සැමට විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලෙහි සුලමුල 28 : ආහාර පිසීම ඇරඹුණේ කිකල ද?

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

 

ආහාර පිසීම ඇරඹුණේ කිකල ද?

උදෑසන ආහාරය :තන්තුමය සහ තිත්ත රසැති කොළ වර්ග, පලතුරු
දහවල් ආහාරය : ගස්වල පොතු, පලතුරු, වඳුරු මස් සහ මොළ අමුවෙන්
රාත්‍රී ආහාරය : ගස් කොළ, පලතුරු

නැහැ නැහැ… මේ හොලිවුඩ් හෝ වෙනත් එවැනි සුපිරි තැනක නවීනතම ආහාර විලාසිතාවක මෙනු පත්‍රයකින් උපුටාගත්තක් නොවේ. මෙය (අපේ ආහාරය සඳහා තිබෙන්නක් නොව) දැනට ජීවත්වන අපගේ සමිීපතම ඥාතී සතුන් වන චිම්පන්සින් ගේ ආහාර වට්ටෝරුවක් පමණකි.

එය එතරම් රුචි වඩවන හෝ විවිධත්වයකින් හෝ යුතු ආහාර  වට්ටෝරුවක්  නොවන බව සැබවි. අනෙක් අතට මනුෂ්‍යයන් වශයෙන් ගත්තහම අපට තෝරාගන්න කෑම ජාති  කොපමණ නම් තියෙනවද?  එපමණක් නොවෙයි එම කෑම  වර්ගවල රසායනික සංයුතිය වෙනස් කිරීමේ හැකියාව තිබෙන,  හිතාගන්න බැරි තරමට විවිධත්වයකින් යුතු ශිල්ප ක්‍රමය ද එමටයි.  මෙකී රසායනික සංයුතිය වෙනස්වීම සිදු කෙරෙන්නේ තාපය එකතු කිරීමෙන්. ඒ කියන්නේ  රත් කිරීමෙන්. අපි ඒකට කියන්නේ ආහාර පිසීම කියලයි.

Related image

මනුෂ්‍යයන් දැන් මේ ලෝකයේ කොයි කොයි තැන හිටියත් (ආහාර) පිසීම කාටත් පොදුයි. හිමෙන් වැසීගිය ආක්ටික් කලාපයේ  ඉනියුට් ගෝත්‍රිකයන් අතරේ  සිට සහරාවෙන් දකුණේ දඩයම්කරු ආහාර රැස්කරන්නන්(hunter-gatherers) දක්වා සියලුම සංස්කෘතීන්වල මිනිස් ජීවිත නොනැසී පවතින්නේ රත් කිරීම මගින් රසායනිකව සහ  භෞතිකව වෙනස්කළ ආහාර මඟිනුයි. එය නම් අදහා ගැනීමට නොහැකි මට්ටමේ පුදුමාකාර නිපැයීමකි. පිසීම නිසා කෑම දිරවීමට වඩාත් පහසු වේ; ආහාර විෂව වීමට බලපාන බැක්ටීරියා විනාශ වේ. එහෙත් කෑම පිසීම කවදා කොතැනකදී ඇරඹුණේ ද යන්න  නම් දැඩිව විවාදයට පාත්‍ර වූ මාතෘකාවක්. ඒක ‘අන්න සටන‘ ලෙස (food fight) හැඳින්වීමට පුළුවන්.

(අන්න කියන්නේ ආහාරයට තවත් නමක්. අන්න ගවේශකයා කියන්නේ ආහාර රැස්කරන්නා food gatherer යන්නයි.)

ගින්නෙන් තොර ආහාරයක් නැත
ගින්දර නැතුව කෑම පිසින්න බැහැනේ. ඉතින් මිනිසා විසින් ගින්දර තම පාලනයට යටත් කර ගනු ලැබීම ගැන සාක්ෂි සෙවීමෙන් ආහාර පිසීම ඇරඹුණේ කීකල ද යන ප්‍රශ්නය විසඳා ගත හැකි වීමට පුළුවන. මෙය ඇත්තටම ගිනි අවුලන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මන්දා, පුරාවිද්‍යවිද්‍යාත්මක වාර්තා අතරේ ගින්දර ගැන සටහන් හඳුනාගැනීම ගැටලුසහගත බැවිනි. සාහිත්‍යමය වශයෙන් දක්වතොත් සාක්ෂි ගින්නට හසුව දැවී අළුවී ගොසින්ය. තවද හිතාමතාම දැල්වූ ගින්නක අවශේෂත්, අකුණු කෙටීමක් හේතුවෙන් හටගත් ගින්නක අවශේෂයත් වෙන්කොට හඳුනා ගැනීම අසීරු හෙයිනි. මේ කාරණා නිසා තමයි ගින්දර පිළිබඳ යම් ලකුණක්, සලකුණක් ගැන පුරාවිද්‍යාඥයන් ගුහා ඇතුලේ සොයන්නේ.

