අද ලෝකය තුළ විද්‍යාව සහ තාක්ෂණය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවත්, විද්‍යාත්මක හා තාක්ෂණික අභිවෘධියට විද්‍යා අධ්‍යාපනයේ සංවර්ධනය අවශ්‍යවේ. විද්‍යා අධ්‍යාපනයේ දියුණුව ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත්පත් කර දීමටත් එමෙන්ම සාංස්කෘතික සංවර්ධනයටත් මගපාදයි. මේ අනුව කාර්මික වශයෙන් සංවර්ධිත රටවල් විද්‍යා අධ්‍යාපනයට ලබාදිය යුතු පරිදි වැදගත්කමක් ආරෝපණය කර ඇති නමුත් ඇතැම් කාර්මික නොවන රටවල් මෙහිදී අසාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ විෂයමාලාවේ අඩුලුහුඬුකම්, සම්පත් ප්‍රමාණවත් නොවීම සහ වෙනත් අගහිඟකම් යනාදියයි.
මෙම ලිපි මාලාවේ අරමුන වන්නේ විද්‍යා අධ්‍යාපනයේ වැදගත්කම නිර්නය කිරීම. විද්‍යා අධ්‍යාපනයේ ඓතිහාසික වර්ධනය කෙටියෙන් සලකා බැලීම සහ විද්‍යා අධ්‍යාපනයේ වර්ධනයට කිනම් සාධක වැදගත් ද යන්න විග්‍රහ කිරීමයි.
විද්‍යා අධ්‍යාපනය වැඩි දියුණුව සඳහා නව පර්යේෂණ
විද්‍යාව හා තාක්ෂණය ඉංජිනේරු සහ ගණිතය (විතාඉංග) හෙවත් Science, Technology, Engineering, and Mathematics (STEM) අධ්‍යාපනය ඇමරිකා ඇමරිකා එක්සත් ජනපදයෙහි අනාගතයට අතිශය වැදගත්ය. එරට ආර්ථිකයට එහි ඇති සම්බන්ධය සහ නූතන සමාජය මුහුණපාන ප්‍රශ්න පිළිබඳව බුද්ධිමත් තීරණයක් ගැනීමට පුරවැසි පිරිසකගේ අවශ්‍යතාවය මෙයට හේතු වේ. STEM (විතාඉංග) අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා කෙරෙන ඉල්ලීම් එන්ට එන්ට ම ව්‍යාප්ත වෙමින් පවතිනවා පමණක් නොව දැඩි නොසන්සුන් බවක් ද පෙන්නුම් කරන්නට පටන්ගෙන තිබේ. තවද STEM අධ්‍යාපනය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැඩසටහන් ජාතික, ප්‍රාදේශීය සහ පෞද්ගලික වශයෙන් ඕනෑතරම් ඇතත් සිසුන්ගේ කාර්ය සාධනය හෝ STEM අධ්‍යාපනය ගැන සිසු උනන්දුව සම්බන්ධයෙන් වෙනසක් ඇතිවි තිබෙන්නේ නම් ඒ ඉතා සුළු වශයෙනි. STEM අධ්‍යාපනයට අදාළ අධ්‍යාපනික ගැටළු පුළුල් සාකච්ඡාවට ගැනුණේ වී නමුදු, මෙම කතිකාව තුළ ඉගෙනීම්(learning) ගැන අවධානයක් නොමැති තරම්ය.
මෙය ඇත්ත වශයෙන්ම කණගාටුදායකය. මන්ද කීවොත් උගෙනීම ඉෂ්ටසිද්ධ කර ගන්නේ කෙසේද යන්න ගැන මෑතක පර්යේෂණමය දැනුම් සම්භාරයක් ගොඩනැඟී ඇති හෙයිනි. ඵලදායි STEM අධ්‍යාපනය සමන්විතවන්නේ කුමකින්ද එමෙන්ම එය ප්‍රාථමික හා ඉහළ පංතිවල වර්තමානයේ කෙරෙන ආකෘතිකමය ඉගැන්වීමෙන් වෙනස් වන්නේ කෙලෙසද යන්න ගැන පැහැදිලි ගම්‍යකිරීම් ඊට ඇතුලත්ය. ඉගෙනීම අවධාරිත මේ පර්යාලෝක වටහාගැනීමට අපොහොසත් වීම සංශෝධනය සඳහා වන බොහෝ ප්‍රයත්නයන් අසාර්ථක වීමට පාදක හේතුව ද වේ. එපමණක් ද නොව අර්ධ වශයෙන් රජයේ වැඩසටහන් මගින් මෙහෙයවනු ලබන, උසස් අධ්‍යාපනය දිරිගැන්වීමේ පද්ධති, පර්යේෂණ පාදක කරගත් මෙකී අදහස් උගැන්වීමේදී සහ ගුරු පුහුණුවේ දීද යොදා ගැනීම වළක්වාලීමට මුල්වෙයි.
