ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි සතුන්ව හීලෑ කළේ කොහොමද? II කොටස
එහෙ බැලුවත්, මෙහෙ බැලුවත් හැමතැනකම හොට බරියා
දඩකරු-අන්න ගවේෂකයන්ගේ(hunter-gatherer– තැන තැන දඩයමින් සහ ආහාර සොයමින් ගිය යුගයේ මානවයා හැඳින්වූයේ මෙලෙසය) ජීවන රටාවට සුනඛයන් හොඳින්ම පෑහුණත්, ගෘහාශ්‍රිතව සත්තු ඇතිකිරීම විධිමත්ව පටන්ගත්තේ වසර 11,500කට පමණ පෙර මිනිස්සු ගම්මානවල ස්ථිර වාසස්ථාන ගොඩනගා ගැනීමෙන් පසුවයි.
මිනිස්සු සත්ව පාලනයට අත ගැසුවේ ඌරන් බෝ කිරීමෙන්. වැඩි කලක් ගෙවෙන්නට මත්තෙන් බැටළුවන්, එළුවන් හා ගවයන් බෝ කිරීමද ආරම්භ වුණා. මේ සත්තුන්ව බෝ කරන්නට ඇත්තේ මස්, කිරි,ලොම්, අං සහ සම් ලබාගනීම වනුවෙන් බව පැහැදිලියි. නමුත් ඔවුන්ව ගෘහාශ්‍රිතව ඇතිකිරීමට වසර දහස් ගණනකට පෙර සිටම මානවයා ඔවුන්ගේ මුතුන්මිත්තන්ව තමාට වාසිදායක ලෙස හසුරවන්නට ඇති බව පැහැදිලියි. අතීතයේදී යකැදුරන් උත්සවාකාර අවස්ථා වෙනුවෙන් පමණක් ගවයන් හීලෑ කළ බවටත්, ඔවුන් “ඇවිදින ආහාර ගබඩා” ලෙස යොදාගැනුණේ පසු කාලයක බවටත් මත පවතිකවා.
Felis silvestris lybica
ගෘහාශ්‍රිත බළල්ලු ඇතිවන්නට ඇත්තේත් ඊට සමාන්තර කාලයක වුණත් ඒ ආරම්භය විස්තරාත්මකව ඉදිරිපත් කිරීම බළලුන්ව එක තැනකට ගාල් කරනවා තරම්ම සංකීර්ණයි. ඔවුන්ගේ වනගත ආදි මුතුන්මිත්තා ලෙස සැලකෙන“ මෑත පෙරදිග වල් බළලා“(Felis silvestris lybica) ධාන්‍ය ගබඩා අවට බෝ වුණු මීයන් ගොදුරු කරගන්න ජනාවාස වෙත ඇදී එන්නට ඇති. පලිබෝධ නාශකයකු ලෙස ඔවුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන වගේම, සුරතල් පෙනුමත් මිනිස්සුන්ගේ අවධානය දිනාගන්නට ඇති. (බළලුන් හා) අදටත් පවත්වාගෙන යන මදක් දුරස්ථ සම්බන්ධයට අඩිතාලම වැටුණේ එහෙමයි. බළලුන් අදටත් සම්පූර්ණයෙන් හීලෑ වුණු සතුන් ලෙස සැලකෙන්නේ නැහැ. ඔවුන්ගේ වනචාරී ලක්ෂණ රැසක්ම අදටත් ඉතිරි වී තිබෙනවා. ඒ වගේම ඔවුන් අනෙකුත් ගෘහාශ්‍රිත සතුන්ට වඩා වෙනස් වන්නේ තමන්ගේ සිතැඟි අනුවම ක්‍රියා කරන නිසයි.
ගෘහාශ්‍රිත සතුන් ඇතිකිරීමට පුරෝගාමී වුණේ ‘සරුසාරවත් චන්ද්‍රවංකය’ (The Fertile Crescent) යනුවෙන් හඳුන්වනු ලබන මෙසපොටේමියාව අවට සාර භූමිය වුණත්, ප්‍රාග් ඓතිහාසික යුගයේදී ගෘහාශ්‍රිතව සතුන් ඇති කරපු ශිෂ්ටාචාර පහක්වත් හඳුනාගන්න පුළුවන්. ඒ හැම ශිෂ්ටාචාරයක්ම සත්ව පාලනය පුළුල්ව ව්‍යාප්ත කිරීමට දායක වුණා: චීනයේ අශ්වයන්, තාරාවන් සහ පට පනුවන්, ඉන්දියාවේ මී ගවයන්, අප්‍රිකාවේ බූරුවන් සහ (තනි මොල්ලි) ඔටුවන්, (මැක්සිකෝවේ සිට නිකරගුවාව දක්වා වූ) මධ්‍යම ඇමරිකාවේ කළුකුම් පක්ෂීන්, සහ දකුණූ ඇමරිකාවේ වෙසෙන රට හාවන් හා ලාමා සතුන් ඊට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන්.
