ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
පෙකණි ලෝම එන්නේ කොයිබින්ද?
උදරීය වේදනා
ඊයේ ලිපියේ අප කතා කළේ ජෝර්ජ් ස්ටේන්හවුසර්ගේ සම්පරීක්ෂණයක් ගැනයි. ඇත්තටම එම පර්යේෂණ කටයුත්ත ඔහු සාමාන්‍යෙයන් ඉටු කරන බැරෑරුම් කටයුතුවලින් බැහැරව මදක් සරල මට්ටමේ ආස්වාදයක් ලබා ගත හැකි අධ්‍යයන කටයුත්තක්. ස්ටේන්හවුසර්ගේ සැබෑ පර්යේෂණ සම්බන්ධ වුණේ විකිරණශීලී මූලද්‍රව්‍යවල රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවටයි. එහෙම බැලුවොත් එවැනි විෂයයන් ගැන වෙහෙසෙන්නෙක් පෙකණි බූව ගැන උනන්දුවක් දක්වන්නේ ඇයි කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් ඉතින් පෙකණි බූව කියන්නේ සරල – කටවහරේ බසින් කියනවා නම් සිල්ලර වැඩක් නෙමෙයි.
ස්වේන්හවුසර් සිය පර්යේෂණයේ ප්‍රතිඵල පළ කළ විටම පාහේ නෙබ්රස්කා හී වෛද්‍යවරු දුර්ලභ රෝගාබාධයකින් පෙළෙන 55 හැවිරිදි තරබාරු දේහයකින් යුතු කාන්තාවක් ගැන වාර්තා කළා. මේ රෝග තත්ත්වය හඳුන්වනු ලබන්නේ ඔම්පලයිටිස් (omphalitis) හෙවත් පෙකණි කුහරයේ ප්‍රදාහයක් හැටියටයි. මාස හතරක් තිස්සේ ඉන් රුධිරය ගැලීමට ඇය ලක්ව සිටියා. වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ අඳුරුපැහැ, රවුම් ස්කන්ධයක් නාභියේ ඇතඉ බවයි. එය ටියුම්රයක් (අර්බුදයක්) විය යුතු යයි වෛද්‍යවරුන් සැක කළා. ඒත් පසුව ඔවුනට පෙනී ගියේ එය හරහට සෙන්ටිමීටරයක් පමණ වන බූල් බෝලයක් බවයි. ඔවුන් එය පෙකණියෙන් ඇද එළියට ගත් අතර කාන්තාවගේ අසනීපය එතැනින් සුව විය. මිනිස් සිරුරේ සමහර ‘ලටපට‘ වලටත් මේ හා සමාන යයි පෙනී යන එහෙත් එසේ වුවද උනන්දුව දනවන සුලු සම්භවයක් ඇත. කන කලාදුරු නැතිනම් වෛද්‍යවරු කියන විදිහට කර්ණමල යනු වැඩිකොටම මිය ගිය හම් කොටස් සහ (ස්නෙහය) නම් තෛලමය ස්‍රාවයක් සහ අපගේ ස්වේද ග්‍රන්ථීන්වලින් වන ජලජමය ස්‍රාවයකි. ජනතාව පැහැදිලිව කැපී පෙනෙන කලාදුරු කඳවුරු දෙකකට බෙදිය හැකිය. තෙත් සහ වියලි කලාදුරු තෙත් කලාදුරු තැඹිලි පැහැයට හුරු දුඹුරු වර්ණයයි. එමෙන්ම ඇළෙන සුලුයි. වියළි වර්ගය පාරභාසකය(translucent); මිය ගිය සම මෙන් කොරපොතු සහිතය. එහෙම වෙන්නේ ඇත්තටම ඒවා මිය ගිය සම් කැබලි නිසාය. වියළි කලදුරු සහිත පුද්ගලයන් තෙල් සහිත වර්ගය තනන්නේ නැති අතර ඔවුන්ගේ කලාන්දුරු හුදෙක් කෙරටින් සහ කුණු පමණකි.
නහය අස්සේ මේ මොනවාද?
ABCC11 නම් තනි ජානයක විකෘතියක් හේතුවෙන් කලාදුරු හට ගන්නා බව මෙයට වසර කිහිපයකට පෙරදී ජාන විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබුවා. ඒ අනුව කලාදුරු, දිව පෙරළීම (රෝල් කිරීම), කන්පෙති හැකිලීම හෝ දිග හැරිම, ගන්ධය දැන ගැනීමට ඇති හැකියාව / නො හැකියාව වැනි එක් තනි ජානයකින් පාලනය කරනු ලබන අනෙකුත් එක්කෝ හෝ මිනිස් ගති ලක්ෂණ අතරට එක්වෙයි. මේ අතරවාරයේ නාසයේ නිෂ්පාදනයක්ද තියනවා. නාසික කුහරයේ ආස්තරය ආරක්ෂා කිරීම පිණිස නිරතුරුව නිෂ්පාදනය වන නාස් සොටු (හොටු) වල අවශේෂයන් තමයි හොටු කබල් (Bogeys) බොහොමයක් පක්ෂ්මීය මගින් උගුරේ කෙළවර කොටස වන ග්‍රස්නිකාවට ඇද දමනු ලැබීමෙන් අනතුරුව ගිල දමනු ලැබේ. (ඉතින් ඔන්න ඔබත් ඔබ කැමැති වුණත් නැතත් හොටු කබලු බුදින්නෙක්) එහෙත් සමහරක් නාසය තුළම නතර වී වියළි යයි. ශිලේෂ්මලෙහි මයලොපොරොක්සයිඩේස් නම් ප්‍රතික්ෂුද්‍රජීවී එන්සයිමයක් අඩංගු නිසා වෙන් සොටු කොළ පැහැයක් ගනී. කොළ පැහැ ගැන්වෙන්නේ යකඩ අඩංගු හණ ගණයක් මගිනි.
ඔබ නින්දෙන් අවදිවන විට අස්අවට හෝ ඇස් වටා දකින්නට ලැබෙන කබ සම්බන්ධයෙන්ද ඇත්තේ එවන් කතාවක්මය. මෙය ඇසින් පමණක් එන්නකනි. ඔබේ ඇස් පියවී තිබෙන විට ඇස්වල කොනේ එකතුවන කහ පැහැ ශ්ලේශ්මල ද්‍රව්‍යයයි. මූලික වශයෙන් ගත්තහම ඔබේ ශරීරයේ එතරම් යමක් සිදු නොවන තැනක් ඇත් ද එතැන එපාකරපු යමක් ඒකරාශී වෙනවාමයි.
ඔබ ඔබේම සොටු කනවාද?
කමක් නැහැ. එහෙමයි කියලා ඇත්තම කියන්න. ආහාර ගැන ලියන ලේඛක ස්ටෙෆන් ගේට්ස් විසින් සිදු කරන ලද නිලනොවන සමීක්ෂණයන් අනුව වැඩිහිටියන්ගෙන් 44%ක් තමන්ගේම හොටු කැමැත්තෙන්ම කන බවට පපොච්චාරණය කර තිබෙනවා. මිනිසුන් අතරේ ඇති අභූත චර්යා අතරේ මෙයටත් ප්‍රධාන තැනක් හිමිවෙනවා. ඇයි ඉතින් එහෙම කරන්නේ? කිසිකෙනෙක් තමන්ගේ කලාදුරු, ඇස් කබ හෝ පෙකණි අපද්‍රව්‍ය කන්නේ නැහැනෙ. ඇයි හොටු විතරක්? එක මතයක් තමයි එසේ කිරීම ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට වාසියක් සැලසෙන්නේය යන්න. ෆියඩ්රිෂ් බිස්කූනිගර් නමැති ඕස්ට්‍රියානු ජාතික වෛද්‍යවරයකු මේ කාර්ය කරන්නැයි සිය දරුවන් උනන්දු කරවන ලෙස දෙමාපියන්ට දැනුම් දෙනවලු.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHERE DOES BELLY-BUTTON FLUFF COME FROM?පරිච්ඡේදය ආශ්‍රයෙනි.