සැමට විදු නැන නුවණ – Science Literacy for All

ලැව් ගිනි උළා කෑම

ගොවිපල සතුන්ගේ ලෑටිගෑම ලැව්ගිනි අඩුකිරීමට හේතු වෙයි

අප්‍රිකානු මහාද්වීපය සතූව වාසභූමි වර්ග ගණනාවක්ම ඇත. එහෙත් ඉන් අඩක්ම පාහේ සැවානා පරිසර පද්ධතිවලින් ආවරණය වෙයි. ඉතින්, සැවානා තණබිම් ඇති තැන නොවැරදීම ගිනි හට ගනී. “එය පද්ධතියේ පරිසරවේදයෙහි වැදගත් කොටසකි” යයි ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ පරිසරවේදී ජේම්ස් ආර්. ප්‍රොබට් කියා සිටියි. ගින්න, භූ දර්ශනය වසාගෙන උස් පඳුරු සහ කටුඅකුල් පැතිරයාම වළක්වාලමින් තණ ප්‍රමුඛව වැඩීමට අවසර ලබාදෙයි.

Related image

wildebeest ප්‍රේක්ෂණීය වාර්ෂික සංක්‍රමණය

බුදීමට තණ අහිමිවීම හේතුවෙන් ග්නූ හෙවත් s wildebeest නම් නැමුණු අං සහිත කුරංගයන්(ප්‍රේක්ෂණීය වාර්ෂික සංක්‍රමණය නිසාවෙන් මොවුන් ප්‍රසිද්ධියට පත්ව ඇත) වැනි සත්ව විශේෂ ඈත් කර තැබීමට ඉඩ ඇතිවේ.

දශකයකට පෙර ටැන්සානියාවේ සුප්‍රකට සෙරෙන්ගෙටි ජාතික වනෝද්‍යානයේ ලැව්ගිනි අඩුවීමට හේතුව වශයෙන් පර්යේෂකයන් දැක්වූයේ කුර ලෙඩ වසංගතයකට පසුව පහළ වැටුණු wildebeest කුරංග ගහණය යළි ප්‍රකෘතිමත්වීමය. wildebeest කුරංගයන් මිලියන ගණනක් තණ උළාකද්දී ඔවුන් භූමියෙන් ‘ඉන්ධනය'(තණ) ඉවත් කරන හෙයින් ලැව් ගිනි ඇතිවීමේ වාර ගණන අඩුවෙනාවා පමණක් නොව ඒවායේ දරුණුබව ද අඩු වී යයි.

කෙසේවෙතත්, ප්‍රොබට් සහ ඔහුගේ සගයින්ට පෙණීගියේ, 1990 දශකයේ මැද දී wildebeest කුරංග ගහණ සමතුලිත තත්ත්වයට පත්වීමෙන් පසුව ද ප්‍රමුඛ වශයෙන් සැවානා තණ බිම්වලින් සමන්විත සෙරෙන්ගෙටි-මාරා පරිසර පද්ධතිය තුළ ගිනිගැනීම් දිගටම  හීනවන්නට පටන් ගත් බවයි. සෙරෙන්ගෙටි ජාතික වනෝද්‍යානය, ටැන්සානියා-කෙන්යා දේශ සීමාව මැදිවනසේ පිහිටා ඇති මෙම පරිසර පද්ධතියේ එක කොටසක් පමණකි. පර්යේෂකයන් චන්ද්‍රිකා වලින් ලබාගත් දත්ත විශ්ලේෂණය කළ විට හෙළි වී ඇත්තේ 2001 සහ 2014 අතර කාලයේ දී මෙම කලාපය තුළ ලැව්ගිනි ඇතිවීමේ සියයට 40ක් අඩුවක් අත්විඳිබවයි.  මෙය එම පළාතේ ගොවිපළ සතුන්ගේ දැඩි ඉහළ යාමත් සමග සමපාත වේ.  ප්‍රොබට් ප්‍රමුඛ පර්යේෂකයන්ගේ සොයාගැනීම් අඩංගු වාර්තාවක්  Global Change Biology සඟරාවේ ජූලි කලාපයේ පළවී ඇත.

“තණකොල බුදින්න ශාක භක්ෂකයන් වැඩිවෙන්න වෙන්න වෙන්න ගිනි ඇතිවීම අඩුවෙනවා. එය හොඳින් දන්නා කරුණක්” යයි ප්‍රොබට් කියා සිටියි, “එහෙම වුණත්, කිසිම කෙනෙක් හිතන්නවත් නැතුව ඇති ගිනි ඔච්චර ප්‍රමාණයකින් අඩුවේවි  ඒ වගේම ඒකයි ගොවිපල සතුන් අතරේ සමබන්ධයක් තියනවාය කියලාවත්”

ගුඑල්ප් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ ජෝන් ෆ්‍රයිසෙල් කියා සිටින්නේ “මෙම රටාව සැබවින්ම උනන්දුව දනවන සුළු එකක්” බවයි.  කෙසේවෙතත්, මෙම පර්යේෂණයට සම්බන්ධයක් නැති අයෙක් වන ඔහු අවධාරණය කරන්නේ වසර 15ක් තුළ එක් රැස් කරගත් දත්ත ප්‍රමානය පවා නියත නිගමනවලට ඒමට තරම් ප්‍රමාණවත් නොවන බවයි. “ඔය කියන විදිහේ කෙටිකාලීන සහසම්බන්ධයක් මගින්  සනිටුහන් කරනු ලබන්නේ වඩාත් ගැඹුරින් විග්‍රහ කර ගත යුතු වැදගත් යමක් සඳහා ඉඩකඩක් මෙතන තියෙනවා කියන එකයි”  හෙතෙම වැඩිදුරටත් කියා සිටියි. ගිනි ඇතිවන වාර ගනන හෝ ඇතැම් යම් ප්‍රදේශවල උළාකෑමේ තිව්‍රතාව කෘතිම ආකාරයට පාලනය කිරීම මෙන්ම  ඊළඟට භූ දර්ශනය කාලයාගේ ඇවෑමෙන්  ඊට  දක්වන ප්‍රතිචාර අධීක්ෂණය කිරීම එවන් ගැඹුරු අධ්‍යනයකට ඇතුලත් විය යුතුය.

මෙම ප්‍රදේශ අතරින් සමහරක, පොදු යහපත වෙනුවට ඇතැමුන් ආත්මාර්ථකාමීව කටයුතු කරමින් ප්‍රදේශයකට ඔරොත්තු නොදෙන තරමට වඩා සම්පත් අධිභාවිතයට ගන්නා බව බව පෙන්වාදෙන ප්‍රොබට් සඳහන් කරන්නේ උළාකන සතුන්ගේ බලපෑම් කාලයක් පුරාවට මෙන්ම ප්‍රදේශ වශයෙන් බෙදී යාමට ඉඩ සලසන උළාකෑමේ වට මාරු සැලැස්මක් සැකසීම ගැන පරිසර සංරක්ෂණවේදීන් සහ සත්ව පාලක පිරිස් සලකා බැලිය යුතු බවයි. ප්‍රොබට් සහ පර්යේෂක කණ්ඩායම සිදුකරන මාදිලියේ අධ්‍යයන දිගින් දිගටම අපට පෙන්වාදෙන්නේ සෙරෙන්ගෙටි-මාරා වැනි වනබද ප්‍රදේශ පවා ගැලවීමකින් තොරව  මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරිත්වයන්ට අත්‍යයන්තයෙන්ම සම්බන්ධවන ආකාරයන්ය.

Scientific American සඟරාවෙහි  2019 ඔක්තොබර් කලාපයේ පළවූ  Eating Away Fire නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: