සඳට ආපහු යන්නේ ඉතින් නවතින්නමයි
1957 වර්ෂයේ දී සෝවියට් දේශය ලොව ප්‍රථම චන්ද්‍රිකාව වන ස්පූට්නික් 1(спу́тник))යානය අභ්‍යාවකාශ ගත කළ වෙලාවේ, එවකට අමරිකා එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකුව සිටි (පසුව ජනාධිපතිවරයෙකු වූ) ලින්ඩන් බී. ජොන්සන් එම කටයුත්ත අමරිකාවේ ගෞරවයට අවමානයක්ය යන අදහස ඉදිරිපත්කළා. “අභ්‍යවකාශය පාලනය කරනාවා කියන්නේ ඉතින් මේ ලෝකයම පාලනය කරනවා කියන එක තමයි” ඔහු කියා සිටියා. පසුව, 1961 දී ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඊට අනුකූලතාව දක්වමින් 60 දශකය අවසන්වීමට පෙර සඳ මත මිනිසෙකු යැවීමේ කටයුත්තට ඇප කැප වෙලා වැඩසටහනක් ආරම්භ කළා. ඒ අනුව තමයි ලෝකයා පුදුමයටත්, ආනන්දයටත් පත්කරමින් මෙලොවින් ඇපලෝ යානයකින් ගමන් අරඹා 1969 ජූලි 20දා සඳ මත මිනිසෙකු ගොඩ බැස්සේ. ඒ ඓතිහාසික සිද්ධියෙහි 50 වැනි සංවත්සරය සමරන්නයි අද මානව වර්ගයා පෙළ ගැහිලා ඉන්නේ.
ඇපලෝ 11 ඓතිහාසික සඳ ගමන
ඉන් අනතුරුව, ඇපලෝ වැඩසටහන ලැබූ සාර්ථකත්වය මත එය, මානව ඉතිහාසයේ වඩාත්ම අතිසුවිශේෂී ජයග්රහනයන්ගෙන් එකක් බව සැකයකින් තොරව දැක්විය හැකිවෙනවා. ඒත් මෙය, අතීත විජයග්රහන සැමරීමටම සීමා කළ යුතු මොහොතක් නොවෙයි. වසර 50ක් ගිය තැන ඔන්න අපි ආයෙත් හඳට යන්න ලක ලැහැස්තිවෙනවා. ඒත් මේ වාරේ තරඟයට එක්වෙන්නේ වෙනත්ම කට්ටියක්: හඳට යන්න හේතුත් වෙනත්ම ඒවා; ඒ වගේම මෙදා සැරේ හඳට යන්නේ සදහටම එහෙ ඉන්නත් හිතාගෙනයි.
මේ හේතු අතර එක් හේතුවක් තමයි, විද්‍යාව. අප ආපහු හඳට යාම අපේ පෘථිවි ග්‍රහයා සෑදුණු ආකාරය හොයාගන්න අපට උපකාරයක් වෙන්න පුළුවනි. එමෙන්ම, එය විද්‍යාවට සහ ගවේෂණයට අදාල නව මං පෙත් එළිපෙහෙළි කර දීමට ඉවහල් වෙන අතර, සඳ මත පිහිටුවනු ලබන කඳවුරු, අඟහරු ග්‍රහයා සහ සුර්ය ග්‍රහ මන්ඩලයේ සෙසු ප්‍රදේශ ගවේෂණය කිරීම සඳහා කදිම වේදිකාවක් බවටද පත්වෙනු ඇති.
තවත් එකක් තමයි වානිජ අරමුණු. මෙදා සැරේ අභ්‍යවකාශ තරඟය රටවල් අතර වගේම ප්‍රතිවාදී වානිජ මෙහෙයුම් නැතිනම් ක්‍රියාකාරකම් අතරේ තරඟයක් බවට පත්වෙලා. සිය ආයෝජනවලට ප්රතිලාභ ලැබීමට සමාගම් කොපමණ කලක් බලාසිටීමට සිදුවෙතැයි සෙවීමත් වටිනවා. අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය මුදල් උපයන මාර්ගයක් විය හැකි අතර සඳ මතට මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය ලාභදායී වන්නට ඉඩ තිබෙනවා. එහෙම වුණත්, අභ්‍යාවකාශය පදනම් කරගත් ක්‍රියාකාරී ආර්ථිකයක් අද හෙටම එළිදකී කියලා නම් කියන්න අමාරුයි.
මේ අන්දමට බලද්දී අපට පෙනීයනවා, මිනිසා ආපහු හඳට යා යුත්තේ ඇයි කියන එකට හේතු පැහැදිලි කරගැනීම වැදගත් බව. ප්‍රථම මූලධර්මය විය යුත්තේ ආපසු යෑම දිගුකාලීන කටයුත්තක ආරම්භයක් වීම බවට පත්විය යුතුය යන්නයි. තවත් විද්‍යාත්මක ගවේෂණයක ජයග්රහනයක් ලෙස සලකා ජයඝෝෂා නැගීමන් අනතුරුව, පසුගිය වාරයේ මෙන් සියල්ල එතැනින් අවසන් විය යුතු නොවේ.
දෙවැනි මූලධර්මය තමයි, චන්ද්‍රයා(මෙහෙම බලන කොට මුළු විශ්වයම) ඇත්තේ අප කාටත්ය යන්න සහතික කිරීමයි. ආපසු හඳට යාමේ නව තරඟයට පාර්ශව ගණනාවක් එක්වී සිටින බව ඇත්තයි. ඒත් ඔවුන් අතරේ දැකිය හැකි විවිධත්වය නොතකා පැරණි පාර්ශවකරුවන්ගේ උඬගුකම සහ දේශභූමි අයිතිකාරිත්වය මෙන්ම ජොන්සන් කී පරිදි විශ්වය පාලනයකිරීමේ ආකල්පය තවමත් පවතින බව රහසක් නොවෙයි. එහෙයින් අප නව මෙහෙයුම්වල අභිමතාර්ථයන් ගැන සැලකිලිමත්වෙන අතරම චන්ද්‍රයා අප කාටත් අනුප්‍රාණය ගෙන එන, චමත්කාරය දනවන් වස්තුවක් ලෙස තවදුරටත් පැවතිම සහතික කළ යුතුවෙයි.