සියල්ලෙහි සුලමුල 26 : වැදගැම්මකට නැති කඩදාසි කැබලි අපට රන් හා වටින්නේ ඇයි?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

වැදගැම්මකට නැති කඩදාසි කැබලි අපට රන් හා වටින්නේ ඇයි?

II කොටස

දහතුන්වැනි සියවසේ දීචීන ව්‍යාපාරිකයන් ඔවුන්ගේ අතිරික්ත කාසි අනිත් වෙළෙන්දන්ට භාර දී  ඒවා නිශ්චිත රන් කාසි ප්‍රමාණයක් වටිනා බව සඳහන් කළ කුවිතාන්සියක් ලබා ගත් බවත්අවශ්‍ය ඕනෑම වෙලාවක එම “පොරොන්දු පත්‍රිකාව” මුදලට හුවමාරු කරගැනීමේ හැකියාව පැවතුණ බවත් අපි ඊයේ ලිපියේ සඳහන් කර තිබුණා මතක ඇති. අද එතැන් සිට…

ණයගැත්තෙක් නොවී…

Related image

මුදල් ණයට ගැනීමෙනුත්, තමා සතුව තියන (ඉහත සඳහන් කළ) “පොරොන්දු පත්‍රිකා ”  හෙවත් “පොරොන්දු නෝට්ටු” ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක පොරොන්දු නෝට්ටු නිකුත් කිරීමෙන් වැඩි ණය ප්‍රමානයක් නිකුත් කරන්නත්, වැඩි පොරොන්දු නෝට්ටු ප්‍රමානයක් මවන්නත් පුළුවන් බවත් අවබෝධ කරගන්න  සේප්පුවල රත්‍රන් ගබඩා කරගෙන සිටි රන් කරුවන්ට වැඩි කලක් ගතවුණේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි මුල්ම බැංකු බිහිවුණේ.

 

දාහත්වන සියවසේ අග භාගයේදී  (එවකට ප්‍රංශය හා යුද්ධයකට මැදිව, ආර්ථික අර්බුදයට මුහුන දී සිටි රජයට  මහ ජනතාවගෙන් මුදල් ණයට ලබා ගැනීම සඳහා 1694දී ආරම්භ කරපු) බ්‍රිතාන්‍ය මහ බැංකුවත් “පොරොන්දු පත්‍රිකා ” නිකුත් කිරීම පටන් ගැනීමත් සමගම මහ බැංකුවලින් මුදල් නිකුත් කිරීම ආරම්භ වුණා. බැංකු මුදල් නෝට්ටු නිශ්පාදනය කිරීමෙන් නැති ධනයක් මවා පෑම කෙළවර වුණේ උඝ්‍ර ආර්ථික උද්දමනයකින්.. 1816දි  මුදල් නෝට්ටු මුද්‍රණය රජය සතු රත්‍රන් ප්‍රමාණයට සීමා කරලා මේ උන්මාදයට නැවතීමේ තිත තියන්න එකල ආණ්ඩු අතර මුලින්ම පියවර ගත්තේ බ්‍රිතාන්‍ය රජයයි.

පළමුවන ලෝක යුද්ධය ආරම්භ වෙනතුරුම මේ “රන් මිණුම”(gold standard) මිනුම් දණ්ඩක්  හැටියට සාර්ථකව ක්‍රියාත්මකවුනත්මහා ආර්ථික අවපාතය “Great Depression” හේතුවෙන් මහා පරිමාණයෙන් බැංකු කඩා වැටීම නිසා භීතියට පත්වුණු මහජනතාව මහා පරිමාණයෙන් රත්‍රන් ගොඩ ගසාගෙන සිටීම රන් මිනුම් පද්ධතිය මුලුමනින්ම බිඳවැටීමට බලපෑවා. 1931දී බ්‍රිතාන්‍ය රජය නිල වශයෙන්ම රත්‍රන් ප්‍රමිතිය සමග පවත්වාගෙන ගිය සබඳතාව අත්හැර දැමුවා.1933දී එක්සත් ජනපදයේ රජයත් එය අනුගමනය කළා.

වටිනාකමේ සහතිකයක් හැටියට රත්‍රන්වලට තිබූ සම්බන්ධය මෙලෙස බිඳ වැටී, රත්‍රන් වලින් දික්කසාද වුණු මුදල් නෝට්ටුව දැන් හුදෙක්ම රජයෙන් වටිනාකම සහතික කළ ලියවිල්ලක් විතරයි. වර්තමානයේදී මෙම ප්‍රඥප්තිය හැම මුදල් නෝට්ටුවකටම ඇතුළත් කරන නිසා නවීන මුදල් නෝට්ටු “ආඥප්ති මුදල්” (fiat Money) ලෙස හැඳින්වෙනවා. මුලු පද්ධතියම රඳාපවතින්නේ විශ්වාසය මතය: මුදල් නෝට්ටු භාවිතා කරන හැම කෙනෙකුටම රජය මේ නොවටිනා කඩදාසි කැබලිවල වටිනාකම තහවුරු කරාවි කියලා අනියමින් විශ්වාස කරනවා.

