ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි සතුන්ව හීලෑ කළේ කොහොමද?
ප්‍රංශයේ සුප්‍රකට ලැස්කො ගුහා චිත්‍ර බලන්න ගියොත් ඔබට ප්‍රාග් ඓතිහාසික සත්තු අතරට මැදි වුණා වගේ හැඟීමක් ඇතිවේවි. ගුහා චිත්‍ර 2000ක තරම් ප්‍රමාණය අතරින් භාගයකකට ආසන්න ප්‍රමාණයක් සත්ව රූප:අශ්වයන්,ගෝනුන්,බයිසන් ගවයන්, බිළාලයන්, වළසුන්, කුරුල්ලන්, රයිනෝ ඒ රූපවලින් දැක්වෙනවා. අවුරුදු 17,300කටත් ඉස්සර මේ රූප ඇඳපු ජනතාව පහැදිලිවම ඔවුන්ගේ වටපිටාවේ දකින්නට ලැබුණු සත්තු දැකලා වශීවෙලා ඉන්නට ඇති; මන්ද, ගහ කොළ හෝ භූමි දර්ශන කිසිවක් ඒ රූප අතර නැහැ; සත්තු හැරුණහම අතිත් චිත්‍ර හැම එකක්ම මිනිස් රූප, එහෙමත් නැතිනම් හඳුනාගන්න අසීරු සංකේත. නමුත් සතෙක්ව හීලෑ කරගැනීම, සතෙකුව අයිතිකර ගැනීම ඔවුන්ට නම් මුලුමුලින්ම නුහුරු සංකල්ප වන්නට ඇති. ලැස්කො ගුහා චිත්‍රවලින් පෙන්වන්නේ වන සතුන්වම තමයි.
වර්තමානය වන විට අපි සත්තු සමග පවත්වන සබඳතාව සහමුලින්ම වෙනස් වෙලා. පසුගිය සහස්‍ර 15ක කාලයේදී අපි දැවැන්ත අලි ඇත්තු වගේම පුංචිම පුංචි කෝඳුරුවනුත් ඇතුළුව වනසත්ව විශේෂ සිය ගණන් ගෘහාශ්‍රිත සත්තු බවට හරවලා. උන් අපිට ආහාර සපයාගැනීම, ශ්‍රම දායකත්වය, ප්‍රවාහනය, අමු ද්‍රව්‍ය සැපයීම, පොහොර සැපයීම, පළිබෝධ පාලනය කිරීම, ගාල්කර රැකබලා ගැනීම, තනි රැකීම, විනෝදාස්වාදය සැපයීම,පර්යේෂණ කටයුතුවලට සහය වීම ඇතුළු ක්‍රම ගණනාවකින් අපට සහය වෙනවා, සේවා සපයනව.
සත්ව පාලනය සඳහා යොදාගන්නා සත්තු පමණක් සැලකිල්ලට ගත්තොත් පෘථිවියේ වාසයකරන ගෘහාශ්‍රිත සතුන්ගේ ප්‍රමාණය බිලියබ 32කට ආසන්න අගයක් ගන්නවා. දල වශයෙන් බල්ලන් බිලියනයකුත්, ඒ ප්‍රමාණයෙන් දෙගුණයක් බළල්ලුත් ගෘහාශ්‍රිතතව ජීවත් වන බව නිගමනය කරන්න පුළුවන්. වෙනත් සත්තු ගැන් කතාකරන කොට ඊට වඩා විස්තරාත්මක දත්ත සැපයීම අසීරු වුණත්, අප අවට සිටින මීයන්, කොස් ඇට මීයන්, රට හාවන්, මාළුවන්, මී මැස්සන්, පට පනුවන්, ගොළුබෙල්ලන්, මැඩියන්, සර්පයන්, වෙද කූඩැල්ලන්, කෝඳුරුවන් වගේ ගෘහාශ්‍රිත සතුන්ගේ ප්‍රමාණය සලකා බැලුවොත් ඔබට සම්පූර්ණ චිත්‍රය ගැන යම් අවබෝධයක් ඇති වේවි. ඇත්තෙන්ම මේ තරම් සත්තු ආවෙ කොහෙන්ද?
