පෙර පාසල් සිසුන් තුළ සංකල්ප සංවර්ධනය 3

Posted by

ක්‍රි.ව. 1970 සිට ක්‍රි.ව. 2000 දක්වා වසර තිහ තුළ දරුවන්ගේ සංකල්ප නැතිනම්  ප්‍රවර්ග ගැන රචිත සඟරා ලිපි 7000 ඉක්මවයි. මූලික සෛදාන්තික කාරණා මෙන්ම අවබෝධ කරගැනීමේ අවස්ථා පෑදීම සිසුන් සිය ජීවිතය හා පාසල් අධ්‍යාපනය සමග ඍජුවම සම්බන්ධ සංකල්ප පිළිබඳ තීරණය කරන්නේ කෙසේද යන ප්‍රායෝගික කාරණාව කෙරෙහි ද ශාස්ත්‍රඥයෝ ආකර්ෂණයවෙති. මෑතක සිදු කළ මනෝවිද්‍යාත්මක පර්යේෂණ පදනම් කරගනිමින් මීට අදාළව තේමා හතරක් ඉස්මතු වී තිබේ. මේ ලිපි පෙළෙහි ඒවා එකිනෙක සලකා බැලේ.

1. තේමාව : සංකල්ප යනු මෙවලම්ය. ඒ හේතුව නිසාවෙන් ඒවා ළමුන්ගේ තර්කණයෙහි – ධනාත්මක මෙන්ම ඍණාත්මක යන තර්කණ දෙක කෙරෙහිම දැඩි බලපෑමක් ඇත. තේමා

2. තේමාව : ළමුන්ගේ මුල් කාලයේ සංකල්ප අවශ්‍යයෙන්ම මූර්තව හෝ සංජානකව පදනම්ව නැත. අවශ්‍යෙයන්ම බැලූ බැල්මට නොපෙනෙන, සියුම් සහ අමුර්ත සංකල්ප ගැන තර්කාණුකූලව සිතා බලීමට පෙර පාසල් ළමුන්ට පවා හැකියාව තිබේ.

3. තේමාව: අන්තර්ගත කාරණා හරහා, පුද්ගලයන් හරහා, සහ කාර්යයන් හරහා ළමුන්ගේ සංකල්ප ඒකරූපීවන්නේ නැත.

4. තේමාව: ලෝකයේ පිළිබඳව ඔවුන් තුළ මෝරාගෙන එන සිද්ධාන්ත ඔවුන්ගේ සංකල්ප මගින් පිළිබිඹු කෙරේ. ළමුන්ගේ සිද්ධාන්ත නිවැරදි නොවන තරමට  ඔවුන්ගේ සංකල්පනයන්ද අගතිගාමීය.

මෙම සංකල්ප හතර මුල් ළමා වියෙහි සංකල්ප ගැන පුළුල්ව ව්‍යාප්තව ඇති,  (එහෙත් සාවද්‍ය) අදහස්වලට පටහැනි වන අතර තවද, ඒවා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ගැටලු ගණනාවක් මතු කරයි.

අද ලිපියෙන් තෙවනි තේමාව ගැන කතාකරමු.

තේමා 3 : විවිධ ක්ෂේත්‍ර  තුළ විශේෂඥතා හා කාර්ය බලපෑම

මේ මාතෘකාව ඔස්සේ මීට පෙර සාකච්ඡා කළ තේමා 2 යටතේ කොටසේදී (විෂබීජ වැනි) විෂයපථයක  හර සංකල්ප සමහරක් උගෙනීමේ දී දැනුම පූර්ව අවශ්‍යතාවක් නොවන බව පැහැදිලි කළා මතක ඇති. (කියවන්න තතු ජූනි 24 දා) එය එසේ වුවද විශේෂිත දැනුමට සංජානනය සම්බන්ධයෙන් බලගතු බලපෑමක් ඇති කළ හැකිය යන්න පුදුමයට කරුණක් ද විය හැකිය. මෙයට දශක කිහිපයකට පෙර එනම් 1973 දී චේස් සහ සයිමන් යන පර්යේෂකයන් දෙදෙනාට(Chase, W.G., and Simon, H.A. (1973). Perception in chess. Cognitive Psychology, 4: 55–81) පෙනී ගියේ අංක(ඉලක්කම්) පිළිබඳ මතකය ගතහොත් චෙස් ක්‍රීඩා විශේෂඥයන්  සහ (චෙස් ගැන) විශේෂඥ දැනුමක් නොමැති අය අතර එතරම් වෙනසක් නොමැති වුවුඅ ද, ඔවුන්ට(චෙස් ක්‍රීඩාවේ විශේෂඥභාවයක් දරණ අයට) චෙස් ලෑල්ලක (පෙතක) ඒ ඒ ඉත්තන් සිටින ස්ථානය ගැන සුපිරි මතකයක් තිබෙන බවයි.  මෙම සංසිද්ධියම ළමුන් අතරේ ද ඇති බව 1978 දී චී නම් පර්යේෂකයා(Chi, M.T.H. (1978). Knowledge structure and memory development. In Children’s thinking: What develops? ed. R. Siegler, 73–96. Hillsdale, NJ: Erlbaum) පෙන්වා දුන්නේය.  ළමා චෙස් ශූරයන්, වැඩිහිටි ආධුනික චෙස් ක්‍රීඩකයන්ට වඩා කාර්ය සාධනයක් දක්වන බව චී දැක්වීය.  මෙය, සාමාන්‍යෙයන්  වර්ධනයට අදාළ සොයා ගැනීමට හාත්පසින්ම වෙනස් මතයක් වීම  පර්යේෂකයන්ගේ උනන්දුව ඇති කරවන්නක් විය. මේ දැක්වූ නිදසුන්වලදී පෙනී යන පරිදි පොදුවේ ගත් කළ විශේෂඥයන් බුද්ධියෙන් හෝ කුසලතාවයෙන් ආධුනිකයන්ට වඩා වෙනසක් නැත. ප්‍රතිඵල හුදෙක් විශේෂඥභාවය ඇති විෂය පථයට සීමාවෙයි.

