අද ලෝකය තුළ විද්‍යාව සහ තාක්ෂණය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවත්, විද්‍යාත්මක හා තාක්ෂණික අභිවෘධියට විද්‍යා අධ්‍යාපනයේ සංවර්ධනය අවශ්‍යවේ. විද්‍යා අධ්‍යාපනයේ දියුණුව ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත්පත් කර දීමටත් එමෙන්ම සාංස්කෘතික සංවර්ධනයටත් මගපාදයි. මේ අනුව කාර්මික වශයෙන් සංවර්ධිත රටවල් විද්‍යා අධ්‍යාපනයට ලබාදිය යුතු පරිදි වැදගත්කමක් ආරෝපණය කර ඇති නමුත් ඇතැම් කාර්මික නොවන රටවල් මෙහිදී අසාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ විෂයමාලාවේ අඩුලුහුඬුකම්, සම්පත් ප්‍රමාණවත් නොවීම සහ වෙනත් අගහිඟකම් යනාදියයි.
මෙම ලිපි මාලාවේ අරමුන වන්නේ විද්‍යා අධ්‍යාපනයේ වැදගත්කම නිර්නය කිරීම. විද්‍යා අධ්‍යාපනයේ ඓතිහාසික වර්ධනය කෙටියෙන් සලකා බැලීම සහ විද්‍යා අධ්‍යාපනයේ වර්ධනයට කිනම් සාධක වැදගත් ද යන්න විග්‍රහ කිරීමයි.
උගෙනීම සාක්ෂාත්කරගන්නේ කෙලෙස ද?
ප්‍රවීණතාව අත්පත්කරගන්නේ කෙසේ ද යන්න නිර්ණය කර ගැනීම සම්බන්ධයෙන් මහා ප්‍රගතියක් විද්‍යාඥයන් විසින් ලබා ගනිමින් සිටිනු ලැබේ. මෙහි දි මූලික නිගමනය වී ඇත්තේ වඩාත් ප්‍රකාශිතව සහ වඩාත් උද්‍යෝගීවත්ව භාවිත කරනු ලබන සංජානනන ක්‍රියාදමයන් වන්නේ, උගෙනගත් ඒවා යන්නයි. සංකීර්ණ ප්‍රවීණතාව උගෙනීම, මේ අනුව, මාංශ පේෂී වර්ධනය හා සමාකාරවේ. මාංශ පේෂී වඩ වඩාත් උද්‍යෝගමත්ව ක්‍රියාවේ යෙදවීමට ප්‍රතිචාර වශයෙන් ඒවා වැඩේ; ශක්තිමත්වේ. මෙයට සමාන ආකාරයකින්, විස්තෘත අන්දමින් උද්‍යෝගමත්ව පරිහරණය කිරීමට ප්‍රතිචාර වශයෙන් මොළය වෙනස්වෙමින් වර්ධනය වෙයි. මෙකී වෙනස්වීම්වලින් හෙවත් විපර්යාසයන් සමහරක් නිරීක්ෂණය කිරීමට හැකියාව මොළ විද්‍යාව ලබාගෙන ඇති ප්‍රගතිය මගින් අපට ලබාදී ඇත.
‘සම්ප්‍රජන්‍ය භාවිතයන්’ (“deliberate practice”) හෙවත් සිතාමතා සිදුකෙරුණු ව්‍යවහාරය ලෙස සාමූහිකව නම් කෙරුණු සුවිශේෂි මූලිකාංග විවිධවූ ක්ෂේත්‍ර ගණනාවක් හරහා මානව ප්‍රයත්නයන්ගේ ප්‍රවීණත්වයක් අත්පත් කර ගැනීමේ මාර්ග ලෙස හඳුනාගනු ගනු ලැබ ඇත. අභියෝගාත්මක එහෙත් ඉටු කළ හැකි සහ පැහැදිලිව ප්‍රකාශිත යෝග්‍ය ප්‍රවීණතා චින්තනය මෙන්ම කාර්ය ඵලය ද අදාලවන, උගෙනගන්නා අය විසින් විසඳනු ලබන කාර්යයන් හෝ ගැටළු පෙළක් මෙයට සම්බන්ධය. ප්‍රගතියක් අත්පත් කර ගැනීමට නම් උගෙනගන්නාගේ පැත්තෙන් බැලූ විට තීව්‍ර ප්‍රයත්නයන් උවමණාවන කාර්යයන් ප්‍රමාණවත් මට්ටෙමෙන් අසීරු විය යුතුවන අතර සහ එම නිසාවෙන් උගෙනගන්නාගේ වර්තමාන ප්‍රවීණතා මට්ටමට අනුකූලව ඒවා හැඩ ගැස්විය යුතුය.
