ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අප මිතුරුදම් පුරන්නේ ඇයි?
දෙවැනි කොටස
සම්බන්ධතා සාගරයක සැරිසැරීම පිණිස මොළ බලයක් විශේෂයෙන්ම අනෙකාගේ මානසික තත්ත්වය අවබෝධ කර ගැනීමේ හැකියාවක් අවශ්‍ය බව ඊයේ ලිපියේ සඳහන් වුණා. ‘ඈ මන් දන්නවා ඇයත් එක්ක යාළුයි‘ වැනි සිතුවිලි දරා ගැනීමේ හැකියාවක් තිබෙන හෙයින් වානරයන්ටද මෙය තරමක් දුරට සිදු කළ හැකිය. ඊනියා තුන්වැනි මට්ටමේ චේතනාභිනිරෝපණය(intentionality = එක් දෙයක් කෙරෙහි යොමුවූ මානසික තත්ත්වයන්ගේ ගුණාත්මක බව). එහෙත් මනුෂ්‍යයන් ඊට වඩා බෙහෙවින් බුහුටිය. පස්වැනි හෝ හයවැනි මට්ටමේ චේතනාභිනිරෝපණය වුව දැරිය හැකියි: ‘මා වෙනුවෙන් ඔහු එය ඉටු කළ බව ගැන ඇය බියෙන් සිටින්නේද යන්න සම්බන්ධයෙන් ඔහු විමසිලිමත් වන්නේදැයි ඔබ සිතන බව මම දන්නවා‘.
මෙම මනස කියැවීමේ හැකියාව අපට උපරිම සීමාව අභිබවා යමින් 150ක පමණ සමාජ කව පවත්වාගෙන යාමටත් අවකාශ සලසා දී ඇත. මෙම කවයේ සීමාව දැක්වෙන්නේ එය ගණනය කළ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාඥ රොයින් ඩන්බාර්ගේ නමින් තමයි. ඒ නිසා එය එය ‘ඩන්බාර් සංඛ්‍යාව‘ ලෙස හඳුන්වනු ලැබේ. ඇත්තටම ශරීර ලෝම පීරා ලේඬින් සූරා ඇදීම වෙනුවට එය නියෝජන කරමින් ඉටුකෙරෙන කාර්යයන් පරිණාමය කරගැනීමට අපේ බුද්ධිය අපට ඉඩ කඩ සලසා දී ඇත. මෙකී අමතර කාර්යයන් අපට එකවරකට එක් මිත්‍රෙයකුට වැඩියෙන් ‘ජේත්තු කිරීමට‘ අවස්ථාව ලබා දෙයි. සිනාසීම්, ගායනා සහ විහිළු තහළු ද සහ වඩාත් වැදගත් දෙයක් වන ඕපාදූප කතා කීම ද ඉහත දැක්වූ අමතර කාර්යයන් අතරට ඇතුළත් වේ.
සමාජානුගතකිරීමේ බුහුටි බවක් දක්වන්නෝ
මොළයේ ප්‍රමාණය සහ සමූහයේ හෙවත් කණ්ඩායමේ ප්‍රමාණය අතර සම්බන්ධය — ඇතැම් විට මෙය සමාජමය මොළ උපන්‍යාසය ලෙසද හඳුන්වනු ලැබේ — පුද්ගලයන්ට ද අදාළ වේ. (කුඩා මොලයක් සහිත) මැකාක් වදුරන් සහ වඩාත් විශාල මොළයකින් සමන්විත මානවයන්ද වැඩියෙන් මිතුරන් ඇසුරු කිරීමට පෙළඹෙන බවක් පෙනේ. තනි මානවයෙකු සඳහා නියත ඉහළ සීමාව 250ක් පමණ බව පෙනී යයි. ඔබේ සමාජ කවයේ නිශ්චිත සාමාජික සංඛ්‍යාව ඇත්තටම තීරණය වන්නේ වැඩිකොටම ආකස්මිකවය: ඔබ ජීවත් වන්නේ කොයිබද, ඔබ පාසල් ගියේ කොයිබද, ඔබ රැකියාව කරන්නේ කොයිබද යනාදි වශයෙනි. එහෙත් මෙම 150 දෙනා හෝ ආසන්න සංඛ්‍යාව අතුරෙන් තෝරා ගනු ලබන කිහිප දෙනෙකු පමණක් විශේෂ මිතුරන් බවට අවසානයේ පත්වන්නේ කෙසේද?
මතුපිටින් සළකන කළ පිළිතුර ඉතා සරලය. අප වඩාත් සමීප මිතුරුදම් ඇතිකර ගන්නේ අප හා සමාන පුද්ගලයන් සමගයි. සමාන පෞරුෂයෙන් හෙබි, අභිරුචි ලැදිකම්, විශ්වාසයන්, රුචිකත්වයන් හාස්‍යය පිළිබඳ හැඟීම ආදී වශයෙනි. එහෙත් මේ සරලතාවය මගින්, වඩාත් ගැඹුරු සම්බන්ධතාවක් සඟවනු ලැබේ. අහඹුලෙස හමුවන අමුත්තන්ට වඩා පුද්ගලයන් සිය සමීප මිතුරන් හා ජානමය වශයෙන් වඩාත් සම්බන්ධ බව පනී ගොස් ඇත.. සාමාන්‍යයෙන් සලකතොත් සමීප මිතුරෙක් සිව්වැනි ඥාති සොහොයුරෙකු තරමට සමීපය. ඒ කියන්නේ ඔබට ද එම අයට ද සීයාගේ සීයාගේපියා, ඔහුගේ සීයාගේපියා, ඔහුගෙත් සීයාගේ පියා පොදු බවය.
මිතුරුවීම සඳහා ජානමය වශයෙන් සමානකමක් ඇති පුද්ගලයන් අප විසින් හඳුනාගනු ලබන්නේ කෙසේදැයි කිසිවෙකුත් නොදනි. එය පෙනුමෙහි, කටහඩෙහි, ගඳ-සුවඳෙහි හෝ පෞරුෂයෙහි සමානතා විය හැකිය. අප මිතුරන් වෙනුවෙන් මේසා වේලාවක් යොදවන්නේ මන්ද යන්න කිසිවෙකුට වුව පහසුවෙන් පැහැදිලි කර දිය හැකි ප්‍රශ්නයක් නොවේ. ඒත් අපේ මිතුරන් අපේ දුර නෑයන්ය යන කාරණාව බාගදා මේ ප්‍රශ්නයට පිළිතුරුදීමේදී උපකාරයක් විය හැකියි. ඥාතීන් සමග සහයෝගීතාවට ප්‍රමුඛත්වයන් පරිණාමය මගින් සැපයේ. මන්ද එය ජීවිතයේ පරම විධානය සපුරාලීමට උපකාරී වේ. එම විධානය හෙවත් විධිනියමය තමයි, නියෝජනයෙන් වුවද, අපේ ජාන ඊළඟ පරපුරට පැවරීම. ඒත් ඉතින් අපේ මිතුරන් අපේම දුර නෑයන් කියන්නේ අපට මිතුරන් ඕනේ මන්ද කියන කාරණාවම තමයි.
අවිද්‍යාමාන මිත්‍රයන්
මිතුරන් ඇතිකරගැනීම එක දෙයක් වුවත් මිතුදම පවත්වාගෙන යාම කියන්නේ තවත් කාරණාවක්. දිගටම පවත්වාගෙන නොයන්නේ නම් මිතුදම බොඳවී යාමට ඇති ඉඩ කඩ බොහෝ ඉහළය. මිතුරෙකු වසරකින් හමුනොවීම එම මිත්‍රත්වයේ ගුණය තුනෙන් එකකින් අඩුකිරීමට හේතුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමීපතාවයේ ධුරාවලියෙහි පහළ වැටිමක් ඇති වේ. මීට පටහැනිව පවුල් සම්බන්ධතාවයන් වඩාත් ප්‍රථ්‍යාස්තයි(පහසුවෙන් යථා තත්ත්වයට පත්වන සුළුසි). මෙහි ප්‍රතිඵලයක් ලෙස අපගේ සමාජ ජාලයේ පවුලට අදාල කොටස ජීවිත කාලය පුරාවට අවශ්‍යෙයන්ම එකම ආකාරයකට පවතී. එසේ වුවද වසර කිහිපයකට වරක් සියයට 20ක පහත වැටීමක්, පිරිහීමක් සහිතව (සමාජ ජාලයේ) මිත්‍රත්වයට අදාල කොටස සැලකිය යුතු කැලතීම් වලට බදුන්වෙයි.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE MAKE FRIENDS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.