වෛරස් වල ස්වභාවය: වෛරස යනු පරපෝෂිතයන්ය

Posted by

සමහර පුද්ගලයන් ගැන, සමහර කාරනා, සිදුවීම් හෝ දේවල් ගැන අප බොහෝ දෙනෙකුට ඇත්තේ මුල් බැස ගත් අදහස්. ඒවාට ඒකාකෘතික  යනුවෙන් ද කියනු ලැබේ. නිදසුනක් දක්වන්නේ නම් අද දේශපාලඥයා යන්න කිව් පමණින් අපි වැඩිදෙනෙකුට ඇතිවන්නේ පොදුවේ ඔවුන්ට ආරෝපණය කරන ලදකලින්ම නිශ්චිත කරන ලද ගුණාංඟ පදනම් කරගත් ඒකරූප අදහසක්. වෛරස ගැනත් එහෙම තමයි.  වෛරස කියූ පමණින් බොහෝ දෙනකු තුළ ඇති වන්නේ අපට රෝග උපද්‍රව ගෙන එන භයානයක දෙයක්  ගැන අදහසක්. එහෙත්, සාක්ෂී සහිතව, විද්‍යාත්මකව කරුණු කාරනා සොයා බලනවා නම් අපට (වෛරස ගැන පමණක් නොව වෙනත් කාරණා සම්බන්ධයෙන් ද)   මුල්බැස ගත් අපේ අදහස් වල නිර්වර්ද්‍යතාව අපටම හඳුනා ගන්න පුළුවන්.

Related image

වෛරස් වල ස්වභාවය

වෛරස යනු පරපෝෂිතයන් ය

ඒවා බහුගුණික වෙන අන්දම අනුව වෛරසය, සෛල වලින් වෙනස් වේ. නව සෛලයක් හැමවිටම කෙලින්ම හටගන්නේ පූර්වයේ පවතින සෛලයකින්මය.  එහෙත් විරියෝනයක් කිසිවිටෙකත් පූර්වයේ පැවති විරියෝනයකින් සෘජුවම හටගන්නේ නැත. නව විරියොන හටගන්නේ ප්‍රතිවලන හෙවත් ප්‍රතිගුණන(replication)  ක්‍රියාදාමයකිනි. මෙම ක්‍රියාදාමය සිදුවන්නේ ධාරත සෛලයක් ඇතුළතය. විරියෝන ලෙස එකලස් වීමෙන් අනතුරුව සිදුවන සංරචක සංස්ලේෂණය මෙම ක්‍රියාදාමයට අදාළය.

Related image

මේ අනුව වෛරසය යනු සෛලවල පරපෝෂිතයන් ය. එමෙන්ම  අවශ්‍යතා බොහෝමයක් වෙනුවෙන් ඔවුන්ගේ ධාරකයන් මත රඳා පවතී. මෙම අවශ්‍යතා අතර ඇමයිනෝ අම්ල සහ නියුක්ලියොසයිඩ(nucleosides)  වැනි තැනුම් ඒකක, ප්‍රෝටීන සංස්ලේෂණ යාන්ත්‍රණ (රිබෝසෝම), ඇඩෙනොසයින් ට්‍රයිපොස්පේට්(adenosine triphosphate) යන ස්වරූපයෙන් ශක්තිය දැක්වීමට පුළුවන. වෛරසයක්, එහි ධාරකයාගේ අන්තස් සෛල පරිසරය විකරණය කරයි. එසේ කරන්නේ ප්‍රතිගුණන ක්‍රියාදාමයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම පිණිසය. මෙම විකරණයන් අතරට නව පටලමය ව්‍යුහයන් නිෂ්පාදනය, සෛල ජාන ප්‍රකාශන අඩුවෙන් සිදුවීම  හෝ සෛල ක්‍රියාදාමය පෝෂණය වීම ඇතුළත් විය හැකිය. සමහරක් විශාල (බැක්ටිරීයා) භක්ෂක(phages) සිය ප්‍රභාසංස්ලේෂක බැක්ටීරියා ධාරකයන් ගේ සෛලවල ප්‍රභාසංස්ලේෂණය ඉහළ නංවන ප්‍රෝටීන කේතගත කරන්නේ ඇතැම්විට සෛලවල වෛරස අස්වැන්න ඉහළ දමමිනි.

මේ ලිපි පෙළ තුළින් මෙතෙක් කර ඇති විස්තර අනුව අපට දැන් වෛරසයේ ස්වභාවය පිළිබඳව  කෙටි අර්ථ දැක්වීමක් අළුතෙන් දැක්විය හැකිය.

“වෛරසයක් යනු සෛලයන්හි ඉතා කුඩා සෛල නොවන පරපෝෂිතයෙකි. DNA හෝ RNA වලින් සමන්විත එහි ජෙනෝමය ගැබ් වී ඇත්තේ ප්‍රෝටීන වැස්මක් තුළය”.

වෛරස සජීවී ද? අජීවී ද?

