වෛරස් වල ස්වභාවය

Posted by

සමහර පුද්ගලයන් ගැන, සමහර කාරනා, සිදුවීම් හෝ දේවල් ගැන අප බොහෝ දෙනෙකුට ඇත්තේ මුල් බැස ගත් අදහස්. ඒවාට ඒකාකෘතික  යනුවෙන් ද කියනු ලැබේ. නිදසුනක් දක්වන්නේ නම් අද දේශපාලඥයා යන්න කිව් පමණින් අපි වැඩිදෙනෙකුට ඇතිවන්නේ පොදුවේ ඔවුන්ට ආරෝපණය කරන ලදකලින්ම නිශ්චිත කරන ලද ගුණාංඟ පදනම් කරගත් ඒකරූප අදහසක්. වෛරස ගැනත් එහෙම තමයි.  වෛරස කියූ පමණින් බොහෝ දෙනකු තුළ ඇති වන්නේ අපට රෝග උපද්‍රව ගෙන එන භයානයක දෙයක්  ගැන අදහසක්. එහෙත්, සාක්ෂී සහිතව, විද්‍යාත්මකව කරුණු කාරනා සොයා බලනවා නම් අපට (වෛරස ගැන පමණක් නොව වෙනත් කාරණා සම්බන්ධයෙන් ද)   මුල්බැස ගත් අපේ අදහස් වල නිර්වර්ද්‍යතාව අපටම හඳුනා ගන්න පුළුවන්.

Image result for viruses gif

 

වෛරස් වල ස්වභාවය

වෛරස යනු කුඩා අංශු ය

ඉතා කුඩා  ආසාදන කාරකවල(බෝකරන)  පැවැත්ම ගැන මුල්ම සාක්ෂිය සැපයනු ලැබුණේ 19 අග භාගයේදීය. ඒ,  එකිනෙකාගෙන් වෙනස්ව ස්වාධීනව කටයුතු කළ විද්‍යාඥයන් දෙදෙනකු විසිනි.  නෙදර්ලන්තයේ මාටිනස් බෙයිජෙරින්ක්, රුසියාවේ දිමිත්‍රි අයිවනොව්ස්කි ඒදෙදෙනාය. රෝග වැළඳුන ශාක වලින් ඔවුන් සාරය උකහා ගෙන එම සාරය පෙරහන් හරහා යවා පරීක්ෂා කෙරිණ. (මෙම ශාක රෝග වී තිබුනේ අප දන්නා දුම්කොළ වගාවේ mosaic වෛරසයෙනි). පෙරූ ද්‍රව්‍ය අතර නව ශාක ආසාදනය කළ හැකි කාරකයක් තිබුණේ වී නමුත් එම ද්‍රව්‍යවලින් බැක්ටීරියා රෝපණයකොට වර්ධනය කරගත නොහැකිවිය. අලුත් ශාක වෙත කිහිප වරක්ම මෙම කාරකය යොමු කළ මුත් අක්‍රියාත්මකව පැවතුණේ  ධූලකයක් වීමේ හැකියාව  ඉවත් කරමිණි.  බෙයිජෙරින්ක් මේ කාරකය “වෛරසයක්(a virus)” ලෙස හැඳින්වූ අතර එතැන් පටන් දිගටම භාවිතා වන්නේ ඒ නාමයයි.

