සංජානනය: ඔබේ මොළය ‘වර්තමානය‘ නිර්මාණය කරන ආකාරය

Posted by

ඔබේ මොළය ‘වර්තමානය‘ නිර්මාණය කරන ආකාරය

How your brain creates ‘now’

“දැන්”(Now) කියන්නේ කුමකටද? එය, අපේ සංවේදක මගින් සොයා ගැනීමට හැකි, කොහේ හෝ ඔන්න ඔහේ තිබෙන දෙයක් නොවේ. එහෙමනම් අතීතයේ සිට වර්තමානය දක්වා කෙටි විරාමයක් නතිනම් අන්තරයක්  සහිතව අතීතයේ සිට වර්තමානය දක්වා  කාලය ගලා යාම අප සංජානය කර ගන්නේ කෙසේද?

‘දැන්’ යන්න තේරුම් ගැනීමට අපහසු, අපැහැදිලි සංකල්පයකි. එය භෞතික විද්‍යාව මගින් හුදු මායාවක් ලෙස සලකනු ලබන අදහසකි. මේ මොහොත සඳහා ගතවන කාලයක් නොමැති නම් අපට මේ ලෝකයේ ක්‍රියාත්මක වන්නට නො නොහැකිය. එහෙමනම් ඉතින් ‘දැන්’ කියන එක කොයි තරම් දිග කාලයක් ද? මෙයට  ස්නායු විද්‍යාඥයන් සහ මනෝ විද්‍යාඥයින් සතුව පිළිතුරක් ඇත. දැන්  — ඒ කියන්නේ ඔබත්  අත්දකින දෑ  ‘මනෝවිද්‍යාත්මකව වර්තමානයට’ ඔබේ මොළය මඟින් යාකරන හෙවත් සංයෝජනය කරන   ලබන කවුළුව — යන්නට කාල මාත්‍රාවක්(පවතින කාලයක්) ඇති අතර   සාමාන්‍යය ගතහොත් එය තත්පර 2ක් 3ක් අතර පවතින කාලයකි.

‘දැන්’ යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන කාලය නිර්මාණය

මානව සැලසුම් කෙරුණු සම්පරීක්ෂාවක්  මගින්  මෙය ප්‍රදර්ශනය කරනු ලැබීය. පරීක්ෂණයට සහභාගී වන්නන්ට, කෙටි චිත්‍රපට ක්ලිප් හෙවත් කොටස්  පෙන්වනු ලැබීය. මේවායේ මිලි තත්ත්පර(ඒ කියන්නේ තත්පරයක දහසේ කොටස්) සිට තත්පර කිහිපයක් දක්වා පවතින ලෙස කොටස් වශයෙන් අහඹුලෙස එහා මෙහා කරමින් සකස් කොට තිබුණි. මෙලෙස එහා මෙහා කරන ලද ඛණ්ඩ (segments) තත්පර 2.5 ක් දක්වා පැවතුණේ නම් නැරඹු අයට එක කතාවක් හැටියට  ගළපා හැනීමට හැකිවුණේ එහා මෙහා කිරීම ඔවුනට නොදැනීම හේතුවෙනි. එහෙත් එහා මෙහා කරන ලද කොටස ඊට වඩා දිග නම් ස්වේච්ඡාදායකයා අවුලට පත් විය. වෙනත් වචන වලින් කිව්වොත් කලවම් කරන ලද උත්තේජන තත්පර 2.5 ක් දක්වා වූ කාල රාමුවක් තුළ පවතී නම්  එකට බැඳුණු,  තේරුම්ගතහැකි පූර්ණ චිත්‍රයක් හැටියට එකට ඒකාග්‍ර කිරීමේ හැකියාව මොළයට ඇති  බවයි. මේ කවුළුව තමයි ‘ආත්මීය වර්තමානය'(‘subjective present’).  එය පවතින්නේ අපට සිදුවීම් මාලාවක්  සවිඤ්ණකව සංජානනය කර ගැනීමට ඉඩ සලසමිනි.

