වෛරස බලා ඉන්නේ අපට වින කටින්නම ද?

Posted by

සමහර පුද්ගලයන් ගැන, සමහර කාරනා, සිදුවීම් හෝ දේවල් ගැන අප බොහෝ දෙනෙකුට ඇත්තේ මුල් බැස ගත් අදහස්. ඒවාට ඒකාකෘතික  යනුවෙන් ද කියනු ලැබේ. නිදසුනක් දක්වන්නේ නම් අද දේශපාලඥයා යන්න කිව් පමණින් අපි වැඩිදෙනෙකුට ඇතිවන්නේ පොදුවේ ඔවුන්ට ආරෝපණය කරන ලදකලින්ම නිශ්චිත කරන ලද ගුණාංඟ පදනම් කරගත් ඒකරූප අදහසක්. වෛරස ගැනත් එහෙම තමයි.  වෛරස කියූ පමණින් බොහෝ දෙනකු තුළ ඇති වන්නේ අපට රෝග උපද්‍රව ගෙන එන භයානයක දෙයක්  ගැන අදහසක්. එහෙත්, සාක්ෂී සහිතව, විද්‍යාත්මකව කරුණු කාරනා සොයා බලනවා නම් අපට (වෛරස ගැන පමණක් නොව වෙනත් කාරණා සම්බන්ධයෙන් ද)   මුල්බැස ගත් අපේ අදහස් වල නිර්වර්ද්‍යතාව අපටම හඳුනා ගන්න පුළුවන්.

 

වෛරස පෘථිවිය මත සෑම තැනකම දැකිය හැකියි

වෛරස සියලු ජීව ස්වරූප ආසාදනය් කරයි. ජීව ස්වරූප: සුන්‍යෂ්ටිකයො(පෘෂ්ඨවංශික සතුන්, අපෘෂ්ඨවංශික සතුන්, ශාක, දිලීර) සහ ප්‍රාග්න්‍යෂ්ටික්යො (බැක්ටීරියා සහ ආකි බැක්ටිරියා).  ප්‍රාග්න්‍යෂ්ටික්යන් ආසාදනය කරන වෛරස බොහෝ විට හඳුන්වනු ලබන්නේ බැක්ටීරියා භක්ෂක හැටියටයි.

රෝග ලක්ෂණ සහිත ධාරක ජීවීන් තුළ වෛරස ඇති බව පැහැදිලියි.  කෙසේවෙතත්,  සෞඛ්‍ය සම්පන්න බොහෝ ජීවින් ව්‍යාධිජනක නොවන වෛරස ආසාදන ඇති ධාරකයන් බවට පත්වේ. මෙයින් සමහරක් ක්‍රියාකාරී වන අතර  සමහරක් නිශ්චලය. එපමනක් ද නොව බොහෝ ජීවීන්ගේ ජෙනෝමවල  බොහෝ කාලයකට පෙර ඔවුන්ගේ ධාරක ජෙනොමවලට සංකලිත වූ අතීත වෛරස ජෙනෝමවල අවශේෂ අඩංගුවේ.  වෛරස, සිය ධාරක අතර සිටිනවාට අමතරව පසෙහි, වාතයෙහි, සහ ජලයෙහි ද දැකිය හැකිය.  බොහෝ ජලමය පරිසරයන්  තුළ එවැනි පරිසරයන්හි සිටින ජීවීන් ආසාදනය කරනු ලබන  වෛරස  බොහෝ අධික සකේන්ද්‍රණ හෙවත් සමූහයන් අන්තර්ගතය.