වෛරස කියන්නෙ ජීවත්වන දෙයක්ද (සජීවී) නැතිනම් ජීවත් වන්නේ නැති දෙයක් ද (අජීවී) යන්න ගැන දිගටම වාද විවාද පවතී. මේ සම්බන්ධයෙන් කෙනෙකු දරන අදහස රඳා පවතින්නේ ජීවය යන්න අර්ථ දැක්වීම මතයි. වෛරසය සතුව ජාන ඇති අතර ඒවා සෛල ආසාදනයට පත් කරන විට එක් එක් ජාන ප්‍රතිගුණනය වේ. එම අර්ථයෙන් ගත් කළ වෛරසය ජීවත් වේ.

කෙසේ වෙතත් ඒවා සෛලීය ජීව ස්වරූපයන්ගෙන් බොහෝ සේ වෙනස් වෙයි. එහෙයින් මන්දාකිණියේ නව ජීව ස්වරූපය සොයාගැනීමත් සමඟම Star Trek චිත්‍රපටයේ කපිතාන් කර්ක්ට, මැකෝයි කියන ආකාරයට ‘ඒවා  ජීවීන් තමයි ජිම්, ඒත් අප දන්නා ආකාරයේ ජීවින් නොවෙයි යන්න වෛරස සම්බන්ධයෙන්ද අපට යොදා ගන්න  පුළුවන්. වෛරස, ඒවායේ ධාරක සෛලයෙන් පිටත පවතින විට වෛරස  පවතින්නේ වෛරස අංශු (විරියෝන) ලෙසය.  විරියොන අක්‍රිය වන අතර  ඒවා අජීවී නැතහොත් ජීවත් නොවන ඒවා හැටියට විස්තර කළ හැකිවේ. එසේ වුවද ජීව්‍ය බැක්ටීරියා බීජාණු(viable bacterial spores) අක්‍රිය වුවද ඒවා අජීවී ලෙස සැලකෙන්නේ නැත. වෛරස ජීවත් වන්නේ ද නැද්ද යන්න ගැන ඔබට ඔබගේම නිගමනයකට එළැඹීමට ප්‍රථම (වෙනත් ඕනෑම කාර්යයක දී මෙන් ම) මේ ගැන තවදුරටත් සොයා බැලීම් කිරීම බෙහෙවින් වටී.

(වෛරසවලට) නමක් සොයා ගැනීමේදී බෙයිජෙරින්ක් තෝරාගත්තේ (පසුගිය සතියේ 13වැනි සිකුරාදා තතු ලිපිය බලන්න) ‘වස‘ සඳහා වන ලතින් වචනයයි(virus). වෛරස යන මේ වචනය  දැන් ශත වර්ෂයකට වැඩි කාලයක් භාවිතයෙන් සම්මතවී ඇති අතර, වෛරසය විද්‍යාව ප්‍රබල විෂයක් බවට වර්ධනය වී තිබේ.

වඩාත් මෑතකදී වෛරසය යන්න තවත් අර්ථ වලින් ද භාවිත වේ. පරිගණක වලට මුදා හැරීමෙන් පසුව නිදැල්ලේ හැසිරෙමින් පරිගණක ආසාදනය කිරීමට හැකි වෛරස පරිගණකවල තර්ජනයකි. මෙම වෛරස ඇතැම් ගොනු වර්ග(file types) සඳහා සුවිශේෂීය. ආසාදිත අන්තර්ජාලය හරහා ලොව පුරා ප්‍රචලිත වීමෙන් වෛරස වසංගත ඇතිවේ().  John Humphrys විසින් රචිත ‘Lost For Words’  නම්  ග්‍රන්ථය කළමණාකරන භාෂිතයේදී මාරාන්තක විය හැකි භාෂාවක් ආසාදනය කරන වෛරසය ගැන දැක්වේ.

කෙසේ වෙතත් නව විෂය ක්ෂේත්‍රයක් හැටියට ස්ථාපිත වෛරස විද්‍යාවේ සැලකිල්ල යොමු වන්නේ පෙර කතා කළ ජීවී හෝ අජීවී වෛරස ගැනයි. වෛරස විද්‍යාවේ සැලකිල්ලට ගන්නා සුවිශේෂී භාවිතයන් අතර  වෛරස වැක්සීන මෙන්ම ඖෂධ වේ. වෛරස විද්‍යාවේ වැඩිකොට අවධානය යොමු වන්නේ වෛරසවල ප්‍රෝටීන හා  නියුලෙයික් අම්ල ගුණාංග, මෙන්ම මෙකී අණු, සෛලයන්හි ප්‍රෝටීන හා නියුලෙයික් අම්ල අතර  අන්තර්ක්‍රියාකාරිත්වය ගැනය. මෙම අන්තර් ක්‍රියා බොහොමයක් ම රඳා පවතින්නේ අණු අතර විශේෂිත බන්ධන මතය. එහෙයින් අණුක ජීව විද්‍යාව සහ සෛල ජීව විද්‍යාව පිළිබඳ මනා පසුබිමක් තිබීම වෛරස විද්‍යාව හැදෑරීම සඳහා ප්‍රයෝජනවත්ය.

 VIROLOGY – Principles and Applications (John Wiley & Sons, 2007) ග්‍රන්ථයේ Viruses and their importance  නම් මුල් පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.