නව ප්‍රවේශයක්
STEM අධ්‍යයනය සඳහා වර්තමානයේ අනුගමනය කෙරෙන ප්‍රවේශය ගොඩනැඟී ඇත්තේ එකිනෙකට වෙනස් මොළ සහිත සිසුන් පාසලට පැමිණෙන්නේය, එමෙන්ම අධ්‍යාපනය යනු මෙම මොළ දැනුම, කරුණු කාරණා, සහ ක්‍රියාදාමයන් තුළ ගිල්වීමේ සූක්ෂම පිරිසැකසුමක්ය, අනතුරුව ඒවා, පිරිසැකසුම හේතුවෙන් එකී මොළ එක එක විවිධ මට්ටම්වලින් අන්තර් ග්‍රහණය කර ගන්නේය යන උපකල්පිතය මතය. අන්තර්ග්‍රහණය කිරීමේ ප්‍රමාණය වැඩි කොට ම තීරණය වන්නේ එම මොළවල ආවේණික හෙවත් සහජාත කුසලතාව සහ උනන්දුව මතය. මේ අනුව, STEM කුසලතාව සහිත අය සාමාන්‍යයෙන් පහසුවෙන් සාර්ථක වන අතර ඒ අතර සෙස්සන්ට බලාපොරොත්තු තබා ගැනීමට හැකියාවක් නොමැත්තේය. මොළ භෞතවේදය සහ පන්ති කාමර භාවිතයන් සම්බන්ධයෙන් වන සංජානන මනෝවිද්‍යාත්මක පර්යේෂණ ප්‍රගතිය නම් ඉගෙනීම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මවන්නේ ඉතා බෙහෙවින් වෙනස් චිත්‍රයකි.
සංකීර්ණ විශේෂඥතාවය යනු පවතින මොළයක් දැනුමෙන් පිරවීමේ ව්‍යායාමයක් නොව එහෙත් මොලයේ සංවර්ධනයට අදාළ වූවක්ය යන්න අපි උගෙන ගනිමින් සිටින්නෙමු. මෙම වෘද්ධිය ඇතිවන්නේ සුවිශේෂ වූ විශේෂඥතාව විග්‍රහ කෙරෙන සංජානන ක්‍රියාදාමයේ සූක්ෂම භාවිතයෙහි ප්‍රතිඵලයක් හැටියටය. එමෙන්ම ඉගෙන ගන්නා අය අතර ආරම්භක වශයෙන් ඇති වෙනස්කම් වල බලපෑම ඵලදායී ඉගැන්වීම මගින් විශාල වශයෙන් අඩු කරගත හැකිය.
මතුපිට යටින් ඇති හේතු සාධක සහ ප්‍රතිපත්ති, මෙන්ම වැදගත් සුවිශේෂී ප්‍රතිඵල නව පර්යේෂණ මගින් තහවුරු කර තිබෙන නමුත් එය බෙහෙවින් අසම්පූර්ණය. STEM අධ්‍යාපනයට අදාළව සම්පූර්ණ කුසලතා පරාසය මත අපේක්ෂිත උගෙනීම වඩාත් ඵලදායි වන්නේ කෙලෙසද යන්න ගැන සහ අපගේ පන්ති කාමරවල ඇති විභව්‍ය (හෙවත් විභවයන් සහිත) ශිෂ්‍යයෝ මෙන්ම ගුරුවරුන් වඩාත් හොඳින් පුහුණු කරන්නේ කෙලෙසද යන්න ගැන තව තවත් පර්යේෂණ අවශ්‍ය වේ.
STEM උගෙනීම යනු කුමක්ද යන්න ගැන ලබන සදුදා එනම් දොළොස් වැනි දා හමුවී තවදුරටත් සාකච්ඡා කරමු.