සංවේදනය අහිමිවීම
භ්‍රාන්ති හෙවත් මානසික මායාවන් ගෙන ඒමට නම් ඉන්ද්‍රිය සංවේදන හානිය ස්ථිර එකක් වීම පවා අවශ්‍ය නැහැ. අපේ ඉන්ද්‍රිය සංවේදනයන් හීන වන විට අප සැමටම මනෝ මායාවන් ඇතිවීමේ ඉඩකඩක් ඇත. කපිතාන් ස්කොට්ගේ ගවේෂණක කණ්ඩායමේ බර්ඩ් බවර්ස්ට ගව රැළක් ගැන මායාවක් ඇතිවීමට මඟ පෑදුවේ මෙයයි. ඔහුගේ භ්‍රාන්තිය ඇති වූයේ මුළු වටපිටාවට ම සුදු පාටින් වැසී ගිය ධවල අධිකාධිකයක දීය. වළාකුළින් බර වූ අහස හා බැලු බැලූ අත එක හා සමානව හුදු හිම පමණක් පෙනෙන මෙවන් ධවල අධිකාධිකයක කදී, භූ දර්ශනයෙන් වෙනත් කිසිම දෘෂ්ටි තොරතුරක් (බවර්ස්ගේ මොළයට) නොසැපයීණ. එහෙයින් ඒ වෙනුවට ඔහුගේ සිත යම් දෙයක් මවා ගත්තේය. (පසුගිය සතියේ, එනම් 18 දා තතු ලිපිය බලන්න).
පාළු, ඒකාකාරී පරිසරයක පිහිටි මාර්ගවල දීර්ඝ ගමන් යද්දී ඇතැම් විට මීට සමාන අත්දැකීම්වලට ට්‍රක් රියැදුරෝ මුහුණ දෙති. ඉතින්, දෝංකාරය රහිත කුටියක, ඒ කියන්නේ නිශ්ශබ්දතාවය රජයන — තමන්ගේ ඇස් බෝල එහා මෙහා යන හඬ පවා ඇසෙන නිශ්ශබ්දතාවයක් සහිත — කාමරයක දැමූ විට දොර වසා විනාඩි විස්සක් ගත වෙද්දී පුද්ගලයෝ මනෝ මායාවෙන් පෙළෙන්නට පටන් ගනිති.
මේ සම්බන්ධයෙන් කළ හැකි එක් පැහැදිලි කිරීමක් වන්නේ, බාහිරින් ලැබෙන තොරතුරු හිඟවීම මොළය රුස්සන්නේ නැති බවයි. සැබෑ ලෝකයෙන් ලැබෙන දත්ත හිඟයකට මොළය මුහුණපාන විට එය පහළ මට්ටමේ නිරායාස ක්‍රියාකාරිත්වයක් සහිතව සංවේදන කලාප සෙමින් ඇදෙන අභ්‍යන්තරය වෙත යොමු වන්නේය. සාමාන්‍යයෙන් සිදුවන්නේ මෙකී අලස ක්‍රියාකාරීත්වය අවට ලෝකයෙන් එන සැබෑ සංවේදන දත්ත මගින් යටපත්කොට කොට නිවැරදි කිරීමයි. එහෙත් දෝංකාරයක් නැති කාමරයේ පූර්ණ නිහඬැඬියාව වාගේ, තොරතුරු හිඟ තත්ත්වයකට මුහුණ දෙන විට මොළය, සිදුවන්නේ කුමක් ද යන්න පුරෝකතනය කිරීම පිණිස සිය අභ්‍යන්තර කැලඹීම් වෙත යොමුවෙයි. පිටතින් එන ආදාන්යක්(input) නොමැති කල, මොලය අභ්‍යන්තරිකව ජනනය වෙන ශබ්ද මත උවමනාවටත් වඩා අවධානයක් යොමු කරන්නේය යන්න තවත් පැහැදිලි කිරීම්කි. කණ හරහා රුධිරය ගලා යන ශබ්දය අපට හුරුපුරුදු එකක් නොවේ. එහෙයින් එය පිටතින් එන්නක් ලෙස වැරදි ලෙස ආරෝපණය කිරීමක් සිදු සිදුකළ හැකි අතර ඒ අනුව භ්‍රාන්තිමය නැතිනම් මනෝ මායාමය සිතුවිලි ධාරාවකට මුල පිරිය හැකිය.
විඤ්ඤාණ ධාරාව
සෑම තත්පරයකදීම මොළය සංවේදන දහස් ගණනක බැටකෑමට ලක්වන්නේ වී නමුත් ඔබට අනවරත විඤ්ඤාණ ධාරාවන් සැපයීමට අපොහොසත් වුවහොත් ඒ කලාතුරකිනි. ඔබ ඇසිපිය හෙලූ සැනෙන් ඔබේ ලෝකය අතුරුදන් ව යන්නේ නැත. එලෙසම ඔබ ඔබේ නිවසින් හෝ කාර්යාලයෙන් පිටත වාහනවල ඝෝෂාව හෝ ඔබේ මේස් කුට්ටම තද බව ගැන හෝ ඔබට දැනීමක් ඇති වන්නේ ද නැත. මේ සියල්ලමත්, ඒ වගේම සියල්ල සැමවිටමත් සැකසීමට ලක් කිරීම මොළයක් පවත්වාගෙන යායුතු ඉතාම අකාර්යක්ෂම ආකාරයකි. එහෙයින් ඒ වෙනුවට මොළය කරන්නේ කෙටි මං කිහිපයක් ගැනීමයි. බොහෝ අවස්ථාවලදී මොළය සිදු කරන්නේ (ඊට ලබාගැනීමට) නැති කොටස් පිරවීම් පිණිස එහි පුරෝකතනයක් භාවිත කරමින් ඔබ අවට ඇති ලෝකය අපේක්ෂාවන් සමග ගලපා තැබීම්ට ක්‍රියා කිරීමයි.
