මීමැසි ගහන වැනසීයාම වැළැක්විමට වැක්සිනයක්

Posted by

මී වදයක සිටින ශ්‍රමික මැස්සන් විසින් නිපදවනු ලබන ‘රාජකීය ජල්ලි'(royal jelly) මීමැසි ගහනය අතරේ ප්‍රතිශක්තිය ව්‍යාප්ත කිරීම සඳහා යොදා ගත හැකි බව නව අධ්‍යනයකින් හෙළිවෙයි. රාජකීය ජල්ලි, ගහනයේ සිටින, රජ මී මැස්සියන් බවට පත්වන කීටයන් පෝෂණය සඳහා යොදා ගන්නා,  මීමැස්සන්ගෙන් වෑහෙන ස්‍රාවයකි. අද ලෝකයේ රටවල් බොහොමයක් මුහුනපාන මීමැසි ගහන හානියට බලපාන රෝගවලින් ආරක්ෂාව සැලසීම සඳහා රාජකීය ජල්ලි යොදාගත හැකි වේ. ශාක සහ භෝග ගනනාවක් පරාගණය සිදුකරන්නේ මීමැස්සන්ය.  එහෙයින් මීමැසි ගහන පවත්වාගෙනයාම අතිශය වැදගත්ය.Related image

ජීවවිද්‍යාත්මක අණුවක් වන RNA යොදාගනිමින් මේ කාර්යය සඳහා ‘වැක්සීනයක්’ නිපදවීමට, එක්සත් රාජධානියේ, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වෙල්කම් ට්‍රස්ට් පිළිකා පර්යේෂණ ආයතනයේ, ආචාර්ය එයාල් මඕරි ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව සිටිති. RNA  සතුව කාර්යභාරයන් ගණනාවක් ඇති අතර ඇතැම් වයිරසDNA වෙනුවට RNA භාවිත කරයි. පර්යේෂකයන් වයිරස RNA කුඩා කොටස් මීමැස්සන්ට ලබාදුන් අතර මිමැස්සෝ වයිරසයට ප්‍රතිරෝධයක් ගොඩනගා ගත්හ. එය ඇත්තටම මිනිසුන් වන අප වැක්සිනයක අඩංගු රෝග සාම්පලයකට ප්‍රතිශක්තියක් ගොඩනගා ගන්නවා වැනිය.
වයිරසRNA මගින් මෙසේ ලබාගන්නා ප්‍රතිශක්තිය මීවදය පුරා ව්‍යාප්තවනවා පමණක් නොව පසුකාලීන පරම්පරා තුල ද ඉතිරිව පවතින බව පර්යේෂක්යෝ සොයා ගත්හ. මීමැස්සන්ට ලබාදෙන RNA ඔවුන්ගේ සංසරණ පද්ධතියට ඇතුල්වෙයි. එහිදී එය, ඔවුන්ගේ ජල්ලි වෑස්සෙන(ස්‍රාවය කරන) ග්‍රන්ථි තුල විසිරෙයි. එවිට සිදුවන්නේ නිපදවනු ලබන ජල්ලි RNA අණුවලින් සාරය උරාගණු ලැබීමයි. ඒ අන්දමට මෙම ජල්ලි ආහාරය සඳහා ලබාගන්නා කීටයන්ට නිරායාසයෙන්ම රෝග ආරක්ෂාව ලැබීමයි.


“RNA තනි තනි මීමැස්සන් අතරින් ඔබ්බටත් පැතිරී දෙමාපියන් සහ ඔවුන්ගේ දරුමුනුපුරන් අතරේ පමණක් නොව මීවදයේ එක්නෙකා අතර පැතිරෙන බව අපට සොයාගැනීමට හැකිවුණා” යයි මඕරි කියයි.
වයිරස වලට එරෙහිව පමනක් නොව මීමැසි ගහන හානියට බහෙවින් බලපා ඇති Varroa destructor නම් කීඩෑවන් මරදනයට ද මෙම ක්‍රමය යොදා ගත හැකිවෙතැයි පර්යේෂකයෝ අදහස් කරති.

BBC Science Focus(July, 2019) හී පළවූ  Royal jelly vaccines may help stop honey bee decline යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.