ජල දූෂණයේ ගතිකයන්

Posted by

ජීවයේ පැවැත්මට ජලය නැතුවම බැරි බව පුන පුනා කිවයුත්තක් නොවේ.  ඒ වගේම ජලය වැදගත් වන්නේ කොයි ආකාරයටද යන්න ද අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවෙයි. මේවා අද සාමාන්‍ය දැනීම බවට පත්ව ඇත. ජල දූෂණය අද ලෝකය මුහුණ පාන වඩාත්ම බරපතළ පරිසරවේදනාත්මක තර්ජන අතුරෙන් ප්‍රධාන එකකි. ‘ආදරය නොමැතිව දහස් ගණනක් ජීවත්ව ඇතත් ජලය නොමැතිව එක අයකුටවත් දිවි රැකගත නොහැකිය‘ යනුවෙන් සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික කිවිවර ඩබ්.එච්. ඕඩන් වරක් ලිවීය.

මේ මිහිතලය මත මිරිදිය සම්පත් සීඝ්‍රයෙන් හීනවෙමින් පවතී. මිරිදිය සම්පත් අඩු බව පැහදිලිය. එහෙත් දූෂක ස්වරූපයෙන් එන අවක්‍රමණය හෙවත් පහත වැටීම, අඛණ්ඩව ක්‍රියාදාමයක්. එමෙන්ම මීට අදාළ කටයුතු සන්තාපය ඇති කරයි.  කාර්මික මෙන්ම වාණිජ අපද්‍රව්‍ය, කෘෂිකාර්මික භාවිතයන්, මානව මූලික ක්‍රියාකාරකම් සහ වඩාත් ප්‍රකටව විවිධ ප්‍රවාහන මාදිලි මාර්ගයෙන් ජල දූෂණය ඇතිවීමට හේතුවේ.  ජල දූෂණය හට ගැනීමට වගකිවයුතු ප්‍රධාන සාධක සමහරක් වන්නේ වැඩිවෙන ජනගහනය, කාර්මිකකරණය හා නාගරිකකරණය, විද්‍යාව හා තාක්ෂණය යොදාගැනීම සහ නුතන කෘෂිකාර්මික භාවිතයන් වේ.

නව සංයෝග සංස්ලේෂණය කරද්දි, ජල දූෂක විවිධත්වය සහ සංඛ්‍යාව වසරක් පාසා ඉහළ යයි. දිනපතාම කැළි කසල, කෘෂිකාර්මික හා කාර්මික අපද්‍රව්‍ය ටොන් ගණනක්  ලොව ජලමාර්ග වලට මුදා හැරෙන අතර වසර පාසා නිපදවෙන අපජලය ඝන කිලෝමිටර 1500ක් පමණ බව ගණන් බලා ඇත. මෙයම වෙනත් අන්දමකට කියනවනම් ලොව පුරා ඇති ගංගා සියල්ලෙහි ජලය මෙන් 6 ගුණයකටත් අධිකය. හානිකර විපර්යාසයන්ට මඟ පාදමින් වල්නාශක, කෘමිනාශක, පොහොර, කෘෂිකර්මාන්තය හා කර්මාන්තවලින් එන අනතුරුදායක රසායන වැනි දූෂක අපගේ මිරිදිය මූලයන් වෙත මුදා හැරෙමින් පවතී.

ජල දූෂණය හා සෞඛ්‍යය

ව්‍යාධිජනක සහ කිසිවෙකුත් නොපතන  රෝග බෝකරන්නා වූ ක්ෂුද්‍ර ජීවීන් ගෘහාශ්‍රිත සහ  රෝහල් කැලිකසළ අතරේ දැකිය හැකිය.  විවිධ වූ ගෘහ සහ රෝහල් කැලිකසළ  ප්‍රමාණවත් ආකාරයකට පිරියම් නොකිරීම, නිදන්ගත රෝග පැතිරයාමට හේතුවේ. මතු දැක්වෙන වගුවෙහි දක්වා ඇති අන්දමට රෝග පතුරුවන රෝගකාරක අතරට බැක්ටීරියා, වෛරස සහ ප්‍රෝටෝසෝවා (මූල සත්ව) අයත්වේ මෙයින් බොහෝමයක් මුළු ලොව පුරා පුළුල්ව පැතිරේ. අතුණුබහන් වල ජීවත් වන  කෝලෛ ම්මදිලි බැක්ටීරියා විශේෂ ජල දූෂණය  සොයා ගැනීම පිණිස යොදාගනී. රෝග හටගන්වන බැක්ටීරියා විශේෂ අතරේ Cryptosporidium parvum, Burkholderia pseudomallei, Giardia lamblia වේ.

