සැමට විදු නැන නුවණ – Science Literacy for All

පණුවන් කන්නයි මං ආවේ…

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා.  නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.

එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS.  එය ඇසුරෙන් සකසණු ලබන, අද සිට සෑම බදාදාවකම තතු  ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.

 

 පණුවෙක් කෑවාට කමක් නැද්ද?

පිළිතුරු සපයනු ලබන්නේ ගවේෂක සහ ප්‍රවර්තන විශේෂඥ Bear Grylls  විසින්

Bear Grylls ගේ ඇත්ත නම Edward Michael Grylls. එයාගේ අක්කා ලාරා තමයි එයාට bear(වලසා) කියන ආදර නාමය පට බැන්දේ. ඔහු ගැන කෙටි විස්තරයක් කිරීම අසීරුයි. මන්ද ඔහු නොකරපු දෙයක් නැති තරම්. කුඩා කල සිටම වෙහෙස මහන්සිවෙලා කරන වැඩවලට, එළිමහන් ජීවිතේට හුරු පුරුදු වුණු ඔහු නොයෙකුත් වික්‍රමාන්විත වැඩ වලට ප්‍රසිද්ධවුනා. ජපාපනයට ගිහින් කරාතේ ඉගෙනගත්තා. වයස අවුරුදු 23 දී එවරස්ට් කන්ද තරණය් කළේ එසේ කරපු වයස අඩුම කෙනෙකු හැටියටයි. විශේෂ සන්නද්ධ බලකායට බැඳී ක්‍රියාකළ  ඔහු පැරිෂූට් අනතුරකින් දිවි ගලවා ගත්තේ යාන්තමින්.  මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු කෙරෙහි මාධය අවධානය යොමු වීම ස්වභාවික දෙයක්. ඊළඟට,  එහි ප්‍රතිඵලයක් හැටියට ඔහු රූපවාහිනි ලෝකයට ඇතුල්වුණේ ප්‍රවර්තන විශේෂඥයෙකු ලෙසයි. එතැනින් නොනැවතුණු ඔහු පොත් ගණනාවක්ම ලියා පළ කළ අයෙකු හැටියටත් ප්‍රකටයි. මුලින් කිව්වා වගේ කියලා ඉවරයක් කරන්න අමාරුයි.

ඇත්තටමයි අහන්නේ, පණුවෙක් කෑවාට කමක් නැද්ද?

හොඳයි, අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් කාරණාව මෙන්න මේකයි… ඔබේ ජීවිතය පණුවෙක් කෑම මත රදා පවතින්නේ  නම් ඔබ නිසැකවම එය කරන බවට මොනවද ඔට්ටු? මං කීවා හරිනේ?  ඒ වුණත් මට හොඳටෝම විශ්වාසයි, ඔබට හැමදාම එහෙම කරන්න ඕනවෙන එකක් නැතිවෙයි.  ඒ වගේම තවත් කාරණාවක් කියන්න තියෙනවා. ඔබ  පනුවෙක් කනවා නම් ඔබට බොහෝ ප්‍රවේශමෙන් තමයි ඒක කරන්න  සිදු වෙන්නේ.  මොකද,  උන්ගේ ශරීරේ ඇතුළේ නරක දේවල් තියෙන්න පුළුවන් (පණුවන් දවසම ගතකරන්නේ පොළව අස්සේ දඟල දඟලා නේ.) ඒ නිසා කනවා නම්  පණුවන් උයලා කන එක තමයි වඩා හොඳ.  ගින්දර උඩින් තියලා  පයින් කොළ කීපයක් සමග පණුවන් තම්බා ගත්තොත්, ඔබට  එය තරමක් රසවත් වෙයි.

මම මුලින්ම කාපු පණුවව මට කිසි දවසක අමතක‍වෙන එකක් නෑ. මම අදහා ගන්න බැරුව බලා ගෙන හිටියා එක සොල්දාදුවෙක් තමන්ගේ දත් අතරින් ඒ දිග, ඉස්ම බේරෙන පණුව සූස් ගාලා උඩට ඇදලා අමුවෙන්ම  ගිල දාපු හැටි. ඒක දැකලා මට මට සංසාරේ  එපා වෙලා හිටියේ. පණුවෙක් කන්න ඔන්න දැන් මගේ වාරේ.  ඒ වෙනකොට මම බයේ හිටියේ මට ඔක්කාරෙට එයි කියලා.

ඒත් ඉතින් ඔබට හිතාගන්න දෙයක් එහෙනම්  කියන්නද? ඔබ දන්නවාද ඔබ එය(පණුවන් කෑම)  නිරතුරුව කරනවා නම් ඒ වගේම  ඔබට ප්‍රමාණවත් තරම් බඩගින්නක් තියෙනවා නම්, ඔන්න වැඩේ බොහොම පහසුවෙනවා. ඒ වගේම  තමයි ඉතින් ජිවිතයේ සහ ජීවිතය පවත්වාගෙන යාමේ සැබෑ රහස: ඔබේ ආත්ම ශක්තිය ප්‍රමාණවත් තරමට ප්‍රබල නම්, කිසිසේත් කළනොහැකි යයි කියන දේවල් පවා කිරීමට හැකි මාර්ග සොයා ගන්නවා . ඒ තමයි පණුවාගේ පාඩම. ඒ වගේම  මතක තියා ගන්න ඕනෑ දෙවැනියට වැදගත්ම පාඩම මෙන්න: මහා වැසි වැහැලා මුළු ලෝකෙම යට වෙලා ගියත් හිනාවෙන්, හිතේ සන්තෝෂයෙන්  දිගටම කල් ගෙවන්න.

ඒ තමයි ඉතින්  පණුවා ගේ පාඩම්. හොඳයි දැන් ඉතින් එළියට ගිහින් පණුවෝ හොයන්න පටන්ගන්න. ගවේෂණය කරන්න. ආන්න ඒක තවත් හොඳ දෙයක්: ගවේෂණය කරන්න!

 

පරිවර්තනය කොට සකස් කළේ: දිල්රු කාවින්ද්‍යා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: