ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අප මළවුන් වළදාන්න පටන් ගත්තේ කිකලද? II කොටස
ඊයේ ලිපියේ අවසානයේ ඔස්ට්‍රලොපිතසීනයන් ඔවුන්ගේ මියගිය සාමාජිකයන් විශේෂ ස්ථානයක තැබූ බව සහතික කොට කීම උගහට බව කීවා මතක ඇති.. එහෙත් මෙයට වසර මිලියන බභාගයක් වන විට තත්ත්වය වෙනස්වුනා. අද අප ඒ ගැන කතා කරමු.
Sima de los Huesos
වසර මිලියන භාගයකට පෙර අවස්ථාව වනවිට සාක්ෂි වඩාත් පැහැදිලිය. ස්පාඤ්ඤයේ ඇටපුඵර්තා කඳුවල ලෙනක ඇති පතල් විවරයක පතුලෙන් ‘ඇටකටු වලක්’ (Sima de los Huesos) 1980 ගණන්වලදී සොයාගනු ලැබුවා.. එහි අඩු තරමින් මානවයන් විසිඅට දෙනකුගේ අවශේෂ අඩංගු වුණා. මොවුන් බොහෝ දුරට . අපගේ සහ නියැන්ඩතාල් යන දෙකොට්ඨාශයම පූර්වජ යෙක් විය හැකි හයඩල්බර්ගෙන්සිස් මානවයන් (Homo heidelbergensis) වෙන්න පුළුවන්.
ඔවුන් එහි පැමිණියේ කෙලසද? ඔවුන් අහම්බෙන් නැතිනම් වැරදීමකින් පතල් විවරයෙන් පහළට වැටුණා වත්ද? ඒත් ඒකත් බොහෝදුරට හිතන්න අමාරුයි. මන්ද ඇටකටු කැඩී බිඳී ගොස් ඇති ආකාරයත් ඇටසැකිලි බොහොමයක් ගැටවර වියේ හෝ තරුණ පිරිමින්ගෙ වීමත් සලකන විට වඩාත් පිළිගත හැකි පැහැදිලි කිරීම වන්නේ මිය යාමෙන් පසුව ඔවුන්ව හිතාමතාම පතල් විවරය මුදුනේ තබන ලදුව, පසුව ක්‍රමයෙන් පහතට වැටුණු බව ය. එසේනම් මෙය තමයි නිකෘත ආවාටයක් හෙවත් funerary caching පිළිබඳ හෝ මළවුන් වෙනුවෙන් වෙනමම තැනක් නම් කිරීම් පිළිබඳ පැරණිතම සාක්ෂිය.
A FUNERARY CACHE
මේ හා සමාන සොයා ගැනීමක් වඩාත් මෑතක දකුණු අප්‍රිකාව්වෙන් සිදුකෙරුණා. මෙහිදී සොයා ගනු ලැබුවේ කලින් දැන නොසිටි පෞරාණික මානවයකු වන හෝමෝ නලෙඩි විශේෂයේ පොසිල ගත මානව අස්ථි 1500ක් සහ දත්ය. ඒවා ගුහාවක එක පොකුරට තිබී හමුවී ඇත. සිත් කළකිරවන කාරණය තමයි ඒවායේ වයස කොපමණද යන්න අප නොදැනීම — සමහරවිට වසර මිලියන 3 සිට 100,000 දක්වා විය හැකියි. ඔවුන් විශේෂය අපට සම්බන්ධ වන්නේ කෙසේද යන්නත් ගැන දනිමක් නැහැ. තවද, මෙම මානව විශේෂය සම්බන්ධයෙන් යමක් අවබෝධ කරගෙන සිටියේ ද යන්න ගැන වත් අපට අදහසක් නැත.
එහෙම වුණත් මළ මිනී වළ දැමීම් එන්ට එන්ට ම ම සුලභ වූ බව අපි දන්නවා. වසර 500,000 සිට ඉතිරියට මෘත ශරීර, සාමානයයයෙන් ඒවා එම තැන්වල තිබුණේ මන්දැයි වෙනත් ආකාරයකට පැහැදිලි කිරීම්ට නො නොහැකි තැන්වල — ඔව්, පටු විවර, සිදුරු හා කුහර, පහසුවෙන් ළංවිය නොහැකි ඉහල නෙරුම්වල හෝ ලෙන් ගුහා පිටුපස රඳවා හෝ තැන්පත් කර තබා තිබෙනවා. බොහෝ විට මෘතශරීර තැබීමේ සිට මෘත ශරීරය වැළලීම — ඒ සඳහා කෘතිම බිත්ති කුහර හා විවර තැනීම– දක්වා සංජානමය පිම්ම කෙටි එකකි. ඒ පිළිබඳව ආදිතම සාක්ෂි අපට ලැබෙන්නේ ඊශ්‍රායලයේ ස්කූෂූල් (Skhul) සහ කානේගේ (Qafzeh)) යන ලෙන් දෙකකිනි. ඒවා තුළ මිනිසුන් විසින් තනන ලද කුහර තුළ තැන්පත් කෙරුණු වසර 100,000 පැරණි හෝමෝසේපියන් සාමාජිකයන්ගේ සොයා ගැනිණ. මේවා අතරේ සත්ව ඇට කොටස්, සිප්පිකටු සහ හිරි ගල් යන ස්වරූපවලින් සුසාන භාණ්ඩ ද ඇතුළත් විය හැකියි. මේ කාලයේ දී පමණ නියැඩර්තාල් වළලෑම් ගැන ද සාක්ෂි සොයා ගන්න පුළුවන්.
මෙම මිහිදන් කිරීම් පමණක්ම සංස්කෘතික සන්ධිස්ථානයක් නියෝජනය නො නොකරයි. දැනගැනීමට ඇත්තේ එවැනි ස්ථාන අතලොස්සක් ගැන පමණකි. මියයන්නට ඇතැයි සිතිය හැකි පුද්ගල සංඛ්‍යාව සලකන විට ඒවා විරළය. ආදාහන කිරීම් ද තිබෙන්නට ඉඩ තිබුණත් සාක්ෂි හිඟය. අප දැන් සුසාන භූමි වශයෙන් හඳුන්වනු ලබන ස්ථානවල මළ අයගෙන් බහුතරය වැළලීම වසර 14,000 පමණ වන තෙක් සිදු නොකෙරිණ. ඔය කියන අවධියේම වාගේ මනුෂ්‍යයන් එක තැනක පදිංචිව කෘෂිකර්මය සහ ආගම නිර්මානය කිරීම ද බොහෝවිට අහඹුවක් නැතිනම් සමපාතයක් නොවන්නටත් ඉඩ ඇත. අපගේ වානර අතීතය මියැදී වැළලී ගොසිනි. සංකේතාත්මක සංස්කෘතිය සජීවව, ජව සම්පන්නව පවතී.
තිරිසන් පාලිය
මරණය පිළිබඳව චිම්පන්සීන්ගේ අවබෝධය ගැන අපට කොහෙත්ම දැනගත නොහැකියි. එහෙත් ටැන්සානියාවේ ගොම්බේ ජාතික වනෝද්‍යානයේ ගසක් යට මලයිකා නම් ගැහැණු චිම්පන්සියා ගේ මලළ සිරුර සොයා ගැනීමත් සමග
ප්‍රයිමේටවේදීන්ට 2010 දී දුර්ලභ අන්තර් දෘෂ්ඨියකට මග පෑදිණ. චිම්පන්සි කණ්ඩායමක් මළ මිනියක් වටා රැස්ව සිටියහ.අනතුරුව ගෙවුණු පැය තුන හමාරක් ඇතුලත එකා පස්සේ එකා චිම්පන්සීන් මිනිය වෙත පැමිණියහ. අනිත් චිම්පන්සි ගස් උඩට වී බලා සිටියහ. ඇතැම්හු සිරුර ඉව කර බැලූහ. නැතිනම් පිරිමැද්දාහ. අනිත් අය මිනිය සොලවා ඇදගෙන ගොස් ඊට පහර දුන්හ. ඇල්ෆා පිරිමි සතා(නායක චිම්පන්සියා) මළ සිරුර ගංපත්ලට ඇද දැම්මේය. බොහෝ දෙනෙක් තෝන්තුවාවෙන් කෑගැසූහ.
වන පාලකයන් සිරුර ඉවත් කරන විට චිම්පන්සි කිහිප දෙනෙකුම එය(මළසිරුර) තිබූ තැනට වහා අවුත් එතැන පොළොව ස්පර්ශ කරන්නට වූහ. එක්ව හූ හඬ නංවමින් ඔවුහු විනාඩි හතලිහක් එහි ගතකළහ. එතනින් ඉවත්ව යාමට පෙර අදාළ තැනට පැමිණි අන්තිමයා වූයේ මලයිකාගේ දියණිය, මම්බෝය.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START BURYING THE DEAD?පරිච්ඡේදය ආශ්‍රයෙනි.