාවකින් යුතුව එසේ කිරීම තුළින් අපට පසක් වන්නේ සුගම නොවන ස්ථිතීන්ද පෙරපාසල් වියේ දරුවන්ගේ හැකියා සිමා ඇතුළත තිබෙන බවයි.

 

AAAS – Project 2061 යටතේ සැකැසුණු   Dialogue on Early Childhood: Concept Development in Preschool Children ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.