සැමට විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලෙහි සුලමුල 27 : අප මළවුන් වළදාන්න පටන් ගත්තේ කිකලද?

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

Related image

අප මළවුන් වළදාන්න පටන් ගත්තේ කිකලද?

ජීවිතය ගැන සලකතොත්, එකම ස්ථිර දේ තමයි  කවදා හෝ එය අවසන් වන බව.  මෙම ගොරතර දැනුම. සමහරවිට ජීවිතය විදහා දැක්වෙන මානව ස්වරූපයෙහි ගුණාංගය විය හැකියි. අප දන්නා තරමට නම්, නොවැළැක්විය හැකිව සිදුවන   අභාවප්‍රාප්තවීමේ  ඉරණම ගැන මෙනෙහි කිරීම්ට පුළුවන්කම තියන එකම විශේෂය අපම පමණයි. හිතේ අමාරුව මඳක් හරි තුනීවෙන කාරණාවක් තියනවා නම්  ඒ තමයි අපගේ අවසන් ගමන යාම වැදගත් විදිහට, සමු ගැනීමකින් සිද්ධ වෙනවා කියන එක.

මෙන්න තවත් විශේෂත්වයක්: අවමංගල චාරිත්‍ර බොහොම මහන්සි වෙලා විචිත්‍ර ආකාරයෙන් සිදු කරන එකම විශේෂයත් මානවයන්ම තමයි. ඕකට අපි කියන්නේ අවමංගල උත්සවය කියලයි. දැනට ලැබිලා තියෙන සාක්ෂි අනුව අඩුම තරමින් පසුගිය වසර100,000 තුළවත් මිනිසුන් වන අප මේ චාරිත්‍ර ඉටු කරලා තියෙනවා. ඉතින් සිරිත් විරිත්වල  සම්භවය නැතිනම් මුල, මානව පරිණාමය  ගැන පර්යේෂණ කරන අයට දැඩි ලෙස සිත් ඇදගන්නා සුළු මාතෘකාවක්. 

අවමංගල්‍යයන්  පැහැදිලිවම වැටෙන්නේ කලාව, කතාන්දර කීම, ආගම සහ මානව වර්ගයාගේ අනෙකුත් සංස්කෘතික ආයිත්තම්  එක්කම යන සංකේතාත්මක  ක්‍රියායන ගණයටයි. අවමංගල උත්සව, ඒ කියන්නේ  සැලකිල්ලෙන් සිදුකරන වළලෑම් සහ සොහොන් වස්තූන් තැන්පත් කිරීම්වෙනුවෙන් ජීවිතය මරණය සහ ඒ සියල්ලෙන් අදහස් කරන දේ පිළිබඳව විසංයුක්ත සිතුවිලි  පැහැදිලිවම අවශ්‍ය වේ. එමෙන්ම, අනෙකුත්  සංස්කෘතික ක්‍රියාකාරකම් ස්වරූප බොහොමයක් මෙන් නොව අවමංගල්‍යය ඒවා සිදු කිරීමෙන් පසුව  භෞතික සාක්ෂි බොහොමයක් ම ඉතිරි කර තබයි.

සදහටම අවසානයි!

බොහෝ  සතුන් සම්බන්ධයෙන් සලකතොත් මළමිනියක් යනු හුදු අප්‍රාණික වස්තුවකි. සෙස්සන්ට මරණය හා වඩාත් සංකීර්ණ සම්බන්ධතාවයක්  පැහැදිලිවම ඇත. අලි ඇතුන් මිය ගිය සිය වර්ගයාගේ ඇටකටු ගැන දඩි සැලකිල්ලෙන් පසුවන බවක් පෙනී යයි. ඒ වගේම ඩොල්පින් මත්ස්‍යයන් මළ මිනි සමග දීර්ඝ කාල පරිච්ඡේදයක් ගත කරන බවත් නිරීක්ෂණය වී තිබෙනවා.

