ස්පර්ශය පිළිබඳ ඔබේ සංවේදීතාව රැවටීමේ උපක්‍රම
ඔබේ පා ඇඟිලි ජලයෙන් පිටතට සිටින ආකාරයට ඔබ දිය ඔරුවක දිගෑදී සිටින්නේයැයි හිතාගන්නකෝ. ජල කරාමයෙන් ජල බිංදු කාන්දුවී දැන් ඔන්න බිඳුවෙන් බිඳුව ඔබේ පා ඇඟිලි මත වැටෙන්නට පටන් ගන්නවා. හප්පේ…. ඒක නොසිතපු දෙයක්, නොසිතු වෙලාවකට. ඒත් කාන්දු වෙලා වැටෙන දිය බිඳු නටන තරම් උණුයි ද? අයිස් වගේ සීතල ද? ඒකනම් හරි හැටි කියන්න අපහසු දෙයක්. ඔව්, ඔබ ඒ අත්විඳි දෙය, එම අත්දැකීම තමයි ස්පර්ශ හෙවත් ස්පර්ශක මායාව(tactile illusion). මෙය දැන් දැන් එන්ට එන්ටම වැඩියෙන් මනෝවිද්‍යාඥයන් උනන්දුව දක්වන්න පටන්ගෙන ඇති දෙයක්. ඇතැම් ස්පර්ශක මායාවන් ගැන කලක සිටම දැන් සිටියේ වී නමුත් පොදුවේ ගත්කල ඒවා දෘෂ්ටි මායාවන් ට(visual illusions) වඩා පැහැදිලි කිරීම අපහසු ඒවාය.
ඒ කෙසේ වෙතත් ස්පර්ශක සංවේදීතාව ගැන විමර්ශනය කිරීමේ නව ක්‍රම පර්යේෂකයන් විසින් දැන් වර්ධනය කරනු ලැබීම පටන් ගෙන ඇති හෙයින් දැන් ස්පර්ශක මායාවන්ට ලබා ඇත්තේ සුබ කලදසාවකි. දුරකථන සහ අනෙකුත් පාරිභෝගික උපකරණ වලට ස්පර්ශක(haptic) අතුරු මුහුණත(interfaces) එක් කිරීම පිණිස ඇති වී තිබෙන පෙළඹවීම මෙම උනන්දුවට එක් හේතුවකි. ඔබ, ඔබේ (ජංගම) දුරකථනය ස්පන්දනය වීම සඳහා යොමු කළොත් හෝ ගැටවුම් පාලකයක් (rumbling controller) සහිත වීඩියෝ ක්‍රීඩාවක් සඳහා යොමු කළොත් එහි දී ඔබ භාවිත කරන්නේ ස්පර්ශ තාක්ණෂයයි. (වීඩියෝ ක්‍රීඩාවකදී ඔබ තුවක්කුවකින් වෙඩි තැබීම වැනි ක්‍රීඩාවේ යම්කිසි අවස්ථාවක දී ගැටවුම් පාලකය කම්පනය වෙයි. ) දැන් සැලසුම් කරමින් ඇත්තේ මෙකී මූලික භාවිතයන්ගෙන් ඔබ්බට යාමටයි. නිදසුනක් දක්වතොත්, ඔබේ සාක්කුවේ තිබෙන ජංගම දුරකතනයට ඇමතුමක් ලැබෙන විට සාක්කුවෙන් දුරකථනය එලියට නොගෙනම ඇමතුම දුන්නේ කවුදැයි ඔබට දැනී යාමට මගපාදන අතුරුමුහුණත එක් කිරීම හෝ හුදෙක් ස්පර්ශයෙන් පමණක් සෙවිය හැකි mp3 වාදකයක් එක් කිරීම.
ඇරිස්ටෝටල් මායාව
ඔබේ ඇඟිලි හරස් කර තබාගන්න. දැන් ඊළඟට ඒවායින් ඔබේ නාසයේ අග ස්පර්ශ කරන්න. ඔබ නාසා දෙකක් එකවර අල්ලනවා වගේ දැනෙනවද? මේ මායාව, සංජානක විසම්බන්ධය(‘perceptual disjunction’) යන්නෙහි නිදසුනකි.
සංජානක විසම්බන්ධය
සංජානමය අත්දැකීම් බොහෝ විට පුළුල් ප්‍රවර්ග තුනකට බෙදනු ලැබේ. එනම්, සත්‍යානුකූල සංජානනය( veridical perceptions), මායායාවන්(, illusions) සහ භ්‍රාන්තීන්ය(hallucinations). නිදසුනක් ගනිමු: රතු වස්තුවක් පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටිමය අත්දැකීම එක්කෝ එම තැනැත්තා ඇත්තටම වස්තුවක් දකිමින් සිටිනා අතර එය රතු පැහැය(සත්‍යානුකූල සංජානනය), නැතිනම් එම තැනැත්තා එය කොළ පැහැයට දකියි(මායාව), එසේත් නැතිනම් එම තැනැත්තා කොහෙත්ම නොතිබෙන වස්තුවක් දකියි(භ්‍රාන්තිය). මේ එක් එක් අවස්ථා තුනේදීම ඇතිවන සංජානන අත්දැකීමට එක සමාන අගයක් දිය යුතුය යන්නයි වැඩිදෙනාගේ විශ්වාසය. සංජානනය පිළිබඳ වියුක්ත හෙවත් විසම්බන්ධවාදී මතයක්(disjunctive theory of perception) දරන අය එය ප්‍රතික්ෂේප කරති. ඔවුන් සමාන්‍යයෙන් කියා සිටින කාරණය වන්නේ ඒ අවස්ථා තුනටම එකම ආකාරයේ අත්දැකිමක් පොදුය යන්න පිළිගත නොහකි බවයි. යම් අයෙකු ලෝකය ප්‍රත්‍යක්ෂ කරන විට මනසින් ස්වාධීනවනව පවතින (මේස, ගස් වැනි) වස්තු, එම අයගේ අත්දැකීමේ අන්තර්ගත කොටස්මය යයි විසම්බන්ධවාදීහු(Disjunctivists) විශ්වාස කරති.
