විද්‍යා, තාක්ෂණ ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය යනු කුමක්ද?

Posted by

අද ලෝකය තුළ විද්‍යාව සහ තාක්ෂණය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවත්, විද්‍යාත්මක හා තාක්ෂණික  අභිවෘධියට විද්‍යා අධ්‍යාපනයේ සංවර්ධනය අවශ්‍යවේ.  විද්‍යා අධ්‍යාපනයේ දියුණුව ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත්පත් කර දීමටත් එමෙන්ම සාංස්කෘතික සංවර්ධනයටත් මගපාදයි. මේ අනුව කාර්මික වශයෙන් සංවර්ධිත රටවල් විද්‍යා අධ්‍යාපනයට ලබාදිය යුතු පරිදි වැදගත්කමක් ආරෝපණය කර ඇති නමුත් ඇතැම් කාර්මික නොවන රටවල් මෙහිදී අසාර්ථකත්වයක් පෙන්නුම් කරයි.  ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ විෂයමාලාවේ අඩුලුහුඬුකම්, සම්පත් ප්‍රමාණවත් නොවීම සහ වෙනත් අගහිඟකම් යනාදියයි.

මෙම ලිපි මාලාවේ අරමුන වන්නේ  විද්‍යා අධ්‍යාපනයේ වැදගත්කම නිර්නය කිරීම. විද්‍යා අධ්‍යාපනයේ  ඓතිහාසික වර්ධනය කෙටියෙන් සලකා බැලීම සහ විද්‍යා අධ්‍යාපනයේ වර්ධනයට කිනම් සාධක වැදගත් ද යන්න විග්‍රහ කිරීමයි.

 

විද්‍යා, තාක්ෂණ ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය යනු කුමක්ද?

විද්‍යා, තාක්ෂණ ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය හෙවත් (Science, technology, engineering, and mathematics) STEM අධ්‍යාපනය සඳහා යෝග්‍ය  ඉලක්කය විය යුත්තේ ඉගෙන ගන්නා අය අදාළ විෂයයෙන් ප්‍රවීණතාව වර්ධනය කර ගත යුතු ප්‍රමාණය උපරිමයට පත් කරගැනීමයි. අදාළ විෂයෙහි ප්‍රවීණතාව විග්‍රහ කෙරෙන්නේ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් කරන දෙයිනි. උගෙන ගන්නා සෑම සියලු දෙනාම විද්‍යාඥයකු හෝ ඉංජිනේරුවකු විය යුතු යැයි හෝ ඕනෑම පාඨමාලාවක් පමණක් හදාරා එවැනි කෙනකු විය යුතුයයි හෝ මින් නොකියවේ. එහෙත් ඉන් කියවෙන්නේ මෙන්න මේ වගේ අදහසක්: අධ්‍යාපන අත්දැකීම්වල අගය මිනිය යුත්තේ යම් ශික්ෂණයකට අදාළ ගැටළු විසඳීමේදී සහ සහ ඊට සම්බන්ධ තීරණ ගැනීමේදදී උගෙන ගන්නා අයගේ හෙවත් උද්ග්‍රහයකයාගේ(learner) චින්තනය, ප්‍රවීණයෙකුගේ හෙවත් විශේෂඥයකුගේ චින්තනයට  වඩාත් සමාන වන ආකාරයකට වෙනස් කිරීමේදී ඒවායෙන් ලබාගත හකි ඵලදායිතාව අනුව විය යුතුයි.

‘පාසලට විද්‍යාව රැගෙන යාම‘ (Taking Science to School) යනුවෙන් නම් කෙරෙන ජාතික පර්යේෂණ කවුන්සිලයේ (National Research Council) අධ්‍යයනයෙහි සාකච්ඡා කර ඇති පරිදි, කලින් සිතා සිටියාට වඩා අඩු වයසකදී– ඒ කියන්නේ අඩු තරමින් විධිමත් අධ්‍යාපන ආරම්භයේ දී වත් ළමුන් මේ ක්‍රියාදාමය ආරම්භ කිරීමට සහ සංකීර්ණ  තර්කනය උගෙනීමට හැකියාව තිබෙන බව නූතන පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. පුළුල් ශික්ෂණ පරාසයක් ආවරණය වන අන්දමින් වයසින් වැඩි උගෙනගන්නන් වෙනුවෙන් තිබිය හැකි වනවාට වඩා  අඩු විශේෂඥ ප්‍රවීණතාවක් පතා වයසින් අඩු උගෙනගන්නන්  ඉගෙනීම සිදු කිරීම  අවශ්‍යවනවා පමණක් නොව  වඩාත් යෝග්‍යය ද වීම ස්වභාවිකයි.