Related image

Related image

චිම්පන්සින් ද සෙසු අනෙකුත් චිම්පන්සින් ගේ සිරුර  ගැන වසඟ බවක් දක්වනවා. එමෙන්ම දුක මෙන්ම  පරීක්ෂාකාරී වීම, බුහුමන, සහ ශෝක වීම සිහි ගන්වන සුළු චර්යාවන් ප්‍රදර්ශනය කරන බවත් විස්තර කෙරෙනවා. මානව විද්‍යාඥයන් කියන අන්දමට බාගදා චිම්පන්සීන් ආදිකල්පිත චර්යාවන් අත්නොහැර, තවදුරටත්  අනුගමනය කරනවා. මේ චර්යාවන් ආදිකාලීන මූල-මානවයන්ට(proto-humans) හුරුපුරුදුව තිබූ අතර ඒවා අපගේ විධිමත් පිළිවෙත්ක්‍රම තුළට  සූක්ෂමව වැද්ද ගෙන තිබෙනවා. ඒත් ඉතිං අපට කිසිදාක එය ස්ථිරවම දැනගත හැකි වන්නේ නැහැ. එසේවුවත් මේ ආකාරය චර්යාවන් නූතන අවමංගල්‍ය පිළිවෙත් ක්‍රම හැටියට පරිණාමය වුණේ කෙසේද යන්න ගැන සිත් සසල කරන ඉඟි, ෆොසිල සහ පුරාවිද්‍යාත්මක වාර්තා වල අඩංගු වෙනවා.

මුල්ම සංඥා ඇත්තවශයෙන්ම ඉතාමත් පැරණියි.  ඉතියෝපියාවේ තද බෑවුම් සහිත තණ කොළවලින් වැසී ගිය කඳු ගැටයක  වසර මිලියන 3.2ක්  වයස්ගත ආදිතම ඔස්ට්‍රලෝපිතිකස්  ඇෆරොන්සිස් (Australopithecus afarensis)අර්ධ ඇටසැකිලි 13ක් —  වැඩිහිටි නවයක්, යෞවන දෙදෙනෙකු සහ බිළිඳුන් දෙදෙනෙකුගේ කංකාල — පුරාතත්ත්ව විද්‍යාඥයන්(palaeontologists) විසින් 1975 සොයා ගනු ලැබුවා. ඒවා සියල්ල තිබුණේ එකිනෙකට ඉතා යාබදවයි. පෙනී යන අන්දමට එකම  කාලවකවානුවක තැන්පත් කරන ලද ඒවාය. ඒත් ඒවා එතනට පැමිනෙන්නේ කෙසේද යන්න නම්  අභිරහසකි.

ඔවුන් දහතුන් දෙනාම එකවර මිය යාමට තුඩුදුන් හදිසි ගංවතුරක් හෝ ඒ ආකාරයේ උපද්‍රවයක සලකුණු ද  දැනගත නොහැකිය. තවද මේ ඇටසැකිලි විලෝපියන් විසින් හප කරන ලද බවට සලකුණු ද නැත. මේවා සොයාගත් ඩොනල්ඩ්  ජොහැන්සන් පසුව ලියා තබා ඇති අන්දමට  මොවුන් කඳු බෑවුමක ජීවත් වූ  මනුරයන් හෙවත් හොමිනිඩයන්ය‘(hominids).

සප්‍රාණීන්ගේ දේශය

මේ ඇටකටු කතාව ගැන කළ හැකි එක් පැහැදිලි කිරීමක් තමයි එම සිරුරු එහි තබන්නට ඇත්තේ ව්‍යුහාත්මක අපත්‍යාග‘  ක්‍රියාවක් හැටියට යන්නය. (අපත්‍යාග = කිසියම් වස්තුවක්  එය අයත් භාවිත  සන්දර්භයෙන් ඉවත්ව පුරාවිද්‍යාත්මක සන්දර්භයකට ඇතුළු කිරීම).  මිහිදන් කිරීමක්වත් නැතිනම් යම් සංකේතාත්මක හෝ අධ්‍යාත්මික අරුතක් සහිත දෙයක්වත් එයින් අදහස් වන්නේ නොවේ. එසේ වූයේ වී නමුත් මෙය, චිම්පන්සීන් අතර දැකිය හැකි තත්ත්වයට වඩා  සැලකිය යුතු ඥානන වර්ධනයක් නියෝජනය කරයි. චිම්පන්සී සිය මියගිය සාමාජිකයන්ගේ සිරුර වැටෙන තැනම දමා යති. එලෙස බලන විට (ඔය දහතුන් දෙනාගේ තැන්පතුව) මිනිස්කම මතු වූ ප්‍රථම අවස්ථාව ලෙස සමහරවිට සැලකිය හැකියි.  එනම්, ජීවත්වන්නන් සහ මළවුන් අතර සංකල්පමය බෙදීමක්.

අලුත්  සොයාගැනීම් සිදු නොවෙතොත්ඔස්ට්‍රලොපිතසීනයන් ඔවුන්ගේ මියගිය සාමාජිකයන් විශේෂ ස්ථානයක තැබූ බව සහතික කොට කීම උගහටය. එහෙත් මෙයට  වසර මිලියන බභාගයක් වන විට තත්ත්වය වෙනස්ය. අප ඒ ගැන හෙට(28වෙනිදා – ඉරිදා). කතා කරමු.

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START BURYING THE DEAD?පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: