ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අප මිතුරුදම් පුරන්නේ ඇයි?
ඔබ හදුනන, දන්නා කියන අයගේ සංඛ්‍යාව කොපමණ වෙතැයි ඔබ නිකමටවත් හිතා බලා තිබෙනවාද? ඔබ මේ ලෝකයේ සාමාන්‍ය කෙනෙක් නම් ඒ සංඛ්‍යාව සමහරවිට 1500ක් පමණ වෙයි. ඒ තමයි ඉතින් ඔබේ සමාජ ජාලයේ ප්‍රමාණය. ඔබට අමුත්තෙකු නොවන සියලු දෙනාගේ මුළු එකතුව. මේ සමාජ ජාලයට පවුලේ අය, වෘත්තිය හෝ වෙනත් සගයන්, ඇසුරු කරන්නන්, දැක පුරුදු ඇති ඒත් කවුද කින්ද මන්ද කියා හරිහැටි නොදන්නා අය සහ ඔව්, අමතක කරන්නට බැරි පිරිස වන ඔබේ මිතුරන්ද අයත් වේ. මෙහෙම බැලුවහම ඔබට අමුත්තන් නොවන ඔය කියන පිරිසගෙන්, එනම් ඉහත කී 1500 දෙනාගෙන් 50 දෙනෙකු පමණ සැබෑ මිත්‍රයන් ඒ අතරේ සමීප මිතුරන් 10ක් සහ හදවතින්ම ඇසුරු කරන 5 දෙනෙකු අයත් වෙනවා.
අපගේ සියලුම සමාජ සම්බන්ධතා අතරේ වඩාත්ම සුවිශේෂී වන්නේ මිතු දමයි(friendship). ඔබට, ඔබේ පවුලේ අය තෝරාගන්න බැහැ. ඔබේ වෘත්තිය සගයන් තොරා ගන්න බෑ. ඒ වගේම දන්නා හදුනන අය ඒ තරම් බලපෑමක් නැහැ. ඒත් ඔය අතරේ මිතුරන් කියන්නේ වෙනමම පිරිසක්. බොහෝ සත්වයන් සහයෝගීතාවයෙන් කටයුතු කරන්නේ ඔවුන්ගේ සමීපතම ඥාතීන් සමගයි. එහෙම නම් ඇයි අපි අපට නෑ සබඳකමක් නැති පුද්ගලයන් සමග සමීප සබඳතා වර්ධනය කර ගැනීම පිණිස මේ සා කාලයක් වැයකරමින්, මේසා වෙහෙසක් ගන්නේ? අනික, අප මිතුරු දමක් පුරන්නේ කා සමගද කොහොමද යයි තීරණයක් ගන්නේ?
බැලූ බැල්මට මිත්‍රත්වය කියන්නේ මනුෂ්‍යයන්ට පමණක් පොදු කාරණයක් වගේ පෙනී ගියත්, ඇත්තටම එය ගැඹුරු පරිණාමීය මුල්වලින් යුක්තයි. වෙනත් බොහෝ ක්ෂීරපායි විශේෂ ද නෑ සබඳතාවක් නොමැති අය සමග පෞද්ගලික සබඳතා ගොඩ නගා ගනිති. මේ අතරේ මහා වානරයන් සහ තවත් බොහෝ ප්‍රිමාවේස් සතුන්, අලි ඇතුන්, අශ්වයන් තල්මසුන්, ඔටුවන් සහ ඩොල්පින්ද ඇතුළත් වෙනවා. මේ සියල්ලන්ටම පොදු ලක්ෂණයක් කුමක්ද? මොවුන් සියල්ලෝම සංකීර්ණ ධූරාවලී සහිත විශාල සමාජ කණ්ඩායම් ලෙස ජීවත් වෙන් අය. මේ ආකාරයේ විශාල කණ්ඩායම් වශයෙන් ජීවත්වීමේ දී ප්‍රධාන පෙළේ වාසි ඇතත්, එමගින් ආතතිද නිර්මාණය වන්නේය. ආන්න එතනදී තමයි මිතුරන්ගේ අගය දැනෙන්නේ. ඉතා සියුම්ව දක්වන්නක් නොවුණත්, මිතුරන් යනු අපගේ අවශ්‍යතාවකදී අපේ උදව්වට පැමිණෙන විශාල, පෞද්ගලික ආරක්ෂක කණ්ඩායමක් තුළ, එක පිට එක වැටෙන මිතුරු කව(circles of friends) සන්ධාන සහ හවුල් ගොඩ නගමින් සමස්ත කන්ඩායමේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම පිණිස උපකාර වන්නේය.
