සියල්ලෙහි සුලමුල 26 : වැදගැම්මකට නැති කඩදාසි කැබලි අපට රන් හා වටින්නේ ඇයි?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

වැදගැම්මකට නැති කඩදාසි කැබලි අපට රන් හා වටින්නේ ඇයි?

ඔබේ මුදල් පසුම්බිය හිස් කරලා බලන්න. මොනවාද තියෙන්නේ? සිල්ලර කාසි, නෝට්ටු, එක එක කාඩ් පත්. මේවා තමයි  මගේ  ආර්ථික ශක්තිය (එහෙමත් නැත්නම් ආර්ථික හයියක් නැතිකම) පෙන්වන්නේ කියලත්ඒවා අවශ්‍ය දේවල් මිලට ගන්න මට අවස්ථාව සලසා දෙනවා කියලත් ඔබට හිතනවා ඇති. නමුත් ඒ ඇත්තෙන්ම ඒ ඔබේම හිතළුවක් විතරයි.  මුදලට සහජයෙන්ම උරුම වුණු වටිනකමක් නැහැ.  ළමයින්ගේ විශ්වාසය අහිමිවුණොත් මියයන, “පීටර් පෑන්” කතන්දරයේ ඉන්න සුරංගනාවිය “ටින්කර්බෙල්” වගේම, මුදල්වල පැවැත්මත් රඳා පවතින්නේ අපි හැමෝම සමූහයක් වශයෙන් ඊට දක්වන විශ්වාසවන්තකම මත පදනම් වෙලයි.

ඒ විශ්වාසයේ පදනම අවබෝධ කරගන්න නම් මුදල් භාවිතය ආරම්භ වුණේ කොහොමද, එහෙම වුණේ ඇයි කියලා අවබෝධ කරගැනීම වැදගත්.

මේ හැමදෙයක්ම ආරම්භ වුණේ බඩු හුවමාරු ක්‍රමයෙන්. ඉතිහාසඥයන් නිශ්චිත දින වකවානුවක් හෝ ස්ථානයක් සඳහන් නොකළත්, ක්‍රි.පූ 8000 වන විට හුවමාරු ක්‍රමය මෙසපොටේමියාවේ බොහොම ජනප්‍රිය වී තිබුණා.

සම්පත් අත්පත් කරගැනීම වෙනුවෙන් එකිනෙකා සමග සටන් කරනවාට වඩා හුවමාරු ක්‍රමය සාර්ථක වුණත් ඒ ක්‍රමයේ අඩුපාඩුත් නැතුවම නෙවෙයි. මුල්ම ගැටළුව තමයි අතිරික්තයක අවශ්‍යතාවය. ඊටත් වඩා අවාසිදායක වුණේ එය ඕනැවට වඩා “ඕනෑ එපාකම් පෑහීම ” මත රඳාපැවතීම: උදාහරණයක් කියනවා නම් ඔබට එළදෙනක් අවශ්‍ය වී තිබෙන මොහොතක (ඒ සඳහා හුවමාරු කරන්න්න) ඔබ ළඟ  වැඩිපුර බැටළුවන් දෙදෙනෙක් ඉන්නවා නම්, ඔබට (හුවමාරුකිරීමට)අමතර එළදෙනක් සිටින බැටළුවන් දෙදෙනෙක්ව අවශ්‍ය වී සිටින කෙනෙකුව සොයාගන්නම ඕනැ වෙනවාම නේ? (ඔය අපහසුව මගහරවා ගන්න) විසඳුම තමයි දාමයක් හැටියට ගනුදෙනු එකිනෙකට සම්බන්ධ කරගැනීම: ඔබේ බැටළුවන් දෙදෙනාව ධාන්‍යවලට හුවමාරු කරගෙන, ඒ  ධාන්‍යවලින් එළදෙනගේ මිල ගෙවන්න පුළුවන්.

Related image

මෙ දාම නිසා සමහර භාණ්ඩවලට පොදු වටිනකමක් ආරෝපණය වන බව පෙනී ගියා. මේවා ඕනෑම දේකට හුවමාරු කරගන්න හැකියාව තිබුණු නිසා ඒවා මුල්ම “වෙළඳ භාණ්ඩ ” මුදල් ලෙස හඳුන්වන්න පුළුවන්. කෑමට ගන්නා ලුණු ඉන් එකක්. ලෝහ වගේ කාටත් ප්‍රයොජනවත් වන  ද්‍රව්යත් භාණ්ඩ මුදල් ගණයට වැටුණා. . ඒවායේ වටිනකම හැමදෙනාම පිළිගත් නිසා මේ ආදී  භාණ්ඩ, වටිනකම මනින මිනුම්දඬු බවට හැරිලා ප්‍රධාන වශයෙන් වටිනාකම එකතුකර තබන ක්‍රමයක්  බවටත්, හුවමාරු කරගන්නා මාධ්‍ය බවටත් පෙරළුණා. වෙනත් වචනවලින් කියනවා නම් “මුදල්” බිහිවුණා.

කාසියේ ආධිපත්‍ය

ඊළඟ පියවර තමයි සම්මත මුදල් ඒකක නිර්මාණය කරගැනීම. ලෝහ වලින් කාසි නිශ්පාදනය කරමින් ක්‍රි.පූ 1000 දී මුලින්ම එ කාර්ය සිදු කළේ චීන ජාතිකයන් තමයි. කාසි පහසුවෙන් එහා මෙහා ගෙනයන්න පුළුවන් වීමත් කලක් පැවතිමත් නිසා ඉක්මනින්ම ජනප්‍රිය වුණත්, කාසි නිර්මාණකරණයේදීම වුණු එක බරපතල අඩුපාඩුවක් තිබුණා. වටිනා ලෝහවලින් තනා තිබුණු නිසා සමහරු කාසි මතුපිටින් ලෝහ පතුරු සූරාගන්ග පෙළඹුණා. එහෙම කරපු  කාසිත්, ඒවායේ  මුල් වටිනාකමටම සංසරණය වුණා.

Related image

දහතුන්වැනි සියවසේ දීචීන ව්‍යාපාරිකයන් ඔවුන්ගේ අතිරික්ත කාසි අනිත් වෙළෙන්දන්ට භාර දී  ඒවා නිශ්චිත රන් කාසි ප්‍රමාණයක් වටිනා බව සඳහන් කළ කුවිතාන්සියක් ලබා ගත්තා. අවශ්‍ය ඕනෑම වෙලාවක එම “පොරොන්දු පත්‍රිකාව” මුදලට හුවමාරු කරගැනීමේ හැකියාව පැවතුණා. නොබෝ කලකින්ම, චීන රජය මුදල් නෝට්ටු නිකුත් කිරීම ආරම්භ කළා. 1274වන විට චීන රාජ්‍යය පුරාම මුදල් නෝට්ටු භාවිතය ප්‍රචලිත වෙලා හමාරයි.

මුදල් භාවිතය, මුදල් මැවීම, ණයගැතිබව ආදිය ගැන  අපි හෙටත්(ඉරිදා) මුන ගැහිලා කතා කරමු

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE TREAT WORTHLESS BITS OF PAPER LIKE GOLD?පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.