අනේක විධ ජලජමය නැතිනම් ජලය මගින් බෝවෙන රෝග සඳහා මිනිස් සිරුර තෝතැන්නකි. ගංවතුර හා සබැඳි තීව්‍ර වර්ෂණය සහ දරුණු කාලගුණ තත්ත්වයන්ට මෙන්ම විවිධ කලාපවල  විවිධ වූ රෝග නිර්මාණය වීම හා සම්බන්ධ කෙරේ.  ලෝක ජනගහනය සියයට දහයක් වැඩි පිරිසක් විශ්වාසය තබන්නට සිදුව ඇත්තේ විවිධ වූ දූෂක කළවම් වී ඇති ජලයෙන් වගා කෙරුනු ආහාර කෙරෙහිය. ජලය මගින් බෝවෙන රෝග බොහෝමයක් අසූචි මිශ්‍ර වීමෙන් දූෂණය වූ ජල මූලයන් හා සම්බන්ධය. මෙලෙස  අපවිත්‍ර හෙවත් සකලංක ජලය හා සම්බන්ධ සෞඛ්‍යය උපද්‍රවයන් අතර පුළුල් පරාසයක විවිධ වූ  රෝග ඇතුළත්ය. ශ්වසන, පාචන රෝග, පිළිකාව, ස්නාසාවේදීය රෝගාබාධ සහ හෘදවාහිනී  රෝග ඉන් සමහරකි. පිළිකාව නිසා ඇතිවන මරණ සංඛ්‍යාව නගරබද ට වඩා ගම්බද වැඩිවීමට බලපාන එක් හේතුවක් වන්නේ නගරබද වැසියන්ට බීමට පිරිසැකසුම් නල ජලය ඇතත් ගම්බද ජනතාවට පිරිසැකසුමින් තොර ජලය පානය කිරීම සිදුවීම බව පර්යේෂණ පෙන්නුම් කරයි. ධූලකවලට නිරාවරණය වූ ගර්භණී සමය ගෙවන කාන්තාවන්ට  දුෂණය වූ ජලය විශාල බලපෑමක් ඇති කරයි. එය අඩු බර උපත් සංඛ්‍යාව ඉහළ යාමට මඟ පාදයි.

පර්යේෂකයින් විසින්  සොයා ගනු ලැබ ඇති තවත් කාරණාවක් වන්නේ ජලයෙහි තත්ත්වය පහළ වැටීම භෝග අස්වැන්නට හානි පමුණුවන අතර ආහාර කෙලසන් බවයි. ආහාර දාමය කෙරෙහි දූෂක ඇති කරන්නේ  ඍණාත්මක බලපෑමකි. බර ලෝහ, ප්‍රධාන වශයෙන් යකඩ (Fe) මත්ස්‍යයන්ගේ ශ්වසන පද්ධතියට බලපායි. යකඩ මසුන්ගේ කරමල් තුළට ගොස් ඒවා හිර කිරීමෙන්  රාශි වශයෙන් මසුන් විනාශ වීමට මඟ පෑදෙයි. එපමණක් ද නොව මෙලෙස දූෂණයට පාත්‍ර වූ මසුන් මිනිසුන් වන අප විසින් ආහාරයට ගැනීමෙන් ප්‍රධාන පෙලේ සෞඛ්‍ය ගැටළු මතු කරයි. මීට අමතරව, ලෝහ මගින් දූෂිත ජලය  හේතුවෙන් හටගන්නා තවත් රෝගාබාධ ගණනාවක්ම  ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. කෙස් වැටීම, වකුගඩු අකරණය (renal failure), ස්නායු රෝගාබාධ ඉන් කිහිපයකි.

 

ව්‍යාධිජනකය

හෝ මූලය

Source or infecting agent

 

රෝග

Diseases

රෝග පතුරුවන ව්‍යාධිජනක

(බැක්ටීරියා, වෛරස හෝ

පරපෝෂිතයන්)

Ingesting disease spreading

pathogens (bacteria, viruses

or parasites)

කොලරාව, ෂිගෙල්ලා පාචනය,

ටයිපොයිඩ පාචනය,

සහ යකෘත්දාහය

Cholera, shigellosis,

typhoid diarrhea and

hepatitis

ජලය සහ පෞද්ගලික

ස්වස්ථතාව

Water and personal hygiene

චර්ම වණය, සංසන්ධිතදාහය

සහ ට්‍රැකෝමාව

Skin ulcers, conjunctivitis

and trachoma

රෝග බෝකරන )සංක්‍රාමික

ජීව ස්වරූප මගින් මිනිස්

සම පසාරුකිරීම

Penetration of human skin

by infective forms (aquatic

hosts)

බිල්හාර්ෂියාව,

ක්ලොනෝකිසියාව,

සහ පැරගොනිමිසියාව

Schistosomiasis,

clonorchiasis and

paragonimiasis

කෘමි දෂ්ටකිරීම

Insect bite

මැලේරියාව, ඩෙන්ගු

සහ කහ උණ

Malaria, dengue and

yellow fever

Fresh Water Pollution Dynamics and Remediation (Springer Nature 2020) ග්‍රන්ථයේ The Concerns for Global Sustainability of Freshwater Ecosystems නම් පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.