‘සම්ප්‍රජන්‍ය භාවිතයන්’ හෙවත් සිතාමතා සිදුකෙරුණු ව්‍යවහාරය යන්නට උගෙනගන්නා විසින් සිදුකරනු ලබන අභ්‍යන්තර ප්‍රත්‍යවේක්ෂණ හෙවත් සිතාබැලීම් සහ උගන්න්වන්නා/පුහුණුකරුගේ ප්‍රතිපෝෂණය ද ඇතුළත්ය. මෙහිදී උගෙනගන්නාගේ කාර්ය සාධනය ප්‍රමිතියක් හා තබා සංසන්දනය කෙරෙන අතර තවදුරටත් ප්‍රගතියක් අත්පත් කරගන්නේ කෙසේද යන්න ගැන විශ්ලේෂණයක් ද ඇත. ප්‍රවීණයෙකු හා සමාන මට්ටමක ක්‍රියාකාරිත්වය සිතාමතා සිදුකෙරුණු ව්‍යවහාරය පවත්නා කාලයට සමීපව සම්බන්ධ බව පෙන්වා දෙනු ලැබ ඇත. විශිෂ්ට මට්ටමක කාර්ය සාධනය කරා ළඟාවීමට නම් සාමාන්‍ය වශයෙන් පැය දහස් ගණනක සිතාමතා සිදුකෙරුණු ව්‍යවහාරය අවශ්‍යවේ.
මීට අදාල පර්යේෂණ, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිතය (Science, technology, engineering, and mathematics) හෙවත් STEM අධ්‍යාපනය සඳහා වැදගත් කරුණු ගණනාවක්ම ගෙන එයි. මුලින්ම ඉන් හැඟවෙන්නේ උගෙනීම වනාහි නෛසර්ගිකවම අසීරුය එහෙයින්, අභිප්‍රේරණය වැදගත් කාර්යභාරයක් ඉටුකරන්නේය යන්නයි. සාර්ථකවීමට නම්, උගෙනගන්නා අය ඉෂ්ටාර්ථයෙහි වටිනාකම ගැන ඒත්තු ගෙන සිටිය යුතු අතර නිශ්චයාත්මක වන්නේ හුදු සහජ කුසලතාවම නොව දැඩිප්‍රයත්නය බව විශ්වාස කළ යුතුවේ.
දෙවනුව, සැලකියයුතු අවධානයක් සහ ප්‍රයත්නයක් අවශ්‍ය නොවන ක්‍රියාකාරකම්වලින් සැපයෙන අධ්‍යාපනික වටිනාකම් මදය. දේශනයකට අක්‍රීයව සවන්දීම, එමෙන්ම පහසු, පුන පුනා කෙරෙන කාර්යයන් බොහොමයක් ඉටු කිරීම හෝ, අදාල නොවන කුසලතා ප්‍රගුණ කිරිම මගින් එතරම් උගැනීමක් ජනනය නොවේ.
තුන්වෙනුව, උගෙනගන්නන් අතර කැපී පෙණෙන වෙනස් කම් ඇතත්, විශාල බහුතරයක් සම්බන්ධයෙන් ගතහොත් ඉගැනීමේ ප්‍රතිඵල නිර්ණයකිරීමෙහිලා ඉවහල්වන යම් අනෙකුත් විචල්‍යයන් සිතාමතා සිදුකෙරුණු ව්‍යවහාරය සඳහා යොදවන කාලය මගින් අභිභවනය කරනු ලැබේ.
ලබන සඳුදා: උගැන්වීම සඳහා ප්‍රතියමාන