සැමට විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලෙහි සුලමුල 35 : වැසිකිලි කඩදාසි කාගේ නිමැවුමක්ද?

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

දත් බෙහෙත් දත් බුරුසුවලටත් වඩා පැරණි සොයාගැනීමක් බව තතු ඊයේ පළ කළ ලිපියේ අග සඳහන් වුණා. අද අපි ඒ ගැන තව කතාකරමු.

ටිකක අමුතුයි කියලා හිතුනත්, ඇත්තටම දත් බෙහෙත්,  දත් බුරුසුවලටත් වඩා පැරණි සොයාගැනීමක්. ආදි ඊජිප්තුවාසීන්, ග්‍රීක හා රෝම ජාතිකයන් දත් පිරිසිදු කරන්න නොයෙක් දේවල් භාවිතා කළත්, ඊට යොදාගැනුණේ ප්‍රාථමික, රළු පරළු අමුද්‍රව්‍ය: අළු, බිත්තර කටු, ලුහු යමහල් පාෂාණ, කුඩු කරගත් අඟුරු, ගස්වල පොතු, කුඩු කරගත් ඇටකටු සහ බෙලි කටු දැනට හමුවී තිබෙන අමුද්‍රව්‍ය.  ක්‍රි.පූ 2800දී  බැබිලෝනියාවේ නිපදවූ සබන් ද  අමුද්‍රව්‍යයක් හැටියට සුලබව යොදාගෙන තිබෙනවා. රෝම ජාතිකයන් කටේ දුර්ගන්ධයට පිළියමක් හැටියට සුවඳ වර්ග(දත් බෙහෙතට) මුසු කළා. චීන ජාතිකයන් මින්ට් රස දන්තාලේප නිශ්පාදනය කරලා තියෙන්නෙ දත් බුරුසුව සොයාගන්න හුඟ කලකට කලින්.

කොළ අහුරක්

චීන ජාතිකයන් වැසිකිලි කඩදාසි භාවිතයට දක්වපු උනන්දුව නම් අනිත් රටවල්වලට පැතිරුණේ නැහැ. බ්‍රිතාන්‍ය ජාතිකයන් පුළුන් නැත්නම් ගස් කොළ අහුරකින් ඒ උවමනාව පිරිමහගත්තා. රදල පැලැන්තියේ අය රෙදි කැබලි පාවිච්චි කළා. එහෙමත් නැතිනම් තමන්ගේ තට්ටම් පිසීමේ රාජකාරියත් වෙන කෙනෙකුට පැවරුවා: දහහතර වන සියවසේදී සේවකයන් වෙනුවෙන් ලියපු අත් ‍පොතක හදිසි අවස්ථා සඳහා “තට්ටම් පිසිනය” සමග සූදානමෙන් ඉන්න කියලා “අශූචි ශෝධකයනට ” උපදෙස් දී තිබෙනවා.

මුද්‍රණ කර්මාන්තය දියුණු වීමත් සමගම, පස්ස පිහින කාර්ය සඳහා ජනතාව විස්තර පත්‍රිකා සහ පොත්වල අතිරේක පිටු භාවිතයට හුරු වුණා. දහහත්වන සියවසේ විසූ තෝමස් බ්‍රවුන් කියන ලේඛකයා පෙන්වා දන අන්දමට “පොත් පත් කන්දරාවක් ලියන, දරු පැටව් රොත්තක් බිහිකරන තැනැත්තා එක්තරා අන්දමකට සමාජයට සම්පත්දායකයෙකු වන්නේය. මන්ද යත්, ඔහු රටට සොල්දාදුවන් සහ වැසිකිලි කඩදාසි සපයන බැවිනි.”

වැසිකිලි කඩදාසි ජනප්‍රිය කරන්න ගෙන ගිය උත්සාහයෙදි ගෙයෙටි  තනි වුණේ නැහැ. ඒත් ප්‍රබලම රැල්ල ඇතිවුණේ නම් ඔහුගේ නිශ්පාදනය නිසයි. මේ කඩදාසි “මුදල් නෝට්ටු තරම් සුසිනිඳු, ෆුල්ස්කැප් කොළ තරම් ශක්තිසම්පන්න ඒවා” බව ගෙයෙටි කියා සිටියා. ඒත් වෛද්‍ය වෘතිකයන් නොසන්සුන් වුණේ,  මුද්‍රිත කඩදාසිවල තිබෙන (මුද්‍රණය සඳහා යොදාගන්නා) තීන්ත විෂ සහිත බවත්, එයින් අර්ශස් ඇති වන බවත් ප්‍රකාශ කර ඔහුගේ කඩදාසි භාවිතා කිරීමෙන් අර්ශස්  සුව කරගැනීමටත්, රෝගය වැළඳීම වළක්වාගැනීමටත් හැකියාව පවතින බව ගෙයෙටි කියා සිටීම නිසයි.  ප්‍රකාශයේ කිසිම සත්‍යයක් නැති වුණත් 1930 දශකය වෙන තුරුම විවිධ සමාගම් වැසිකිලි කඩදිසි භාවිතය ජනප්‍රිය කරවන්න ඒ මතය පැතිරෙව්වා.

1910 AD FOR SANI-TISSUE TOILET PAPER BY SCOTT PAPER CO. Original Paper Ephemera Authentic Vintage Print Magazine Ad / Article

‍වෛද්‍ය සඟරා නොපමාව ඊට පහර ගැසීම පටන්ගත්තා. නිව් ඕලියන්ස් මෙඩිකල් නිව්ස් ඇන්ඩ් හොස්පිටල් ගැසට් (New Orleans Medical News and Hospital Gazette) සඟරාව ඊට ප්‍රතිචාර දැක්වුවේ “නිව්යෝක් නගරයේ ගෙයෙටි මහතා මහ ජනතාව ඕනෑම ආකාරයක රැවටිල්ලකට පහසුවෙන් හසුකරගත හැකි බව හඳුනාගෙන ඇතැයි ” කියමින්.  මෙඩිකල් ඇන්ඩ් සර්ජිකල් රිපෝටර් (Medical and Surgical Reporter) සඟරාව ද ගෙයෙටිට චෝදනා කළේ,  ‘ජනතාව රහසේ සිදුකරන පෞද්ගලික කටයුත්තකිනුත් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන බව කියමින්. සුප්‍රකට ‘The Lancelet‘  සඟරාව නම් වඩාත් සංවේදී වුණේ ජනතාවගේ සුබසිද්ධියට වඩා,  අර්ශස් රෝගයට ප්‍රතිකාර කරමින් විශාල ධනස්කන්ධයක් ඉපැයූ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඉරණම ගැනයි: “ඔවුන්ගේ වෘත්තිය අවදානමට ලක් වෙලා.  (අර්ශස් සුව කිරීමට) දැන් අවශ්‍ය වෙන්නේ ගෙයෙටිගේ නම මුද්‍රණය කළ කුඩා කඩදහි කැබැල්ලක් පමණි. ”

වියැකී නොයන ඉල්ලම්

අර්ශස් සුව නොකළත්, මහ ජනතාව වැසිකිලි කඩදාසියේ සුමුදු පහසට කැමති වුණා. කෙටි කාලයකින්ම  ඒ නිශ්පාදනයත් එක්ක තරඟකරන්න ඒ වගේ තවත් නිශ්පාදන බිහිවුණා. පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් ද  එතරම්  ඉහළ අඩියක තිබුණු බවක් පෙනුණේ නැහැ. එක්දහස් නවසිය තිස් ගණන්වලදී නොදන් ටිෂූ(Northern Tissue) සමාගම ඔවුන්ගේ කඩදාසිවල ලී පතුරු රහිත බව නිවේදනය කිරීමෙන්ම පමණක් අළෙවිය වැඩි කරගන්න සමත් වුණා!  වර්තමානයේදී එක්සත් ජනපදයේ පමණක් වැසිකිලි කඩදාසි කර්මාන්තයේ වාර්ෂීක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.5කට ආසන්නයි. තනි පුද්ගලයෙක් වසරකට භාවිතා කරන කඩදාසි ප්‍රමාණය 20,000කට අධිකයි. ඒ මුදලට (ඩොලර් බිලියන 3.5ට) වසරකට දන්තාලේප හා මුඛය ශෝධන දියරවලට වැය කරන ඩොලර් බිලියන තුනත් එක් කළාම, ආහාර මාර්ගයේ කෙළවරවල් දෙකේම සනීපාරක්ෂාව රැක ගැනීම සුළුපටු රාජකාරියක් නොවන බව තේරුම්යාවි.

 

යෞවනයේ සිත කලඹන සුවඳ

 මනුෂ්‍යයන්ගේ කිහිලිවල පිහිටීම සැලසුම් කරලා තියෙන්නෙම දුගඳ හමන්නද කොහෙද. හමේ අනිත් ප්‍රදේශ වියළි, තෙතමනය සහිත, සහ ස්නේහමය (තෙල් සහිත) කියලා වර්ග කළත්, කිහිලිවල ස්නේහස්‍රාවී ග්‍රන්ථි සහ ස්වේද ග්‍රන්ථි බහුලව පිහිටා ඇති නිසා ඒවා තෙතමනය සහිත හා ස්නේහමය කියන ලක්ෂණ දෙකම පෙන්නුම් කරනවා. ඊට අමතරව ඇපොක්‍රීන්(apocrine) හෙවත් ඝ්‍රාණ ග්‍රන්ථි රාශියකුත් කිහිලිවල තිබෙනවා. ඒවායින් ප්‍රෝටීන හා ලිපිඩ අඩංගු මිශ්‍රණයක් ස්‍රාවය වෙනවා. මේ තෙතමනය හා පෝෂණය සහිත පරිසරය සම මත වාසය කරන බැක්ටීරියාවල වර්ධනයට හිතකරයි. ඔවුන් ස්නේහ ද්‍රව්‍යය ඇතුළු පෝෂක කොටස් ආහාරයට ගනිමින් BO  (Body Odour= ශරීර දුගන්ධය) ලෙස  කට වහරේ සාමාන්‍යයෙන් කියැවෙන දුගඳ ස්‍රාවය අපද්‍රව්‍ය හැටියට මුදාහරිනවා.

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHO INVENTED TOILET PAPER? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: