පෙර පාසල් සිසුන් තුළ සංකල්ප සංවර්ධනය 4

Posted by

ක්‍රි.ව. 1970 සිට ක්‍රි.ව. 2000 දක්වා වසර තිහ තුළ දරුවන්ගේ සංකල්ප නැතිනම්  ප්‍රවර්ග ගැන රචිත සඟරා ලිපි 7000 ඉක්මවයි. මූලික සෛදාන්තික කාරණා මෙන්ම අවබෝධ කරගැනීමේ අවස්ථා පෑදීම සිසුන් සිය ජීවිතය හා පාසල් අධ්‍යාපනය සමග ඍජුවම සම්බන්ධ සංකල්ප පිළිබඳ තීරණය කරන්නේ කෙසේද යන ප්‍රායෝගික කාරණාව කෙරෙහි ද ශාස්ත්‍රඥයෝ ආකර්ෂණයවෙති. මෑතක සිදු කළ මනෝවිද්‍යාත්මක පර්යේෂණ පදනම් කරගනිමින් මීට අදාළව තේමා හතරක් ඉස්මතු වී තිබේ. මේ ලිපි පෙළෙහි ඒවා එකිනෙක සලකා බැලේ.

1. තේමාව : සංකල්ප යනු මෙවලම්ය. ඒ හේතුව නිසාවෙන් ඒවා ළමුන්ගේ තර්කණයෙහි – ධනාත්මක මෙන්ම ඍණාත්මක යන තර්කණ දෙක කෙරෙහිම දැඩි බලපෑමක් ඇත. තේමා

2. තේමාව : ළමුන්ගේ මුල් කාලයේ සංකල්ප අවශ්‍යයෙන්ම මූර්තව හෝ සංජානකව පදනම්ව නැත. අවශ්‍යෙයන්ම බැලූ බැල්මට නොපෙනෙන, සියුම් සහ අමුර්ත සංකල්ප ගැන තර්කාණුකූලව සිතා බලීමට පෙර පාසල් ළමුන්ට පවා හැකියාව තිබේ.

3. තේමාව: අන්තර්ගත කාරණා හරහා, පුද්ගලයන් හරහා, සහ කාර්යයන් හරහා ළමුන්ගේ සංකල්ප ඒකරූපීවන්නේ නැත.

4. තේමාව: ලෝකයේ පිළිබඳව ඔවුන් තුළ මෝරාගෙන එන සිද්ධාන්ත ඔවුන්ගේ සංකල්ප මගින් පිළිබිඹු කෙරේ. ළමුන්ගේ සිද්ධාන්ත නිවැරදි නොවන තරමට  ඔවුන්ගේ සංකල්පනයන්ද අගතිගාමීය.

මෙම සංකල්ප හතර මුල් ළමා වියෙහි සංකල්ප ගැන පුළුල්ව ව්‍යාප්තව ඇති,  (එහෙත් සාවද්‍ය) අදහස්වලට පටහැනි වන අතර තවද, ඒවා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ගැටලු ගණනාවක් මතු කරයි.

පසුගිය ලිපියෙන් අප සිව් වැනි තේමාව ගැන කරා මතක ඇති. අද එහි ඉතිරි කොටස.

 

Related image

තේමා 4 : සංකල්ප හා සිද්ධාන්ත (ඉතිරි කොටස)

වඩාත් පොදුවේ ගත් කල, ළමුන්ගේ සිද්ධාන්තවල දෝෂ ඔවුන්ගේ සංකල්ප තදින් සීමාකිරීම්ට හෝ හැඩගැස්වීමට පුළුවන. එක් කෙටි නිදසුනකින් ළමුන්ගේ සංඛ්‍යාත සංකල්ප විදහා දක්විය හැකියි. පෙරපාසල් ළමුන් මෙන්ම මුල් ප්‍රාථමික පාසල් වියේ ළමුන් සම්බන්ධයෙන් සලකන විට පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත්තේ, අංක ගණිතය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය සංඛ්‍යා යනු, අංක එකෙන් පටන් ගෙන අනුක්‍රමිකව ඉදිරියට යමින් පූර්ණ සංඛ්‍යා එකතු කර ගැණිය හැකි හෙවත් ගණ්‍ය ස්ථිතීන්ය යන සිද්ධාන්තය මගින් දැඩිව බලපෑමට ලක්වන බවයි. මේ සිතාගැනීම හෙවත් උපකල්පනය මත පදනම්වන ළමයි, භාග සංඛ්‍යාව ගැන ප්‍රථමයෙන් සැලකිල්ල යොමු වන විට බොහෝ විට ඒවා පූර්ණ සංඛ්‍යා ලෙස සලකමින් අතිශය අසීරුතා අත්විඳිති.