අපි මානවයන් හැටියට මිහිපිට ගතකර ඇති කාලයෙන් 95%ක්ම ගෙවා තිබුණේ ගුහා සිත්තරුන් හැටියටයි. ඊට පස්සේ, මෙයට අවුරුදු 30,000ක්- 15,000ක් පෙර කාල සීමාවකට ඉහතදී අපි සත්තුත් සමග සමීප සබඳතාවක් ගොඩනගා ගත්තා. මුල් පියවර තිව්වේ ස්වභාවයෙන්ම අපේ බයටත්, වෛරයටත් පාත්‍රවිය යුතුව තිබූ සතෙකුගෙන්. නමුත් අවසන් ප්‍රතිඵලය අපි අදටත් අපේ හොඳම යාළුවා හැටියට සලකන හීලෑ සත්වයෙක්:ඒ තමයි බල්ලා.
සොඳුරු මිතුදමක ඇරඹුම
මේ කාර්යය සිද්ධවුණේ කොහොමද, කොහෙදීද, කවදාද කියන කරුණ විවාදාපන්නයි. සුනඛ ගතිලක්ෂණ පෙන්නුම් කරන පැරණිම වෘක පොසිල අපට හමුවන්නේ යුරෝපයෙන් හා සයිබීරියාවෙන්, ඒවා වසර 30,000කට වඩා පැරණියි. එසේ වුවත් DNA පරීක්ෂණවලින් කියවෙන්නේ ඔවුන්ගේ පරිණාමය වසර 15,000කට ඒපිටදී පෙරදිග පිහිටි ප්‍රදේශයකින් ආරම්භ වන්නට ඇති බවයි.
එය කවදා, කෙලෙස සිදුවුණාද කියන කාරණය මුලුමනින්ම බැහැර කළත්, ඒහෙම වුණේ ඇයි කියන ගැටළුව ඉතිරිවෙනවා. එය ස්වාභාවිකවම සිදුවුණා කියලා උපකල්පනය කරන්නත් පුළුවන්. මිනිස් දඩයක්කරුවන් තැන තැන ඉතිරිකර දමාගිය සතුන්ගේ මළ සිරුරු ආහාරයටගැනීමට(මොවුන්ව හැඳින්වෙන්නේ කසල ශෝධකයන් — scavengers — හැටියටයි) වනගත වෘකයන් හුරු වන්නට ඇති. ඒ අතරින් සමහර වෘකයන් මිනිසුන් පසුපස යන්න පුරුදු වෙලා ටිකෙන් ටික දෙපාර්ශවයටම වාසිදායක මිතුදමක් ගොඩනගාගෙන, ගොදුරු ලුහුබැඳ මරාදැමීමටත්, සතුරන්ගෙන් ආරක්ෂා වීමටත් උදව් වන්නට ඇති. මිනිසුන් පසුපස යාම නිසා රංචුවෙන් වෙන්ව, වෙනමම ජීවතත් වන වෘක පිරිසක් බවට පත්වන්නට ඇති. ඒ කියන්නේ එම වෘකයන්ගේ අභිජනන කාර්යයත් මිනිස්සුන්ට හිතවත් අනෙකුත් වෘක පිරිස් අතරේ පමනක් සීමාවෙන්නට ඇති. ඒ නිසා මිනිස්සුන් සමග එකට වාසය කිරීමේදී වාසිදායක වන කීකරුකම ආදී ගතිගුණ ඇති කරන ජාන ස්වාභාවික වරණයෙන් ඔවුන්ට උරුම වන්නට ඇති.
මිනිස්සු ස්වකැමැත්තෙන්ම වෘක පැටවු ඇති කරන්නත්, වෘකයන් බෝ කරන්නත් පෙළඹුණා වෙන්නටත් පුළුවන්. නමුත් වෘකයෙක් දිනකට මස් කිලෝග්‍රෑම් පහක්වත් ආහාරයට ගන්නා නිසා නඩත්තු කරන්නට අසීරු සුරතලෙක්ව ඇතිදැඩි කරන්න ආදි මානවයා පෙළඹීම සැක සහිතයි.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE TAME THE ANIMALS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.