විවිධ වූ ශික්ෂණ පරාසයක් පුරා ප්‍රගුණතාව නැතිනම් විශේෂඥතාව සම්බන්ධයෙන් පුළුල්ව අධ්‍යයනය කරනු ලැබ ඇත. යම්කිසි එක් ශික්ෂණයක් ගතහොත් එහි විශේෂඥයන් සතුව විශාල දැනුම් සම්භාරයක්ම ඇතිවාක් මෙන්ම එම දැනුම සංවිධානය කිරීමට මෙන්ම යොදාගැනීමටත් යම් ශික්ෂණ විශේෂිත වූ ස්වරූප හෙවත් ආකාර ඇත්තේය. තමන්ගේ ශික්ෂණයේ දී ගැටලු විසඳීමේ දී ද, විවිධ විසඳුම් ප්‍රවේශ ගැන සිය අවබෝධය මෙන්ම ඒවායේ යෝග්‍යතාව පරික්ෂා කිරීමේදී ද එමෙන්ම, යෝග්‍ය හා අදාල පරිදි නිවැරදි කිරීම් සිදු කරද්දී ද තමන්ගේම මතවාද,  තමන්ගේම චින්තනය නිරීක්ෂණය කර බැලීමේ හැකියාව විශේෂඥයන් සතුව ඇත. STEM ශික්ෂණ පුරාවට යොදාගනු ලබන යම් සුවිශේෂී අංග තවත් ගණනාවක්ම තිබේ. මේවා අතර:

 

  • චර්යාව සම්බන්ධයෙන් සහ ගැටළු විසඳීම සම්බන්ධයෙන් පුරෝකථන සිදු කිරීමට උපයෝගී කරගන්නා අදාළ හේතුඵල සම්බන්ධතාව සම්බන්ධ වන ශික්ෂණ විශේෂිත හා මාතෘකා විශේෂිත මානසික මොඩල.

 

  • යම්කිසි නිශ්චිත අවස්ථාවක දී මෙම මොඩල අතරින් අදාළ වන්නේ හෝ අදාල නොවන්නේ කුමක්දැයි තීරණය කිරීම පිණිස මෙන්ම භාවිතා කරන මෝඩලයෙහි අදාලතාව නැතිනම්  යෝග්‍යතාව නිරතුරුව පරීක්ෂා කිරීමේදී ද වුවමණාවන විදග්ධ නිර්ණායක නැතිනම් උපමාන

 

  • අදාළ සහ අදාළ නොවන තොරතුරු අතර වෙනස හුවාබැලීම පිණිස සංකීර්ණ රටා හදුනා ගැනීමේ පද්ධති

 

  • විශේෂිත නියෝජනයන්

 

  • යම් නිශ්චිත ගැටලුවක් සම්බන්ධයෙන් තිබිය හැකි ප්‍රශස්ත විසඳුම් ක්‍රමය තෝරා ගැනීම සඳහා උපමාන

 

  • විසඳුම් ක්‍රමයක හා ප්‍රතිඵලයක යෝග්‍යතාව පරීක්ෂාව සඳහා වූ ශික්ෂණ-විශේෂිත උපමාන භාවිතය ඇතුළු ස්වයං පරීක්ෂාව සහ අවබෝධයක් ලබා ගැනීම සහ

 

  • ව්‍යවහාරය නැතිනම් භාවිතය තුලින්ම ඒවා කොපමණ නම් ස්වයංක්‍රීය ද කියතොත් සවිඥානික මනෝමය ක්‍රියාදාමයකින් තොරව භාවිත කළ හැකි (සමහරක් ශික්ෂණ විශේෂිත සහ සමහරක් එසේ නොවන) ක්‍රියාදාමයන් සහ දැනුම (මෙය, අනෙකුත් කාර්යයන් සඳහා අවශ්‍ය වන ප්‍රජානන සම්පත් ඉතිරි කරදෙයි.)

යන භාවිත ඇතුළත්ය.

මෙකී  අංගෝපාංග හෙවත් සංරචක බොහෝමයක් අදාළ වන්නේ, අවශ්‍ය වන්නේ  සීමිත තොරතුරු ඇති විට තීරණ ගැනීමටය —  එහෙත් මෙය බොහෝ විට අධ්‍යාපනිකව පැහැර හරින විශේෂඥතාවයේ අත්‍යවශ්‍ය  අංගයකි. මෙම සංරචක සියල්ල ශික්ෂණයේ  දැනුම හා භාවිතයන් තුළ අන්තර්ගතව ඇත. එහෙත් එම දැනුම ක්‍රියාදාමය සහ සන්දර්භය හා සම්බන්ධය. මේවා දැනුම ප්‍රයෝජනවත් වීමට නම් අත්‍යවශ්‍ය අංගය. එසේම, මෙකී විශේෂඥතාවයේ අංග බොහොමයක්  උගෙනීම මැනබැලීම ආවේණිකවම  ශික්ෂණ විශේෂිතය.

මීළඟ ලිපියෙන්: උගෙනීම ඉෂ්ටකරගන්නේ කෙසේද? ලබන සඳුදා නොවැරදීම කියවන්න

Issues in Science and Technology 29, no. 1 සඟරාවෙහි පළවූ Applying New Research to Improve Science Education යන  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.