උගැන්වීම පිණිස වන බලපෑම් සහ හැඟැවීම්

Posted by

අද ලෝකය තුළ විද්‍යාව සහ තාක්ෂණය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවත්, විද්‍යාත්මක හා තාක්ෂණික  අභිවෘධියට විද්‍යා අධ්‍යාපනයේ සංවර්ධනය අවශ්‍යවේ.  විද්‍යා අධ්‍යාපනයේ දියුණුව ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත්පත් කර දීමටත් එමෙන්ම සාංස්කෘතික සංවර්ධනයටත් මගපාදයි. මේ අනුව කාර්මික වශයෙන් සංවර්ධිත රටවල් විද්‍යා අධ්‍යාපනයට ලබාදිය යුතු පරිදි වැදගත්කමක් ආරෝපණය කර ඇති නමුත් ඇතැම් කාර්මික නොවන රටවල් මෙහිදී අසාර්ථකත්වයක් පෙන්නුම් කරයි.  ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ විෂයමාලාවේ අඩුලුහුඬුකම්, සම්පත් ප්‍රමාණවත් නොවීම සහ වෙනත් අගහිඟකම් යනාදියයි.

මෙම ලිපි මාලාවේ අරමුන වන්නේ  විද්‍යා අධ්‍යාපනයේ වැදගත්කම නිර්නය කිරීම. විද්‍යා අධ්‍යාපනයේ  ඓතිහාසික වර්ධනය කෙටියෙන් සලකා බැලීම සහ විද්‍යා අධ්‍යාපනයේ වර්ධනයට කිනම් සාධක වැදගත් ද යන්න විග්‍රහ කිරීමයි.

 

 

උගැන්වීම පිණිස වන බලපෑම් සහ හැඟැවීම්

ඉගෙනීමේ දෘෂ්ඨි කෝණයකින් බලන විට,  ප්‍රවීණතාව(expertise) වර්ධනය කරගැනීම පිණිස අවශ්‍යවන සංජානන ක්‍රියාදාමයට ඇති කැපවීම උපරිමය තලයට ගෙන එන්නාවූ දෙය වන්නේ ඵලදායී උගැන්වීමයි. එසේ වන හෙයින්, ඵලදායි ගුරුවරයෙකුගේ ගති ලක්ෂණත්,  හොඳ මළල ක්‍රීඩා පුහුණුකරුවෙකුගේ ගති ලක්ෂණත් බොහෝ සේ සමාන ය. අත්‍යවශ්‍ය අංග කුසලතා සියල්ල වෙන්කොට ගෙන සාමුහික වශයෙන් මුර්තිමත් කෙරෙන ඵලදායි පුහුණු ක්‍රියාකාරකම් සැලසුම් කිරීම;  ඒවා සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වී ක්‍රියාකිරීම පිණිස උගෙනගන්නන්(learners) අභිප්‍රේරණය කිරීම හෙවත් පෙළඹවීම; සහ සඵල ප්‍රතිපෝෂනය(effective feedback) සැපයීම ඵලදායි ගුරුවරයෙකු සතු විය යුතු ගතිලක්ෂණවේ.

විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිතය (Science, technology, engineering, and mathematics) හෙවත් STEM ගුරුවරයෙකු සතුවිය යුතු ගුණාංග:

