ඇහුම්කන් නොදී සවන්දීම
ශබ්දය ගතහොත් ශබ්දය නැතිනම් ඝෝෂාව පැමිණියේ කොයි දිශාවෙන්ද යන්න තීරණය කිරීමට පිරිසැකසුම් එක් වර්ගයක් ඉඩ සලසයි. අප එක ශබ්දයට ඇහුම් කන් දෙන අතර තවත් ශබ්දයක් හඳුනාගෙන ඉවත දැමිය හැකිය. ප්‍රකට ‘කොක්ටේල් සාද සංසිද්ධියක දී’ (cocktail party phenomenon), අපට (එම පරිසරයේ අනෙකුත්) පරිබාහිර ශබ්ද සියල්ල නොසලකා හැර කිහිපදෙනකු සමඟ සංවාදයේ යෙදී සිටින්නට හැකිය. එසේ වුවද, (එම මොහොතේ අප සමග සංවාදයේ යෙදී නොසිටින) වෙනත්කෙනෙකු අපගේ නම කියනු ඇසුනහොත් ඊට අවධානය යොමු කිරීමටද අපට පුළුවන. මෙහිදී ගම්‍යමාන වන්නේ අප සැමවිටම හාත්පස පැතිරුණු (පරිමණ්ඩිත) ශබ්දයට ‘සවන්දීගෙන’ සිටියත්, එය අර්ථවත් බව හදිසියේම දැනෙන විට හැර, සෑම විටම ඊට ‘ඇහුම්කන්’ නොදෙන බවයි. බොහෝ සංවේදන වසම්වල දී හෙවත් ක්ෂේත්‍රවල දී හුදු සංවේදනයට වඩා බොහෝ ඔබ්බට සංජානනය ගමන්කරයි.
තමන්ගේ පිහිටට සංවේදන පමණක් ඇති සතුන් අභිබවා මේ හැකියාව අපට පරිණාමීය වශයෙන් වාසිදායක තත්ත්වයක් අත්පත් කර දෙයි. වඩාත් සරල සත්වයෙකු දීප්තිමත්ව වර්ණ ගැන්වූ මල් වලින් හෝ (බැලූ බැල්මට) ඇස් මෙන් පෙනී යන සළකුණු මගින් හෝ පහසුවෙන් මුළා කළ හැකිය. එහෙත්, සන්දර්භයක් එකතුකර ගැනීමේ හැකියාවෙන් සමන්විත, ඉහළ ප්‍රත්‍යයක්ෂ ඥානයෙන් හෙබි සතෙක් තම සංවේදන මතම රැඳී සිටීම එතරම් අවශ්‍ය වන්නේ නැත. එසේවුවද, සංජානනය හෙවත් අවබෝධය, ඊටම ආවේනික වූ දෝෂයන්ගෙන් මිදුනේ නොවේ. නිදසුනක් වශයෙන්, සංවේදනයන්ගේ මිශ්‍රනයක්වන සංවින්දනය(synaesthesia) යන විශ්මයාකාර සංසිද්ධිය දැක්විය හැක.