දකුණු අප්‍රිකාවේ වොන්ඩවර්ක්(Wonderwerk) ලෙනෙහි තිබූ අළු සලකුණු දක්වන්නේ අඩු තරමින් වසර මිලියනකටත් පෙර හොමිනින්වරු ගින්දර පාලනයට හුරු ව සිටි බවයි. ඒ කියන්නේ අපේ සෘජු පූර්වජයාගේ — හෝමෝ ඉරෙක්ටස් ගේ(homo erectus) කාලයේදීය. මේ ස්ථානයෙහි තිබී පිලිස්සුන අස්ථි කැබලි හමු වීමෙන් පෙනී යන්නේ හෝමෝ ඉරෙක්ටස් ලා මස් පිසීම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් ලිප් ලෙස පැහැදිලිව පෙනෙන (ලිප්වල) පැරණිතම අවශේෂ, හුදෙක් වසර 400,000 පමණයි පැරණිව්න්නේ. හෝමෝඉරෙක්ටස්ලාගෙන් මෙයට වසර 250,000 පමණ පෙර පරිණාමය වූ නියැන්ඩර්තාල්වරු ගිනිදැල්වූ බව ස්ථිරවම කිව හැකිය. නියැන්ඩර්තාල් විසූ ස්ථාන බොහොමයකින් ගිනිදැල්වූ ලිප් සොයාගත හැකි වීමෙනි. මින් සමහරක පිලිස්සුණනු අස්ථි ද විය. නියැන්ඩර්තාල්වරුන්ගේ දන්ත හෙවත් දත් මැලියම් පරික්ෂා කිරීමෙන් ද අපට පෙනී යන්නේ ඔවුන් සිය ආහාරය රසවත් කිරීම පිණිස ඖෂධීය ශාක යොදාගත් බවයි. එසේ වුවද, ඔවුන් සිරිතක් වශයෙන් සිය ආහාර පිසූවේද යන්න අපි හරි හැටි නොදන්නෙමු.

Related image
අපේම විශේෂයවන හෝමෝ සේපියන්වරුන් ආහාර පිසු බවට ලැබෙන පැරණිතම ස්ථිර සාක්ෂිය ලැබෙන්නේ හුදෙක් අවුරුදු 20,000 වැනි කාලයකට පෙරය. ඒ චීනයේ මුල්ම වළං සෑදූ අවධියේය. බඳුන්වල පිළිස්සුණු ලකුණු සහ ඒවායේ පිටත දැලි දක්වන්නෙ ඒවා පිසීම වෙනුවෙන් භාවිත කළ බඳුන් බවයි. කෙසේවෙතත්, සමස්තයක් වශයෙන් ගත් කළ පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් පැහැදිලි චිත්‍රයක් මැවෙන්නේ නැත. ඒ සඳහා අප වෙනතකට යොමු විය යුතුවේ.

Related image

වසර මිලියන1.9 පමණ පෙර හොමිනින් ජීවවිද්‍යාවේ ප්‍රධාන පෙළේ විපර්යාසයන් හටගත්තේ ය. ඔවුන්ගේ පූර්වජයන් හා සංසන්දනය කරන විට හෝමෝ ඉරෙක්ටස්ට තිබුනේ කුඩා දත්, කුඩා සිරුරක් සහ බෙහෙවින් විශාල මොලයකි. ඉතින් මේ කාරණා අපේ මාතෘකාවට අදාලවන්නේ කෙසෙද යන්න හා තවත් කරුණු ගණනාවක් හෙට(අගෝස්තු 4දා) සාකච්ඡාවට ගමු.

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHAT WAS THE FIRST COOKED MEAL? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: