ඔබ මේ මොහොතේත් පසුවන්නේ මානසික මායවෙන්
අවාසනාවන්ත ඉරණමකට ලක් වූ කපිතාන් රොබට් ෆොල්කන් ස්කොට්ගේ 1911 දක්ෂිණ ධ්‍රැව විද්‍යා ගවේෂණායේ බර්ඩි බවර්ස් ද සාමාජිකයෙක්. සතෙක් සීපාවෙක්, ගහක් කොළක් නැති බැලූ බැලූ තැන හිමෙන් පමණක් වැසී ගිය ඇන්ටාක්ටික් භූ දර්ශනය තුළ හදිසියේ ගව රැළක් මතුවෙද්දී යමක් වැරදී ඇති බව බවර්ටස් දැනෙන්නට ඇති. ආදි කාලයේ නම් මෙවැනි අත්දැකීමක් සැලකෙන්නේ කෙලින්ම දෙවියන් වහන්සේගෙන් ලැබුණු පණිවිඩයක් හැටියටයි. එහෙත් වඩාත් මෑතක භ්‍රාන්තිය(hallucinations = මානසික මායාව හෙවත් සැබැවින් නොපවතින දෙයක් පිළිබඳ සංවේදනය), භින්නෝන්මාදය (schizophrenia) වැනි මානසික රෝගාබාධවල පොදු ලක් ලක්ෂණ ලෙස හඳුනා ගනු ලැබුවා. එය එසේ වුවත් දැන් පෙනී ගොස් ඇත්තේ ඒවා හොඳ මානසික සෞඛ්‍යයෙන් පසු වන ජනතාවට පවා හට ගැනීමට හැකි බවයි. අප අතුරෙන් සියයට පස්දෙනෙකුවත් සිය ජීවිත කාලය තුළ අඩු තරමින් එක් භ්‍රන්න්තියක්වත් අත්දකින අතර අප වයස හැට ගණන් වලට පිවිසෙද්දී භ්‍රාන්තිය ඇතිවීමේ හැකියාව වැඩි වේ.
සැබෑ යයි දැනෙන හැඟීම
භ්‍රාන්තිය හෙවත් මානසික ඉන්ද්‍රජාලික මායාව යනු සැබෑ යයි පෙනී යන එහෙත් අපේ බාහිර පරිසරයේ කිසිවක් නැතිව මතු වන සංවේදනයන්ය. මේවා දෘෂ්ටිමය පමණක් නොවන අතර ඒවා ශබ්ද(ශ්‍රව්‍ය) හැටියටද, ගඳ-සුවඳ ලෙස හෝ ස්පර්ශ හැටියටද පවා හට ගතහැකියි. ඒවා කොපමණ නම් යථාභූත හෙවත් තාත්වික ද යන්න, කෙනෙකු එවැන්නක් අත්විඳ නැතිනම්, පරිකල්පනය කිරීම අසීරුය. නිදසුනක් ලෙස දක්වන්නේ නම් සංගීතමය භ්‍රාන්ති හෙවත් මවා ගැනීම් හුදෙක් ඔබේ හිතින් හිතා ගැනමකට හැක්කකට නොව වඩාත් ළං වෙන්නේ ගුවන්විදුලියට සවන් දීමකට ය.
සැබැවින් පවතින්නේ නැති ලෝකයක් නිර්මාණයය කිරීම පිණිස මොළය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න අවබෝධ කර ගැනීමට, මනා මානසික සෞඛ්‍යයෙන් සිටින අයට ඇතිවන භ්‍රාන්තිය, සැබෑ ලෝකය තේරුම් ගැනීමේදී හෙවත් සංජානනයේදී භ්‍රාන්තියෙන් ඉටු කරන වැදගත් කාර්යභාරය හෙළිදරව් කරමින් සහ ඇතැම්විට අපේ යථාර්ථයේ මූලික ව්‍යුහයම නිර්මිතවී ඇති ආකාරය හෙළිදරව් කරමින් මග පාදා තිබෙනවා. දෘෂ්ටි භ්‍රාන්ති අත්විඳිමින් සිටින අපගේ මොළ පරිලෝකන පෙන්නුම් කරන්නේ භ්‍රාන්ති අවස්ථාවේ ක්‍රියාකාරී වන මොළයේ ප්‍රදේශ සැබවින්ම එම අනුරූප දකින විට ක්‍රියාත්මක වන මොළයේ ප්‍රදේශයම බවයි. භ්‍රාන්ති, මොළය ඇතුළත බොහෝදුරට සැබෑ සංජානනය ලෙස පෙනේ.
