අනුජීවීන් හෙවත් ක්ෂුද්‍ර ජීවී විශේෂ කිහිපයකට නම් DNA යනු ප්‍රවේණි තොරතුරු ගබඩාවකට වැඩි යමකි — ඔවුන්ගේ ආහරයමත් එයයි. සාගර පතුලේ මඩ අතරේ ජීවත්වන ඇතැම් බැක්ටිරියා වර්ග සිය පැවැත්ම රැක ගනු ලබන්නේ කුණුකසළ අතරේ රැඳීතිබෙන DNA ආහාරයට ගනිමින් බව අළුත් පර්යේෂණයකින් පෙනී යයි.
තව දුරටත් සෛල තුළ හිරවී නොමැති පැරණි DNA අණු එවැනි මුහුදු මඩ අතරේ අඩංගුව තිබෙන බව අපි දැනටමත් දන්නෙමු. මෙය සාමාන්‍යයෙන් සාගර ජිවීන් මරණයට පත්ව වියෝජනය වීමේ ප්‍රථිපලයක් ලෙස සැලකේ.
සාගර පත්ල මත වැනි වෙනත් තත්ත්වයන් තුල බහිස් සෛල DNA සෑහෙන දුරකට ස්ථායී බවක් උසුලයි. එහෙයින් ඒවා සැලකිය යුතු ප්‍රමාණවලින් ගොඩ නොගැසීමෙන් පෙනී යන්නේ ඒවා කිසියම් ආකාරයකින් භාවිතයට ගන්නා බව යයි ඔස්ට්‍රියාවේ වියානා විශ්ව විද්‍යාලයේ කෙනත් වාස්මුන්ඩ් කියා සිටියි. එසේ වෙන්නට හැකි හේතුව මඩෙහි ඇති ඇතැම් බැක්ටීරියා මගින් ඒවා බිඳදමමින් එහි අඩංගු දෑ ජීරණය කරනු ලැබීම බව ඔහුගේ අදහසයි.
මෙය පරීක්ෂාකිරීම පිණිස වාස්මුන්ඩ් ඇතුළු සගයන් පිරිස අත්ලාන්තික් සාගරයේ කැනඩාවේ සහ ග්‍රීන්ලන්තය අතරේ බැෆින් බොක්කේ මඩ සාම්පල එකතු කර ගත්හ. පසුව, පරීක්ෂණාගරයේ දී ඒවා මුහුදු බොක්කේ පාරිසරික තත්තවයන් ප්‍රතිචලිත කරනු(replicate) වස් සෙල්සියස් අංශක 4 ක නිර්වායුවී තත්ත්වයන්(anaerobic conditions) යටතේ තබන ලදී.
“ක්ෂුද්‍ර ජීවීන්ට ඒගොල්ලන්ගේ කාර්ය කරන්න ඉඩ සලසලා දීලා අපි ඒවා සති කීපයක් තිස්සේ ප්‍රාක්ක්‍රියණය කෙරුවා” යයි වාස්මුන්ඩ් ප්‍රකාශ කළේය. අනතුරුව පරීක්ෂකයන් කළේ DNA ආහරයට ගන්නා බව පෙනීගිය ක්ෂුද්‍ර ජීවීන් වෙන්කොට ගැනීමයි. අවසාන වශයෙන් ඔවුහු එම ක්ෂුද්‍රජීවීන් හඳුනාගැනීම පිණිස ජාන අනුක්‍රම නිර්ණය කළ අතර ඔවුන්ගෙ ජිනෝම ගොඩනැගූහ.
ජානමය ද්‍රව්‍ය භෝජන සඳහා ගන්නා වෙනස් වර්ග පහක බැක්ටීරියා සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකිවිය.මෙයින් වර්ග හතරක්ම අවස්ථාවාදී පාරිභොගිකයන් — ඒ කියන්නේ DNA තමන් ආසන්නයේම ඇති නිසා එයින් ප්‍රයෝජන ගන්නන් බව පෙනෙන්නට තිබුණි. එසේවුවද, වාස්මුන්ඩ් සහ කණ්ඩායම මඩ තුළට තවත් අතිරේක DNA වේලක් එක් කළ විට පස් වැනි වර්ගය විශේෂයෙන්ම බහුල වෙන්නට පටන් ගත්තේ ඔවුන් විශේෂඥ DNA භෝජකයන් බව පෙන්නුම් කරමිනි.
