සියල්ලෙහි සුලමුල 28 : ආහාර පිසීම ඇරඹුණේ කිකල ද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

වසර මිලියන1.9 පමණ පෙර හොමිනින් ජීවවිද්‍යාවේ ප්‍රධාන පෙළේ විපර්යාසයන් හටගත්තේ ය. ඔවුන්ගේ පූර්වජයන් හා සංසන්දනය කරන විට හෝමෝ ඉරෙක්ටස්ට තිබුනේ කුඩා දත්, කුඩා සිරුරක් සහ බෙහෙවින් විශාල මොලයකි. ඉතින් මේ කාරණාව අපේ මතෘකාවට අදාල වෙන්නේ කොහොමදැයි දැන් සලකා බලමු.

ප්‍රයිමේටවේදී(primatologist) රිචඩ් ව්රැන්හැම් විසින් ඉදිරිපත් කරන ලද මතභේදාත්මක උපන්‍යාසයකට අනුව ඉහත කී වෙනස්කම් මෙහෙයවනු ලැබුවේ පිසින ලද ආහාර මගිනි. එපමණක්ද නොව. අපේ පරම්පරාව වඩාත් වානර සමානතාවෙන් යුතු පූර්වජයන්ගෙන් වෙන්වන්නට බලපාන්නට අති බවත්, එමෙන්ම හෝමෝ සේපියන් ශරීරවලට පිසින ලද ආහාර නොමැතිව පැවතිය නොහැකි බවත් ව්රැන්ග්හැම් විශ්වාස කළේය. මේ ඇයිදැයි තේරුම් ගැනීමට නම් චිම්පන්සියකු ආහාරයට ගන්නා කෑමම, කෑමට ගන්නේ යයි පරිකල්පනය කරන්න. ශක්තිය බහුලව යොදා ගන්නා ඔබේ මොළයට ඉන්ධන සැපයීම සඳහා අවශ්ය කැලරි සපයා ගැනීමට නම් ඔබට මුළු දිවාකාලයම පාහේ කෑම සොයමින් වෙහෙසිය යුතු වේ. චිම්පන්සීන් ද  අඛණ්ඩව අන්න ගවේෂණය කරන අතර ගෝරිල්ලන් හා ඔරං උටං ආහාර ගැනීම සඳහා දිනකට පැය නවයක් වැයකරති.

දුර්වල හනුව


අපට බාගදා ඊට වැඩි වේලාවක් කෑම කෑමට සිදුවන්නට පුළුවන. අපේ මොළය (ඔවුන්ගේ) මොළවලට වඩා දෙගුණයක් විශාල අතර ගුණාත්මක බවින් අඩු, අමු ආහාර නිසියාකාරව ජීරණයවීමට තරම් වේලාවක් රඳවා තබාගැනීමට නොහැකි තරමට අපේ අතුනුබහන් කුඩා වැඩිය. ඇත්තම වශයෙන්ම අප මහා වානරයෙකුගෙ ශරීර ප්‍රමාණයෙන්ම යුක්ත නම් එවිට අපේක්ෂාකරන බරෙන් අපේ බඩවැල් සියයට 60ක් පමණකි.
අපේ කුඩා දත් සහ කුඩා හණු මඟින් ද කියනු ලබන්නේ ඒ ආකාරයේම කතාන්දරයකි. තද, අමු ආහාර විශාල ප්‍රමාණයක් ඇඹරීමට තරම් අපේ දත් කුඩා වැඩියි. හෝමෝ හැබිලිස් වැනි මුල් කාලයේ හොමිනින්වරු සමග සංසන්දනය කරද්දී නූතන මානවයන්වන නියැන්ඩර්තාල් සහ හෝමෝ ඉරෙක්ටස් යන සියලු දෙනාගේම ඔවුන්ගේ ශරීර ප්‍රමාණයට සාපේක්ෂව කුඩා දත්ය. ව්රැන්ග්හැම්ට අනුව නම් මෙකී රූපවිද්‍යාත්මක අංග ලක්ෂණ වනාහි වසර මිලියන 9කට පමණ පෙර හටගත් කෑම පිසීමට අනුවර්තනය වීම්ය.