මෑතකදී (ඇස, කන් වැනි එක ඉන්ද්‍රීයකින් දැනෙන) එක් සංවේදනයනක් අහිමි වූ අයෙකු අත්දකින භ්‍රාන්ති, අපේ මොළය ක්‍රියා කරන ආකාරය ගැත් කරුණු න වඩා අනාවරණය කිරීම්ට සමත් වෙනවා. 1700 ගණන්වල මුලදී ස්විට්සර්ලන්ත ජාතික විද්‍යාඥ චාල්ස් බොනට්, අන්ධභාවයෙන් පෙළෙන තම සීයා, රතු සහ අළු පැහැති රාජකීය වස්ත්‍රාභරණ වලින් සැරසුණු පුද්ගලයන් ඔහුගේ කාමරයේ ගැවසෙන ආකාරය පිළිබඳව මනෝ මායාවන් දැකීම එන්ට එන්ටම වැඩියෙන් පටන් ගැනීම ගැන විස්තර කරතිබෙනවා. සමහරව විට මේ ආකාර දෙයක්ම අනෙක් සංවේදන සම්බන්ධයෙන්ද සිදුවීමට පුළුවන. සිය ශ්‍රවණ හැකියාවන් අහිමිවීවන පුද්ගලයෙකු සංගීතය ගැන ද එමෙන්ම, ඇතැම් විට ගඳ සුවඳ දැනීමේ හැකියාව අහිමිව ගිය අයකු බලගතු ගන්ධයන් ගැන ද මෙලෙස භ්‍රාන්ති ඇතිවිය හැකියි.
මනස් ගණිතය
මොළය තුළ අධික විද්‍යුත් ක්‍රියාකාරීත්වය මාර්ගයෙන් පුරෝකතන සිදුකිරීම මොළය හමුවේ ඇති වඩාත් විශාලතම අභියෝගයක්ය. සංවාදයකදී ඊළඟට පැන නැගිය හැකි වචනය පුරෝකථනය කිරීම හෝ එහෙමත් නැතිනම් වාහන අතර පරතරය ඔබට පාර හරහා පැනීමට ප්‍රමාණවත් දැයි කලින් තීරණය කිරීම නිදසුන් ලෙස දැන්විය හැකියි.ඒත් මේ අංජනම් එළි බැලීම පිටුපස ඇත්තේ කුමක්ද? මෙයට පිළිතුරු වශයෙන් දැක්විය හැක්කේ මොළය, බේසියානු සංඛ්‍යාන(Bayesian statistics) වශයෙන් හදුන්වනු ලබන ගණිත ක්‍රමයක් අනුව ක්‍රියාකරන බවයි. 18 වන සියවසේ ගණිතඥයකු වන තෝමස් බේස් නමින් නම් කර ඇති මෙය, නව තොරතුරු පෙරමුණට එද්දි යම් සිද්ධියක් වෙනස් වීමේ හැකියාව ගණනය කිරීමට යොදා ගැනෙනවා. බේස් ගේ මොළ සිද්ධාන්තය(Bayesian brain theory) අනුව මොළය යනු ලෝකය ගැන නිරතුරුව පුරෝකතනය කර අනතුරුව සංවේදනයන්ගෙන් ලැබෙන තොරතුරු අනුව යාවත්කාලීන කරන සම්භාව්‍ය යන්ත්‍රයකි. අපේ බැල්ම එහාමෙහා යන සෑම වාරයක් පාසාම දෝෂ හරි ගස්සමින් චිත්‍රයක් ගොඩනගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම පිණිස මෙම සිද්ධාන්තය යොදා ගත හැකියි. ඉන්ද්‍රීය සංවේදනය අහිමිවීමේ දී, පුද්ගලයන් අත්විදීන මායාකාරී වේදනාව හා මායාකාරී ශබ්ද පැහැදිලි කිරීමට ඊට හැකියාව ඇත: එම මායාවන් ඇතිවන්නේ, එහි(මොළයෙහි) පුරෝකථනයන් සිදුකිරීමට අධාරවන තොරතුරු හීනවෙද්දී අනාගත සිද්ධී සුපුරුදු ආකාරයට පුරෝකතනය සඳහා මොළය කලබලයෙන් ඒ මේ අත විමසිලිමත්වෙද් දී ඇතිවන ස්නායුක ක්‍රියාදාමයන්(neural processes) හේතුවෙනි.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ You are hallucinating right now නම් පරිච්ඡේදය ඇසුරෙනි