අද ලෝකය තුළ විද්‍යාව සහ තාක්ෂණය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවත්, විද්‍යාත්මක හා තාක්ෂණික අභිවෘධියට විද්‍යා අධ්‍යාපනයේ සංවර්ධනය අවශ්‍යවේ. විද්‍යා අධ්‍යාපනයේ දියුණුව ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත්පත් කර දීමටත් එමෙන්ම සාංස්කෘතික සංවර්ධනයටත් මගපාදයි. මේ අනුව කාර්මික වශයෙන් සංවර්ධිත රටවල් විද්‍යා අධ්‍යාපනයට ලබාදිය යුතු පරිදි වැදගත්කමක් ආරෝපණය කර ඇති නමුත් ඇතැම් කාර්මික නොවන රටවල් මෙහිදී අසාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ විෂයමාලාවේ අඩුලුහුඬුකම්, සම්පත් ප්‍රමාණවත් නොවීම සහ වෙනත් අගහිඟකම් යනාදියයි.
අදින් ඇරඹෙන මෙම ලිපි මාලාවේ අරමුන වන්නේ විද්‍යා අධ්‍යාපනයේ වැදගත්කම නිර්නය කිරීම. විද්‍යා අධ්‍යාපනයේ ඓතිහාසික වර්ධනය කෙටියෙන් සලකා බැලීම සහ විද්‍යා අධ්‍යාපනයේ වර්ධනයට කිනම් සාධක වැදගත් ද යන්න විග්‍රහ කිරීමයි.
විද්‍යා සහ තාක්ෂණ අධ්‍යාපනයේ වැදගත්කම සහ අභිප්‍රායයන්
රටක අධ්‍යාපන විෂය මාලාවේ වැදගත්ම අංශයක් වනුයේ විද්‍යා අධ්‍යාපනයයි. එය, රටක මානව සම්පත් සංවර්ධනය, නවීකරණය සහ සමස්ථ සංවර්ධනය සැලසීම පිණිස අත්‍යවශ්‍ය වන වාහනයකි. රටේ වැඩිදියුණුවට අදාලවන වැදගත් පැතිකඩ කිහිපයකට විද්‍යා අධ්‍යාපනය සම්බන්ධය. සෞඛ්‍යය, ආහාර, කෘෂිකර්මය, බලශක්ති ප්‍රභවයන්,කර්මානත සහ තාක්ෂණවේදය, පරිසරය, තොරතුරු හුවමාරුව, සමාජ වගකීම මෙකී පැතිකඩ අතරවේ. අඩුවෙන් සංවර්ධනය වී ඇති රටවලට සමකාලීන තාකෂණයේ සහ වනිජ්‍යයේ ප්‍රධාන ධාරාවට එක්වීම සඳහා වඩාත්ම බලපෑමක් ඇතිකරන සාධකය විද්‍යාත්මක දියුණුවයි. “… මනුෂ්‍යයෙන් වශයෙන් අපට අනෙකුත් සතුන් අභිබවා ඉදිරියට එන්නටත්, එමෙන්ම අපගේ වාසස්ථාන, අපගේ ආහාර සැපයුම, අපගේ සුවපහසුව හා සෞඛ්‍ය, ගමනාගමනය සහ සංනිවේදන මාර්ග නිර්මාණය කිරීමට පමනක් නොව අපේ කලාවන්ට, චිත්‍රශිල්පයට, සංගීතය හා සාහිත්‍යයට මග පාදන ප්‍රායොගික ක්‍රමය වන්නේ තාක්ෂණය”යි බ්ලැක් සහ හැරිසන් යන දෙදෙනා කියා සිටී. යුනෙස්කෝව 1980 දශකය මුල නිකුත් කල වාර්තාවකින් ද පෙන්වා දෙන්නේ විද්‍යාව හා තාක්ෂණය සහ ඒවා විධිමත් සහ නොවිධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රයන්හී උගැන්වීම, ජනතාවගේ භෞතික සහ සාංස්කෘතික තත්ත්වය වැඩිදියුණු කිරීමෙහි ලා අත්‍යවශ්‍ය සාධකයක් මෙන්ම සාංස්කෘතික සංවර්ධනයේ ප්‍රමුඛ අරමුණක් බවයි.
සාංස්කෘතික අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරුවන්නේ විද්යාත්මක සහ තාක්ෂණික දැනුමෙනි.
විද්යා අධ්‍යාපනයේ පොදු අරමුණුවන්නේ:
කෘෂිකාර්මික සංවර්ධනය, කාර්මික නිෂ්පාදනය, විද්‍යාත්මක පර්යේෂණ සහසමාජ අභිවෘද්ධිය ප්‍රවර්ධනය කිරීම,
විද්‍යාත්මක කුතුහලය සහ මිමංසාව පිළිබඳ ධී ගුණය සිසුනට සපයා දීම,
ස්වාභාවික ලෝකය තේරුම් ගැනීම සහ වෙනස්කිරීම,
දත්ත ගැන ප්‍රශ්න කිරීමට සහ දත්ත සෙවීමට ජනතාව දිරිගැන්වීම
මීට අමතරව විද්‍යා අධ්‍යාපනය අනාගත විද්‍යාඥයන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කරන සමස්ත ජනතාව අතර ස්වභාව ධර්මය සහ විද්‍යාවේ සොයාගැනීම් ගැන වඩාත් වැඩි සහ වඩාත් අදාල අවබෝධයක් පෝෂණය කරයි.
THE DEVELOPMENT OF SCIENCE EDUCATION IN DEVELOPING COUNTRIES යන පර්යේෂණ ලිපිය ඇසුරෙනි