synaesthesia — tasting sounds
සංවේදන පටලැවිල්ල
සංවේදන පටලැවිල්ලෙහි වඩාත් සුලභව දැකිය හැකි ස්වරූපයන් වන්නේ ශබ්ද, අකුරු, සංඥා හෝ වචන, වර්ණ ලෙස අත්විඳීමයි. මෙය මෙකී සංවේදන සහ සංකල්ප පිරිසැකසීමට වගකිවයුතු මොළයේ ප්‍රදේශවල ‘වයර් මාරුවීමක’ ප්‍රතිඵලයකි. මෙවන් විශ්මයාකාර සංවේදන පටලැවිලි බොහෝමයි. නිදසුනක් ලෙස එක් සංවින්දනාත්මක සංගීතඥයෙකු(musical synaesthete) යම් සුවිශේෂී ස්වරයක් ඇසුණු විට ඇතම් වර්ණ දකිනවා පමණක් නොව ඇතැම් ‘ස්වර’ රසවිඳීමට ද ඇයට පුළුවන: ඇතැම් ස්වරවල රසය කැපූ තණ කොළ වගේය. තවත් සමහරක් ක්‍රීම් රසය. ඉතින් 2008 වසරේදී ප්‍රථම ස්පර්ශ-හැඟීම් සංවින්දන(touch-emotion synaesthesia) අවස්ථාව වාර්තාවිය. මෙහිදී වියුම්පදම නැතිනම් වියනය(texture) ඉහළ චිත්තවේගයන් ට මගපාදයි. එවන් එක් සංවින්දනාවාදියෙකු වෙත ඩෙනිම් රෙද්ද ගෙන ආවේ දොම්නස් සහ කලකිරීම් පිළිබඳ හැඟීමයි. සමහරවිට අප සියලු දෙනා සතුව මෙම හැකියාව අඩු වැඩි වශයෙන් තිබෙනවා විය හැකියි. ලඝු ස්වරසංඝාත (සංගීත) ‘දුක්බර’ වීමටත්, බ්ලූ සංගීතය(‘blues’) ශෝකි වෙන්නටත් ආහාර ‘තීව්‍ර‘ රසයක් දැනෙන්නටත් හේතුව එයයි.
අපේ අත්දැකීම් තේරුම් ගන්නා ආකාරය සංවේදනයන් සමඟ පටන්ගෙන එහෙත් ඊට වඩා ඔබ්බට ගොස් ලෝකය පිළිබඳ සරුසාර එමෙන්ම නිරන්තර අවබෝධයක් ගොඩනඟයි. ඇත්තටම වඩාත් වැදගත් වනුයේ සංවේදන තොරතුරුම නොවේ. ඔබේ මොළයට ඉන් ගොඩනැගිය හැකි අර්ථයයි.
අධි සංවේදන
මානව සංවේදන සඳහා සීමාවක් ඇත. අනෙකුත් සතුන්ට සංවේදන සුපිරි බල ඇත.
විදුලිබලය දැනීම
අහල පහල සිටින සතුන්ගෙන් ජනනය වන විද්‍යුත් ක්ෂේත්‍ර සංවේදනය කිරීමට මත්ස්‍යයන්ට, සමහර උභය ජීවීන්ට, තරාහොට ප්ලැටිපසයන්ට සහ ඇතැම් ඩොල්ෆින්ට පවා හැකියාවඇත.
අලංකෘත වර්ණ දර්ශනය
ඇතැම් කෘමීන්ට හා පක්ෂීන්ට වර්ණ ග්‍රාහක හතරක්, පහක් හෝ හයක් පවා ඇත. අපට අත් දකින්නට හෝ පරිකල්පනය කිරීමට පවා නොහැකි වර්ණ සංජානනයට ඒවා ඉඩ සලසයි. වර්ග තුනකිහ් පමණක් සෑදුණු මානව ලෝකය, (කළු-සුදු ලෝකයකයක දී අපට දැනෙන්නාක් මෙන්) ඔවුනට කම්මැලි සහගත වනු ඇත.
චුම්භක සංවේදනය
පරවියන්, කැස්බෑවන්, කුකුළන්, වැලිමීයන් සහ ඇතැම් විට හරකුන්ටත් පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය සොයාගත හැක.
ප්‍රතිධ්වනික නිශ්චනය(echolocation)
ආහාර සොයා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු බොහෝමයක් සොයාගැනීමට ඇතැම් වවුලු විශේෂ සමත්වන්නේ එමගිනි. ඒ, මනුෂ්‍යයන්ගේ ශබ්ද පරාසවලට ඉහළින්, ඩෙසිබල් 120 දක්වා අධිධ්වනියකින් ඔවුන් නිකුත් කරන ටික් ගෑම(click), බියපත්හඬ, කෑගැසීම් හරහාය. ඇතැම් අන්ධ පුද්ගලයන්ද ටික් ගෑමෙන් සිදුකරන ධ්වනිගවේෂණ උපක්‍රමය උගෙන ඇත.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදය ඇසුරෙනි