Related image

ස්ථිර වශයෙන්ම අපේ ආදිතමයන්ගේ ජීවිතය යහපත් අතට හරවන්නට හැකිවන අයුරින් ආහාර පිසීම ඔවුන්ගේ දිවි මඟ වෙනස් කළේය. රත්කිරීමෙන් මස් වඩාත් බුරුල් වන අතර එහෙයින් සැපීම සඳහා ගත කළ යුතු වන්නේ අඩු වේලාවකි. එය කාලය වඩාත් ඉතිරිකරදෙයි. තවද, වැඩි කලරි ප්‍රමාණයක් මුදාහරියි. එක සමාන අමු කැලරි ප්‍රමාණයකට වඩා පිසූ ආහාර කෑමට දුන් කොස් ඇට මීයෝ ස්ථුල බවට පාත්ර වුහ. රත්කිරීමෙන් පිසූ ආහාර වඩාත් ආරක්ෂා දායකය. අහුලන් කන මස්වල ඉහළ මට්ටමක ව්‍යාධිජනක දක්නට ලැබේ. ඒවා උණු ගිනි අඟුරු මත තබා රෝස්ට් කිරීමෙන් ආහාර විෂ වීමට මග පාදන විෂබීජ විනාශ වේ. ආහාර පිසිමේ තවත් වාසියක් වන්නේ නොපිසා කෑමට ගත නොහැකි අල වැනි ආහාර ඛාද්‍ය හෙවත් කෑමට යෝග්‍ය බවට පත් කරයි. ආහාර සොයා ගොස් කෑමට ගැනීමට වැයකරන කාලය වඩාත් ප්‍රියජනක වෙනත් කාර්යයන් ඉටු කිරීම පිණිස යෙඩිය හකිඅ. පිසූ විට ආහාර සාමාන්‍යයෙයන් වඩාත් රසවත් වේ. අපේ මුතුන් මිත්තන් ඔය වෙනස අගය කළා ද යන්න අපට දැන ගැනීමට මගක් නැත. එහෙත් වානරයන් යොදාගෙන සිදු කළ අවස්ථාවල දී පෙනී යන්නේ ඔවුන් ද පිසූ ආහාර වලට වැඩි කැමැත්තක් දක්වන බවයි. අධ්‍යයනවල දී බොහෝ අවස්ථාවල ඔවුන්ගේ තේරීම, අර්තාපල්, කැරට් සහ බතල වල අමු ස්වරූපයට වඩා බේක් කල ස්වරූපය.

සියල්ල එකවර ගිල දමන්න එපා!

Related image

ආහාර පිසීම පිණිස ගින්දර පාලනය කිරීමට එහා ගිය ප්‍රජානන කුසලතා අවශ්ය වේ. මේ කුසලතා අතර කෑමට යොදන ද්‍රව්ය තත්වයෙන් බාලකිරීමට ඇති පෙළඹීම වලක්වා ගැනීමට ඇති හකියාව, ඉවසීම, ස්මරණ ශක්තිය සහ (ආහාරයේ) ස්වභාවය වෙනස්වීම හෙවත් පරිවර්තනය වීමේ ක්‍රියාදාමය වටහා ගැනීමද දැක්විය හැකියි. චිම්පන්සින් යොදාගෙන මෑතක සිදු කළ අත්හදා බැලීම් වලින් පෙන්නුම් කරන්නේ ආහාර පිසීම සඳහා අවශ්ය ප්රජානන, චර්යාමය කුසලතා බොහොමයක් ඔවුන් සතුව ද තිබෙන බව පැහැදිලි විය. එමනිසාවෙන් අනුමාන කළ හැක්කේ හෝමෝ ඉරෙක්ටස්ට කෑම පිසීමට අවශ්ය කුසලතා තිබෙන්නට ඇති කියාය.

