වෛරස් වල ස්වභාවය: නව වෛරසයන් පරිණාමයවීම

Posted by

සමහර පුද්ගලයන් ගැන, සමහර කාරනා, සිදුවීම් හෝ දේවල් ගැන අප බොහෝ දෙනෙකුට ඇත්තේ මුල් බැස ගත් අදහස්. ඒවාට ඒකාකෘතික  යනුවෙන් ද කියනු ලැබේ. නිදසුනක් දක්වන්නේ නම් අද දේශපාලඥයා යන්න කිව් පමණින් අපි වැඩිදෙනෙකුට ඇතිවන්නේ පොදුවේ ඔවුන්ට ආරෝපණය කරන ලදකලින්ම නිශ්චිත කරන ලද ගුණාංඟ පදනම් කරගත් ඒකරූප අදහසක්. වෛරස ගැනත් එහෙම තමයි.  වෛරස කියූ පමණින් බොහෝ දෙනකු තුළ ඇති වන්නේ අපට රෝග උපද්‍රව ගෙන එන භයානයක දෙයක්  ගැන අදහසක්. එහෙත්, සාක්ෂී සහිතව, විද්‍යාත්මකව කරුණු කාරනා සොයා බලනවා නම් අපට (වෛරස ගැන පමණක් නොව වෙනත් කාරණා සම්බන්ධයෙන් ද)   මුල්බැස ගත් අපේ අදහස් වල නිර්වර්ද්‍යතාව අපටම හඳුනා ගන්න පුළුවන්.

 

නව වෛරසයන් පරිණාමයවීම

කලින් කළ නව වෛරස මතුවන බව අප කවුරුත් පාහේ දන්නා කාරණයකි. කෙසේ වෙතත්, ඒවායේ සම්භවය අභිරහසක්ව පවතී. බොහෝ විට මෙසේ හටගන්නා වයිරසයන්ගේ මූලාරම්භය සම්බන්ධයෙන් සැකකරුවන් සිටින අතර, මෙකී සැකකරුවන් අනෙකුත් ධාරක විශේෂ අතරේ ඇති වෛරසයන්මය. නව වයිරසයන්ගේ ජෙනෝම සහ අනෙකුත් සැකකාර වෛරසයන්ගේ ජෙනෝම අනුක්‍රමණය(sequenced) කළ හැකියි. ඒ අනුව, නව වෛරසය සහ සැකකාර වෛරසය අතුරෙන් එකක් අතර ඉතා සමීප සීහුමක් හෙවත් ගැළපීමක් සොයාගැනීමට හැකි වුණොත් එවිට බාගදා පෙර දැක්වූ අබිරහස විසඳාගත්තා වේ.

සාමාන්‍යයෙන් බහුලව පෙනී යන කාරණාවක් වන්නේ නව වෛරසයක් වන්නේ නව ධාරක විශේෂය (මෙම ධාරක විශේෂය තවදුරටත් පරිණාමය වූ එකකි) ආසාදනය කළ වෛරසයක්මය. විශේෂවල බාධකයන් අතරේ ආසාදනය ඇති කරවන වෛරස බොහොමයක ඉරණම අභාග්‍ය සම්පන්නය. මන්ද, වෙනත් අය වෙත සම්ප්‍රේෂණයක් සිදු නොවන හෙයිනි. එසේ වුවද, සමහර අවස්ථාවල  ධාරකයෙකුගෙන් ධාරකයෙකුට සම්ප්‍රේෂණයට ඉඩ සැලසෙන පරිදි අනුවර්තනය වීමට වයිරසයකට හැකිය.

Related image

නව ධාරකයා තුළ ප්‍රතිචලිතවීම(replicate),

නව ධාරකයාගේ ප්‍රතිශක්ත ප්‍රතිචාර මගහැරවීම,

නව ධාරකයාගේ අනෙකුත් ඓකෛයන්ට සම්ප්‍රේෂණය කිරීම

පිණිස වෛරසයකට අනුවර්තන එකකට හෝ වැඩි ගණනක් සිදු කිරීමට අවශ්‍යවිය හැකියි.

1978 දී නව පාවෝ වෛරසයක්  සුනඛයන් අතරේ මතු වී ආවා පමනක් නොව සීග්‍රයෙන්  ලොව පුරා ව්‍යාප්තව ගියේය. සුනඛයන්ට වැළඳෙන මේ පාවෝවෛරසයේ ජෙනෝම අනුක්‍රමණය  90% කටත් වඩා බළලුන්ට වැළඳෙන පාවෝ වෛරසයකට අනන්‍යවන බව පෙනී ගියේය. (feline panleukopenia වෛරසය) වෛරස දෙකටම බිළාල සෛල(feline cells) ආසාදනය කළ හැකි නමුත් සුනඛ සෛල(canine cells) ආසාදනය කළ හැක්කේ සුනඛ වෛරසයට පමණකි.

