ස්පර්ශය පිළිබඳ ඔබේ සංවේදීතාව රැවටීමේ තවත්උපක්‍රම
මොළයෙන් ඔසවන පෙට්ටිය
ප්‍රමාණ දෙකක. ඒ කියන්නේ එකක් ලොකු, එකක් පොඩි – කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් ගන්න. දැන් ඒවාට ගඩොල බැගින් දමන්න. පෙට්ටි දෙකම එකම බරකින් යුක්ත වන බවට වග බලා ගන්න. ඊළඟට ඒ පෙට්ටි දෙක ඔසවා බලා කොයි එක බර වැඩි දැයි දන්වන්නැයි කියා කාටහරි කියන්න. ඒ පෙට්ටි දෙක ඔසවන විශාල බහුතරයක් දෙනා කුඩා පෙට්ටිය බරින් වැඩි බව කියා සිටීවි. ඇත්තටම එය එසේ නොව පෙට්ටි දෙකම එකම බරකින් යුක්ත වුවත් ඔවුහු කුඩා පෙට්ටිය බරින් වැඩි යැයි කියති. පෙට්ටි දෙක ඇතුළත හොඳින් බැලීමෙන් පසුව වුවද, එමෙන්ම පෙට්ටි දෙක කිහිප වරක් ඔසවා බැලීමෙන් පසුව වුවද වැඩියෙන් බර කුඩා පෙට්ටිය බව ඔවුන් එකහෙලාම කියා සිටීවි. මෙම ‘ප්‍රමාණ-බර සංජානක මායාව’ හෙවත් ඉන්ද්‍රජාලය(‘perceptual size-weight illusion’) බෙහෙවින් ව්‍යාප්ත මායාවක්. කොපමණ නම් ප්‍රබලද කියතහොත් කුඩා පෙට්ටිය මදක් බරින් අඩු අවස්ථාවක වුව මෙය එලෙසම ක්‍රියාත්මක වේ. එපමණක්ද නොව, පෙට්ටි දෙකින් එකක ‘බරයි‘ යනුවෙන්ද අනෙකෙහි ‘සැහැල්ලුයි‘ යනුවෙන් ද නම් කර තිබුණේ වී නමුත් මෙම උප්පරවැට්ටිය නැතහොත් මායාව මේ ලෙසම ක්‍රියාත්මක වේ.
මේ ඉන්ද්‍රජාලයන්ට, මායාවන්ට බලපාන නිශ්චිත හේතුව තවමත් අභිරහසකි. පුදුමයකට මෙන් සම්පරීක්ෂණ පෙන්නුම් කරන්නේ විශාල පෙට්ටිය එසවීමේදී පුද්ගලයන් මුලින් වඩාත් වැඩි බලයක් යෙදෙව්වේ වී නමුත් අනතුරුව පෙට්ටි උස්සන අවස්ථාවලදී, ඒවා එසවීමට ඔවුන් යොදන බල ප්‍රමාණය එක සමාන කිරීමට ඔවුන් අවිඤ්ඤාණිකව උත්සාහ කරන බවයි. ඔවුන් ශරීරවලට පැහැදිලිවම පෙට්ටි එකම බරකින් යුක්ත බව දැනී යන්නේ වී නමුත් එම දැනුම නොසලකා ඔවුන්ගේ මනස තවමත් කුඩා පෙට්ටිය වඩා බර හැටියට ප්‍රජානනය කරයි.
ඇඟිලිතුඩුවල සංවේදීතාව
අපගේ සිරුරේ වඩාත්ම සංවේදී කොටසක් වනුයේ අපේ ඇඟිලිතුඩු ය. ඒ හේතුව නිසාම ඒවා රැවටිම අපටම පුදුම හිතන තරමට පහසුය. පරීක්ෂණයක් කර බලමු. හිස පීරන සාමාන්‍ය පනාවක් සහ පැන්සලක් හොයාගන්න. දැන් ඔබේ දබරැඟිල්ල පනාවේ දත් උඩ දිගට තබන්න. ඊළඟට පනාවේ පැත්තකින් පැන්සල දත් අතර එහාට මෙහාට යවන්න. එවිට පනාවේ හි දත් තරංග ආකාර චලනයකින් එහාට මෙහාට වුවත් ඔබේ දබරගිල්ලට දැනෙන්නේ උඩට ඉස්සුනු තිතක් වැනි දෙයක් පනාවේ හි උඩට පාතට යන්නාක් මෙනි. මෙය මෙලෙස සිද්ධවෙන්නේ පනාවේ හි දත්වල නුහුරු නුපුරුදු චලනය මගින්, උඩට නෙරා ගිය කොටසක් මතින් ඔබේ ඇඟිලි යැවීමේදී දැනෙන වඩාත් හුරුපුරුදු සමේ විරූපණයට සමාන සමේ විරූපණයක් ඇති කරන්නේ යයි යනුවෙන් ඔබේ මොළය අර්ථ දක්වන හෙයිනි.