විශාල සමාජ කණ්ඩායම් වශයෙන් ජීවත් වන මනුෂ්‍යයන් සහ අනෙකුත් සතුන් සම්බන්ධයෙන් ගතහොත්, මිතුරන් යනු ‘ හිටියත්– නැතත්–ඉතින්–කමක්–නෑ‘ මාදිලියේ කණ්ඩායමක් ම නොවේ. මිතුරන් යනු ජිව විද්‍යාත්මක අවශ්‍යතාවකි. යහපත් සමාජ ජීවිතයක් ගත කිරීම, අපව කායිකව සහ මානසිකව සෞඛ්‍ය සම්පන්නව තැබීමට උපකාරි වනවා. සමාජයීය වශයෙන් හුදෙකලාවීම ආතතිදායක වන අතර අපව රෝගාබාධවලට ලක්වීමේ අවදානම වැඩි කරයි. එසේ නම් මිතුදම් ඇති කර ගැනීමට මෙන්ම පවත්වාගෙන යාම සඳහා අපට බලගතු ජීව විද්‍යාත්මක ආශාවක් හෙවත් පෙළඹීමක් තිබීම පුදුමය දනවන්නක් නොවේ. ආහාර සහ ලිංගික සම්භෝගය මෙන්ම මෙම තදබල අවශ්‍යතාව පාලනය කරනු ලබන්නන්ගේ මොළයේ පරිතෝෂ නැතිනම් පරිදාන කේන්ද්‍රස්ථාන මගින්. සමාජශීලී චර්යාවන්ට ප්‍රතිචාර වශයෙන් යහහැඟිම් දනවන විවිධ වූ රසායනික වඩි අපට ලබාදෙන්නේ එම කේන්ද්‍රස්ථාන මගිනි.
ඔයින් එක රසායනයක් වන්නේ ඔක්සිටොසින් ය(oxytocin). මෙය ‘කිරිඑරවන‘ වශයෙන් දැක්වෙන රසායනයක්. දරුවා සහ මව අතර බැඳීම වඩවන ප්‍රධාන වෙරගන්වන්නකි. තවද, අනෙකුත් පුද්ගලයන් සමග ධනාත්මක සමාජයීය සම්බන්ධතාවලට ප්‍රතිචාර වශයෙන් ද මුදා හැරෙන්නකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන ප්‍රමෝදජනක හැඟිම තමයි එම පුද්ගලයාට නැවත දැකීම දිරිමත් කරවන පරිතෝෂය නැතිනම් පරිදානය.
තවත් එකක් තමයි එන්ඩොපින්ස්(endorphins) යනුවෙන් නම් කෙරුණු ස්නායු සම්ප්‍රේෂණය(neurotransmitters). ව්‍යායාම වැනි ලුහුඩු ආතිතජනකයන්ට ප්‍රතිචාර වශයෙන් මේවා මුදා හැරෙන අතර වේදනාව අඩුකිරීමට හා පොදුවේ යහසාධනය පිළිබඳ හැඟීමක් ඇති කිරිම පිණිස ක්‍රියා කරයි. සමාජ සම්බන්ධතා විශේෂයෙන්ම සහයෝගීතාවට ප්‍රතිචාර වශයෙන්ද ඒවා මුදාහැරේ.
ඔබ කිසියම් පුද්ගලයෙකු බෝට්ටුවක නංවා ඒ සිට බී දක්වා බෝට්ටුව පදවාගෙන යන්නැයි කීවොත් එම කායික මහන්සියට නැතිනම් වෑයමට ප්‍රතිචාරයක් වශයෙන් එම අයගේ මොළය එන්ඩෝපින් මුදාහැරෙයි. එහෙත්, ඔබ බෝට්ටුව තුළට පුද්ගලයන් දෙදෙනෙකු ඇතුල් කර දෙදෙනා එකතුව බෝට්ටුව පැද යාමට කීවිට ශාරීරික වෑයම නැතිනම් මහන්සිය අඩුවුවද ඔවුන්ගේ මොළ වැඩියෙන් එන්ඩොපින් මුදාහරී.
එකිනෙකාගේ පිටකසා ගැනීම
බොහෝ විශේෂයන් පිරිමැදීමෙන්, එකිනෙකාගේ කෙස් පීරීමෙන් මිත්‍රත්වයන් ගොඩ නංවාගෙන පවත්වා ගෙන යති. නිදසුනක් දක්වන්නේ නම් බැබුන් වානරයෝ, එකිනෙකාගේ ලෝමවල ඇති පරපුටුවන් සහ කුනු ඉවත් කරමින් පැය ගණන් ගත කරති. මෙම ක්‍රියාදාමය සැනසිල්ල සහ විශ්වාසය ගොඩ නැගෙන ඔක්සිටොසින් සහ එන්ඩොපින් යන රසායනික අනෝන්‍යවශයෙන් මුදා හැරීමට තුඩුදෙයි.
එහෙත් පිරිමැදීම කල්ගතවන කාර්යයකි. එහෙයින් එය එක් අයෙකු විසින් පවත්වාගෙන යා හැකිවනු ලබන සමාජ සම්බන්ධතා ගණන සීමා කරයි. මේ අනුව වදුරන් සහ වානරයන් ගතහොත් එවැනි සබඳතාවල උපරිම සීමාව 50 කි. මේ සීමාව, මොළ ප්‍රමාණය හේතුවෙන් ද පරිසීමාවේ. එනිනෙක මත වැටෙනසුලු, විස්ථාපනය වන සම්බන්ධතා සාගරයක සැරිසැරීම පිණිස මොළ බලය, විශේෂයෙන්ම අනෙකාගේ මානසික තත්ත්වය අවබෝධ කර ගැනීමේ හැකියාව අවශ්‍ය වේ.
මෙය වානරයන්ට තරමක් දුරට සිදු කළ හැකියි.ඒ ගැන සහ තවත් කරුණු කාරනා හෙට(ඉරිදා) ලිපියෙන් කතාකරමු.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE MAKE FRIENDS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.