කුකුළන් ලොව වටා ගිය හැටි
මීට අවුරුදු 7,000කට ඉස්සර පෙරදිග හා දකුණු ආසියාව ආශ්‍රිත ප්‍රදේශවල වාසය කරපු රතු වළිකුකුළාව හීලෑ කිරීම මෙසපොටේමියාවේ ‘සරුසාරවත් චන්ද්‍රවංකය’ නිම්නයට එපිටින් සිදුවුණු සුවිශේෂීම හීලෑ කිරීම හැටියට හඳුන්වන්න පුළුවන්. අද ලෝකයේ සුලබම ගොවිපොළ සත්වයා වන බහුල කුකුළා මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. කුකුල් පාලනයේ නිරත වෙන ගොවිපොළවල්වලින් වසරකට කුකුළන් බිලියන 40ක් බිහිකරනවා. වළි කුකුළන් පියාසර කිරීමෙ දුර්වලතාවයෙන් හෙබි, තැනින් තැන සංක්‍රමණය නොවන, සීමිත භූමි ප්‍රදේශයක වාසය කරන පක්ෂී විශේෂයක් නිසා මේ ගහණ ව්‍යාප්තිය අරුම පුදුමයි. ඇන්ටාක්ටිකාව හැර අනිත් සියළුම මහද්වීපවල කුකුළන් ව්‍යාප්ත වන්නේ මිනිස්සුන්ගේ මැදිහත්වීම නිසාමයි. මේ කුකුළු මිනිස් සබඳතාව මොන තරම් සමීප සබඳතාවක්ද කියනවා නම්, පැසිෆික් සාගරය අවට කලාපවල මානවයන් විසින් ජනපද පිහිටුවනු ලැබීම ගැන හැදෑරීමේදී කුකුළන්ගේ DNA අධ්‍යයනය කිරීම ප්‍රබල නිර්ණායකයක් ලෙස යොදාගැනෙනවා.
රතු වළිකුකුළා
අවුරුදු 3000කටත් එහා අතීතයේදී කුකුළන් බටහිරින් පිහිටි මධ්‍යම ආසියාව දෙසටත් නැගෙනහිරින් පිහිටි පොලිනීසියාව සහ ඉන් ඔබ්බටත් සංක්‍රමණය වුණු බව DNA අධ්‍යයනය කිරීමේදී හෙළිදරව් වෙනවා. කුකුළන්, ඊජිප්තුව හරහා අප්‍රිකාවට ඇදෙන්නේ ක්‍රි.පු. 1200 දී පමන දීය. ශතවර්ෂ ගණනාවකට පසුව, රෝමන්වරු උන්ව සිය යුරෝපීය අධිරාජ්‍ය පුරාම ප්‍රචලිත කළා. දෙමගක ගිය මේ මහා කුකුළු ‘වැටලීම’ මුල්ම වරට පොලිනීසියානුවනුත් පසුව යුරෝපීය ජාතිකයන් හා අප්‍රිකානුවනුත් ඇමරිකානු කලාපයට කුකුළන් හඳුන්වා දීම හේතුවෙන් ඇමරිකානු මහද්වීපවලදී එක්තැන් වුණා.
එදා සිට අද දක්වාම මානවයන් විවිධ අරමුණූ සඳහා සතුන් තම පාලනය යටතට ගන්නවා. මෑතකාලීනව බිහිවුණු සත්ව විශේෂ හැටියට ක්‍රි.ව. 1500දී පමණ බිහිවුණු, යුරෝපීය උගුඩුවාට (European polecat) නෑකම් කියන ෆෙරට් සත්වයා ද, චීනයේ ප්‍රසියානු කාප් මසුන් ඇසුරින් ක්‍රි.ව. 300ට ආසන්න කාලයකදී බෝවුණු ගේල්ඩ් ෆිෂ් මසුන් ද, සහ 1910දී ජාන විද්‍යාව ආශ්‍රිත පර්යේෂණ සඳහා බෝ කළ පළතුරු මැස්සන් ද (Drosophila melanogaster) හඳුන්වන්න පුළුවන්.
කඩාහැලෙන කන් සහ සුරතල් මුහුණු
ගෘහාශ්‍රිත සතුන් තෝරා බේරාගෙන බෝ කිරීමත්(වරණීය අභිජනනය) නිදැල්ලේ සිදුවන ස්වාභාවික වරණයත් අතර සාදෘශ්‍යයක් චාල්ස් ඩාවින් දුටුවා. තවත් අරුම පුදුම දෙයක් ඔහුගේ නිරීක්ෂණයට ලක්වුණා: ගෘහාශ්‍රිතව ඇතිකරන හැම සතෙකුම ඔවුන්ගේ වනගත ඥාතීන්ගෙන් වෙනස් වුණේ ජීව විද්‍යාත්මක වෙනස්කම් කිහිපයකින්. ඒ වෙනස්කම් පොදුවේ “ගෘහාශ්‍රිත සහලක්ෂණය” ලෙස හැඳින්වෙනවා. කීකරුබව, කඩාහැලෙන කන්, දඟර ගැසුණු වලිග, ප්‍රමාණයෙන් කුඩා සිරුරු, වෙනස් පැහැය ඒ ලක්ෂණ අතරට අයත්. මේ ලක්ෂන වලින් බහුතරයක් මිනිසුන්ට ප්‍රයෝජනවත් (නැතිනම් ප්‍රියමනාප) වීම නිසා ඒ සතුන් ගෘහාශ්‍රිතව ඇති කිරීමටත් වැඩිවැඩියෙන් බෝ කිරීමටත් මිනිසුන් පෙළඹෙන්න ඇති. අනිත් ලක්ෂණ සම ජාන මගින්ම පාලනය වන නිසා උරුම වන්නට ඇති.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE TAME THE ANIMALS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.