පරමාණු කියන්නේ මොනවාද?

Posted by

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා.  නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.

එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS.  එය ඇසුරෙන් සකසණු ලබන, අද සිට සෑම බදාදාවකම තතු  ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.

 

පරමාණු කියන්නේ මොනවාද?

පිළිතුරු සපයනු ලබන්නේ අභ්‍යවකාශය හා විශ්වය පිළිබඳ පොතපත පළ කළ Marcus Chown විසින්

 

පරමාණු යනු සෑම දෙයක්ම සැදී ඇති මූලික ඒකකයයි. ඔබත්, මමත්, ගහ කොළ මෙන්ම අප හුස්ම ගන්නා වාතය පවා සැදී ඇත්තේ පරමාණු වලින්. අපට පරමාණු දකින්න බැහැ. මොකද ඒවා ඉතාමත් කුඩායි. එවන්  මෙම වාක්‍ය අවසානයේ ඇති විශ්මයාර්ත‍ ලකුණේ තිත වහන්න පවා එක ළඟ එක තැබූ පරමාණු මිලියන දහයක්වත් අවශ්‍ය වෙනවා!

හැබැයි ඉතින් කොයි ක්‍රමයෙන් නමුත් අපට පරමාණුවක් දැකගත හැකි වුණොත් අනිවාර්යයෙන්ම එය ඉතාම අමුතු දෙයක් වගේ පෙනේවි. ඔව්, ඒවා සහමුලින්ම වාගේ හිස් බව අපට දැකගන්න ලැබේවි. ඇත්ත වශයෙන්ම ඒවා සියල්ලම හිස් අවකාශයක් පමනයි .

අපි දැන් පරමාණුවක අභ්‍යන්තරය ගැන මදක් බලමු. එහි  කේන්ද්‍රයේ න්‍යෂ්ටිය ලෙස හැඳින්වෙන ඉතා කුඩා පදාර්ථ වලින් සැදුනු ලේශය තියෙනවා. එම න්‍යෂ්ටිය වටා  ඊටත් වඩා කුඩා පදාර්ථ ලේශ වන  ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. හරියට ග්‍රහලෝක සූර්යයා වටා  කැර්කෙමින් ගමන් කරන්නේ? අන්න ඒ වගේ ගමන් ගන්නවා. මේ න්‍යෂ්ටියත්  ඉලෙක්ට්‍රෝනත් අතර විශාල හිස් ඉඩ ප්‍රමාණයක්, ඒ කියන්නේ හිස් අවකාශයක් තිබෙනවා. අපි කලිනුත් කතා කළේ පරමාණු වැඩිපුරම හිස් දෙයක් කියලා. එයින් අදහස් වන්නේ ඔබත්  මමත් බොහෝ දුරට හිස් අවකාශයක් පමනක් වන බවයි. මන්ද කිව්වොත් අපි කවුරුත් හැදිලා තියෙන්නේ පරමාණුවලින්නේ.

ඇත්ත වශයෙන්ම පරමාණු තුළ කොපමණ නම්හිස් ඉඩක් නැතිනම්  හිස් අවකාශයක් තිබෙනවා ද කියනවානම් මේ ලෝකයේ සියලු මිනිසුන් තුළ ඇති පරමාණු වල අඩංගු හිස් අවකාශ ගලවා  ඉවත් කර දැමුවහොත්, ඉතිරි වන සියල්ල  සීනි කැටයක ප්‍රමාණය තර්ම්. ඔව්. නිකමට හිතන්න සමස්ත මනුෂ්ය වර්ගයා සීනි කැටයක ප්‍රමාණයට තරම් කියලා? හැබයි ඉතින් මතක තියා ගන්න ඕන කාරනාවක් තමයි, එය ඉතාම දැඩි බරක් සහිත සීනි කැටයක් වේවි කියන එක.

පරමාණු පිළිබඳ තවත් දෙයක් තිබෙනවා. ඒවා එකිනෙකට වෙනස් ආකාර අනූ දෙකකින් සමන්විතයි ( විද්‍යාඥයන් විසින් නිර්මාණය කල,  ස්වභාවිකව පවතින්නේ නැති  තවත් වර්ග කීපයක් ද පවතියනවා) ඔබ විවිධ ආකාරයෙන් ලෙගෝ ක්‍රීඩාවට යොදා ගන්නා කොටස් එකිනෙකට ගලපා සකස්කර ගත්තොත්   ඔබට නිවසක් හෝ බල්ලෙක් හෝ බෝට්ටුවක් හෝ ඒ වගේ යමක්  සාදා ගත හැකියි. ඒ අයුරෙන්ම පරමාණු විවිධ අයුරෙන් සංයෝග වී රෝස මලක් හෝ ගසක් හෝ අලුත උපන් බිළිඳකු හෝ නිර්මාණය කරනවා. එහෙම බලන කොට, අපි සියල්ලෝම එකමයි. මොකද අපි කවුරුත්  පරමාණු වලින් නේ හැදිලා තියෙන්නෙ. අනික් අතට අපි එකිනෙකාගෙන් වෙනස් වෙනවා. මොකද අපි හැමෝම පරමාණු වල  විවිධ සංයෝජනයන් නේ.

බලාගෙන  ගියහම පරමාණුවේ කතාන්දරයට නියුට්‍රෝන, ප්‍රෝට්‍රෝන, ඉලෙක්ට්‍රෝන විතරක් නෙවෙයි අයිති. එහෙම නේද? ලබන සතියේ ආයෙත් හමුවෙමු.

පරිවර්තනය කොට සකස් කළේ: දිල්රු කාවින්ද්‍යා

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.