යම් විශේයක් පිළිබඳව කෙතරම් සූක්ෂම ආකාරයෙන් අධ්‍යනය කරනවාද යන්න සහ එම විශේෂයෙහි ඇති වෛරස සංඛ්‍යාව අතර ප්‍රබල සහසම්බන්ධයක්(correlation) ඇත. අපේම විශේෂය තමයි වඩාත්ම අවධානය යොමුවන විෂය නැතිනම් මාතෘකාව. මන්ද, අපේම සෞඛ්‍යයට බලපාන කාරක සහ ක්‍රියාදාමයන් ගැන හැදෑරීමට අපට බන්ධිත උනන්දුවක් තිබෙන නිසාවෙනි. එහෙයින්, වෙනත් ඕනෑම විශේෂයකට වඩා මානව වර්ගයා ආසාදනයට ලක් කරන බවට දැන හඳුනාගනු ලැබූ  වෛරස වැඩියෙන් ඇත යන්න පුදුමයට කාරණාවක් නොවේ. එපමණක් ද නොව මිනිසුන්ට බලපාන වෛරස තව තවත් සොයා ගැනෙමින් පවතී.  ඉතින්, අනෙක් විශේෂයන්ටත් මේ ආකාර අවධානය යොමු වන්නේ නම්, මෙම ප්‍රමාණයේම වෛරස සංඛ්‍යාවකට ඒවා ද ධාරක වන බව පෙනී යාමට ඉඩ තිබේ.

දැනට  සොයාගෙන ඇති වෛරස නොයෝජනය කරන්නේ  මේ මහා පොළවෙහි ඇති වෛරසවලින් ඉතා කුඩා අංශුවක් යන්න සැකයකින් තොරය. දනට දන්නා ශාක, සතුන්,  දිලීර, බැක්ටීරියා සහ ආකිබැක්ටිරියා බොහොමයක වෛරස ඇත යන්නේ ද ගැන තවදුරටත් සොයා බැලිය යුතුව ඇත.  එමෙන්ම, වෛරස තිබීමේ විභවයක් සහිත ධාරකයන් සොයාගැනීම අඛන්ඩව සිදුවේ.   එ මතුද නොව,  ස්වභාවික පරිසරයන්ගේ DNA  විශ්ලේෂණ පෙන්නුම් කරන්නේ බැක්ටීරියා විශේෂ බොහොමයක් තවමත් පරීක්ෂණාගාරවල දී  හුදකලා කොට හඳුනාගෙන නොමැති බවයි; එහෙයින්, මෙකී බැක්ටීරියා වෛරසවල ධාරකයන් වීමට ඉඩ ඇත.

වෛරස අධ්‍යයන විද්‍යාව(Virology)

වෛරස ගැන  මුල්බැස ගත් අපේ අදහස් සංශෝධනය පිණිස පමණක් නොව වෛරස ගැන සැබෑ අවබෝධයක් ලබා ගැනීමට වුවමනා නම් අප තවදුරටත් ඒ ගැන හැදෑරීම් කළ යුතුය. ඊට අදාල කාරණා කිහිපයක් අපි දැන් සලකා බලමු.

වෛරස යනු සුළු(උදා: සුලබ සෙම්ප්‍රතිශ්‍යාව) ලෙඩ රෝගවල සිට මාරාත්මක(උදා: ජලභීතිකාව) දක්වා මානව ලෙඩරෝග බොහොමයක වැදගත් හේතුකාරකයකි.  ආකාර කිහිපයක පිළිකා වර්ධනයේ දී ද වෛරස ප්‍රමුඛ කාර්ය බාරයක් ඉටුකරයි. පුද්ගල මට්ටමින් පීඩා පැමිණවීමට අමතරව, ප්‍රජාවන් සහ සමාජයන්ගේ යහපැවැත්මට වෛරස පාදක රෝග හේතුවේ. අතීත කාලවල දී වසූරිය ඉමහත් බලපෑමක් සිදු කලාක් මෙන් අද ඒඩ්ස් රෝගය සමාජයට දැඩි බලපෑම් කරයි.

phages or anti-biotics?

මානවයන්ට බලපාන වෛරස ගැන හැදෑරීම පමනක් නොව පශූ වෛද්‍ය වෛරස අධ්‍යයන විද්‍යාව(veterinary virology)සහ ශාක වෛරස අධ්‍යයන විද්‍යාව ද(plant virology) බෙහෙවින් වැදගත් වන්නේ වෛරස බොහොමයක්  ගෘහාශ්‍රිත සතුන් සහ බවභෝග  ‘ලෙඩ’ කිරීමට ඉවහල්වන හෙයිනි. මෙය මානවයන් ප්‍රමුඛ සමාජයක් වශයෙන් අපට ආර්ථික බලපෑම් එල්ල කරන්නකි. සතුන්ගේ පා සහ මුඛ රෝග ඇතිකරවන වෛරස සහ වී වගාවේ වෛරස හුදු උදාහරන දෙකක් පමණකි. කේජු, යෝගට්, සහ අනෙකුත් කිරි නිෂ්පාදන නිපදවීමේදී පැසවීම් වලට වගකියන බැක්ටීරියා ආසාදනය කරන බැක්ටීරියා භක්ෂක(phages) පශූ කරමාන්තයට ද ආර්ථික බලපෑම් එල්ල කරයි.