අදාළ රූපය

සංකල්ප සංවර්ධනය අතින් ගත්තද දරුවාගේ විචක්ෂණ මට්ටම කැපී පෙනෙන ලෙස අන්තර්ගත කොට්ඨාශය අනුව වෙනස්වෙයි. භෞතික විද්‍යා විෂය පථය ගැන අවධානය නාභිගත කරමින් පර්යේෂකයන් කිහිප දෙනෙක්ම විසින් සොයා ගනු ලැබුවේ, ගැටලු නිරාකරණය කරන විශේෂඥයන් මෙන්ම ගැටලු නිරාකරණය කරන ආධුනිකයන් භෞතික විද්‍යාවට සම්බන්ධ වචනමය ගැටලු වෙත ප්‍රවේශවෙන්නේ බෙහෙවින් වෙනස් ආකාරයට බවයි. මෙලෙස, ඩයිනසෝරයන් පිළිබඳ විශේෂඥයන් වන ළමයි, ඩයිනසෝරයන් පිළිබඳ ආධුනිකයන්ට වඩා වෙනස් ආකාරයකට ඩයිනසෝර විෂය පථය ඇතුලත  තර්කණය කරතිඔවුහු වඩාත් සාරවත් අනුමිතීන්  සහ සරල පැහැදිලි කිරීම් පෙළක් ජනනය කරති.

සංකල්පමය ව්‍යුහය, විෂය පථය  පමණක් නොව, කාර්යය අනුවද වෙනස්කම් දක්වයි. විෂය පථයක්   හෙවත් වසමක් ඇතුළත පවා, කිරීමට තිබෙන කාර්යය හෝ කෘත්‍යය අනුව ළමයි විවිධ තොරතුරු විවිධ සන්දර්භ තුළ යොදා ගනිති. නිදසුනක් දක්වතොත්, ඡායාරූප එක් එක් කාණ්ඩවලට තෝරා වෙන් කිරීමේදී ළමයි කැපී පෙනෙන අයුරු එකිනෙකට වෙනස් ක්‍රමෝපායන් ප්‍රදර්ශනය කරති. මෙය, පර්යේෂකයා ලබා දෙන්නේ සම්මත ප්‍රශ්නද(මේ පින්තූරය පේනවා නේද? බලන්න ඒ වගේ තව එකක් හොයා ගන්න පුළවන්ද කියලා?) නැතහොත්  පර්යේෂකයා දරුවාට අනිත් වචනයක් උගන්වා එය තවදුරටත් ඉදිරියට රැගෙන යන ලෙස දරුවාට දන්වයි ද (මේ වචනය  පේනවානේ? පුළුවන්ද බලන්න තවත් එකක් සොයා ගන්න පුළුවන්ද කියලා?) යන්න මත රඳා පවතී.

අදාළ රූපය

මෙලෙසම, බහුඅර්ථ අයිතමයන් සඳහා ප්‍රවර්ග ලේබලයක් දක්්වන්නැයි ළමයින්ට දැන්වූ විට  සහ පර්යේෂකයා විසින් කලින් ලේබල් ගත කළ බහු අර්ථ අයිතමයන් සම්බන්ධයෙන් ගුණාත්මක අනුමිතියන් දක්වන්නැයි කී විට යන අවස්ථා දෙකේ දී ළමයි සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ප්‍රතිචාර සපයති; කාර්ය මත පදනම්ව ළමයි තොරතුරු ගණනාවක් සැලකිල්ලට ගන්නා අතර කාර්ය මත පදනම්ව තේරීමේ ක්‍රමෝපායන් නම්‍යශීලීව යොදා ගනිති: කාර්යය සහ ක්‍රමෝපාය අතර යථාතථ්‍ය සහ පුරෝකථනය කළ හැකි සම්බන්ධතා ප්‍රදර්ශනය කරති. මෙකී විචල්‍යයන් අහඹු හෝ පුද්ගල විශේෂ ගුනයෙන් යුක්තවේ නොවේ. ඒ වෙනුවට ඒවා (විචල්‍යයක්) හෙළිකරන්නේ පෙර පාසල් දරුවන්ට පවා සංකල්ප  වෙනුවෙන් විවිධ කාර්ය භාරයන් තිබෙන බවයි. තවද, ඉටු කිරීමට ඇති කාර්යභාරය අනුව විවිධ ආකාරයේ තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ළමුන් ඉගෙන ගෙන ඇති බවයි.

 

AAAS – Project 2061 යටතේ සැකැසුණු   Dialogue on Early Childhood: Concept Development in Preschool Children ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.