මත්ස්‍යයෝ ජීවත්වෙන්නේ තනිකරම ජලයෙහියි. ගොඩ බිම සත්වයින් සංඛ්‍යාව බොහොමයි. සත්තු සුළු සංඛ්‍යාවක් දිය ගොඩ දෙකෙහිම වාසයකරනවා. උභයජීවීන් කියලානේ කියන්නේ. දිය ගොඩ කොතැන වාසය කලත් සත්තු අතරේ යම් සමාන කම් දැකිය හැකියි. හැමෝම ඉපදී හැදී වැඩෙනවා. අශ්වාස ප්‍රාස්වාස, ආහාරපාන ගැනීම, එහාමෙහා යාම, බෝවීම පොදු කාරණා. ඒත් මාළු දියේ වාසය කරන නිසා අපට හිතෙන්නේ ඔවුන්ගේ සමහරක් චර්යා වෙනස් කියලයි. ඒ හින්දා අපේ හිතට ඔවුන් ගැන යම් ප්‍රශ්න මතුවෙනවා.
මාළුවො වතුර බොනවාද?
ඔවුන් ඉන්න තැන අනුව එක්කෝ වතුර ගොඩාක් බොනවා එහෙම නැතිනම් ගොඩාක් මුත්‍ර කරනවා. මුහුදේ ඉන්නකොට මත්ස්‍යයෙකුගේ ශරීරය, වටපිටාවට වඩා ලුණු ගතියෙන් අඩුයි මේ හේතුව නිසා මත්ස්‍යයාගේ හමෙන් සහ කරමල වලින් ජලය පිටවෙනවා. ඉතින් විජලනය වීම නවත්වන්න මුහුදු මාළුවෝ කරන්නේ පුළුවන් තරම් මුහුදේ ලුණු වතුර බීලා එක දිගට සාන්ද්‍ර කෙරුණු මුත්‍රා පිට කරන එකයි.
ට්‍රවුට්ටා(trout) සහ සැමන්(salmon) වගේ සංක්‍රමණික මත්ස්‍යයෝ ගංගා ඇලදොල වෙත ගියහම ඔවුනට මුහුණ දෙන්න වෙන්නේ මේ ප්‍රශ්නයේ අනික් පැත්තටයි. අර මුහුදේ ඉන්දෙද්දී වගේ ගොඩාක් වතුර අවශෝෂණය වුණොත් ඔවුන්ගේ සෛල පිම්බෙන්න පටන් අරන් පිපිරිලා යන්න පුළුවන්. මේ ගැටළුව විසඳාගන්න ඔවුන් කරන්නේ වතුර අඩුවෙන් බීලා වැඩි වැඩියෙන් මුත්‍රා කරන එකයි.
මාළුවොත් නිදියා ගන්නවාද?
අපි නිදාගන්නා ආකාරයටම නිදාගන්නවාද කියන එක නම් කියන්න අමාරුයි. බොහොමයක් මාළුන්ට ඇස් පියන්න බැහැ. ඒ වගේම(පෙනීම හා ඇසීම පාලනය කරන) නව වල්කයක්(neocortex) නැහැ. නින්දේ දී පැහැදිලි ක්‍රියාකාරී රටා ප්‍රදර්ශනය කරන ක්ෂිරපායින්ගේ මොළයේ කොටස එයයි. එහෙම වුණත් බොහොමයක් මසුන් රාත්‍රිය ගතකරන්න මුහුදු පතුලට යනවා.
parrot fish in a mucous bubble
පැරට් ෆිෂ් (parrotfish) නම් මාළු වර්ගය නිදාගන්නේ ශ්ලේෂ්මල බුබුලක. විලෝපියන්ට ඔවුන්ගෙ ඉව නොදැනෙන්න වෙන්නැති. රාත්‍රියේ දී zebrafish ජල කඳ මත පාවෙනවා. කූද්දාගන්න හරි අමාරුයි. සමහරක් මාළු නිදාගන්න බවක් කොහොමටවත් පේන්න නැහැ. මොවුන් අතරේ ඇස් අන්ධ ගුහා මත්ස්‍යයා මෙන්ම කිසිවක් නොපෙනෙන ජලයේ රෑන් වශයෙන් පීනන මාලුන් ද ඇතුලත්වෙනවා. එම ජලයේ බාගදා ඔවුනට ලැබෙන්නේ සීමිත සංවේදන තොරතුරු නිසා මොළයට විවේකයක් අවශ්‍ය නොවෙනවා වෙන්න ඇති.
මාළුවන්ට තමන්වම දැක බලාගන්න පුළුවන් ද?
මත්ස්‍යයන්ට තමන්වම දකින්න විදිහක් නැහැ. ඉතින් හිතාගන්න තියෙන්නේ ඔවුන්ගේ පෙනුම ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ කියලා තමයි. හැබයි ඒත් මත්ස්‍යයන්ට ඔවුන්ගේ අනෙක් සාමාජිකයන් හඳුනාගන්න පුළුවන් පමණක් නොවෙයි එකම ‘අයිනක්’ හැටියට එකට එකතු වෙන්නත් පුළුවන්.
ගඳ සුවඳ මත්ස්‍යයන්ට වැදගත් සංවේදනයක්. මත්ස්‍ය විශේෂ බොහොමයක් ප්‍රබල ෆෙරමෝන(pheromones) මුදාහරිනවා.ඔවුන් එකම විශේෂයකට අයත් ද යන්න පමනක් නොවෙයි ඔවුන් සිබියන් ද (සහෝදර සහෝදරියන් ද) යන වගත් දැනුම් දෙන්න පෙරමෝන උදව් වෙනවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගත්තහම ‘පෙනීම’ කියලා කියන්න බැරි වුනත්, මත්ස්‍යයන් සතුව ඔවුන්ගේ සිරුරේ දෙපස එක දිගට අංශක රේඛා පද්ධති යනුවෙන් පීඩන-සංවේදී අවයව. ජලයෙහි පීඩනයේ වෙනස්කම් තුළින් අසළ වෙනත් සතුන් ඉන්නා බව සංවේදනයට උදව් වෙන්නේ මේ අංශක රේඛා තමයි.
අනෙකුත් සතුන් විසින් ජනනය කරණු ලබන විද්‍යුත් ක්ෂේත්‍ර හඳුනාගැනීමට ඉඩ සලසන විශේෂ සංවේදන අවයව මෝරුන්ට සහ හිරි ආඳන්ට(electric eel) තිබෙනවා.
BBC Science Focus Magazine හී පළවන කෙටි ලිපි තුනක් ඇසුරෙනි