ඔය කියන කාලයේදී ම වාගේ ෆ්‍රි‍රියෙඩ්රීෂ් ලොෆේලර් සහ පෝල් ෆ්‍රොෂ්   යන දෙදෙනා බෙහෙවින් තනුක කළ (දියාරුකළ) ආක්‍රාමණ ද්‍රව්‍යයක්(inoculum) යොදා ගෙන එක් සතෙකුගෙන් මුඛ හා කුර රෝග,  තව සතෙකුට වශයෙන් සම්ප්‍රේෂණය කළේය.(ආක්‍රාමණ ද්‍රව්‍යයක් — inoculum —  යනු රෝගයක් ඇරඹීමට තුඩු දෙන ද්‍රව්‍යයක් කෘතිම තත්ත්වයන් යටතේ ඇතුල් කිරීමයි). වසර කිහිපයක් ගත වූ තැන වෝල්ටර් රීඩ් සහ ජේම්ස් කැරල් යන දෙදෙනා පෙන්වා දුන්නේ කහ උණ ගෙන එන හේතුකාරකයා පෙරෙන කාරකයෙකු(filterable agent) බවයි. වෛරස අංශු හෙවත් විරියොන(virions) ලෙස හඳුන්වනු ලබන මේවායේ ප්‍රමාණය පිළිබඳ යම් අදහසක් පහත සංසන්දනාත්මක චිත්‍රයෙන් ලබාගත හැක.

(විරියොන් යනු ප්‍රෝටීන ආවරණයකින් වටවූ, RNA හෝ DNA පටයකින් යුක්ත, වෛරසයක අක්‍රීය බහිශ්සෛලීය ස්වරූපයක්). තරමක විශාල වෛරසයක් වන හර්පිස් (විසප්පු) වෛරස විරියොන, විශාල බැලුමක ප්‍රමාණයට වඩා වඩා මිලියන දහයකින් පමණ කුඩා ය. මේ අතර පෘථිවියට වඩා එවැනි විශාල බැලුනයක්  ඒසා ප්‍රමාණයකින්(මිලියන දහයකින් පමණ ) කුඩාය. බොහෝ වෛරසවල විරියොන ආලෝක අන්වීක්ෂයකින්(light microscope) බැලීමට නොහැකි තරමට කුඩා වන අතර දැකිය හැක්කේ විද්‍යුත් අන්වීක්ෂයකින්(electron microscope) පමණකි. විරියොන, සාමාන්‍යයෙන් මනිනු ලබන ඒකකය වන්නේ නැනෝ මීටරය යි(1nm=10-9 m). විරියොන ඉතා කුඩා වුණත් ඒවායේ මාන විශාල පරාසයකට අයත් වෙනවා. 20nm ක විශ්කම්භයකින් යුක්ත (සුනඛයන් හා ගවයන් ලෙඩ කරන) පාවෝ වෛරස(parvoviruses) කුඩාම විරියොන අතර වේ.  (ක්ෂුද්‍රජීවීන් අනුකරණය කරන) ඇමීබාවකින් වෙන්කරගත්  මිමි වෛරසය  විශාලතම විරියොන අතර වේ.

මේ අනුව වෛරස විද්‍යාව සැලකිල්ල දක්වන්නේ ඉතා කුඩා අංශු ප්‍රභේදයක් සම්බන්ධයෙන් වුවත් බොහෝවිට ඒ අවධානය,  එවන් අංශු අතිවිශාල සංඛ්‍යාවක් සම්බන්ධවය. සාන්ද්‍රගත විරියොන අවලම්බිතයක(suspension) මිලිලිටරයක විරියොන 1012 තිබිය හැකිය. HIV ආසාදිත පුද්ගලයකු දිනකට විරියොන 1011 නිපදවිය හැකිය.

විරියොන යනු සෛල නොවේ. ඇරීනවෛරසවලවල(arenaviruses) හැරුණු විට ඒවායේ ඉන්ද්‍රියිකා (organelles) අඩංගු නොවේ. ඇරීනවෛරසවලවල සෛල රයිබොසෝම ඇතුලත්ය. ඒවා අසුරන ලද්දේ විරියොන එකලස් කරන විටදීය.

වෛර සතුව ජාන ඇත

විරියොන වල වෛරසයේ ජෙනෝමය අඩංගුය. සෛලවල ජෙනෝම සමන්විත වන්නේ ද්විත්ව දාම DNA වලින් නමුත් වෛරස ජෙනෝම සඳහා හැකියාවන් හතරක් තිබිය හැක.

