ළමා ලිංගික අපයෝජනය: ළමා ලිංගික අපයෝජනය යනු කුමක්ද?

Posted by

 

මුළු ලොව පුරා සෑම ගැහැණු ළමයි දහ දෙනකුගෙන් දෙදෙනෙක්ද, සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට භාජනය වී ඇත. මෙම සංඛ්‍යාලේඛන සමස්ත ලෝකය වෙනුවෙන් නිසා ඒ ඒ රටවල මෙම තත්ත්වය සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත් ලංකාවේ ළමුන්ද ලිංගිකව අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන වලින් දැක්වෙන්නේ ඇත්තටම ලිංගික අපයෝජනය පිළිබඳව වාර්තාවන අවස්ථාවන් පමණි. ලැජ්ජාව, බිය, සමාජ ආකල්ප, නොදැනුවත්කම ආදී විවිධ හේතූන් නිසා බොහෝමයක් අවස්ථා වාර්තා නොවීම මගහැරී යනවා විය හැකියි. එහෙයින් මේ ගැන සැලකීමේදි ප්‍රශ්නයේ මහත්තාව(මග්නිටුඩෙ) ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. අදින් ඇරඹෙන මේ ලිපි පෙළ මඟින් අප උත්සාහ කරන්නේ මෙම උවදුරට ලක්විය හැකි (හෝ ලක්වූ) කොටස් වෙත සෘජුවමත් එමෙන්ම දෙමාපිය වැඩිහිටි ආදී අනෙකුත් කොට්ඨාශත් ආමන්ත්‍රණය කිරීමටයි.

 

ළමා ලිංගික අපයෝජනය යනු කුමක්ද? What is child sexual  abuse?

ළමා ලිංගික අපයෝජනය යනු සාමාන්‍යයෙන් වැඩිහිටියකු හෝ වැඩිමහල් ගැටවර හෝ ළමාවියේ අයකු බොහෝවිට සිය කාමාශාවන් සන්තර්පනය කර ගැනීම පිණිස, සිතාමතා ළමයකු යම් ආකාරයක ලිංගික ක්‍රියාවකට නිරාවරණය කිරීමයි.

‍මෙම ලිංගික ක්‍රියාවන්වල ස්වභාවය ගැන සැලකිලිමත් වන්නේ නම් යම් අයකු

  • (බොහෝවිට වැඩිහිටියෙකු) ළමයා සමග ලිංගික ක්‍රියා ගැන කතාබහ කිරීම සහ හෝ අසභ්‍ය ලිංගික ඡායාරූප, වීඩියෝ පට, සඟරා, චිත්‍ර ආදිය පෙන්වීම

 

  • ළමයකු සමඟ ලිංගිකව හැසිරීමට උත්සාහ කිරීම හෝ එසේ ලිංගිකව හැසිරීම

 

  • ලිංගික අවයව සහ ලිංගිකව උත්තේජනය ඇති කරවන සිරුරේ කොටස් (පියයුරු, යෝනිය, ශිෂ්ණය, කලවා, තට්ටම්, තොල් හා දෙකපුල් ආදිය) ස්පර්ශ කිරීම සහ සුරතල් කරමින් අතපත ගෑම(fondling)

 

  • තම තෘප්තිය තකා සිය ලිංගික අවයව හෝ සිරුරේ වෙනත් කොටස් ලිංගික තෘප්තියක් ඇති වෙන ආකාරයට ස්පර්ශ කිරීමට, අතපත ගෑමට ළමයාට කියා සිටීම,

 

  • ළමයාගේ ඇඟිලි, ළමයා ලවාම ඔහුගේ/ඇයගේ මුඛයෙහි, ගුදයෙහි, යෝනියේ හෝ වෙනත් කොටසක දම්මවා ගැනීම

 

  • සභ්‍ය නොවන ආකාරයට හෝ නිර්වස්ත්‍රව ළමයෙකු වීඩියෝ හෝ වෙනත් කැමරා මගින් රූගත කිරීම

 

  • වුමනාවෙන්ම සිය ලිංගික ප්‍රදේශ ළමයාට නිරාවරණය කිරීම,

 

  • ළමයා ඇඳුම් ඇඳීම, ගැලවීම හෝ නාන කාමරය භාවිතා කිරීම ආදී අවස්ථා අයෝග්‍ය ආකාරයට හෝ හොරෙන් හෝ ඕනෑකමින් බලා සිටීම 

ආදිය මෙයට ඇතුළත්ය.