  • ප්‍රවීණයන්ගේ(expert) චින්තනය අවබෝධ කරගෙන ඊට යෝග්‍යවන පුහුණු (අභ්‍යාස) කාර්යයන් සැලසුම් කිරීම
  • ශිෂ්‍ය චින්තනය සහ ශිෂ්‍යයන්ගේ උගෙනීමේ අවශ්‍යතා ඉලක්ක කිරීම. එවන් කාර්යයන් උගෙනුම ලබන්නාගේ මට්ටමට ගැලපිය යුතු අතර උගෙනුම ලබන්නාගේ වර්තමාන චින්තනය වඩාත් ඉහළ ප්‍රවීණතාවක් කරා  ගෙනයාමට උපකාරී වන අයුරින් ගොඩනැගීම පිණිස ඵලදායි විය යුතුය. උගෙනුම ලබන්නාගේ පූර්ව චින්තනය ගැන ගුරුවරයා දැන සිටිය යුතු අතර ඊට සම්බන්ධවීමට සමත් විය යුතුවේ. එපමණක් නොව භාවිත කරනු ලබන ඉගෙනුම් ද්‍රව්‍යවලින් මතු වන දුෂ්කරතා ගැන ද අවබෝධයක් තිබිය යුතුය.
  • ඉගෙනුම සඳහා අවශ්‍ය වන්නා වූ විස්තීර්ණ ප්‍රයත්නය නොවලහා යොදවනු වස් ශිෂ්‍යයා අභිප්‍රේරණය කළ යුතුවේ. මෙයට, ඉගෙනුම පිළිබඳ ස්වයං සඵලත්වයක් සහ හිමිකාරිත්වයක්(self-efficacy and ownership) පිළිබඳ හැඟීමක් ජනනය කිරීම; විෂයය,  උනන්දුව දනවන්නක්, අදාළ වන්නක් සහ පොළඹවන සුළු දෙයක් බවට පත්කිරීම; STEM විශේෂඥයෙකුය  හෙවත් ප්‍රවීණයෙකුය යන අනන්‍යතාව පිළිබඳ හැඟීමක් උගෙනගන්නා තුළ වර්ධනය කිරීම; සහ අභිප්‍රේරණයට බලපාන අනෙකුත් සාධක  අදාළවේ. ප්‍රායෝගික වශයෙන්, මෙය සිදු කළ යුතු වන්නේ කෙසේද යන්න අදාළ විෂය කරුණු මෙන්ම උගෙනුම ලබන්නාගේ ගති ලක්ෂණ — එනම් ඔවුන්ගේ පූර්ව අත්දැකීම, නිපුණත්වය මට්ටම සහ පෞද්ගලික සහ සමාජ සංස්කෘතික හරයන් — මත රඳා පවති.
  • කාලානුරූප වන එලෙසම, සිසුවාගේ චින්තනයට කෙළින්ම ආමන්ත්‍රණය කරන ඵලදායි ප්‍රතිපෝෂණය සැපයීම. මෙය ඉටු කිරීමට නම් ගුරුවරයා සිසුවාගේ චින්තන ක්‍රියාදාමය හදුනාගත යුතුය; උගෙනුම් ද්‍රව්‍ය මගින් මතුවෙන ආකෘතික සංජානන අභියෝග ගැන දැන සිටිය යුතුය; එමෙන්ම එකී අභියෝග ජය ගැනීමට සිසුවාට උපකාරී වන්නාවු සුවිශේෂී ප්‍රශ්න, කාර්යයන් සහ නිදසුන් පිළියෙළ කළයුතුවේ. යම් දේශනයකින් උගෙනීමට හැකිවන අයුරින් සිසුවාව සැලකිල්ලෙන් සූදානම් කර ඇත්නම් අවධාරිත, කෙටි දේශන ඇතුළුව ප්‍රතිපෝෂණය සැපයීමේ ඵලාදයී මාර්ග ගණනාවක් ඇති බව පර්යේෂණ මගින් හෙළි වී තිබේ.
  • උගෙනීම ක්‍රියාකාරන්නේ කෙසේද යන්න වටහා ගැනීම සහ එම වැටහීම සිසුන්ගේ සියලු ක්‍රියාකාරකම්වලට මගපෙන්වීමට භාවිත කිරීම.  උගෙනීම් ප්‍රවීණතාව පිළිබඳ පර්යේෂණයට අමතරව මෙයට,  අධ්‍යාපනයට අදාළ වන තොරතුරු මිනිස් මොළය මගින් පිරිසැකසුම් කරනු ලබන්නේ කෙසේද යන්නට අදාල අනෙකුත් වඩාත් හොඳින් ස්ථාපිත මූලධර්ම ද  ඇතුළත්ය. මෙම මූලධර්ම අතරට මොළයේ කෙටිකාලීන මතකයේ සීමාවන් සහ දිගු කාලීන ධාරණය(retention), වෙරගන්වන්නේ කුමන ක්‍රියාදාමයන් ද යන්න වැනි කාරණා ඇතුළතය.Related image