ද්විත්ව දාම DNA

ඒක දාම DNA

ද්විත්ව දාම RNA

ඒක දාම RNA

Related image

ජෙනෝමය බහා ඇත්තේ කැප්සිසිඩය(capsid) නමින් හඳුන්වනු ලබන ප්‍රෝටීන ආවරණයක් තුළ ය. ජෙනෝමය සහ කැප්සිඩ එකතුවීම්න් ද බොහෝ අවස්ථාවලදී අනෙකුත් සංරචකයන් ද එකතුවීමෙන් ද විරියොන සමන්විත වේ. විරියොනයේ කෘත්‍ය නැතිනම් කාර්ය වනුයේ ජෙනෝමය ආරක්ෂා කොට එයට ප්‍රතිචලිත(replicate) වියහැකි සෛලයක් වෙත සැපයීමය. සාමාන්‍යයෙන් ගතහොත් වෛරස ජෙනෝම සෛල ජෙනෝමයන්ට වඩා බෙහෙවින් කුඩාය. එමෙන්ම, එවිට පැන නගින ප්‍රශ්නය වන්නේ කුඩා ජෙනෝමයක වෛරසය ඒවායේ සියලු අවශ්‍යතාවයන් කේතාංකනය කරන්නේ කෙසේද යන්නයි. වෛරසය මෙය කිහිප ආකාරයකින් සාක්ෂාත් කරගනී.

වෛරස, ධාරක සෛල ප්‍රොටීන උපයෝගීකර ගනියි: විශාල වෛරසවල ජෙනෝම, ධාරක සෛලයේ ඇතැම් කෘත්‍යයන් අනුපිටපත් කරයි. එහෙත් කුඩා වෛරස, ධාරක සෛලයේ කෘත්‍යයන් මත බෙහෙවින් රඳා පවතී.   කෙසේ වෙතත් සිය ජෙනෝමය කොපමණ නම් කුඩා වන්නේ නමුත් RNA වෛරසයක් කේතාංකනය කළ යුතුම කාර්යයක් නැතිනම් කර්තව්‍යයක් ඇත. එම කාර්ය වන්නේ RNA පොලිමරේසයකි(an RNA polymerase). ඊට හේතුව RNA වෛරස ප්‍රතිචලිත කිරීමට හැකි එන්සයිම සෛල මගින් කේතාංකනය කරනු නොලැබීමයි. RNA වෛරසයක ජෙනෝමයේ සැලකියයුතු අනුපාතයක්, RNA පොලිමරේසයක් සඳහා වන ජානය අත්පත් කර ගනී.

වෛරස කාර්යක්ෂමව කේතාංකනය කරයි: අතිපිහිතවන (overlapping) ජාන මෙන්ම ජාන ඇතුළත කේතාංක කෙරෙන ජාන් තිබිය හැකිය. හෙපටයිටස් බී (hepatitis B) වෛරසයේ කුඩා ජෙනෝමය හොඳ නිදසුනකි.

වෛරස ප්‍රොටීන බොහොමයක් බහුකාර්ය සම්පන්නය: වෛරස ප්‍රෝටීනයක එන්සයිම ක්‍රියාකාරකම් ගණනාවක්ම තිබිය හැකිය.

 

වෛරස ගැන ඔබටත් මුල් බැසගත් අදහසක් තිබීලිපියේ මේ කොටස වනවිට එහි යම් වෙනසක් ඇතිවූ වගක් ඔබට දැනුනේ නම් අපට දන්වා එවන්න. එවිට ඔබ හා එක්ව වෛරස පිළිබඳ හැදෑරීම තවදුරටත් ඉදිරියට ගෙන යා හැකිය.

 

VIROLOGY – Principles and Applications (John Wiley & Sons, 2007) ග්‍රන්ථයේ Viruses and their importance  නම් මුල් පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.