කෙසේ වෙතත් කෑම පිසීමේ උපන්‍යාසයේ අඩුලුහුඬුකම් ඇත. පිසූ ආහාර හේතුවෙන් ඇතිවී යැයි කියනු ලබන විශාල මොළයක් පිහිටීම වැනි අනුවර්තනයන් බොහොමයක් අමු මස් පරිභෝජනය වැඩිකිරීමෙන් ද ඇතිවෙන්නට පුළුවන. ජීව විද්යාත්මක සාක්ෂි සහ ගින්දර සොයා ගැනීම් පිළිබඳ සාක්ෂි අතර කාලයෙහි හිඩසක් තිබීම නැතිනම් අසම්බන්ධය ද ගැටලු මතුකරන්නකි.
එහෙත් කෑම පිසීම කොයි කලෙක ආරම්භ වූයේ වී නමුත් එය අද වන විට මානව සංස්කෘතිය වඩාත් විවිධත්වයෙන් හෙබි, නිර්මාණාත්මක අංග බවට පත්ව ඇත. සත්ත්ව, ශාක, දිලීර සහ ඇල්ගී විවිධ වර්ග දහස් ගණනක් අනේක වූ පිසීමේ ක්රම යොදා ගනිමින් අපි ආහාර පිසින්නෙමු. අප කෑම ගැනීම වෙනුවෙන් වැය කරනවාට වඩා බොහෝ සෙයින් වැඩි වේලාවක් ආහාර පිළියෙල කිරීම, එය සැලසුම් කිරීම සඳහා වැය කරන්නෙමු. ඉන් නොනැවතී අප රූපවාහිනිය ඉදිරියේ වාඩිවී මිලියන ගණනක් නිවාස වල ජනතාව අතරේ ප්‍රකට  පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනු ලබන ආහාර පිළියෙල කිරීම ගැන සැකසුණු වැඩසටහන් නරඹමින් පැය ගණන් ගත කරන්නෙමු. අපි ආහාර පිසින්නෙමු. අප අප වී ඇත්තේ එහෙයිනි.

ආහාර කරකර සැකසීම

ආහාර පිසීමේ දී වඩාත්ම වැදගත් වන ක්‍රියාදාමයක් වනුයේ මයිලාඩ් ප්‍රතික්‍රියාවයි(Maillard reaction). මේ ප්‍රතික්‍රියාව ගැන ප්‍රථමයෙන්ම විස්තර කළේ  ප්‍රංශ ජාතික රසායනඥයකුවූ මයිලාඩ්ය. ඒ 1912 දීය. සීනි සහ ඇමයිනෝ අම්ලය අතර ප්‍රතික්‍රියාවක් වන එමගින් තමයි මස්, ටෝස්ට්, බිස්කට් සහ තෙම්පරාදු කර ගන්නා ආහාර මෙතරම් රසවත් කරන දුඹුරු සංයෝග නිපදවන්නේ. මානවයන් පොදුවේ ගත් කල මයිලාඩ් ප්‍රතික්‍රියාවට බඳුන් වූ ආහාර වඩාත් ප්‍රිය කරති. එහෙම උනාට පරිණාමය දෘෂ්ටි කෝණයකින් බලන විට මෙය පැහැදිලි කිරීම්ට අසීරු දෙයකි. මයිලාඩ් ප්‍රතික්‍රියාව හේතුවෙන් ආහාර – විශේෂයෙන් මස් – දිරවීම වඩාත් අපහසු කරයි; පෝෂක කොටස් විනාශ කරයි; පිළිකාකාරක රසායන නිපදවයි. බාගදා මේ අවාසිදායක නිර්ණායක ආහාර පිසීමෙන් ඇතිවන වාසි මගින් දැවැන්ත ලෙස අභිබවන්න ඇත. එහෙයින් ‘කර කළ‘ ආහාරව වලට රුචියක් දක්වන අයුරින් අප පරිණාමය වන්නට ඇත. එහෙත් එවන් ආහාර, ආහාර පිසීමට නොහැකි එහෙයින්ම ආහාර පිසින්නේ නැති මහා වානරයන් විසින්ද ප්‍රිය කරනු ලබන්නේ මන්ද යන්න ඉන් පැහැදිලි නොවේ.

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHAT WAS THE FIRST COOKED MEAL? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.