සියල්ලෙහි සුලමුල 36: අපි ලිවීම ඇරඹුවේ කවදාද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

අපි ලිවීම ඇරඹුවේ කවදාද?

මනුෂ්‍යයන්ට කවදා නමුත් පහලවෙච්ච  සිතිවිලි ඔක්කොම (ඉංග්‍රීසියෙන්) ලේඛනගත කරන්න ඔබට සිතක් පහළ වේ නම්, ඒ සඳහා ඔබට උවමනා වෙන්නේ : එකිනෙකට වෙනස් සංකේත විසි හයක්, තිත් කිහිපයක් , දඟර රේඛා, කෙටි ඉරි සහ ප්‍රමාණවත් ඉඩක් විතරමයි. එච්චරම තමයි.

ලේඛන ගත කිරීම හෙවත් ලිවීමමිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම සොයාගැනීම් අතරින් එකක් —  ඉතිහාසය ලියා තැබීමට දායක වුණු නිසා එය විශිෂ්ටතම සොයාගැනීම හැටියටත් හඳුන්වන්නත් පුළුවන්. ලේඛනය යොදාගන්නට කලින් හැම මතයකටම උරුම වුණේ අවිනිශ්චිත ඉරණමක්. සමහර අදහස් මුඛ පරම්පරාගතව පැවතෙද්දී  අනිත් ඒවා උපන්ගෙයිම මියැදුණා.  (අදහස්) මරණයට යටත්වන මිනිස් මොළවලට සීමා නොවී ස්වාධීනව තොරතුරු  ගබඩා කරන්න අවස්ථාව ලිවීමේ හැකියාව නිසා හිමිවුණා. 1996 වසරේදී පීටර් ඩැනියෙල්ස් ලියූ The World’s Writing Systems (ලෝකයේ පවතින ලේඛන ශෛලීන්) පොතේ තැනක මෙහෙම සඳහන් වෙනවා: මානව වර්ගයා ප්‍රකාශයට පත්වනු ලබන්නේ භාෂාව මගින් වුවද ශිෂ්ටාචාරය විශද වන්නේ ලේඛනයෙනි‘.

පෘථිවිය මත මානව වර්ගයාගේ පැවැත්මත් සමග සංසන්දනය කළොත් ලේඛනය මෑතකාලීන සොයාගැනීමක් හැටියට හඳුන්වන්න පුළුවන්. මානවයා භාෂා කතාකිරීමට හුරුවුණේ වසර 100,000කට එපිටදී වුණත් ලේඛනයේ මූල ශික්ෂා ඉස්මතුවන්නේ මෙයට වසර 35,000කට පෙර පටන් කාලයක සිටයි.

Prehistoric Cave Art

ලිවීම පිළීබඳ මෙකී පැරණිම සාක්ෂි හමු වුණේ යුරෝපයේ පිහිටි, ප්‍රකට, පුරාශිලා යුගය හෙවත් පැලියෝලිතික සමයට අයත් ගුහා චිත්‍ර හමුවූ ගුහාවලින්. සත්ව රූප අතරේ   ජ්‍යාමිතික හැඩතල, අක්වක්(zig-zag) රේඛා, ඊතල සහ තිත් පොකුරු ඇතුළු එකනෙකට වෙනස්  සංකේත විසි හයක් විධීමත්,  සංගත ආකාරයෙන් ඇඳලා තියනවා. ප්‍රංශයේ පිහිටි වසර 10,000ක් තරම් පැරණි ගුහා 146කිනුත් සමාවර්ත වන අතර ලෝකයේ තවත් තැන්වලිනුත් ඒවා හමුවෙනවා.

බිත්තියේ ලියමන්

මේ ලියවිලිවල අර්ථයක් තියෙනවා නම්, ඒ (තවමත්?) නොවිසඳුණු රහසක්. එහෙත් මේවා අධ්‍යයනය කරන පර්යේෂකයන් නම් කල්පනාකරන්නේ   ලේඛන බවට   සිත් සසල කරවන සුළු හෝඩුවාවන් ඒවායේ අඩංගුවෙන බවයි. ඒ අතරින් සමහරක් සංකේත යුගල වශයෙන් බහුලව දක්නට ලැබෙනවා –එය, මුල් කාලයේ  ලේඛන ක්‍රම වල දක්නට ලැබෙන ආකෘතික අංගයක් —  අලුත් මතයක්, සංකල්පයක් නියෝජනය කිරීම සඳහා එහි දී  යොදා ගැනුනේ ඒකාබද්ධ සං‍කේතයි. අනිත් සං‍කේත විශාල රූපයක කොටසක් පෙන්වීම සඳහා යොදාගන්න ඇති. ෂවුවේ ගුහාවෙන් හමුවූ  W හැඩය ගත් සංකෙතයෙන් මැමත් හස්තියෙකුගේ (සිරුර නොමැතිව) දළ දෙක පමණක් නිරූපණය වෙන බව අනුමාන කරනවා.  අංශවාචනය‘(synecdoche = වාක්‍යාලංකාරයේදී අඩක් ප්‍රකාශ කොට පූර්ණ අදහස කියාපෑම) යනුවෙන් දැක්වෙන මෙම අංගය,   අදහස් හෝ වස්තූන් නිරූපණය පිණිස චිත්‍ර  යොදාගැනීමේ ප්‍රාථමික ලේඛන ශෛලීන්වල සුලබව දක්නට ලැබෙනවා.

මෙයට අමතරව, නව ශිලා සමය තරම් ඈතට යන  මුල්ම චිත්‍ර ලේඛන අක්ෂරමාලා ඇතුළුව අපේ මාතෘකාවට අදාල තවත් කාරණා ගණනාවක් ගැනම හෙට(29 වැනි ඉරිදා) ලිපීයේ ඉතිරි කොටසින් කතා කරමු. 

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START WRITING? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.