වෛරස් වල ස්වභාවය: වෛරස සම්භවය සහ පරිණාමය

Posted by

සමහර පුද්ගලයන් ගැන, සමහර කාරනා, සිදුවීම් හෝ දේවල් ගැන අප බොහෝ දෙනෙකුට ඇත්තේ මුල් බැස ගත් අදහස්. ඒවාට ඒකාකෘතික  යනුවෙන් ද කියනු ලැබේ. නිදසුනක් දක්වන්නේ නම් අද දේශපාලඥයා යන්න කිව් පමණින් අපි වැඩිදෙනෙකුට ඇතිවන්නේ පොදුවේ ඔවුන්ට ආරෝපණය කරන ලදකලින්ම නිශ්චිත කරන ලද ගුණාංඟ පදනම් කරගත් ඒකරූප අදහසක්. වෛරස ගැනත් එහෙම තමයි.  වෛරස කියූ පමණින් බොහෝ දෙනකු තුළ ඇති වන්නේ අපට රෝග උපද්‍රව ගෙන එන භයානයක දෙයක්  ගැන අදහසක්. එහෙත්, සාක්ෂී සහිතව, විද්‍යාත්මකව කරුණු කාරනා සොයා බලනවා නම් අපට (වෛරස ගැන පමණක් නොව වෙනත් කාරණා සම්බන්ධයෙන් ද)   මුල්බැස ගත් අපේ අදහස් වල නිර්වර්ද්‍යතාව අපටම හඳුනා ගන්න පුළුවන්.

 

වෛරස් වල ස්වභාවය

වෛරස සම්භවය සහ පරිණාමය

වෛරස ආරම්භ වන්නට ඇත්තේ කෙළෙස ද යන්නත් ඒවා අතීතයේදී පරිණාමය  වී අදටත් පරිණාමය වෙමින් පවතින්නේ කුමන යාන්ත්‍රණයක් මගින් ද යන්නත් ගැන අනුමාන පෙරදැරිව සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි. සෛලීය ජීවීන් බොහොමයක ගේ සම්භවය සහ පරිණාමය ගැන පොසිල මාර්ගයෙන් යම්  අවබෝධයක් ලබාගත හැක. එහෙත්, වෛරසවල පොසිල වාර්තා ඉතාමත් විරලය. එහෙයින් වෛරසවල මූලාරම්භය ගැන කෙරෙන කතාබහ බෙහෙවින් අනුමාන හෙවත් කල්පිත ස්වරූපයක් ගනී. එසේ වුවද, වෛරස පරිණාමය වීමට තුඩුදුන් යාන්ත්‍රණ ගැන සොයා බලද්දී  අපට වඩාත් ස්ථිර සාක්ෂි මත පදනම් විය හැකියි. මන්ද කීවොත්, වෛරස ජෙනෝම අනුක්‍රමණය වංශප්‍රවේණික (phylogenetic trees) රුක් ගොඩනැගීමට සහ වෛරස  පරිණාමයවීම එය සිදුවෙන විටම අධීක්ෂණය කිරීමටද මගපාදයි.

Bacteria & Archaea Eukarya Bacteria Archaea

වෛරසවල ප්‍රභවයය :

වෛරස විග්‍රහ කොට  අර්ථ දැක්වීමේ දී පෙනියන්නේ ඒවා සෛලවල පරපෝෂිතයන් බවය. එහෙයින් සෛල පරිණාමය වන තුරු වෛරස ඇතිව වන්නට විදිහක් නැත. මෙයට වසර බිලියන 3.9ක්   පෙර සජීවී සෛල පැවති බවට සාක්ෂි හමු වී තිබේ. (චිත්‍රය බලන්න) එසේ වුවද මෙලොව පහළ වූ ප්‍රථම සෛල  හටගන්නට ඇත්තේ ඊට වසර මිලියන සිය ගණනක්ට පෙර විය හැකිය. මෙකී ආදිකල්පිත ප්‍රාග්න්‍යෂ්ටිකයන්(primitive prokaryotes) වර්ධනය වීමට පෙරාතුව ඓන්ද්‍රිය අණු හා සම්බන්ධිතව පරිණාමයේ අදියරක් තිබෙන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. මෙකී අණු අතර ප්‍රෝටීන මෙන්ම RNA අනුද අඩංගුව  තිබෙන්නට ඇති  අතර zzz අණු සමහරක් ප්‍රතිචලිත හෙවත් ප්‍රතිගුණික හැකියාවන් (විභවයන්) සහිතව පරිණාමය වන්නට ඇත.

අද ලෝකයේ වසන ආකියා (ආකිබැක්ටීරියා හෙවත් අතිපුරාණ බැක්ටීරියා) සහ බැක්ටීරියා යනු ආදි සෛල වලින් පැවත එන ප්‍රාග්න්‍යෂ්ටික පරම්පරාවන්ය. මෙම ප්‍රාථමික ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ මුල්ම අවස්ථාවේදී වෛරස වර්ධනය වන්නට ඉඩ ඇත ද නූතන ප්‍රාග් න්‍යෂ්ටියකයන්   ආදී වෛරස හා කොතෙක් දුරට සමාන වේ ද යන්න අඥාතය(නොදනී). සුන්‍යෂ්ටි සෛල මතු වන්නේ පරිණාමයේ බෙහෙවින් පසු කාලයකය. ඉතින් එලෙස බලන විට, පරිණාමීය කාලසටහනෙහි හෙවත් කාල රේඛාවේ, සුන්‍යෂ්ටියන් ආසාදනය කරන වෛරස ප්‍රාග්න්‍යෂ්ටියක් ආසාදනය කරන වෛරස වලට වඩා බෙහෙවින් මෑතක ඒවාය. නූතන ක්ෂීරපායින් සහ පක්ෂීන්ගේ වෛරස සිය ඩයිනසෝර මුතුන් මිත්තන් ආසාදනය කළ ඒවායෙන් පැවත එන්නන්යයි අනුමාන වශයෙන් දැක්විය හැකිය.

