මේ මහා පොළව මත ජීවය වර්ධනයට මග පාදමින්, එයට(පෘථිවියට) ජලය ගෙන ආවේ අපේ චන්ද්‍රයා නිර්මානයට කළ ව්‍යසනකාරී ඝට්ටනය යයි ජර්මනියේ, මන්ස්ටර් විශ්වවිද්යාලයේ ග්‍රහලෝක විද්‍යාඥ කණ්ඩායමකගේ අධ්‍යනයක් හෙළි කරයි. තෙයියා(Theia) යනුවෙන් නම් කෙරුණු අඟහරු ප්‍රමාණයේ අභ්‍යවකාශ වස්තුවක් මෙයට වසර බිලියන 4.4 කට පෙර පෘථිවිය හා ඝට්ටනය වූ අවස්ථාවේ අප ග්‍රහ ලෝකය සතු එකම චන්ද්‍රයා බිහිවිය.(අපේ මේ සෞර ග්‍රහ මණ්ඩලයේම ඇතැම් ග්‍රහලෝක සතුව සඳවල් කිහිපයක් ඇත.
උදාහරණයකට, මේ වනවිට (අගෝස්තු, 2017) බෘහස්පති ග්‍රහයා සතුව සඳවල් 67ක් ඇතැයි ද ඉන් 53 නම් කර ඇතැයි ද නාසා පවසයි–සංස්කාරක) ඝට්ටනයේ ප්‍රථිඵලයක් ලෙස උඩට වීසිවී ගිය සුන්බුන් කැබැළි වැඩි කොටසක් , චන්ද්‍රයා සෑදෙනු පිණිස එකට හා වුණත්, ඉන් සමහරක් ආපසු පෘථිවිය මතට වැටී පසුව සමහරක් ප්‍රාවරණයේ(mantle) කොටසක් බවට පත්විය. ප්‍රාවරණය යනු කබොළ සහ හරය අතර පිහිටි ඝනකම පාෂාණමය ස්තරයයි. අචාර්ය ගෙරිට් බුඩේ ප්‍රමුඛ මන්ස්ටර් විශ්වවිද්යාලයේ පර්යේෂක කණ්ඩායම මෙම සොයාගැනීම සිදු කළේ පෘථිවි ප්‍රවාරණයේ ලෝහ මොලිබ්ඩෙනම්(metal molybdenum) සංයුතිය පරීක්ෂාකිරීමෙනි.
මොලිබ්ඩෙනම් සමස්ථානික(molybdenum isotopes – මෙම බහුසංයුජ ලෝහමය මූල ද්‍රව්‍යයේ එකම රසායනික ගුණාංග සහිත එහෙත් වෙනස් නියුට්‍රෝන ප්‍රමාණයකින් යුත් පරමාණු) සංයුතිය සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත හටගත් ජලය බහුල, අංගාරමය හෝ කාබන් අඩංගු ද්‍රව්‍යය සහ සෞරග්‍රහ මණ්ඩල අභ්‍යන්තරයෙන් හටගත් වියළි, කාබන් නොවන ද්‍රව්‍යය අතර කැපීපෙනෙන වෙනසක් ඇත. පිටත සෞර ග්‍රහ මන්ඩලයෙහි මුලාරම්භය ලැබූ තෙයියා සමග ඝට්ටනයට පෙර පෘථිවිය සමන්විත වූයේ කාබන් නොවන ද්‍රව්‍යයවලිනි.
“අංගාරමය සහ කාබන් නොවන ද්‍රව්‍යය පැහැදිලිව වෙන්කොට හඳුනාගැනීමට මොලිබ්ඩෙනම් සමස්ථානික අපට ඉඩ සලසනවා. ඉතින් ඒ හන්දා ඒවායින් , පිටත සහ ඇතුළත සෞර ග්‍රහ මණ්ඩලයේ ද්‍රව්‍යය පිළිබඳ ‘ජානමය ඇඟිළි සලකුනක්‘ නියෝජනය වෙනවා‘ අචාර්ය බුඩේ පෙන්වා දෙයි.
පෘථිවියේ ප්‍රවාරණයෙහි දැකිය හැකි මොලිබ්ඩෙනම් සමස්ථානික කාබන් අඩංගු සහ කාබන් අඩංගු නොවන ද්‍රව්‍යය අතර පවතින්නක් නිසා පර්යේෂණ කණ්ඩායම නිගමණයට එලඹුනේ පෘථිවි ප්‍රවාරණයෙහි පිටත සෞර ග්‍රහ මණ්ඩලයේ ද්‍රව්‍යය බොහෝ ප්‍රමාණයන් අඩංගු විය යුතු බවයි. තෙයියා සමග ඝට්ටනයෙන් මෙලොවට ගෙන ආ ද්‍රව්‍යය ප්‍රමාණය මොලිබ්ඩෙනම් සම්බන්ධයෙන් පමණක් නොව මේ මිහිතලය මත දැකිය හැකි සියළු ජලය සම්බන්ධයෙන් ද දායකතවය දරන්නට ඇතයි ඔවුහු ප්‍රකාශ කරති.
“අපේ ප්‍රවේශය සුවිශේෂයි. මොකද කීවොත්, එය මිහිතලය මත ජලය හට ගනීම අපේ චන්ද්‍රයා සෑදීම සමග ගැට ගසන නිසයි. වෙනත් විදිහකට සරලව කීවොත් අපේ චන්ද්‍රයා නොසිටින්නට පෘථිවිය මත ජීවයක් නොතිබෙන්නට ඉඩ තිබුණා “ යයි මන්ස්ටර් විශ්වවිද්යාලයේ ග්‍රහලෝක විද්‍යා මහාචාර්ය තෝස්ටන් ක්ලෙයින් කියා සිටියි.
BBC Science Focus(July, 2019) හී පළවන The formation of the Moon brought water to Earth යන ලිපිය ඇසුරෙනි