සමහර වෛරස ප්‍රයෝජනවත් වේ

සමහර වෛරස ගැන සොයබැලීම් සිද්ධ කරන්නේ ඒවායින් දනටමත් ඵලප්‍රයෝජන ඇති නිසාවෙන් සහ අනාගතයේදී ප්‍රයෝජනයට ගැනීමේ විභවයක් ඇති නිසාවෙනි. මෙම ලිපියේ වපසරියට යටත්ව කෙටියෙන් දැක්විය හැකි කිහිපයක් පහතින් දැක්වේ.

  • හානිකර බැක්ටිරියා ආසාදනයට පත්කිරීම
  • එන්සයිම ප්‍රභව ලෙස
  • පළිබෝධ නාසක ලෙස — ඇතම් කෘමී පළිබෝධ මර්දනයට වෛරස යොදාගැනේ
  • ප්‍රති-බැක්ටීරියා කාරක ලෙස — මනුෂ්‍යන්ගේ ඇතැම් බැක්ටිරියාමය ආසාදනවලට ප්‍රතිකාර පිණිස 20වැනි සියවස මැද  බැක්ටීරියා භක්ෂක යොදාගත්ත ද ප්‍රතිජීවක් භවිතය ප්‍රචලිතවීම නිසා උනන්දුව අඩුවී ගියේය.  එහෙත්, ප්‍රතිජීවක ප්‍රතිරෝධ බැක්ටිරියා මාදිලි ඉසමතු වීමත් සමග නැවත උනනන්දුව දැල්වී තිබේ.
  • ප්‍රති-පිළිකා කාරක ලෙස — පිළිකාවට පිළියම් යෙදීමේදී, ජානමය වශයෙන් විකරණය කළ(genetically modified) වෛරස මාදිලි(උදා: herpes simplex virus and vaccinia virus ) යොදාගැනීම සම්බන්ධයෙන් සොයාබැලීම් සිදුකෙරේ. මේ වෛරස මාදිලිවලට සුවිශේෂී ටියුමර සෛල ආසාදනය කර විනාශකිරීමට හැකියාව ඇත ද සාමාන්‍ය සෛල ආසාදනය කිරීමට ඒවාට නොහැක.
  • ප්‍රෝටීන නිශ්පාදනය සඳහා ජාන වාහක ලෙස — ප්‍රයෝජනවත් ප්‍රෝටීන මෙම තාක්ෂණයේ දී  සෛලවලට  ඇතුළුකිරීමෙන්  ප්‍රෝටීන මහා පරිමාන නිශ්පාදනයට යොදා ගත හැක.
  • ජානමය රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ජාන වාහක ලෙස

අපේ දැනුමට වෛරස අධ්‍යයන දායකවෙයි.

අණුක ජීව විද්‍යාව, සෛල ජීව විද්‍යාව, සහ පිළිකාව ගැන  මූලික දැනුමෙන් වැඩි කොටසක්  ලබාගෙන ඇත්තේ විරස සමබන්ධ කරගෙන සිදු කළ  හැදෑරීම්වලිනි. උදාහරන එමටය.

වෛරස ගැන ඔබටත් මුල් බැසගත් අදහසක් තිබීලිපියේ මේ කොටස වනවිට එහි යම් වෙනසක් ඇතිවූ වගක් ඔබට දැනුනේ නම් අපට දන්වා එවන්න. එවිට ඔබ හා එක්ව වෛරස පිළිබඳ හැදෑරීම තවදුරටත් ඉදිරියට ගෙන යා හැකිය.

 

VIROLOGY – Principles and Applications (John Wiley & Sons, 2007) ග්‍රන්ථයේ Viruses and their importance  නම් මුල් පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.