— Stanford Encyclopedia of Philosophy ඇසුරෙනි
එය හට ගන්නේ ඔබ, ඔබේ ඇඟිලි හරහාට තැබූ බව සැලකිල්ලට ගැනීමට ඔබේ මොළය අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔබේ නාසය ඔබේ (දෑතේ) ඇඟිලි දෙකම එකවර ස්පර්ශ කරන නිසා (මෙය සාමාන්‍යයෙන් සිදු නොවන තරමේ දුර්ලභ අත්දැකීමකි) ඔබගේ මොළය එය අර්ථ දක්වන්නේ වෙනත් වස්තූන් දෙකක් හැටියටයි. තවද මෙහිම අනෙක් පැත්ත එනම්, ආපිට ඇරිස්ටෝටල් මායාව(reverse Aristotle illusion) යන්නත් ඇත. ඔබේ ඇඟිලි හරස්කර කාමරයක කොනක හෝ පෙට්ටියක කොනක ඇතුල්පැත්ත අල්ලන්න. මෙවර ඔබේ ඇඟිලිතුඩු ගෑවෙන්නේ බිත්තියේ නිසාවෙන් ඔබට දැනෙනු ඇත්තේ එක් මතුපිටක් (පෘෂ්ඨයක්) මිස දෙකක් නොවේ. සමහර පුද්ගලයන්ට මතුපිටවල් තුනක් පවා අත්විඳිය හැකිය.
ඔබේ දෑත් අල්ල යටට තිබෙන සේ තබා අල්වා ගැනීමෙන් මේ හා සමාන ප්‍රතිඵලයක් අත්පත් කර ගත හැකිය. ඔබේ දෑස් පියාගන්න. දැන් වෙන අයකු ලවා ඔබේ දෑත් වල පිට අත්ලට එකකට පසු එකක් ලෙස හැකි පමණ ඉක්මනින් හෙමිහිට තට්ටු කරන්න කියන්න. හරිද? දැන් ඇස් අරින්න. ඒ එක්කම ඔබේ දෑතින් මුලින්ම තට්ටු කළ අත ඔසවා සොලවන්න. මේ අන්දමට ඔබ මෙලෙස කරන සෑම වාරයකදීම තට්ටු කල අත නිවරදිව දැක්වීමට ඔබට හැකි වනු ඇත. දැන් එය ම ආපසු කරන්න. එකම වෙනස මෙවර දෑත් හරහට තැබීමයි. (මතකනේ ඔබ ඉදිරියෙන් අත්ල පහලට තබා අල්වාගෙන) පිටට තට්ටු කරන කාල පරතර්ය ඉතා කිට්ටු නම් — මිලි තත්ත්පර තුන්සියයකට හෝ ඊට අඩු නම් — මුලින් තට්ටු කළ අත නිවැරදිව දැක්වීමට බොහෝ අවස්ථාවලදී ඔබ අපොහොසත් වනු ඇත. මෙය සිදුවන්නේ දෑත් හරස් කර තබා ඇතැයි යන්න සැලකිල්ලට ගැනීම පිණිස ශාරීරික පරිපාටික සටහන (body schema) යළි අනුරූපණය කිරීමට අපොහොසත් වීම තුළිනි. ඒත් ඉතින් එය, ඒ සම්බන්ධව ඇති සම්පූර්ණ පැහැදිලි කිරීම වශයෙන් ගණන් ගැනීමට නොහැකිය. මන්ද, අත් හරස් කර තැබූ විට වුවද එක වරක් පමණක් කරන තට්ටු කිරීමක් නිවැරදිව දැක්වීම පහසු දෙයක් වන හෙයිනි.
ඉතින් ස්නායු විද්‍යාඥයන් ඉදිරිපත් කරන පැහැදිලි කිරීම මෙයයි: ඔබේ මොළය ඔබේ ශාරීරික පරිපාටික සටහන යළිත් අනුරූපණය ට උත්සාහ දරන අතරම අත්ලට තට්ටු කරන අනුපිළිවෙල නිගමනය කිරීමට ද වෙර දරයි. පසුව කී කාර්යය යළි අනුරූපණ කාර්යය හා ගැටෙන හෙයින් එය අසාර්තකත්වයට මඟපාදයි.
ලිපියේ ඉතිරි කොටස ලබන බ්‍රහස්පතින්දා පළවේ. නොවැරදීම කියවන්න.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදයෙහි Trick your sense of touch යන කොටස ඇසුරෙනි