දැන් ඉතින් වෛරස මෙලොවට ආවේ කොයින්ද? යන ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ නම් කීමට ඇත්තේ මූලිකවම ‘අපි නොදන්නෙමු‘ යනුවෙනි. කෙසේ වෙතත්, වෛරසවල මුතුන්මිත්තන් වීමට හැකියාවක් තිබෙන්නන් ගැන අනුමාන කිරීමට එය බාධාවක් නොවේ. මෙලෙස හැකියාවක් ඇති අය අතර  පෘථිවි ග්‍රහයා තරුණ අවධියේ සෛලීය ජීවීන් ගේ පූර්වගයන්, සෛල සහ අන්තස්සෛල ක්ෂුද්‍ර ජීවීන්ගේ සංරචක ද වේ.

පෘථිවියේ ඉතිහාසයේ කාලරේඛාව: වර්තමානයට පෙර වසර බිලියනවලින්

විවිධ ජීවීන් කණ්ඩායම් මුලින් ඇතිවූ කාලවකවානු දළ වශයෙන් දක්වා ඇත.

නැවතත් අර මුල් ප්‍රශනය: වෛරස මුලින්ම හට ගන්නේ කෙසේද?මේ ප්‍රශ්නයට නැවතත් දීමට හැකි පිළිතුර වන්නේ අප දන්නේ නැත යන්නය. විරියෝන ව්‍යුහයන් සහ වෛරස ජෙනෝම වර්ග ප්‍රභේදයන් විශාල ප්‍රමාණයක් තිබීම සහ ප්‍රති චලිත උපායමාර්ග තිබීමෙන් දැක්වෙන්නේ වයිරසයන්ගේ මූලාරම්භ ප්‍රභවයන් ගණනාවක් තිබූ බවයි. පාවෝ වෛරස සහ පිකොර්නා වෛරස(picornaviruses)  වැනි කුඩා සරල වෛරස ඇතැම්විට අණුක පූර්වගයන්ගෙන් පරිණාමය වන්නට ඇත. මේ අතර, මිමි වෛරස වැනි (mimivirus) විශාල, සංකීර්ණ වෛරස ඇතැම්විට සෛලීය පූර්වගයන්ගෙන්  පරිණාමය වන්නට ඇත.

ඇතැම් ජීවීන් ප්‍රවර්ග අතරේ දැකිය හැකි වෛරස ඇතැම් ජෙනෝම වර්ග වල ප්‍රමුඛතාවක් ඇති බව  අපි දන්නෙමු. ‍ප්‍රාග්න්‍යෂ්ටික වෛරසවල dsDNA ජෙනෝම, ශාක වෛරසවල  ssRNA  ජෙනෝම, සහ දිලීර වෛරසවල dsRNA  ජෙනෝම.  ඇතැම් ව්‍යුහාත්මක වෛරස වර්ග යම් සුවිශේෂී ධාරක ප්‍රවර්ග වලට සීමා වෙන බව දැන් අපට සටහන් කළ හැක. විවෘත,  යෂ්ටි හැඩ ඇති ssRNA වෛරස, ශාක ධාරක වලට සීමා වේ. තවද, හිස එකතු වූ නඟුට ව්‍යුහයන් සහිත වෛරස ප්‍රාග්න්‍යෂ්ටිකයින් ගෙන් බාහිර ව දැකිය හැකි වෙතොත් ඒ කලාතුරකිනි. මෙකී විභේදනයන්ට  හේතු, ඉතා වෙනස් මෙකී ධාරකයන්හී  වෛරසවල විවිධ ප්‍රභවයන්ට සම්බන්ධයි.

කෙසේ වෙතත් වෛරස ලෝකේ පුරා විශ්ව ව්‍යාප්තවු  එක් අංගයක් ඇත: විංසනිතල සමමිතිය (icosahedral symmetry). මේවා dsDNA,   ssDNA, dsRNA සහ ssRNA ජෙනෝම සහිත විංසනිතල වෛරසයයි. එමෙන්ම විංසනිතල වෛරස බැක්ටීරියා මය, දිලීරමය, ශාක සහ සත්ත්ව ධාරක ආසාදනය කරයි. මෙම වෛරස ප්‍රභවයන් කිහිපයකින් පරිණාමය වී තිබේ. වෛරස සම්භවය ගැන අවසාන වශයෙන් කිව යුත්තක් ඇත. අද පවතින නව වෛරස අණුක සහ සෛලීය පූර්වගයන්ගෙන් තවදුරටත් පරිණාමය වීමේ ඉඩකඩ තිබෙන බව අප පිළිගත යුතුව ඇත.

 VIROLOGY – Principles and Applications (John Wiley & Sons, 2007) ග්‍රන්ථයේ Viruses and their importance  නම් මුල් පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.