Related image

නිදසුනක් දක්වතොත් විවිධ ප්‍රමාණ නියෝජනය කරන කාඩ්පත් තෝරා සංඛ්‍යා රේඛාවක තබන්න යැයි ළමුන්ට දැන් වූ විට, 2 1/2 සඳහන් කාඩ් පත සංඛ්‍යා රේඛාවේ අංක ‘2‘ නියෝජනය කරන්නේ යයි ඔවුහු සලකති. මෙතැනදී ළමුන් මුහුණපාන දුෂ්කරතාව වන්නේ හුදෙක් අළුත්ම ගණිත ක්‍රියාකාරකම් පෙළක් ඔවුනට අභිමුඛ වීම නොව ඔවුන් සතුව කලින් තිබූ සිද්ධාන්තය ඔවුන්ට අභිමුඛ වූ නව පද්ධතිය සමග ඝට්ටනයක් ඇති වීමයි. මේ ආකාරයටම, සිද්ධාන්ත මගින් හටගනු ලබන දෝෂ භෞතික විද්‍යාව සම්බන්ධව සිසුන්ගේ තර්කනයේ දී ද දැකගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
(ළමාවියෙහි) මුල් කාලයේ සංකල්ප මත සිද්ධාන්ත වල බලපෑම සම්බන්ධයෙන් සොයාබැල බැලීම අධ්‍යයන ගණනාවක් මගින් ආරම්භ කර ඇත ද මෙහි අනිත් පැත්ත ඒ කියන්නේ මුල් කාලයේ සිද්ධාන්ත මත සංකල්ප වල බලපෑම ගැන සෙවීම සම්බන්ධයෙන් ඉටු වී ඇත්තේ සුළු වැඩ කොටසකි. කෙසේ වෙතත් ඇතැම් සංකල්පමය උපකල්පන, ළමුන්ගේ සිද්ධාන්තවල යම් අංග සීමා කරන්නේය යන්න සත්‍යයක් බව පෙනීයයි. නිදසුනක් දක්වතොත් ප්‍රවර්ග සම්බන්ධයෙන්යෙන් ළමුන්, ප්‍රවර්ගයක් සමන්විත වන කොටස්වල යටින් කිසිදාක වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට නොහැකි හරයක් හෙවත් සාරයක්(“essence”) ඇතැයි යනුවෙන් සලකමින් සාරාත්මවාදී(“essentialist”) උපකල්පනයක් දරන බවක් දැකිය හැකිය. (මෙලොව සතව හා ශාක) විශේෂයන්ගේ සම්භවය පිළිබඳ පරිණාම වාදයේ අදහස් වලට වඩා සාරාත්මවාදය වඩා ළංවන්නේ මැවුම් වාදීන්ගේ (creationists) දෘෂ්ටීන්ට ය. තවද එය ළමුන් පරිණාමය පිළිබඳ සිද්ධාන්තය ඉගෙනීම අධෛර්යකිරීමට පවා පුළුවන. මේ අනුව මුල්(ළමා කාලයේ) සංකල්පවල ව්‍යුහය, විද්‍යා අධ්‍යාපනය කෙරෙහි වඩාත් පුළුල් ඇඟවීම් තිබිය හැකිය.


නිගමන

මේ ලිපි පෙළෙහි කෙටි සාරාංශය, ළමුන්ගේ මුල් අවධියේ සංකල්ප සම්බන්ධයෙන් ඇති මිථ්‍යාවන් ගණනාවක් බිඳ හෙළා දැමීමට සමත් වෙයි. ඒවා අතර මතු දැක්වෙන මිථ්‍යා ද වේ.
මිථ්‍යාව 1 : සංකල්පවල ඒකායන කාර්යභාරය වනුයේ අත්දැකීම් කාර්යක්ෂමව සංවිධානය කිරීම්යි.
මිථ්‍යාව 2 : කාලයාගේ ඇවෑමෙන් ළමුන්ගේ සංකල්පවල ගුණාත්මක වෙනසක් ඇතිවේ. මෙහි ප්‍රධානතම වෙනස්වීම් ඇති වන්නේ වයස අවුරුදු හතරක් සහ හතත් අතර ය.
මිථ්‍යාව 3 : වයස අවුරුදු හතක් පමණ වනතුරු ළමුන්ට වියුක්ත සංකල්ප හෝ පැහැදිලිව නොපෙනෙන ගුණාංග ගැන තර්කනය කළ නො නොහැකිය.
මිථ්‍යාව 4 : සංජානනය පදනම් කරගෙන ලමුන්ගේ සංකල්ප පටන්ගෙන වර්ධනය සමඟ සංකල්ප වාදී වේ.
මේ මිත්‍යා වලින් කියවෙන දේට හාත්පසින්ම පටහැණිව, මෑතක සාක්ෂි වලින් හෙළි වන්නේ පෙර පාසැල් වියේ දරුවන් පවා උද්ගාමී අනුමානයන් හරහා දැනුම ව්‍යාප්ත කිරීම් පිණිස සංකල්ප භාවිතා කරන බවත්, තවද දරුවන්ගේ සංකල්පය විෂම ජාතීවන අතර වයසින් වර්ධනය වීමේ දී ගුණාත්මක විස්ථාපනයන්ට බඳුන් නොවන බවත්, තවද බාලවයස් පටන් ළමුන්ගේ සංකල්ප තුළ සංජානමය නොවන අංග ඒකාබද්ධ වන බවත්ය.
කලින් සාම්ප්‍රදායානුකූලව සිතා සිටියාට හෙවත් උපකල්පනය කරාට වඩා නම් ළමුන්ගේ සංකල්ප විදග්ධ යැයි යන කාරණය සලකන විට කුඩා ළමුන් සතුව ඇති හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම්ට මුල් ළමාවිය අධ්‍යාපනය මගින් පියවර ගත් යුතුයි යන්න තහවුරු කිටීම වඩා වැදගත් වේ. මුල් සංකල්ප සහ මතුවීගෙන එන සිද්ධාන්ත අතර සමීප බැඳීම සැලකිල්ලට ගනිද්දී කේන්ද්‍රීය අභියෝගයක් වන්නේ වැඩිහිටිවියට පවා දිගටම ගලා යන බවක් පෙනී යන දෝෂ සහිත සිද්ධාන්ත මගහරවා ගැනීමට ලමුන්ට උපකාර කිරීමයි.
“ළමාවියේ විද්‍යා, ගණිත, සහ තාකෂණ අධ්‍යාපනය සම්බන්ධ සංවාදයක්” යන්න යටතේ සැකසුණු ලිපිපෙළ මෙයින් අවසන්.

AAAS – Project 2061 යටතේ සැකැසුණු   Dialogue on Early Childhood: Concept Development in Preschool Children ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.