මේසා විශාල මොළයක් අලින්ට පරිණාමය වුණේ කාලගුණ විපර්යාස නිසාවෙන් ද?

Posted by

මේසා විශාල මොළයක් අලින්ට පරිණාමය වුණේ කාලගුණ විපර්යාස නිසාවෙන් ද?

දීර්ඝ කාලයක් තිස්සේ අලි ඇතුන් අපේ අවධානයට ලක්වන්නට අර්ධවශයෙන් හේතුවන්නේ ඔවුන්ගේ දැවැන්ත බව මෙන්ම රාජකීය විලාශයයි. ඒ වුණත්  ඔවුන්ගේ සංකීර්ණ චර්යා රටාව ද අප විශ්මයට පත්කරයි. මෙයට එක්තරා හේතුවක් විය හැක්කේ චර්යා පමණක් නොව අපේ වඩාත්ම මානුෂීය හැඟීම් ද ඔවුන්ගෙන් පළවීමයි. නිදසුනක් දක්වන්නේ නම්, අලින් විසින්  මෙවලම් භාවිත කරණු ලබනවා වගේම ඔවුන්ගේ මළවුන් වෙනුවෙන් ශෝකවනු නොයෙක්වර නිරීක්ෂනය කරනු ලැබ ඇත.

අලිඇතුන්ගේ පරිණාමීය ඉතිහාසය ද සිත් අලවන සුළුය. ඔවුන්ගේ ඉතිහාසය බොහෝ ආකාරවලින් මනුෂ්‍යයන්ගේ ඉතිහාසයට සමාන්තර බවක් දක්වයි. අලින්ගේ පූර්වජයන්ගේ සම්භවය සිදුවූයේද මනුෂ්‍යයන්ගේ  ප්‍රභවය සනිටුහන් වන අප්‍රිකාවේමය. මැමතයන් ඇතුළුව ඔවුන්ගෙන් පැවත එන්නෝ අප්‍රිකාවෙන් පිටව ගොස් වෙනත් මහාද්වීපවල පදිංචි වූහ. ඉතින් මේ ක්‍රියාවලඉයේ දී ඔවුනට ගොඩබිම කිසිම සතෙකුට නොමැති විශාලතම මොළය පරිණාමය විය. අපේ මොළය බරින් කිලෝග්‍රෑම් 1.4ක් වෙද්දී, අලියෙකුගේ මොළය කිලෝග්‍රෑම් 5ක් බරය.

එහෙත්, අලින්ගේ පරිණාමයෙහි මෙම සුවිශේෂී අංගය පණගන්වනු  ලැබූවේ කුමකින් ද? ආදී අලිඇතුන්ගේ ෆොසිල වාර්තාව බෙහෙවින් විපුල එකක් වන නමුත් ඉහත නගන ලද ප්‍රශ්නයට පිළිතුර බොහෝ කාලයක් යනතුරු අපි නොදැන සිටියෙමු. කුඩා මොළ සහිත ආදීතම විශේෂය්නගේ සිට විශාල මොළ සහිත නූතන අලින් දක්වා සම්බන්ධයෙන් වන අපගේ දැනුමෙහි වසර මිලියන 30ක් තරම් වන හිඩැසක් ඇත.

කෙසේවෙතත්, වඩාත් ප්‍රමුඛ නූතන පරිලෝකන හෙවත් සුපිරික්සුම් ශිල්පක්‍රම සහ  පරවේණී අංගයන්ගේ  අතිනවීණ සංඛ්‍යාලේඛනාත්මක ප්‍රතිනිර්මානයකිරීම්වලට ස්තුතිවෙන්නට දැන් ඔන්න අපට පිළිතුර ලැබී ඇත.  අලිඇතුන් පරම්පරාවේ මොළය පරිණාමයවීමේ ප්‍රථම නිරවද්‍ය කාල රේඛාව ප්‍රතිනිර්මානය කරමින් (මෙම ලිපියේ කතුවරුන් දෙදෙනා ඇතුළු) විද්‍යාඥයන් කණ්ඩායමක් වසර හයක කාලයක් ගත කළහ. මෙම අන්තර්ජාතික සහයෝගීතාවයෙන් උපන් ප්‍රතිඵල වාර්තා විද්‍යා සඟරාවල පළවිය.

දැන් ඉතින් අර මුලින් නැගූ, දීර්ඝ කාලයක් උත්තරයක් නොලද ප්‍රශ්නයට පිළිතුරු සපයතොත් කියන්න තියෙන්නේ වැඩිකොටම වගකිව යුත්තේ දේශගුණ විපර්යාසය බවයි. දේශගුණයේ මාරුවීමක්, අනෙකුත් පාරිසරික කැළඹීම් මෙන්ම තරඟකරුවන්ගේ සහ නව විලෝපියන්ගේ ආක්‍රමණ යන කාරණා මෙහිදී වැදගත් කාර්ය භාරයක් ඉටුකරන්නට ඇත. මෙය වටහා ගැනීම, දිගු කාලයක් තිස්සේ පවතින විද්‍යාත්මක අභිරහසක් විසඳා ගැනීමට උපකාරී වනවා පමණක් නොව ගෝලිය වශයෙන් අද පවතින දේශගුණ අර්බුදයට නූතන විශේෂයන් අනුගතවන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට ද අපට මගක් සලසයි.

මේ පිළිබඳ සමීක්ෂණ සිදුකළ අන්තර්ජාතික පර්යේෂකයන්ට පෙණී ගොස් ඇත්තේ පෞරාණික අලිඇතුන්ගේ මොළ ප්‍රමාණය දළ වශයෙන් මෙයට වසර මිලියන 26 කට සහ 20කට පෙර ස්පන්දන (pulses) දෙකකදී ඉහළ ගිය බවයි. මේ එක් එක් සපන්දනයක් දී, (ශරීර ප්‍රමාණය වෙනුවෙන් සංශෝධිත සාපේක්ෂ මොළ ප්‍රමාණයෙහි මිම්ම)  මස්තිෂ්ක විස්තාර  ඵලය(encephalization quotient) දෙගුන විය.

මෙය, අලින්ගේ මුල් කාලයේ ඥාතීන්ගේ කුඩා මොළ,  සෑම අතින්ම නූතන විශේෂයන්ගේ  විශාල මොළ හා සම කළ හැකි මොළ බවට පරිවර්තනය කිරිමට ඉවහල් විය.  මොළයෙහි වර්ධනයේ මෙම සපන්දන දෙක අප්‍රිකාවේ සැලකිය යුතු පාරිසරික අවුල් සහිත කාල ඡේද දෙකකට අනුරූපවෙයි.  වසර මිලියන 26කට පමණ පෙර ප්‍රථම වතාවට ඇන්ටාක්ටිකාඅව හිමෙන් මිදුණු අතර එය දේශගුණය ගෝලිය ශූෂ්කකරණයකට ලක්කළේය. අප්‍රිකාවේ ඝන වැසි වනාන්තර සැවානා(නිවර්තන තණ බිම්) සහ කාන්තාර බවට හැරවිණ. වසර මිලියන 20කට පමණ පෙර දේශගුණය ආපසු වඩාත් උණුසුම් සහ වඩාත් තෙත් අප්‍රිකානු පරිසරයකට පෙරළිණ. මේ දේසගුණික අස්ථාවරභාවය පරිපූරණය වූයේ අප්‍රිකාව සහ ආසියාව අතර ගොඩබිම පාලමක් නිර්මාණය වෙමිනි.

මෙය තරඟකාරී ශාකභක්ෂිකයන්ට සහ නව විලෝපියන්ට අප්‍රිකාව ආක්‍රමණ කිරීමට මගපෑදීය. ඒ වෙද්දී මිහිතලය මත මහා වානරයන්ගේ ආගමනය සිදුවී තිබුණේ නැත. මෙම කාලයේදී (ඇතුන්ගේ, රයිනෝ සමාන ඥාතියෙකුවන) Arsinoitherium වැනි විශාල විශේෂ විනාශව ගියේය. පෞරාණික අලිඇතුන්ට සිදුවූයේ එක්කෝ අනුවර්තනයවීමටය. නැතිනම නෂ්ටප්‍රාප්තවීමටය. ඒ අවධියේත් කෙටි හොඬ සහිත තපිරා(tapir) වැනි සාපේක්ෂව කුඩා සත්තු තවමත් ජීවත්වූහ. පර්යේෂකයන්  උපකල්පනය කරන්නේ වඩාත් විශාල මොළය ඇතුන්ට වඩාත් චර්යාමය  නම්‍යශීලීතාවක් ලබාදුන් බවයි: එනම්, වඩාත් ගවේශනාත්මකවීමට, ආහාර සොයනු වස් සංක්‍රමණයවීමට, වඩාත් පුළුල් වර්ගවල(කොළ, පළතුරු, තණ) ආහාර වලට හුරුපුරුදුවීමට, සහ වියළි කාල වලදී දුර ඈත  ජලවලවල් මතක තබාගැනිමට හැකියාව මීට නිදසුන් ලෙස දැක්විය හැකියි. වඩාත් විශාල මොළය තරඟකරුවන් අභිබවායන්ටත්, විලෝපියන් මගහරින්නටත් උදව් වෙන්නට ඇත.

කෙසේවෙතත්, තවමත් තවත් ප්‍රශ්න ගණනාවක් ඉතිරව ඇත. වඩාත් විශාල මොලය ඇත්තටම වඩාත් විශාල ශරීර ස්කන්ධයක අතුරු ඵලයක් ද? ස්වභාවික වරණය ක්‍රියාත්මකවූයේ ශරීර ප්‍රමාණ මත පමණක් ද? පර්යේෂණය ඉදිරියට යද්දී චිත්‍රය වඩාත් පැහැදිලි වනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති.

 THE CONVERSATION(GLOBAL PERSPECTIVE) හී පළ වූ  HOW DID ELEPHANTS EVOLVE SUCH A LARGE BRAIN? CLIMATE CHANGE IS PART OF The answer යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.