ඔබේ දිව ද ඔය ආකාරයටම රැවටිය හැකිය. ගෑරුප්පුවක් ගෙන එහි දැති අතරේ ඔබේ දිවෙහි අග හෙවත් කෙළවර තබා තද කරන්න. එවිට දැනෙනු ඇත්තේ(ගෑරුප්පුවෙහි දත් හතරෙන්) මැද තිබෙන දත් දෙක හැඩය වෙනස් වෙමින් නැවී ඇති ආකාරයකි. මෙයට හේතුව වන්නේ සාමාන්‍යයෙන් සිදු නොවන ආකාරයකට ඔබේ දිවෙහි සම කුරූපිත හෙවත් විකෘති වීමයි. එහිදී ඔබේ මොළය උපකල්පනය කරන්නේ ඔබේ දිව නොව ගෑරුප්පුවෙහි දැති නැවී ඇතැයි යනුවෙනි.
ඈඳුනු සංවේදන
මේ තරම් පහසු ආකාරයෙන් අපේ ස්පර්ශ සංවේදනය(sense of touch) රැවටිය හැකිය යන කාරණය එය(එම සංවේදනය) අපව රවටා නැතහොත් කොල්ලකා වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම පහසු කරවයි. 1969 වර්ෂයේදී ස්නායු විද්‍යාඥ Paul Bach-y-Rita සිදුකල පර්යේෂණයක් මෙහිදී දැක්විය හැකියි. ඔහු රූපවාහිනි කැමරාවක් පුටුවකට සවි කළ අතර පුටුවෙහි (අඟල්) 20X20 උත්තේජකාරක අරාවක් පිට ඇන්දට තබා තිබුණි. මේ අරාව (array) ප්‍රතිරූපන(images), පුටුවේ වාඩි වන පුද්ගලයාගේ පිටුපස කම්පන රටාවක් බවට පෙරළයි. (පරීක්ෂණයට එක්වූ) අන්ධ පුද්ගලයෝ තිරස්, සිරස් සහ විකර්ණ රේඛා (ඉරි) හඳුනාගැනීම පිණිස මෙන්ම තවදුරටත් ප්‍රගුණ කිරීමෙන් මුහුණු සහ පොදු වස්තුන් ‘දැකීමට’ එය යොදා ගැනීමට ඉක්මනින්ම ඉගෙන ගත්හ. පසුව Bach-y-Rita මෙහි වඩාත් කුඩා අනුවාදයක් වැඩිදියුණු කළ අතර එය, කැමරාවේ ප්‍රතිරූප, දිවෙහි තැබිය හැකි මුද්දර ප්‍රමාණයේ ඉලෙක්ට්‍රෝඩ අරාවකට ආරෝපණය කිරීමට සමත්විය.
මුමුණන බැනියමකට තබා තැනූ ස්පර්ශක සංවේදක යොදාගනිමින් අනෙකුත් පර්යේෂකයෝ ද මේ හා සමාන අදහස් ගැන සොයා බලමින් සිටිති. න්‍යායාත්මකව ගතහොත් එයට පාරජම්බුල ආලෝකයේ සිට අධෝධ්වනි(infrasound) දක්වා වූ, අපට ස්වභාවිකව අනාවරණය කරගත නොහැකි සංවේදක තොරතුරු (sensory information) මොළය මඟින් අවබෝධ කර ගනු ලැබීමට හැකි යමක් හැටියට හැරවීම පිණිස ප්‍රකට කළ හැකිය.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදයෙහි Trick your sense of touch යන කොටස ඇසුරෙනි