ඩිස්ටෙම්පර් යනුවෙන් සමාන්‍යයෙන් හඳුන්වනු ලබන feline panleukopenia

බිළාල වෛරසය, සුනඛ වෛරසයේ පූර්වගයා(precursor) බව කල්පනා කෙරේ. මෙලෙසම HIV-1 සහ සහ HIV2  වෛරසවල ජෙනෝම අනුක්‍රමණ, චිම්පන්සි අතරේ දැකිය හැකි  (SIVcpz) සහ (SIVsm) සිමියන් ප්‍රතිශක්ති ඌනතා වෛරසවල(simian immunodeficiency viruses) අනුක්‍රමණයන්ට බෙහෙවින් සමානය. මානව වෛරස වල සම්භවය සිදු වූයේ ඉහත කී සිමියන් වෛරස, (ඇතැම්විට ආසාධිත සතුන්ගේ ලේ හා ගෑවීමෙන්)  විශේෂයන්ගෙන් පිට පැන්න විට යයි විශ්වාස කෙරේ. මේ ආකාරයට හට ගත් තවත් වයිරස ද ඇත.

Related image

වෛරස සහ ඒවාගේ ධාරකයන් ගේ සහපරිණාමය(Co-evolution)

බොහෝ කාලයක් තිස්සේ පැවති වෛරස-ධාරක සබැඳියාව හේතුවෙන් ධාරකයාට එතරම් හානියක් ඇති නොවන හෝ කොහෙත්ම හානියක් ඇති නොවන බැඳීමක් නැතිනම්  එකතුවක් පරිණාමය වීමට ඉඩ තිබේ.

එවැනි වෛරසයන්ට දිය හැකි නිදසුන් අතරේ dependoviruses  සහ ඇතැම් reoviruses, වෛරස වෙයි. මේවායේ o අකුර එකතු වී ඇත්තේ කිසිම රෝගයක් හා සම්බන්ධයක් නොමැති අනාථ(orphan) වෛරස නිසාවෙනි. හෝමෝ සේපියන් විශේෂය ආසාදනයට ලක් කරන මෙම වෛරස කණ්ඩායමේ සාමාජිකයන්,  මානවයන් වන අප වෙනමම විශේෂයක් වශයෙන් අපසරණය වූ (diverged = වෙන්වූ) අවධියේ පටන්ම බාගදා අප සමග සිටින්නට ඇත.

වයිරසයක් එහි ධාරක පරාසය, නව විශේෂයක් ද ඇතුළත් කර ගන්නා පරිදි  ව්‍යාප්ත කරන විට පැරණි ධාරකයා තුළ දීට වඩා බොහෝ විට නව ධාරකය තුළ වඩා දරුණුය. දරුණු වෛරසයක් එහි ධාරකයාගේ පරිණාමය කෙරෙහි බලපෑම් කිරීමට ඉඩකඩ ඇත.. ඒ වෛරස මගින් ආසාදනය සඳහා නැඹුරු ජාන නෂ්ටප්‍රාප්ත බවට පත් කරන අතරම ප්‍රතිරෝධය සඳහා වන ජාන තෝරා ගැනීමනි( වරණය). වෛරස් ධාරක පරම සහපරිණාමය හටගන්නේ වෛරස ජෙනෝමය ස්ථිරවම එහි ධාරක ජෙනෝමයට සමෝධානය කළොත්ය. සුන්‍යෂ්ටිකයන්ගේ(eukaryotes) ජෙනෝමවල අන්තර්ජන්‍ය රෙට්‍රොවෛරසවල/රෙට්‍රොට්‍රාන්ස්පොසොන්වල  අඩුතරමින් ඇතම් අනුක්‍රමණයන් නිර්මානය කිරීමටවත් හේතු වන්නට ඇත්තේ  මෙම තත්ත්වය විය හැකිය. ලයිසොජෙනි (lysogeny)  නම් ක්‍රියාදාමය හරහා වෛරස අනුක්‍රමණ සමෝධනයෙහි ප්‍රතිඵලයක් ලෙස හටගත් අනුක්‍රමණ ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ ජෙනෝමවල ද  අඩංගුය.

 VIROLOGY – Principles and Applications (John Wiley & Sons, 2007) ග්‍රන්ථයේ Viruses and their importance  නම් මුල් පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.