මොළය සිතියම් ගත කිරීම: ධූසර ද්‍රව්‍යය ඇතුළත

Posted by

ධූසර ද්‍රව්‍යය ඇතුළත

ඔබට ඇතිවන සෑම සිතුවිල්ලක්ම, ඔබ කරන සෑම ක්‍රියාවක්ම අවසානයේ සලකනු ලැබීමට සිදුවන්නේ මොළයේ මූලික තැනුම් ඒකකය වන නියුරෝන ක්‍රියාවක් ලෙසටයි. මෙකී තුරු ආකාර(tree-like) සෛල මොළය වටා තොරතුරු එහා මෙහා කරයි. ට්‍රිලියන ගණන් සම්බන්ධක මගින් එකට එක්කෙරුණු, බිලියන ගණන් නියුරෝන තමයි අපේ සිරුරේ වඩාත්ම සංකීර්ණ අවයවය තනන්නේ.

මේ ස්නායු සෛල ගැන අපට දැනගන්නට ලැබෙන්නේ ස්පාඤ්ඤ ජාතික කායික විද්‍යාඥ(ව්‍යවච්ඡේදක) සැන්ටියාගෝ රැමොන් වයි කජාල්ට පින්සිදුවන්ටයි. නියුරෝනවල කායික ව්‍යවච්ඡේදය ගැන දහවන  සියවසේ දී සොයාබැලීම් කරද්දී  නියුරෝන හරහා සංඥා ගලායන්නේ එක් දිශාවකටැයි ඔහු කියා සිටියේය. නියුරෝන ඇතුළට එන තොරතුරු අනෙක් සෛලවලින් ලබා ගන්නා අතර අක්සන (axons) නමින් දැක්වෙන නියුරෝනයේ ස්නායු තන්තු දිගේ සම්ප්‍රේෂණය කරයි. දිගින්, මේ  තන්තු අතර සැලකිය යුතු ආකාරයක විචල්‍යයක් හෙවත් වෙනස්කම්  දැකිය හැකිය. පිට කොන්දේ පාදකයේ (base) සිට පාඇඟිලි දක්වා දිවෙන ඒවා දිගින් මීටරයකට වඩා වැඩි විය හැකිය. මෙම පණිවුඩ සම්ප්‍රේෂණය කෙරෙන්නේ කෙටි විදුලිමය ස්පන්දන හැටියටය. ඒවායේ කුඩා වෝල්ටියතාවක් හුදු වෝල්ට්ස් 0.1ක – රැඳී ඇති  අතර ඒවා පවතින්නේ තත්පරයකින් දහස් කිහිපයකින්  ඒකක් තරම් සුළු කාලයක් පමණකි. එහෙත් ඔය කියන කාලය තුළ තත්පරයකට මීටර 120ක තරම් වේගයකින් ඒවාට බොහෝ දුරක් ගමන් කළ හැකිය. ස්නායු ආදේශයන්ගේ චාරිකාව එයට සම්පර්කනයක් (synapse) හමු වූ විට නිමාවට පත්වන්නේ ස්නායුසම්ප්‍රේෂක නම් අණු මුදාහැරීමට මුල පුරමිනි.  සම්පර්කනයක්  කියන්නේ ස්නායු සෛල අතර හිඩැසයි.ස්නායුසම්ප්‍රේෂක සංඥාව අනෙකුත් නියුරෝන වෙත ගෙන යයි.  ග්‍රහණය කරගන්නා මෙකී අණු, නියුරෝන මතුපිට තිබෙන විදුලි යතුරු (ස්වීච) සුළු වේලාවකට හරවයි.  මේ ක්‍රියාවලිය, එක්කෝ තමන්ගේම සංඥාවක් යවනු වස් නියුරෝනය සකොබනය කිරීමට හෙවත් පෙළඹවීමට හෝ නැතිනම් එය තාවකාලික එහි ක්‍රියාකාරිත්වය වැළැක්වීමට ක්‍රිය කරන්නේ අනෙකුත් ලැබෙන සංඥාවලට ප්‍රතිචාරයන් යොමු කිරීමට ඇති ඉඩකඩ අඩුකරමිනි. අවසානයේ අපේ සිතුවිලි හා හැඟීම් වශයෙන් සෑදෙන තොරතුරු ගලායාමේ දිශාව තීරණය කිරීමේදී මේ දෙක වෙන වෙනම එක් එක් වශයෙන් වැදගත්ය.

               සැන්ටියාගෝ රැමොන් වයි කජාල්

වඩාත් පුදුමය දනවන කාරණාවක් වන්නේ කෘමීන්ගේ නියුට්‍රෝන මනුෂ්‍යයන්ගේ මොළ සෛල හා ගැලපෙන අතර ඇතැම් විට, ඒවායේ (මනුෂ්‍ය මොළ සෛලවල) සංකීර්ණතාවද අභිභවා යන  බවක්  රැමොන් වයි කජාල්  කියා සිටීමයි. මෙයින් ගම්‍ය වන්නේ අපේ හැකියාවන් රඳා පවතින්නේ නියුරෝන සම්බන්ධ වී ඇති ආකාරය මත මිස සෛලවලම සුවිශේෂී ගුණාංගයක් හේතුවෙන් නම් නොවේ. රැමොන් වයි කජාල්ගේ සම්බන්ධවාදී දෘෂ්ටියමොළය තුළ තොරතුරු සැකසීම ගැන සිතන ආකාරය ගැන නව දොරටුවක් විවෘත කර දුන් අතර අදටත් ප්‍රමුඛවම ඇත්තේ එයයි.

