ලෝකයේ ඇති බලවත්ම දෙය මිනිස් මොළයද?

Posted by

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා.  නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.

එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS.  එය ඇසුරෙන් සකසණු ලබන,  සෑම බදාදාවකම තතු  ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.

ලෝකයේ ඇති බලවත්ම දෙය මිනිස් මොළයද?

IS THE HUMANBRAIN THE MOST POWERFUL THING ON EARTH?

පිළිතුරු සපයනු ලබන්නේ Derren Brown විසිනි

ඉංග්‍රීසි ජාතික Derren Brown චිත්ත මාත්‍රවාදියෙකු(mentalist), ඉන්ද්‍රජාලිකයෙකු වන නමුත් ඔහු ප්‍රසිද්ධියට පත්වූයේ රූපවාහිනියෙන් සහ වේදිකාවෙන්ය. ඔහු වේදිකාව සහ රූපවාහිනිය සඳහා විශේෂාංග සහ තවත් සංදර්ශන කිහිපයක්ම නිෂ්පාදනය කර තිබේ. ඔහු ඉදිරිපත් කරන වැඩසටහන් වලදී ඔහුට අධික චිත්ත බලයක් ඇතිබවක් හෝ ඔහු අධිස්වහාවික බලයක් සහිත පුද්ගලයෙකු මෙන් පෙණී යා හැකි වුවත් ඔහු ඇත්තටම උත්සාහ කරන්නේ එවැනි බලයක් ඇතිබව පෙන්වන අයගේ උපක්‍රම හෙළිදරව් කිරීමටය.
ග්‍රන්ථ කතුවරයෙකු ද වන Derren Brown ඉන්ද්‍රජාලිකයන් මෙන්ම පොදු මහජනතාව වෙනුවෙන් පොත් පළකර ඇත්තෙකි

 

 

ලෝකයේ ඇති බලවත්ම දෙය මිනිස් මොළයද?

ඔව්! අපි නිර්මාණය කරන හෝ අපි සිද්ධවෙන්න සලස්වන  විශ්මිත දේවල්, බලගතු දේවල් හෝ භයානක ඒවා මේ සියල්ල රඳා පවතින්නේ ඔක්කෝටම කලියෙන් අපේ මොළ  ඒවා ගැන සිතීම සිතීම මතයි. මොළය අපිට සිතුවිලි ඇතිකරගන්න ඒ වගේම සහ භාෂාවක් ලබා ගැනීමට මග පාදා දෙනවා. ඒ සිතුවිලි සහ භාෂාවන් ඔස්සේ විශිෂ්ට නව නිපයුම්, ඹෟෂධ පමණක් නොවෙයි යුද්ධ වැනි දේවල් පවා– ඔව් ඔබට සිතිය හැකි ඕනෑම දෙයක් නිර්මාණය කිරීමට මග පාදනවා.

අප වටා ඇති ලෝකය පිළිබඳ සංවේදනයන් දැනීමට මොළය අපිට ඉඩ දෙනව. අපේ දණහිස සීරුණු විට,  හෝ අපි මලක් දකින විට අපේ දණහිස්වලට අපේ ඇස් වලට ඒ කිසිවක් දැනෙන්නේ හෝ හැඟෙන්නේ නැහැ. ඒ පණිවිඩය අපේ හිසට ගියාම අපේ මොළය්ට තමයි දනහිසේ වේදනාව දැනෙන්න හෝ අපි ඉදිරියේ  මලක් දකින්න  සලස්වන්නේ!

ඒ වගේම තමයි  සතුන්ට කළ නොහැකි, සුවිශේෂීදෙයක් සිදු කරන්න අපේ මොළය අපට ඉඩසලසා දෙනවා. ඒ තමයි, අපට අපිට අපි ගැනම හිතන්න පුළුවන්වීම. අපිට අපේ මොළයෙන් අපේ මොළේ ගැනම හිතන්න පුළුවන් වෙන එක තරමක් අමුතු දෙයක් වුණත් එය ඉතාම දක්ෂ ක්‍රියාවක්.

Related image

අපේ මොළය මගින්  අපවම යම් ප්‍රයෝග, උගුල්වලට හසු කරගැනීම ඉතාම ආකර්ෂණීය කරුණක්. හරියට මැජික් සංදර්ශනයක් බලන කොට සිද්ධ වෙන්න බැරි දෙයක් ලෙස හිතෙන දෙයක් ඉන්ද්‍රජාලිකයා විසින් යම් ප්‍රයෝගයක් හරහා සිද්ධ කර පෙන්වන්නවා වගේ සාමාන්‍ය ජීවිතේදිත් අපේ මොළෞඅට පුළුවන් අපව මුලාඅ කරන්න්න.  අපට කිසිම අනතුරක් ඇතිවීමේ අවස්ථාවක් නැතත් චිත්‍රපටි බලලා භය වෙනවා. අපි දැක්කේ නැති හොල්මනක් දැක්ක කියල අපි හිතනවා. ඒ වගේම ඇතැම් වෙලාවක  යම් දුෂ්ට පුද්ගලයෙක් අපේ හිත නරක් වෙන යමක් කළොත් අපි හිතන්න පටන් ගන්නවා “මම මෝඩයෙක්. කවුරුත් මට කැමති නැහැ” “මම අනික් හැමෝටම වඩා නරකයි” වගේ දේවල්. නමුත් ඒ දේවල් ඇත්ත නෙමෙයි. ඒ අපේ මොළය ප්‍රයෝග මගින් අපිව රවට්ටන විදිහ.!

 

එහෙම දෙයක් සිද්ධ උනාම අපිට අපේ ඔලුවට තට්ටුවක් දාලා, මොළයට කියන්න ඕනේ සන්සුන් වෙන්න කියලා. ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ, අපේ මොළය, අපිට උදව් කරන්න,  අපිව ආරක්ෂා කරන්න උත්සාහකරනවා වගේම සමහර දේවල් වලට ඕනෑවට වඩා ප්‍රතික්‍රියා දක්වනවා කියලා. විශේෂයෙන්ම නරක දේවල්වලට. ඒ වගේ අවස්ථාවල කරන්න පුළුවන්  හොඳම දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රශ්නෙ ගැන කතා කරන එක. (ඒකෙන් අපේ මනස ගොඩක් සැහැල්ලු වෙනවා, සන්සුන්වෙනවා). අනික තමයි ඔබටත්,  ඔබේ මොළයටත් එකට එක්ව සතුටක් ලබා ගත හකි, ඔබට හැකියාවක් තියෙන (චිත්‍ර ඇදීම, සංගීතය හරි, ගණිතය, මැජික්, ක්‍රීඩා හරි ඒ වගේ ඕනෑම දෙයක්)  විනෝදාංශයක් සොයා ගැනීම.

පරිවර්තනය කොට සකස් කළේ: දිල්රු කාවින්ද්‍යා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.