මේ නීතියට ඇති ව්‍යතිරේකය, ස්පර්ශ සංවේදනය බව පෙණි යයි. මෙය උනන්දුව දල්වන කාරණාවකි. ඔබේ සම කොයි මොහොතකවත් සංවේදන ආදාන(sensory inputs) හිඟයකින් පෙළෙන්නේ නොවේ: ඔබ වාඩිවී සිටින පුටුව වේවා ඔබේ කමිසයේ ඇති ලේබලයක් වේවා මේ කුමන මාර්ගයකින් හෝ පැමිණෙන සංවේදනා වලින් අඩුවක් නොමැත. මෙලෙස එල්ල වන සංවේදන තොරතුරු ප්‍රහාරයකට මුහුණ දෙන්නටත්, එමෙන්ම එසේ කිරීමෙන් පසුව සැබැවින්ම එල්ලවන තර්ජනයක් ගෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය තොරතුරු සැකසීමේ බලය තවදුරටත් රඳවා ගැනීමටත් අවධනය යොමුවිය යුත්තේ කුමකට දැයි තීරණය කිරීම පිණිස ඔබේ මොළය සතුව සූත්‍රයක් (formula) ඇත. සීඝ්‍රයෙන් සිදුවන ස්පර්ශයන්(ඒ කියන්නේ එකිනෙක අතර මිලි තත්ත්පර 250ක් ඊට අඩු) ඉවත දමනු ලැබේ. වාඩිවී සිටින පුටුවෙහි හෝ කමිස ලේබලයේ සංවේදනය ඔන්න ඔය විදිහට නොසලකා හැරේ. ඔබේ ස්පෘශ්‍ය මොළය නිරන්තරයෙන්ම ප්‍රතිවර්ත භ්‍රාන්තියක (‘reverse hallucination’) ග්‍රහණයේ පසුවෙයි. ඇත්තවශයෙන්ම බොහෝ දේ සිදුවන්නේ නමුත් එයට(මොළයට) කිසිවක් දැනෙන්නේ නැත.(මෙය භ්‍රාන්තියේ අනිත් පැත්තයි. භ්‍රාන්තියේ දී කිසිවක් නැතුව මොළයට මනෝමායාවන්ව දැනෙයි) මනෝමායාවන් හෙවත් භ්‍රාන්ති මොන ආකාරයෙන් ක්‍රියාත්මක වුණත් ඒවා ක්‍රියාවට නැංවෙන්නේ මූලික වශයෙන් සමාන යාන්ත්‍රණයක් හරහාය: ඔබ අවට කුමක් සිදු වන්නේ දැයි යන්න නොසලකා ඔබ දකින්නේ කුමක් ද සහ ඔබට දැනෙන්නේ (ස්පර්ශයෙන්) කුමක්ද යන්න තීරණය කරන්නේ මොළයයි.
මනෝ මායාවන් නොපිටට හැරුණු විට
භින්නෝන්මාදය රෝගයේදී (schizophrenia) මනෝ මායාවන්, පාලනයකින් තොර වීමට ඉඩ ඇත. මේ රෝග තත්ත්වය සහිත පුද්ගලයන් ගැන සිදු කෙරෙන පරීක්ෂණ වලදී බොහෝ විට මොළයේ සංවේදන බාහිකයන්ගේ අධික්‍රියාකාරීත්වයක් ද එමෙන්ම මෙම ප්‍රදේශවල සිට ඔවුන්ගේ ලලාට පිණ්ඩික වෙත සම්බන්ධතාවයේ දුර්වලතාවය ද පෙන්නුම් කරයි. මෙයින් හැඟී යන්නේ සවිඥානක සම්ප්‍රජානනය ට යැවීමට පෙර යථාර්ථය ගැන මතක් කිරීමකින් තොරව මොළය බොහෝ පුරෝකතනයන් කරන බවයි.
මේ අන්තර් ඥාන හෙවත් අන්තර්දෘෂ්ටීන්, ප්‍රතිකාර සඳහා ක්‍රමෝපායක් සැලසීමට උපකාරිවේ. ඖෂධ ප්‍රතිරෝධී භින්නෝන්මාදයෙන් (drug-resistant schizophrenia ) පෙළෙන අයට ඔවුන්ගේ සිතුවිලි නිරීක්ෂණය කිරීමට, ඔවුන්ගේ ප්‍රේරක තේරුම් ගැනීමට සහ වඩාත් ධනාත්මක මෙන්ම අඩු පීඩනයකින් යුතු දෘෂ්ටියකින් ඔවුන්ගේ මනෝ මායාවන් වෙනස් ආකාරයකට ප්‍රකාශයට පත්කරගැනීමට ඉගෙන ගැනීමෙන් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ රෝගී ලක්ෂණ අඩු කර ගත හැකිය. මෙය ඔවුන්ගේ අභ්‍යන්තර ලෝකයේ බලපෑම් ගැන වැඩි පාලනයක් (ඔවුනට)ගෙන දෙන බවක් පෙන්නුම් කෙරේ.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදය ඇසුරෙනි