මෙකී ශික්ෂණ ක්‍රියා බොහොමයක් එක් සිසුවෙකු සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවීම පහසු වුවද පන්ති කාරමයක් තුළ සිටින සිසුන් බොහෝ දෙනෙකුට එකවර සැපයිමට ගුරුවරයා සතු  හැකියාවන්   ව්‍යාප්ත කළ හැකි, විවිධ  ශික්ෂණ ශිල්ප ක්‍රම සහ සරල තාක්ෂණයන්   ගණනාවක් ම ඇත.  මෙහිදී බොහෝ විට සිසුන් සිසුන් අතරේ අන්තර් ක්‍රියාකාරකම් ඵලදායීව යොදා ගැනේ. ගුරු පුහුණුවෙහි  අවධානය යොමු විය යුත්තේ එවන්  ශික්ෂණ ප්‍රවීණතාවන්  වර්ධනය කිරීම කෙරෙහිය. ගුරුවරුන්ට අන්තර්ගතය ගැන ගැඹුරු නිපුණත්වයක් තිබිය යුතුය. ප්‍රවීණ චින්තනය කුමක්දැයි ඔවුනට වැටහී යන්නේ එවිටය. එහෙත් ඔවුනට ශික්ෂන අන්තර්ගතය ඥානය ද(“pedagogical content knowledge”   = විෂයක අන්තර්ගතය ඉගැන්වීම සඳහා ගුරුවරයා සතු කුසලතාවයයි. අන්තර්ගතය හා ශික්ෂණ විද්‍යාව මෙහිදී එක්තන් කෙරේ) තිබිය යුතුවේ. යම් සුවිශේෂී අන්තර්ගතයක් සිසුන් විසින් ඉගෙන ගනු ලබන්නේ කෙලෙස ද යන්න සහ මාතෘකා-සුවිශේෂී මට්ටමකදී ඉගෙනීමට ඇති අභියෝග මෙන්ම පහසුකම් සැලසීම ගැන අවබෝධය මින් කියැවේ.

STEM අධ්‍යාපනය යනු ප්‍රවීණතාව ප්‍රශස්ත මට්ටමමකට ගෙන ඒමය යන  මෙම මතවාදය දැනට පන්තිකාමරවල ඉගැන්වීම සම්බන්ධයෙ සිදු කර ඇති පර්යේෂණවලින් සැපයෙනවාට වඩා පැහැදිලි එමෙන්ම විස්තරාමක  මාර්ගෝපදේශ සලසයි.

බාලාංශ – 12 ශ්‍රේණිය දක්වා පන්ති කාමර තුළ වාතාවරණය සිසුන්ගේ ඉගෙනීමට බලපාන එහෑත් පාලනය කළ නොහැකි විචල්‍යයන් බොහොමයක් ඇත. ඉගෙනීම මිනිමේදී සම්මත පරීක්ෂාවන්ගේ() වංගුභාවය ගැන ප්‍රශ්න මතුවේ; ගුරුවරුන්ගේ සුදුසුකම් හා පුහුණුව ප්‍රමාණවත්නොවේ; විශේෂයෙන්ම, ප්‍රාථමික හා මැදි පාසල් ගුරුවරුන් අතරේ  පුගුණතා මට්ටම පහළය. මේ  කාරණා   නිසාවෙන් (උගෙනීම ගැන) පන්තිකාමරයෙන් අධ‍යාපනඥයන්ට ලැබෙන සංඥා අනෙකුත් විචල්‍යයන්ගෙන් වසන්වී යා හැකිය.

සිසුන් කැපවී සිදු කරන අභ්‍යාසයන්ට සහාය පළ කෙරෙන ශික්ෂන ක්‍රමයක් අනුගමනය කරන ගුරුවරුන් මාර්ගයෙන්  ලබන අධ්‍යාපනයෙන් සම්ප්‍රදායනුකූල දේශනවලින් සැපයෙනවාට වඩා ප්‍රතිඵල අත්පත් කර ගත හැකි බව පැහැදිලිය. එක නිදසුනක් පමණක් දක්වන්නේ නම් අධ්‍යාපනය අතහැරයාමේ සහ (සිසුන්) අසමත්වීමේ අනුපාතයන්(dropout and failure Rates) දළ වශයෙන් සියයට පනහකින් අඩු වීම දැක්විය හැකිවේ.

Related image

Issues in Science and Technology 29, no. 1 සඟරාවෙහි පළවූ Applying New Research to Improve Science Education යන  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.