time illusion

කාල රේඛාව තුල

විවිධාකාරයේ  ක්‍රම ආකාරයෙන් මේ කාල රාමු අපේ ජීවිතවල පැනනගී. අධ්‍යක්ෂවරයා විසින් ඕනෑකමින්ම අර්බුදකාරී හෝ අවුල්කාරී චලනයන් පිළිබඳ හැඟීමක් අරමුණු කරගනු ලබ නැතිනම්,     චිත්‍රපට රූපරාමු තත්පර දෙකකට හෝ තුනකට වඩා අඩුවෙන් පවතින්නේ කලාතුරකිනි. තවද,  සාමාන්‍යය ගතහොත්, වැලඳගැනීම්, සිප ගැනීම් හා අතට අත දීම් පවතින්නේ තත්පර තුනක් පමණ කාලයකි.  එහෙත් මෙකී කෙටි ඛණ්ඩ මොළය ක්‍රියාත්මක වන හෙවත් ගනුදෙනු කරන කෙටිම කාල ඒකකය නොවේ. සෑම මොහොතක්ම සෑදී ඇත්තේ අවුල් කරන ලද උපවිඥානක, ‘කුඩා දැන්’ (mini-nows) වලිනි.  මෙයින් විඥානයට ඇතුළු කරනු ලබන්නේ කොටසක් පමණකි.  මෙකී එක් එක් කුඩා  ‘දැන්’ ඒවායේ දිග රඳාපවතින්නේ අපේ ඉන්ද්‍රියයන්ට සිද්ධියක් තවත් සිද්ධියකින් වෙන්කර ගැනීමට ඇති හැකියාව මතයි. විවිධ වූ ඉන්ද්‍රිය සඳහා මෙය වෙනස් වෙයි. නිදසුනක් ගනිමු.

Related image

අපේ ශ්‍රව්‍ය පද්ධතියට(auditory system) හුදු මිලි තත්පර දෙකක් පමණක් එකිනෙකින් වෙන්ව තිබෙන ශබ්ද දෙකක් වෙන් කර හඳුනා ගත හැකිය. එසේ වුවද දෘශ්‍ය පද්ධතිය (visual system) සඳහා  මිලි තත්ත්පර දශ ගණනක් ඕනැ වේ. ඉන්ද්‍රියන්ගේ පෙළගැස්ම සොයාගැනීමට ඊට වැඩි කල් ගතවෙයි. මුලින් සිදුවූයේ කුමක්දැයි ඔබට කීමට හැකි වීමට නම් සිද්ධි දෙක අතර අඩුම තරමින් මිලි තත්ත්පර 50ක පරතරයක් තිබිය යුතුය.

කාල ප්‍රවාහය දැනීයාම

සෑම තත්ත්පර  2-3 ඛණ්ඩයක්ම ඊළඟට එක සමග, සුමටව ගලා යන කාලයේ ගංගාව තුළට  එකතු කරනු ලබයි.  එහි දී වර්තමානය සුමටව අතීතය වෙත ගලා යයි. ප්‍රවාහයේ හෙවත් ගලායාමේ ගුණය ඉන් මතුවන තුරු මෙය සිදුවන ආකාරය පිළිබඳව එක් සිද්ධාන්තයක් වන්නේ මොළය ‘දැන්‘ ඒවා ධූරාවලියක් පවත්වාගෙන යනු  ලබන බවයි. මේ එක් එක් ‘දැන්‘ ඒවා ඊළඟ ඒවායේ තැනුම් ඒකක සකසනු ලබන්නේය. අඛණ්ඩතාවය පිළිබඳ මෙම හැඟීම තත්පර තිහක පමණ කාල පරාසයක් තුළ ක්‍රියාත්මක වන අතර ක්‍රියාකාරී ස්මරණය මගින් එකට එක් කරනු තබා ගන්නවා විය හැකියි. මින් අදහස් කෙරෙන්නේ සීමිත තොරතුරු ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ රඳවාගෙන භාවිතා කිරීමට තිබෙන හැකියාවයි.

අප විසින්  ‘දැන්’ යන්න මනිනු ලබන්නේ කෙසේද? ලබන බ්‍රහස්පතින්දා ඒ ගැන කතා කරමු.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදයෙහි  How your brain creates ‘now’ යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.