කිසිවෙකු මෙසේ හැසිරේ නම් හෝ එලෙස හැසිරීමට උත්සාහ කරන්නේ නම් හෝ එසේ යැයි ළමයෙකු වන ඔබට පෙනී යන්නේ නම් වහාම කළ යුත්තේ ඔබට විශ්වාසවන්ත අයෙකුට මේ ගැන දැනුම් දීමයි.

අවාසනාවකට මෙන්, මෙම ක්‍රියා සිදු කරනු ලබන්නේ සමහරවිට ඔබ විශ්වාසය තබා සිටින අයවළුන් විසින්ම විය හැකියි. එසේ නම් තේරුම් ගත යුතු කාරණය වන්නේ ඔබ — ඔබ වැනි වෙනත් බොහෝ දෙනෙකු මෙන් — ඔබ ද විශ්වාසය තබා සිටියාට ඔවුන් ‘හොඳ‘ අය නොවන බවයි. හොඳ අය නම් එලෙස හැසිරේවි ද? ඔබගේ පියා, මව, සහෝදරයෙකු හෝ සහෝදරියක, මාමා හෝ නැන්දා කෙනෙකු, වෙනත් ළඟම ඥාතියෙකු, ගුරුවරු, පූජ්‍ය පක්ෂය යනාදී වශයෙන් ඔබගේ කිට්ටුම විශ්වාස වන්තයන් වුවද ඔවුන් විසින්ම ඔබව අපයෝජනයට ලක් කරනු ලැබීම් සිදුවිය හැක. මෙවැන්නක් සිදුවන්නේ නම් ඔබට විශ්වාසවන්ත වෙනත් අයෙකුට ඒ බව දැන්වීමට තරම් ඔබ ධෛර්ය සම්පන්න විය යුතුයි. මෙය ඉතා වැදගත්ය. මන්ද එසේ නොකිරීම හේතුවෙන් විශේෂයෙන් ඔබට මුළු ජීවිතයටම බලපාන ප්‍රතිඵල අත්විය හැකි නිසාවෙනි.

ළමයෙකු ලිංගිකව අපයෝජනයට ලක් කරන වැඩිදෙනා කෞමාර කාමයෙන් (pedophile) පෙළෙන්නන් වේ. සාමාන්‍යයෙන් මොවුන්ගේ ගොදුරු බවට පත්වන්නේ නව ජනිතයන් (අලුතින් උපන් බිළිඳුන්) ගේ සිට වයස අවුරුදු දහ අටක් පමණ අයයි. එනම්, (සමහර සංස්කෘතීන්වල  ඇතැම්විට වයස් සීමාවල වෙනස්කම් තිබුණත්)  බාලවයස් කාරයන් ය(minor).

සමහර අවස්ථාවල ගැටවර වියේ පසුවන අය තමන් බාල වයස් කාරයෙකු හෝ කාරියක ලෙස නැතිනම් ළමයකු ලෙස හැඳින්වීම නොරුස්සයි. එහෙත් ලිංගික ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක ගැන ක්‍රියා කිරීමට හෝ දැනුවත් තීරණ ගැනීමට තරම්  තවමත් ඔවුන් පරිණත වී නැත. එහෙයින් ලිංගික කටයුතු වලට කැමැත්ත දීමට ළමයින්ට නොහැකි යැයි නීතියේ සඳහන් වේ.මෙයින් තේරුම් ගත යුත්තේ කෞමාර කාමයෙන් පෙළෙන්නෙකු හෝ වෙනත් අයෙකු සමග ලිංගික ක්‍රියාවන්ට යෙදීමට බාලවයස්කාර තැත්තා හෝ තැනැත්තිය කැමැත්ත දුන්නේ ද වරදට පොළබවන හෝ එකඟවන එම පුද්ගලයා (තම ඥාතියා, පෙම්වතා, පෙම්වතිය වුව) නීතිය හමුවේ ළමා ලිංගික අපයෝජකයෙකු ලෙස සලකා නීතියේ රැහැනට හසුකර ගෙන දඬුවම් ලැබීමට හේතුවන බවයි.

ළමා ලිංගික අපයෝජනය ගැන වැදගත් කරුණු ගණනාවක්ම ද, ඉන් පරෙස්සම් වීමේ ප්‍රායෝගික ක්‍රම ගැන මෙන්ම ඔබව අපයෝජනය යොදවා ඇතැයි හැඟී ගියොත් ඔබට කළ හැකි දේ ගැන අපි මේ ලිපිය පෙළින් සාකච්ඡා කරන්නෙමු. මීළඟ සතියේ ලිපියෙන් අප විමසීමට ලක්කරන්නේ  ලිංගික අපයෝජනයට බලපාන හේතු ගැනයි.

 

 

eschooltoday හි පළවන Your basic guide to sexual child abuse ලිපියෙහි What is child sexual  abuse?  කොටස ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.