දැනට සාර්ථක වුණත් මේ ක්‍රමය සමහරු බිය, සැකසංකාවන් ඇතිකර ගැනීමේ පුදුමයක් නැහැ. සතොෂි නකමොතෝ කියන  අන්වර්ථ නාමයෙන් පෙනී සිටින හඳුනානොගත් පුද්ගලයා (හෝ පුද්ගල කණ්ඩායම) ඒ අතරින් කෙනෙක්. නකමොතෝ 2008දී රජයෙන් නිකුත් කරන ආඥප්ති මුදල්වල අඩුපාඩු අවම කරගැනීමේ අරමුණින් “බිට් කොයින්” (Bitcoin) නමින් හඳුන්වන ඩිජිටල් මුදල් ඒකකයක් නිර්මාණය කළා. බිට්කොයින් හිමිකාරීත්වයට විශ්වාසයවත්මහ බැංකුවක්වත් අවශ්‍යවන්නේ නැහැ. බිට්කොයින් “ගරන්නේ” පරිගණක යොදාගෙන. ඒ පරිගණකවලින් සිදුකරන ගණනය කිරීම්වලින් මීට පෙර එම බිට්කොයින් එකෙන් සිදුකළ ගනුදෙනු වාර්තා කිරීමත් තහවුරු කිරීමත් සිදු කරනවා: බිට් කොයින් ලැබෙන්නේ ‍එම කාර්යයට ගෙවීමක් හැටියටයි. ඕනෑම කෙනෙකුට බිට්  කොයින් ගරන්න අවසරය තිබුණත් ගණනයත් සිදුකිරීම මෙන්ම  මෘදුකාංගය හැසිරවීමත් ලේසි පහසු වැඩ නෙවෙයි.

ඇස්බැන්දුමක්?

බිට් කොයින් ක්‍රමයේ හදවත “නොනිමි දම්වැල” (blockchain) නමින් හඳුන්වන, හැම ගනුදෙනුවක්ම අධීක්ෂණය කරන රැවටිය නොහැකි ලැජරයක්. එයින් බිට් කොයින් දෙවරක් වියදම් කිරීමේ ඉඩ අහුරන අතරම, ඒවා පිටපත් කිරීමත්, සොරකම් කිරීමත් වලක්වනවා. එය නිරන්තරයෙන්ම නවීකරණය වනවා වගේම ඕනෑම කෙනෙකුට එය අධ්‍යයනය කිරීමටත් නිදහස තියනවා. නමුත් මිනිස්සු මේ වෙනුවෙන් හුවමාරු කරගන්නට කැමති භාණ්ඩයේ වටිනාකම මිස වෙනත් සහජ වටිනකමක් බිට් කොයින්වලට නැති නිසා, මේ ක්‍රමයත් යම්තාක් දුරකට මහජන විශ්වාසය මත පදනම් වූ ක්‍රමයක්ම තමයි.

බිට් කොයින් සංකල්පය අවබෝධ කරගැනීම සංකීර්ණ වුණත්  ආඥප්ති මුදල්වල සංකල්පයත් සරල නැහැ. එයම හෝ ඊට සමාන වෙනත් ක්‍රමයක් අනාගතයේදී ජනප්‍රිය වීමේ ඉඩක් පවතිනවා. බ්ලොක්චේන් මගින් යදමින් බැන්දා වැනි ආරක්ෂාවක් සපයන නිසාම සමහර මහ බැංකු ඩිජිටල් මුදල් භාවිතය පිළිබඳව අධ්‍යයනය කරනවා.

ඉතින්, ඔබේ මුදල් පසුම්බියෙත් බිට් කොයින් තියනවා නම්, අපේ සුභ පැතුම් පිළිගන්න‍:  ටින්කර්බෙල්ගෙන් ගැලවෙන්න(කටවහරේ හැටියට ‘හැලෙන්න’) එහෙනම් ඔබත්දායක වෙනවා. අපිට මුලදීම ඇය නැති පාලුව දැනුණත් ජනතාව අතරින් බහුතරයක් කියන්නේ ඇයගේ අවසානය කොහොමටත් ළංවෙමින් තිබූ බවයි.

 

ජල්ලි සල්ලි

අමුතු ම අමුතු දේවල් මුදල් හැටියට යොදාගෙන තියනවා. සුලබවම යොදාගත්තෙ රත්‍රන් වගේ ලෝහ. ඒත් හැම මුදල් ඒකකයකටම සහජ වටිනකමක් තිබුණෙ නැහැ. පිහාටු, පබළු, සිප්පි කටු වගේ නොවටිනා දේවලුත් මුදල් හැටියට යොදාගෙන තියනවා. මයික්‍රොනීසියාවේ, යැප් දූපතේ සම්මත මුදල් ඒකකය ලෙස මෑතක් දක්වාම භාවිත වුණු රායි නැමති දැවැන්ත ඩෝනට් රසකැවිල්ලට සමාන හැඩයේ ගල්මුදල් භාවිතයේ විකාරරූපී පැතිකඩ ගැ‍න කදිම උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. ගනුදෙනුවකදී හිමිකාරීත්වය පවරා දීමේ ඉඩකඩ පැවතුණත් මේවා බොහෝ විට තිබූ තැනම පැවතුණා. හැමවිටකදීම — ඔව්, බෝට්ටුවකින් වැටී මුහුදු පතුළේ ගිලී ගිය විටකදී පවා– ඒවා තියන තැන සහ හිමිකරු ගැන හැමදෙනාම දැනගෙන හිටියා. 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE TREAT WORTHLESS BITS OF PAPER LIKE GOLD?පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.