මනැස: දකින දේ තෝරා බේරා ගැනීම
The mind’s eye: sorting out what you see
ඔබට සර්පයෙකුගෙයි, ප්‍රෙස්ටෙල් සව් විස්කෝතුවකයි වෙනස කියන්න පුළුවන් ද? අපි වැඩිය ඒ ගැන නොසිතුවාට ලෝකය දෘෂ්ටිමය වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගැනීමට අප සතුව ඇති හැකියාව ලොව වඩාත්ම සංකීර්ණතම රොබෝලාට පවා සම කළ නොහැකි දක්ෂකමකි. අපේ ඇස පිටුපස මතට අහඹු ලෙස වැටෙන පෝටෝනවලින්(photons), සමහරක් ආසන්නයේ ද, සමහරක් දුරින් ද, හොඳින් ආලෝකය වැටී ඇති සමහරක් සහ සෙවනැලි අතරේ ඇති සමහරක් එමෙන්ම වෙනත් ඒවාට මුවාවී බොහොමයක් ද වශයෙන් විවිධ වස්තූන් ගෙන් සැදුම්ලත් සංකීර්ණ දසුන් මවා ගැනීමට අපට හැකිය.
දෘෂ්ටි විතානයේ නිශ්චිත ස්ථානයකට වැටෙන, පොටෝනවලින් එන තොරතුරු ඒවායේ තරංග ආයාමයට(වර්ණය), සහ ඒවායේ සංඛ්‍යාවට(ප්‍රභාව හෙවත් දීප්තිය) සීමා වෙයි. එම දත්ත අර්ථයක් ඇති චිත්ත රූප බවට පෙරළීම අසීරු අභියෝගයකි. මන්ද, විචල්‍යයන් බොහොමයක් සමබ්න්ධව ඇති බැවිනි. යම් වස්තුවකින් පිටතට පනින පෝටොන සංඛ්‍යාව රඳා පවතින්නේ ආලෝක ප්‍රභවයේ දීප්තිමත් බාවය මෙන්ම වස්තුව කොපමණ නම් අඳුරු ද හෝ පැහැයෙන් අඩු ද යන කාරණා දෙකම මතය.
පිරිසැකසුම් බොහොමයක් සිදුවන්නේ මොළයෙහි පිටුපස පිහිටි දෘෂ්ටි වල්කයේ හෙවත් බාහිකයෙහිය(visual cortex). යම් වස්තූන් හො අයිතමයන් තවත් ඒවා වසන් කරන විට එකක් කෙළවරවී අනෙක පටන්ගන්නේ කොයිබින් ද යන්න මොළය මගින් තීරණය කොට ඒවායේ (පාදක කර ඇති) හැඩය ගැන තීන්දුවක් ගත යුතුය. එමෙන්ම, එකම වස්තුව විවිධ දෘෂ්ටි කෝණවලින් හඳුනා ගත යුතුය: පුටුවක රූපය නැතිනම් හැඩය පැත්තෙන් දකින විට සහ ඊට සාපේක්ෂව උඩ සිට දකින විට වෙනස සලකන්න. එපමනක් ද නොව නව්‍ය වස්තූන් — නිදසුනක් හැටියට අපි හිතමු අනාගතවාදී(ඒ කියන්නේ මතු කාලයේ එළිදැකිය හැකි මාදිලියේ) පුටුවක් කියලා — මගින් එල්ලවන අභියෝගයට ද මොළය මුහුණ දිය යුතුය.
හිස්තැන් පිරවීම
ඉතින් කොහොමද මොළය ඔය ආකාරයේ ඉන්ද්‍රජාලික වැඩ සිද්ධ කරන්නේ? මනෝ විද්‍යාඥයන් විසින් ගෙස්ටල්ට(රූප සංවිධානය) මූලධර්ම(‘gestalt principles’) ලෙස හඳුන්වනු ලබන මූලික නීතිරීති කිහිපයක් උකහා ගනු වස් ඇස්වල සාමාන්‍ය පෙනුම සහිත පුද්ගලයන් යොදාගෙන විසිවැනි සියවසේ මුල් කාලයේ දී සරල සම්පරීක්ෂණ සිදුකළහ. නිදසුනක් ගනිමු: අනුරූපයක අංග දෙකක් — අපි හිතමු එකම වර්ණය, එකම හැඩය හෝ එකම ප්‍රමාණය කියලා — අංග දෙකක් එක සමාන යයි පෙණීයන්නේ නම් මොළය ඒ අංග දෙක එක වර්ගයකට ගොනු කරයි. තවද, යම් වස්තුවක් සම්පුර්ණයෙන්මනොපෙනේ නම් අපි මනසින් එහි හිස් තැන් පුරවන්නෙමු.
එය එසේ වුවත්, දෘෂ්ටිමය සංජානනය විස්තරකිරීමේ දී මෙකි මූල ධර්මයන්ට හැක්කේ එම කාර්ය අඩ වශයෙන් ඉටු කිරීම පමණකි. දර්ශනයක, එකිනෙකට වෙනස් වස්තු අප වෙන් කරගන්නේ කෙසේද යන්න ඒවායින් පැහැදිලිකෙරේ. එසේවුවත්, එම වස්තු මොනවාදැයි අප දන්නේ කොහොමද යන්න ඒවා මගින් පැහැදිලි කෙරෙන්නේ නැත. නිදසුනක් ලෙස තේ කෝප්පයක් ගමු. එය අප උඩ සිට බලන ආකාරයෙන් හෝ පැත්තකින් දකින ආකාරයෙන් හෝ දුටුවත්, ඒ වගේම ආළෝකය හෝ අඩ අඳුරේ හෝ දුටුවත් එය තේ කෝප්පයක් යයි අප දන්නේ කෙලෙසද? අප මෙය කෙතරම් පහසුවෙන් සිදුකරනවාද කියතොත්, එය තේරුම් බේරුම් කර ගැනීම පිණිස විද්‍යාඥයන් යොමුවන්නේ දෘෂ්ටි අසංඥතාව(visual agnosias) යනුවෙන් දැක්වෙන දෘෂ්ටි පද්ධතියේ ආබාධයක් සහිත පුද්ගලයන් වෙතය. දෘෂ්ටි අසංඥතාව සාමාන්‍යයෙන් ඇතිවන්නේ මොළයේ කිසියම් ආකාරයක හානියක් ඇතිවූ විටය.
clinical types of visual agnosia
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදය ඇසුරෙනි