එපමණක් ද නොව, එහි ජිනෝමය පෙන්නුම් කරන්නේ බහිස් සෛල DNA වල ප්‍රධාන සංඝටක(components) බිඳ දැමිම සඳහා විශේෂ වන විවිධ එන්සයිම ගණනාවක් එමගින් නිපදවන බවයි. පර්යේෂක කණ්ඩායම මෙම බැක්ටීරියාව Izemoplasma Acidinucleici යනුවෙන් නම කර ඇත. ඒ, මෙකී බැක්ටීරියාව DNA සඳහා ඇති ගිජුකම සැලකිල්ලට ගනිමිනි. අප කවුරුත් දන්නා පරිදි DNA යන්නෙන් කෙටියෙන් දක්වෙන්නේ deoxyribonucleic acid හෙවත් ඩිඔක්සිරයිබො නියුක්ලෙයික් අම්ලයයි.
බැක්ටීරියාව මගින් මෙම DNA මෙලෙස ප්‍රයෝජනයට ගනු ලැබීම අර්ථ දනවන්නක් යයි දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ගුස්ටාවො රමිරේශ් පෙන්වා දෙයි. “මුහුදු පතුල වගේ තැනක තියෙන ප්‍රියතම කෑමක් තමයි මේ. කෙනෙකුගෙ ගෙවත්තට දාන පොහොරෙහි ඇති ප්‍රධාන සාර්වපෝශක(), ඒ කියන්නේ කාබන්, නයිට්‍රජන් සහ පොස්පරස් එහි අඩංගුයි” හෙතෙම කියා සිටියි.
ඩිඔක්සිරයිබො නියුක්ලෙයික් අම්ලය(DNA) ආහාරයට ගන්නා විශේෂිත වූ ක්ෂුද්‍ර ජීවීන් පර්යේෂකයන් විසින් හඳුනා ගනු ලැබීමට හැකිවීම ගැන ප්‍රසාදය දක්වන රමිරේශ් කෙසේවෙතත් කියා සිටින්නේ නිදැල්ලේ සිටින විට(එනම්, සකසන ලද පරිසරයක නොව වෙනත් පරිසරයක දී) මෙම බැක්ටීරියා වෙනස් ආකාරයකට හැසිරීමට ඉඩ ඇතැයි පෙන්වා දෙයි. ඊට හේතුව වශයෙන් ඔහු දක්වන්නේ අධික පීඩනය ඇතුළුව (මුහුදු පත්ලේ ඇති) අන්ත තත්ත්වයන් වාස්මුන්ඩ් ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායම පරිපූර්ණව ප්‍රතිචලිත කර නොතිබීමයි.
සමහරක් ක්ෂුද්‍ර ජීවීන් ඔවුනට හමුවන හුදෙක් DNA බිඳදමින් ආහාරයට ගන්නවාට වැඩියමක් සිදු කිරීමේ හැකියාව නැතිනම් ඉඩකඩ ගැන අප සැලකිළිමත් විය යුතුය යන්න ඔහුගේ අදහසයි. “ආහාරයට නොව DNA ප්‍රවේණි තොරතුරු උදෙසා යොදා ගන්නවා ද විය හැකියි” රමිරේශ් පෙන්වා දෙයි.
මුහුදු පත්ලේ ඇති ඇතැම් මඩ වල අඩංගුවන්නේ කොපමණ නම් සුළු ආහාර ප්‍රමාණයක් ද කීවොත්, සෛල විභේදනය සඳහා සහ ඉන් අන්තුරුව පරිණාමය සඳහාත් අවැසි වන ශක්තිය සපයා ගනු වස් එහි(මඩ වල) ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන්ට දැඩි අරගලයක යෙදෙන්නට සිදුවනවා විය හැකියි.
“ඒ වුණාට සම්පූර්ණ ජාන පවා එම අවශේෂ මත පවතිනවා විය හැකියි” රමිරේශ් තවදුරටත් පැහැදිලි කර දෙයි, “ඒවායේ ප්‍රවේණි සකැසුම වෙනස් කිරීමෙන් පුනර්ජනන අවශ්‍යතාවක් නොමැතිවම පරිණාමය වීමේ විභවයක් සෛලවලට හැකියාවක් ලබාගන්න පුළුවන් කම තියෙනවා”.
New Scientist(February 16, 2019) හි පළවූ DNA-munching life lurks in the ocean යන ලිපිය ඇසුරෙනි.