මේ සබැදුම ඔබ්බට අත්විඳීමට නම් ඔබ කළ යුත්තේ ඇස් හැර අවට බැලීමයි. ඔබ වටපිට බලද්දී ඔබේ මොළයේ තොරතුරු සැකසීමේ ක්‍රියාදාමයේ කැබලිගත  ස්වරූපය ගැන ඔබට අවබෝධයක් නැත. ගැඹුර, හැඩය, වර්ණය සහ චලනය යන මේ කාර්යයන් සියල්ල සුමට ලෙස ත්‍රිමාණ අනුරූපයක් ලෙස ඔබගේ නුවන්  යොමු වූ දර්ශනය එකට එක් කර ඇත්තේ ඔබටත් හොරාය.

ධුසර ද්‍රව්‍යය පමණක් නොවේ ගෝචර වන්නේ

අප බොහෝ විට අපේ grey matter හෙටත් ධුසර ද්‍රව්‍යය ගැන කතා කරමු. එහෙත් අපේ මොළයේ  ධුසර ද්‍රව්‍යය පමණක් නොව ශ්වේත ද්‍රව්‍යය ද (white matter) ඇතුළත්ය. ධුසර ද්‍රව්‍යය යනු නියුරෝනවල සෛල දේහයයි. මේ අතර ශ්වේත ද්‍රව්‍යය  යනු අනෙකුත් නියුරෝන හා සම්බන්ධවීම පිණිස සෛල දේහවල සිට පැතිරී යන කෙඳිවන් ආරෝහකවලින් සමන්විත ශාඛා ජාලයයි. ශ්වේත ද්‍රව්‍යවල, මයලින්() නම් ද්‍රව්‍යෙයහි ඉහළ සාන්ද්‍රණයක් අඩංගුයි. ස්නායු සෛලවල අක්සන (axons) වටා කොපු සාදන්නේ මයලීනයි. මේ මේදමය පටකය කේබල් වටා ඇති පරිවර්ණ වගෙයි. එය විද්‍යුත් ආවේගයන් වේගයෙන් ඉදිරියට ඇදිමට ඉඩ සලසයි. පටලැවිල්ල වෙන්නේ, ජීවමාන මොළයක මෙම පටක ධුසර හෝ ශ්වේත නැත. ඒවාට එනම් ලැබෙන්නේ මොළ පටක පරීක්ෂාගාරයේදී ඉවත්කර සැකසීමෙන් පසුව ඒවා දිස්වෙන ආකාරය අනුවයි.

 

මනුෂ්‍ය මොළය ද? — ප්‍රිමාටේස් මොළයද?

මනුෂ්‍යයන්ගේ මොළ, විශේෂයෙන්ම මස්තිෂ්ක අර්ධ ගෝල අනෙක් ප්‍රිමාටේස් සතුන්ට වඩා විශාලව ද වඩාත් හොඳට ද පිහිටා ඇත. එහෙත් ශරීර ප්‍රමාණය සමග ගලපා බලන විට වෙනස්කම පුදුමය දනවන අයුරින් කුඩාය. මනුෂ්‍ය මොළයක් සහ චිම්පන්සියෙකු හෝ ගෝරිල්ලෙකුගේ මොළය අතර වෙනස වැඩිකොටම ඇත්තේ නියුරෝන සම්බන්ධ වන ආකාරය අනුව බවක් පෙනී යයි.  මොළය වර්ධනය වෙද්දී ස්නායු සෛල සංක්‍රමණය සහ මොළයේ ජාන ප්‍රකාශන විවිධ රටා පාලනය කරන බව පෙනී යන සුවිශේෂී ජාන ගණනාවක් මනුෂ්‍යයන් සතුව ඇත. ඉතින් මේ අනුව යන්ත්‍රසූත්‍ර එක සමාන බවක් පෙනීගියත්  ඒවා ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයටය. ප්‍රිමාටේස් නොවන සතුන් ගතහොත් අනෙකුත් ක්ෂිරපායින්ට ඇත්තේ මොළයේ ඉදිරිපස හොඳින් වර්ධනය නොවූ ඛණ්ඩිකා සහිත වඩාත් කුඩා මොළවල්ය. පරිණාමීය වෘක්ෂයේ තවත් පහළට යද්දී සතුන්ට බාහිකය සම්පූර්ණයෙන්ම අහිමිව යන අතර උරගයන්ට ඇත්තේ අපේ මොළ කඳ හෙවත් මොළ දණ්ඩ සිහිගන්වන මොළයකි. සරල සතුන් අතරේ මොළය, හුදෙක් ස්නායු රජ්ජුව(nerve cord) මත හෝ මුඛ ප්‍රදේශය අවට ඉදිමුමක ස්වරූපයක් උසුලයි.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   Mapping the mind පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.